IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


දේශපාලකයන් හම්බකරන හැටි

කප්පම් ලබා ගැනීමට ප‍්‍රසිද්ධ පිරිස කප්පම් කල්ලි නම් වේ. කප්පම් කල්ලි ජීවත් වන්නේ කප්පම් මුදල් වලිනි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක්තරා නියෝජ්‍ය ඇමතිවරයකු කප්පම් ඉල්ලූ බවට චෝදනා නැගී ඇත. මෙම කප්පම් ඉල්ලීමේ සිද්ධිය මෙතෙක් පැහැදිලිවම අනාවරණය කරගෙන නැතත්, අදාළ දේශපාලනඥයාගේ නම සඳහන් කරමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ගම්පහ දිස්ත‍්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිවරයකු කප්පම් ඉල්ලා ඇති බව සඳහන් කළ විට මතකයට එක්වන නමක් ඇත. එහෙත් මේ සිද්ධියට අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා ඔහු නොවේ. ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් මිලදී ගෙන ඇති ඉඩමක් සඳහා තමන් ද මුදල් ආයෝජනය කර ඇති බව පවසමින් මෙම දේශපාලනඥයා ලක්ෂ 250 ක මුදලක් ඉල්ලා ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇත. දැන ගන්නට ඇති පරිදි බොහොමයක් දේශපාලනඥයන් ප‍්‍රසිද්ධියේ කප්පම් ලබා නොගත්තත් අනියමින් කප්පම් ලබන බවට තොරතුරු අනාවරණය වෙයි. මේ සඳහා ඇති හොඳම අවස්ථාව ටෙන්ඩර් ගනුදෙනුවල දී උදාවන බව ඉරිදා ලංකාදීපයට දැනගන්නට ඇත. ටෙන්ඩර් විවෘත කරන නිලධාරියාගේ සහාය ඇතිව යෝජනා ඇතුළත් කවර හොර රහසේ විවෘත කර බලා, ඉදිරිපත්වී ඇති යෝජනා පිළිබඳව කල් ඇතිවම ඔවුන් දැනුවත්වන බව දැනගන්නට ඇත. එම යෝජනාවලින් ඇතැම් දේශපාලනඥයන්ට හිතවත් පුද්ගලයාගේ යෝජනාව ද පසුව ඉදිරිපත් කර එය ටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගන්නා බව වාර්තාවේ. ටෙන්ඩර් ලබන පුද්ගලයා ඇතැම් අවස්ථාවල දේශපාලනඥයාට සන්තෝෂයට කිසියම් පරිත්‍යාගයක් කරන බව සඳහන්වෙයි. ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයකුට සම්බන්ධතා ඇති පුද්ගලයකුගේ විවාහ මංගල උත්සවය පැවති ප‍්‍රධාන පෙළේ හෝටලයක ලක්ෂ 13 ක බිල කොන්ත‍්‍රාත්කරුවකු විසින් ගෙවනු ලැබ තිබේ. මේ කොන්ත‍්‍රාත්කරු සතු ටිපර් බුල්ඩෝසර්, බැකෝ ආදී යන්ත‍්‍ර හිතවතුන්ගෙන් කුලියට ලබාගෙන වැඩිමිලක් ගෙවන අවස්ථාද ඇත. මීට අමතරව පවුලේ ඥාතීන්ගේ නමින් වාහන කුලී පදනම මත අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල කටයුතු සඳහා යොදවා ඇති අවස්ථා පිළිබඳව ද වාර්තාවෙයි. තවත් විශේෂත්වයක් නම් පිටරටින් කිසියම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් උපකරණයක් ඇනවුම් කිරීමේ දී ඇතැම් දේශපාලනඥයන්ට කොමිස් මුදල් ලැබෙන බවද දැනගන්නට ඇත. මත්පැන් බලපත‍්‍ර හා ඉන්ධන පිරවුම්හල් සඳහා බලපත් ලබාදීමේදී ද ඇතැම් දේශපාලනඥයන්ට මුදල් ආධාර ලැබෙන බව සඳහන්වෙයි. මීට අමතරව මත්පැන් බලපත‍්‍ර ලබාගන්නා බොහොමයක් දෙනා වර්ෂයකට හෝ මාසයකට වරක් තමන්ගේ ලාභයෙන් විශාල කොටසක් ඇතැම් දේශපාලන බලධාරීන්ට ලබාදෙන බවට ද තොරතුරු දැනගන්නට ඇත. රජයේ ඉඩම් කැබලිකර විකිණීමේ දී ඉඩම් කැබලි කීපයක් තම ඥාතීන්ගේ නමට ලබාගෙන පසුව ඒවා විකුණා මුදල් ලබා ගන්නා බවට ද පැමිණිලි ඇත. රජයේ ඉඩම්වල පිහිටුවන කඩකාමර සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් මත බෙදාදීම් සිදුවී ඇති බව වාර්තාවෙයි. ඖෂධ, ඛනිජ තෙල්, ආදිය ආනයනය කිරීමේ දී නිලධාරීන් මෙන්ම ඇතැම් අවස්ථාවල දේශපාලනඥයන්ට ද (වර්තමානයේ නොවේ) කොමිස් මුදල් ලබාදී තිබිණි. දේශපාලනඥයන් කප්පම් ලබාගන්නා තවත් අවස්ථාවක් නම් තම බලය පෙන්වා මුදල් රැස් කිරීමයි. කිසියම් සංවර්ධන කටයුත්තකට හෝ උත්සවයකට දේශපාලනඥයා විසින් එක එල්ලේම ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගන්නා බවද කියවෙයි. දේවාලෙ පින්කමට ලක්ෂ දෙකක් එවන්න... ලක්ෂ තුනක් එවන්න... ආදී වශයෙන් දේශපාලනඥයන් මුදල් ඉල්ලා සිටින අතර ව්‍යාපාරිකයෝ තම පැවැත්ම ආරක්ෂාකර ගැනීම සඳහා අකමැත්තෙන් වුවත් ඉල්ලූ මුදල ලබාදීමට පෙලඹෙති. තවත් අවස්ථාවල දී මත්පැන් අලෙවිසල්, ආපනශාලා, ඉන්ධන පිරවුම්හල මාසිකව දේශපාලනඥයාට කප්පම් මුදල් ලබාදීමට අමතරව උත්සව සඳහා නොමිලේ මත්පැන් වැනි දෑ සැපයීම ද සිදුවේ. එසේ නොදුන්නොත් පොලීසිය යොදවා ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙනයාම් අවහිරවන ආකාරයට පියවර ගැනීමට මැදිහත් වන දේශපාලනඥයෝද වෙති. නීති විරෝධී ක‍්‍රියාවලින් මුදල් රැස් කරන බැව් කියන දේශපාලනඥයන් ගැනද අපි අසා ඇත්තෙමු. හොරට ලී කැපීම, මත්කුඩු ජාවාරම කප්පම් ගැනීම් සඳහා තම ගෝල බාලයන් යොදවන දේශපාලනඥයෝද සිටිති. එක එල්ලේම දේශපාලනඥයා මෙවැනි කටයුතුවලට නොයෙදෙයි. එහෙත් ඔහුගේ සමීපතම ගෝල බාලයෝ ඒ සඳහා යෙදී සිටිති. නීතිවිරෝධී ක‍්‍රියා පිළිබඳව දේශපාලනඥයා කිසිවක් නොදන්නා ලෙස හැසිරුනත්, ඔහුට නියමිත වේලාවට ”සම්තිං” ලැබෙන බව වාර්තාවේ. රජයට සම්බන්ධ සියලූ මැති ඇමතිවරු මේ ආකාරයට මුදල් හම්බ කරන බව ප‍්‍රකාශ නොකරමි. එහෙත් සුළු පිරිසක් මෙම ජාවාරම්වලට සම්බන්ධවී සිටින බවට පිළිගත හැකි සාක්ෂි පසුගිය කාලය පුරාම අසන්නට දකින්නට ලැබිණි. එයට හොඳම උදාහරණය කැලණිය ප‍්‍රදේශයයි. අද වන විට ඒ කප්පම් ගැනීම් සෑහෙන දුරට මගහැරී ඇති බව ප‍්‍රදේශවාසීහු සඳහන් කරති. එහෙත් ඔවුන් තවමත් බියෙන් සිටින බව වාර්තාවෙයි. තමන්ට හම්බ කරගන්නවා වෙනුවට රටට ජනතාවට යහපතක් සිදුවනවා දැකීමේ අරමුණින් කටයුතු කරන මැති ඇමතිවරුන්ට අපි ප‍්‍රසාදය පළ කරමු. ඒ අතරතුර යමක් හම්බ කර ගැනීම සඳහා කප්පම් මුදල් හෝ ඒ සමාන අර්ථයකින් මුදල් ලබා ගන්නා පිරිස් ද සිටින බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. මෙසේ හම්බ කරගන්නා මුදල් බොහොමයක් දේශපාලනඥයන් වැය කරනු ලබන්නේ නිවාස ඉදිකර ගැනීමටයි. නවීන පහසුකම් වලින් යුතුව විශාල නිවාස ඉදිකරවා ගැනීම බොහොමයක් දේශපාලනඥයන්ගේ බොළඳ ආශාවන්වී ඇත. මහල් තුන හතර උසට මෙම නිවාස ඉදිවෙයි. ප‍්‍රධාන පෙළේ ඇමතිවරුන් කීපදෙනකුට දැනටමත් කොළඹ අවට ප‍්‍රදේශවල මෙසේ නිවාස ඉදිකරමින් සිටින බව දැනගන්නට ඇත. තවත් අය ඇමැති වැටුපට අමතරව තවත් ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා මහාපරිමාණ හෝටල් ඉදි කරති. කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පෙළේ ඇමැතිවරයකු ඉතා අලංකාර හෝටලයක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් කර ඇති බව වාර්තාවී ඇත. මධ්‍යම පළාතේ එක්තරා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු හෝටලයක් සඳහා සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටී. මීට අමතරව ඉඩම් මිලදී ගැනීමේ අවස්ථා කීපයක් පිළිබඳව ද වාර්තාවෙයි. තම නිවෙස ආසන්නයේ පර්චස් 80 ක ඉඩමක් ලක්ෂ 35 කට අලෙවි කිරීමට එහි අයිතිකරු පියවර ගත් අවස්ථාවේ ලක්ෂ 50 ක් ගෙවා එම ඉඩම මිලදී ගත් කොළඹ පදිංචි දේශපාලනඥයකු පිළිබඳව ද තොරතුරු ලැබී ඇත.

දයාසීලි ලියනගේ



අදහස් (0)

දේශපාලකයන් හම්බකරන හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 150 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 256 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 203 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 840 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 50 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 607 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 471 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 121 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site