IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දශක දෙකකට පසුව මනසේ පිපුණු සුන්දර රෝසමලත් ඉඩක්

(ඩෙිලිමේල් ඇසුරිනි - සැකසුම හර්ෂණ තුෂාර සිල්වා)
 
මියගොස් වසර විස්සකට වැඩි කාලයක් ගත වුවද ලොව කාගේත් ආදරයට පත් බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය තවමත් බොහෝ දෙනාගේ මතකයෙන් අමතකව ගොස් නැති බව ඊයේ (19) පැවැති රාජකීය විවාහ උත්සවයේදීද දක්නට ලැබිණි. 


සෙනසුරාදා එනම් ඊයේ (19) ලොව පුරා මිලියන ගණනකගේ අවධානය දිනාගත් හැරී කුමරුන්ගේ රාජකීය විවාහ මංගල්‍යයේදී ඇය සිහිපත් කෙරුණි. 


බ්‍රිතාන්‍යයේ හැරී කුමරු එසේත් නැතිනම් ඊයේ සිට සසෙක්ස්හි ආදිපාද හැරී කුමරුන් ඩයනා කුමරියගේ සහ චාල්ස් කුමරුගේ බාල පුතුණුවන්ය.


හැරී කුමරුන්ගේ විවාහ මංගල්‍යයේ අන්තර්ජාලයේ සහ විදෙස් මාධ්‍යයේ වැඩි ඉඩක් වෙන් ව තිබූ අතර ඊට සමගාමීව ඩයනා කුමරියට ද විශාල ඉඩක් වෙන් ව තිබිණි. හැරී කුමරුන්ගේ සහ මේගන් මාකෙල්ගේ විවාහය පැවැත්වුණු ශාන්ත ජෝශප් දේවස්ථානයේ හැරී කුමරුන්ට පසු ආසනය ඩයනා කුමරිය වෙනුවෙන් වෙන් කර තිබිණි.


සැරසිලි වෙනුවෙන් ඩයනා කුමරිය බෙහෙවින් ආසා කළ ‘පියනි’ සහ ‘වයිට් ගාඞ්න් රෝස්’ මල් වර්ග යොදාගෙන තිබිණි. එමෙන්ම විවාහ මුදු සඳහා හැරී කුමරු තම මවගේ පෞද්ගලික දියමන්ති එකතුවෙන් දියමන්ති දෙකක් ද යොදාගෙන තිබිණි. 


විවාහ මංගල්‍යය උත්සවයේ එකම කතාව වේල්සයේ කුමරිය වූ ඩයනා කුමරියාගේ සොහොයුරියක වූ ජේන් ෆෙලෝස් විසින් කරන ලදි. විවාහ මංගලෝත්සවයේදී ඩයනා කුමරියගේ අවමංගල්‍යය උත්සවයේදී වාදනය කරන ලද ගීතිකාවක් ද වාදනය කළේය. 


මේ ආකාරයෙන් හැරී කුමරුන්ගේ සහ මේගන් මාකෙල්ගේ විවාහ උත්සවයේදී ඩයනා කුමරියට වැඩි ඉඩක් වෙන්වෙද්දි ජීවත්ව සිටියා නම් ඇය කොතරම් ආඩම්බර වනු ඇත්ද යනාදිය සඳහන් වූ පණිවුඩ රැසක් ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජජාල වෙබ් අඩවි තුළ පළවි තිබිණි. 


“ඩයනා, බලන්න ඔබේ පුතු දිහා. ඔහු කොතරම් සතුටින් ද, ඔහු ඔහුගේ විදියට එය කරනවා. ඔබ කළේ හොඳක්. ඔබේ දරුවන් හොඳින්. ඔබේ විවේකයෙන් සිටින්න” එක් ට්විටර් පණිවුඩයක දැක්විණි. 
“ඩයනා මෙහි සිටියා නම් මම කැමැතියි. ඇය මේ විවාහයට බෙහෙවින් ආදරය කරාවි” තවත් අයකු ට්විටර් පණිවුඩයක් ලියා තිබිණි. 


ඩයනා කුමරියගේ සමීප මිතුරකු සහ ඩයනා කුමරියගේ අවමංගල ගීතයක් ද ගායනා කළ බ්‍රිතාන්‍ය සුප්‍රකට සංගීතවේදී ශ්‍රීමත් එල්ටන් ජෝන් ද හැරී කුමරුන්ගේ විවාහ උත්සවයට සහභාගී වී සිටියේය. 


මේ අයුරින් ඩයනා කුමරිය සිහිගන්වමින් ට්විටර් පණිවුඩ මෙන්ම ෆේස්බුක් සටහන් රැසක් ම පළ වී තිබූ බව බ්‍රිතාන්‍යය මාධ්‍යය තවදුරටත් වාර්තා කර තිබිණ.

 


 



අදහස් (6)

දශක දෙකකට පසුව මනසේ පිපුණු සුන්දර රෝසමලත් ඉඩක්

susitha Sunday, 20 May 2018 01:09 PM

මිනිස්සු කී දාහකගේ මරණවලට මේ පවුල වග කියන්න ඕනෑද?

:       1144       289

ජගත් ලියනගේ Sunday, 20 May 2018 03:32 PM

ඩයනා කුමරියගේම අදහස් දරණ පුතෙක් කියලයි අපිට හිතන්නේ.. හැරී කුමරු ආන්දෝලනයට හේතුවෙන දේවල් කරන සුපිරි කොල්ලෙක් කියලයි වැටහෙන්නේ මෙම ලිපිය කියෙව්වම...

:       35       120

ranjith Monday, 21 May 2018 02:00 AM

ජගත් ඔබ හරි හැබැයි මේක හැරීගේ ස්වීට් රිවේන්ජ් එකක්. තම මවට රජ පව්ලෙන් වුන අසාධාරණයට කල වැඩක්. හැබැයි ඩයනා කුමරියට, තම මවට දැඩි ලෙස ආදරය කරන පුතෙක්, මට දැනෙන්නේ එහෙම

:       38       83

pakeer Monday, 21 May 2018 05:06 PM

රැජිනගෙන් පස්සේ හුඟ වෙලාවට එංගලන්තේ කිරීටය නැති වේවි. ජන මත විචාරණයක් තියල රජ පවුල ව්‍යවස්ථාවෙන් අයින් කරයි.

:       404       6

sopi Tuesday, 22 May 2018 02:42 AM

'ඩයනා'... අදටත් ජනතාවගේ හදවතේ ජිවත්වන කුමරියයි .. ඇය මානව දයාවෙන් පිරුණු.ආකර්ශනීය චරිතයක් ලෙස මම දකිමි .ඔබත් මා හා එකඟද ?

:       76       58

vidya Wednesday, 23 May 2018 08:27 PM

මව මල පසු පොඩි කාලෙම මව් සෙනෙහස නොලැබුන දරුවෙක්. මේගන් මවක් මෙන් දකින්නට ඇති. මෙම විවාහය සතුටින් සාර්ථක වේවා. අහිංසක ඩයනා කුමරියන් ලොවට පහල වන්නේ ඉතාම කලාතුරකින්. සොබා දහම ඇයට එරෙහි උනේ කෙසේද? එතුමියට නිවන් සැප ලැබේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site