හැන්දෑවේ ඇරඹුණු පොද වැස්ස අදුරත් සමග වැඩිවෙන්නට විය. කතරගම වැදපුදා ගැනීමට පැමිණ සිටි බොහෝ නඩ විශ‍්‍රාමශාලා සහ ලැගුම්හල් වල සිට වැස්ස පායන තුරු බලා සිටිති. ඒ අතර කිහිප දෙනෙක් මහ වැසි නොතකා කිරිවෙහෙර වැද අෂ්ඨඵල බෝධියත් පහන් දල්වා වැද කතරගම දේවලයට යන්නට සුදානම් වෙති. පයාගල පැත්තෙන් පැමිණ ධනුෂ්ක සරත්කුමාර තරුණයෙකි. ඔහු කතරගම දෙවියන් කෙරෙහි දැඩි විශ්වාස වන්තයෙක් විය. අද ආගම දහමට තරුණයන් යොමුවී සිටිනු දැකීම දුබලය. නමුත් එවැන්නෝ නැත්තේ නොවේ. ධනුෂ්කද එවැන්නෙකි. ඒනිසා ඔහු සමග මේ ගමනට පැමිණ සිටි දස දෙනාද ඔහුමෙන් ආගම දහමට ලැදිවූවෝ වූහ. මේ අද කතරගම ගමනට පෙර සිට සුදානම් වුවෝ වූහ. බුදුන් පුදන්නට තෙල් සිදගත්තේ වත්තේ පොල් වලිනි. හදුන්කූරු කපුරු පහන් ආදිය මිලදී ගත්තත් පහන් තිර අඹරාගත්තේ ප‍්‍රයෝජනයට ගත නොහැකිවු කඩමාලූ රෙද්දක් පිරිසිදු කර වේලාගෙනය. ඊට අමරතව සුවද කුඩු ද නිවසේදීම සදා ගැනීමට ධනුෂ්ක කටයුතු කළේ කතරගමට පැමිණෙන්නේ පුජාවට නිසා ඊට සුදනමින් ඒම කළයුතු බව සෙසු අයටද දන්වමිනි. අදුර වැටී හෝරාවකටත් වැඩිය. වැස්ස තුරල්කරන බවත් පෙනෙන්ට නැත. ලැගුම්හල් වල සිටි බොහෝ නඩ දේවාලය වැදීමට යන ගමන පසුදාට කල් තැබු බව පෙනෙන්නට විය. නමුත් ධනුෂ්ක ඇතුළු පිරිස ගමන් ආවේ කතරගම වන්දනා කරනන්නට නිසා වැස්සේ වුවද එහි යාමට තීරණය කළේය. ගෙනා පූජා භාණ්ඩ කවර කිහිපයකට දමාගෙන මේ දහදෙනා කුඩ ඉහළාගෙන පූජා බිමට පාතමන්නට මුල් පියවර තැබුවේ කතරගම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව පතමිනි. අදුර දසත පැතිර තිබුණද විදුලි ආලෝකයේ එළියෙන් වටපිටාව මැනවින් පැහැදිලිය. මැණික් ගෙගන් එගොඩවී ඉදිරියට එද්දී දේවාල බිමට ඇතුළුව මහ තොරණ ඈතට දිස්වූයේ වැහි බිදුකපා යන විදුලි එළියෙනි. තොරනින් ඇතුලූවු පිරිස කිරිවෙහෙර පැත්තට යන්නට අනෙක් තොරණින් එළියට පිවිසියේ කිරිවෙහෙර මුලින් වන්දනා කිරීම බෞද්ධයන්ගේ සිරිතක් නිසාය. ඒවන විටත් වැහි ගැන අමතක කළ පිරිස් කිහිපයක්ම දේවාල බිමේ සිටින පිරිසට දැකගත හැකිවිය. පියවරෙන් පියවර කිරිවෙරෙ වෙත ළගා වෙද්දී වැස්සද අඩු වෙන්නට විය. හිදගෙන ආ තෙල්වලින් පහනක් පත්තු කරන්නට ඇත්නම් කොතරම් අගේ දැයි පිරිසේ හැම දෙනෙක්ම තමතමන්ට කියා ගත්තේය. ශ්වේත වර්ණ කිරි වෙහෙර විදුලි ආලෝකයට තවත් ලස්සනය. චෛත්‍ය මළුවට පිවිසෙන විට වැස්ස හොදටම අඩුවී ගොසිනි. ගෙනා පහන්වලට තිර දමා පොල්තෙල් දැල්වීමට කිහිප දෙනෙක් මුල්විය. අතරමගදි රුපියල් හතළිහක් දී ගත් මල්ගොටු දෙකේවු මල්වලට පැන් ඉස පූජා කරන්නට මල් කිහිපයට බැගින් සැම දෙනාටම ලැබිණි. ඉහලා සිටි කුඩ අකුලාගෙන මේ පුණ්‍ය කටයුතුවල නිරත වෙන්නට හැකිවීම කාටත් සතුටක් ගෙනාවේය. චෛත්‍යය මළුවේ නැගෙනහිර දෙරටුව පැත්තේන් වු තෙත සිදුනු තැනක වාඩිවී පිරස් වන්දනා කරන්නට වුහ. වන්දනා කටයුතු අවසානයේ ධනුෂ්ක තමන් අත තිබු පිර්ත් පොත ගෙන තුන් සුත‍්‍රය කියවන්නට පටන් ගත්විට නඩයේ සෙසු අයද එය අනුගමනය කළහ. හෝරාවක පමණ කාලය කිරිවෙහෙර මළුවේ වන්දනා කළ පිරිස ආපසු මහදේවාල බිමට එන්නට පිටත්වූයේ අෂ්ඨඵල බෝධිය වදින්නටය. නමුත් එතැනට ලංවනවිට තරමක් පොද වැස්සය. කිරි වෙහෙර ළගදි කුඩ අකුලාගෙන වන්දනා කළ හැකිවුවත් අෂ්ඨඵල බෝධිය ළගදී කුඩ ඉහලාගෙන වන්දනා කරන්නට ඔවුන්ට සිදුවිය. මේ නිසා වැඩි වේලාවක් වන්දනා කරන්නට අපහසු වූයෙන් දේවාලයට ගොස් පඩුරු දමා ආපසු නවාතැනට එද්දී වැස්ස කෙමෙන් කෙමෙන් වැඩිවන බව පෙනිණි. නවාතැන් පොලේ සිටි අය දේවාලයට ගොස් ආපසු පැමිණි මේ පිරිස දෙස ඉතා ඕනෑකමින් බැලූවෝය. දැන හැදුනුම්කමක් නැතත් මුවගට සිනහවක් නැංවුයෙන් වචන කිහිපයක් පිරිස අතර හුවමාරු විය. ‘‘ආයෙත් වැසි පටන් ගත්තනේ. දේවාලෙන් මෙහාට එනකොට වැස්ස වැඩිවුණේ.’’ ධනුෂ්ක සිය කටහඩ අවදි කළේය. ‘‘මෙහාටනම් වැස්ස අඩුවුණේම නෑ. හවස පටන්ගත්තු විදියමයි. අපි මේ එළියට බහින්න බැරුව කම්මැළිකමේ ඉන්නේ.’’ පිරිස අතරින් පිළිතුරක් ලැබිණි. ‘‘අපි කිරිවෙහෙර වදින කොට වැස්ස තිබුණෙම නෑ.’’ ධනුෂ්ක කීවේය. ‘‘ඒකනම් පුදුමයක්, මේ වහින විදියට අපි හිතුවේ දිගටම වහිනවා කියලා.’’ ධනුෂ්කගේ පිළිතුරට ප‍්‍රති පිළිතුරක් ලැබුනේ කවුරුත් පුදුම කරවමිනි. කතරගම බිමේ ඊශ්වර, විෂ්ණු, පත්තින්, කඩවර, සුනියම් සහ ගම්බාර දේවාලද පිහිටා ඇත. බොහෝ දෙනෙක් කතරගම දෙවියන් හමුවේ සතුරන්ට පළිගසන ආකාරයක් පෙනේ. ‘‘කතරගම දෙවියන් කියන්නේ මතු බුදුවන්නට පෙරුම් පුරණ ඇත්තෙක්. සමන් දෙවියොත් එහෙමයි. ඒ අයගෙන් වැරදි පිහිට ඉල්ලන්න හොදනෑ.
ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුකළ හැකිද, විපක්‍ෂයේ භූමිකාව ශක්තිමත්ද යනාදී කරුණු පිළිබඳව මෙවර රජ වීදියෙන් අදහස් දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික් සජබ ප
ලෝක බැංකුව කියන හැටියට ආසියාවේ දුප්පත්ම රටවල් අතර ලංකාවට හිමි වී තිබෙන්නේ 20 වැනි ස්ථානයයි. ආසියාවේ රටවල් අතරින් දුප්පත්කම අතින් ඉහළින්ම සිටින්නේ ඇෆ්ග
රටට වී ඇති හදිය සම්බන්ධයෙන් කෙස් පැලෙන තර්ක විතර්ක අපමණය. එම තර්ක විතර්කවල මුලත් මැදත් අවසානයේත් සිටින්නේ දේශපාලනඥයාය. මේ සියලු නස්පැත්තින් හි පළමු වග
ආහාර ආරක්ෂිතතාව පුද්ගල යහපැවැත්වෙමෙන්, ශරීර සුවතාවවෙන් සහ සුබසාධනයෙන් ඔබ්බට යා යුතුයි. එය ජාතියක සමස්ත සුබසාධනය සහ ආර්ථික අභිවෘද්ධිය සම්බන්ධයෙන් සු
මැයි මාසයට අදාල උද්ධමනය පිළිබඳ දත්ත මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව 2023 වර්ෂයේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මැයි මාසයේ උද්ධමන අනුපාතය
මුදල් ප්‍රතිපාදන වෙන් වී නැති නිසා මේ වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොපැවැත්වීමට ඉඩ ඇති බව නොබෝදා අප පුවත්පත වාර්තා කළේය. වාර්ෂිකව රටේ ළමා නාට්‍ය රචකයන්
මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා
ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්
කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ
දේවාලයට පඬුරු දැමු පසු මහ වැස්ස නතරවෙයි
ජලිය Thursday, 29 November 2012 09:58 PM
අනුහස් ....අනුහස් .... (දී)
නිරෝෂණ Saturday, 01 December 2012 05:25 PM
විශිෂ්ට ලිපි පෙළක් (දී)
වසන්ත Thursday, 29 November 2012 03:53 AM
නියමයි. (නි)