ඇවිදින විට දුරකතනයේ බැටරිය ආරෝපණය කළ හැකි සපත්තුවට සවිකරන උපකරණයක් නිර්මාණය කිරීමට කන්තලේ ත්‍රී ගන්තලාව මහ විද්‍යාලයේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ සිසුවෙක් සමත් වී තිබේ.
ජීව විද්‍යා අංශයෙන් මේවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි කේ.ආර්.චතුර මධුමාල් මෙය නිර්මාණය කර ඇත.
ජාතික හා ජාත්‍යන්තර නව නිපැයුම් තරඟ හා ප්‍රදර්ශන සඳහා විවිධ නව නිපැයුම් ඉදිරිපත් කරමින් ජයග්‍රණ රැසක් ලබා ගැනීමට ඔහුට හැකිව තිබේ.
මෙම නව නිර්මාණය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව චතුර මධුමාල් සිසුවා මෙසේ අදහස් දැක්වීය.
මේවැනි උපකරණයක් නිර්මාණය කිරීමට මුලින්ම අදහසක් ඇතිවුණේ කොහොමද?ඒ සඳහා පෙළඹුනේ ඇයි?
කුඩා දරුවන් සඳහා නිමවා තිබෙන ඇවිදින විට ශබ්දය නිකුත් කරන පාවහන් දැකීමෙන් මගේ හිතට කුතුහලයක් ඇති වුණා ඇවිදින විට සපත්තුවෙන් ශබ්දය නිකුත් වන්නේ කොහොමද කියලා. මම හැම වේලාවෙම මේ ගැන හිතුවා, එහි ඇති ක්‍රියාදාමය හොඳින් අධ්‍යනය කළා.එහි ප්‍රතිපලයක් ලෙස තමයි මට මෙම නව නිර්මාණය කරන්න මුලින්ම අදහසක් ඇති වුණේ.
ජංගම දුරකතන කියන්නේ අද සමාජයේ සෑම කෙනෙකුටම අත්‍යාවශ්‍ය දෙයක්.එහෙත් එය භාවිතා කිරීමේ දී බැටරියේ ආයු කාලය ඉතා ඉක්මණින් අඩු වීම ප්‍රශ්නයක්.ඒ වගේ විදුලිය නොමැති ස්ථානයකදී එය යළි ආරෝපණය කර ගැනීමේ ගැටලුවට පිළියමක් ලෙස මා මෙය නිර්මාණය කළා.
කොපමණ කාලයක් තුළ දී බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කළ හැකි ද?
මෙම උපකරණය සහිත සපත්තුව පැළඳ සිටින පුද්ගලයකුගේ සමාන්‍ය ඇවිදිමකදී පැය එකයි විනාඩි 30ක් ඇතුළත දුරකතන බැටරිය සම්පුර්ණයෙන්ම ආරෝපණය කිරීමට පුළුවන්.
නව නිපැයිම් නිර්මාණය කර ලැබු ජයග්‍රණ මොනවා ද?
මුලින්ම ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් වන“ජාතික විද්‍යා පදනම මඟින් සිදු කළ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ නිර්මාණය සඳහා ලංකාවේ හොඳම 10 දෙනා අතරට එන්න මට හැකියාව ලැබුණා.
ඒ වගේම මෙම නව නිපැයුම සඳහා කොරියාවේදී පැවැති නව නිපැයුම් තරඟයක දී හා ප්‍රදර්ශනයක දී රිදී පදක්කම් දෙකක් සහ රන් පදක්කමක් මට හිමිවුණා.එසේම මේ වසරේ කැනඩාවේදී පැවැති ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගේ තරඟයේ දීත් රිදී පදක්කමක් දිනා ගැනීමට මා සමත් වුණා.
මෙම උපකරණයේ ක්‍රියාකාරීත්වය සිදු වන්නේ කෙසේද?
සපත්තුව පැළඳ පියවරක් ඇවිදින විට එහි ඇතුළත ඇති පරිපතය ක්‍රියාත්මක වන අතර එහි ඇති ලීවරයක් මඟින් විදුලිය නිෂ්පාදනය වී පසුව එය බැටරිය සඳහා ආරෝපණය වෙනවා. බැලු බැල්මට එය සරළ බවක් පෙන් වූවත් එය සංකීර්ණ ක්‍රියාවලියක්.
මෙම උපකරණය මඟින් වෙනත් බැටරි වර්ගත් ආරෝපණය කළ හැකිද?
ඔව් ආරෝපණය කරන්න පුළුවන්. මේ දිනවල ඒ පිළිබඳව වැඩිදුර වැඩිදුර පර්යේෂණ කටයුතු කරමින් සිටිනවා.
(සටහන සහ ඡායාරූප - මනෝජ් හර්ෂික)

(චතුර මධුමාල් සිසුවා පදක්කම් සහ සහතිකපත් අතැතිව)

(විවිධ නිපැයුම් සඳහා ලැබූ පදක්කම්)

(සපත්තුවට සවි කළ උපකරණය)

(උපකරණය සහිත සපත්තුව පැළඳ සිටින ආකාරය)
COMMENTS
පුතාට සුභ පැතුම් , නොනැවතී ඉදිරියට යන්න
කුඩා දරුවන් සඳහා නිමවා තිබෙන ඇවිදින විට ශබ්දය නිකුත් කරන පාවහන් දැකීමෙන් මගේ හිතට කුතුහලයක් ඇති වුණා. ඇවිදින විට සපත්තුවෙන් ශබ්දය නිකුත් වන්නේ කොහොමද කියලා? මම හැම වේලාවෙම මේ ගැන හිතුවා.එහි ඇති ක්‍රියාදාමය හොඳින් අධ්‍යයනය කළා.එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මට මෙම නව නිර්මාණය කරන්න මුලින්ම අදහසක් ඇති වුණේ.....අති විශිෂ්ටයි!
ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක වේවා...!!! අනාගතයේදී අප රටේ විශිෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස ලොවට නව නිර්මාණ එළිදැක්වීමට හැකිවේවා...!!!
ඔය උපකරණය නිෂ්පාදනය කළකෙනාගේ පාවිච්චිය වෙන්න ඇත. වාණිජ වටිනාකමක් ඇති කියලා හිතන්න බැහැ. ඇවිදින ගමන් මුහුණ කට කඩාගන්න නම් හොඳයි. මේ නිපැයුමත් අර අතින් මිරිකා බැටරි පුරවන විදුලි පන්දම වගේ...
ඔබගේ නිර්මාණයට සුබ පතනවා. ඒත් මෙම නිර්මාණය වාණිජව කොතරම් සාර්ථක වේවිදැයි කියන්න අපහසුයි. විශේෂයෙන්, මෙයට වඩා පහසුවෙන් හැසිරවීමට හැකි, පවර් බෑන්ක්, සූර්ය බලයෙන් ක්‍රියාත්මකවන පවර් බෑන්ක් සහ සමහර ගමන් මලුවල පිට පැත්තේ සවිකර ඇති සූර්ය බලයෙන් දුරකථන බැටරි ආරෝපණය කළ හැකි උපකරණ වෙළඳපලේ බහුලව තියන නිසා...
කුමාර - හරිම හොඳ නෙහෙ කියපු කතාව. මෙම උපකරණය මෙම විදිහටම වාණිජ විදිහට හදන්න බැහැ. නමුත් මෙම සංකල්පය යොදල කුඩාවට හදන්න උදව් දෙන්න හරි එහෙම කරන සමාගමකට දෙන්න ඕනේ හරි විදිහට ළමයට උපදෙස් දීල. මට හිතාගන්න බැහෙ කුමාර ඔයාගේ සිතුවිලි කොපමණ නරකද කියල
.සමහර අත් ඔරලෝසුවල චලනයෙන් වැඩ කරන මග්නට්‍රෝන් ඇත. එහි මුලදර්මය වන අසමතුලිත බරක් කුඩා මග්නට්‍රොනයක් කරකවා විදුලිය ලබාගත හැක. සපතුවේ චලනය ප්‍රමාණවත්ය. ඔබ දක්ෂයෙකේ. NERDC ආයතනයට යන්න. ඔබට නොමිලේ උපකාර ගත හැක. නමුත් පළමුව පේන්ට් බල පත්‍රයක් ගෙන අයිතිය රැක ගන්න.සුබ පැතුම්