IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


දියවන්නාව ගඳගස්වන වැඩ


බල්ලා, බූරුවා සහ පිස්සා වැනි වචනවලින් බැණ ගැනීමෙන් ද ඉන් පසුව මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර සිදු වූ ගුටිබැට හුවමාරුවකින්ද රටම කැළඹූ පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබිණි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් මේ තරම් දුරදිග ගියේ කාගේ වරදින්දැයි අපි නොදනිමු. එහෙත් එයින් පාර්ලිමේන්තුවේ ගෞරවයට සිදු වූයේ විශාල හානියකි. එහි වගකීම සියලු‍ මන්ත්‍රීවරුන් විසින් බාරගත යුතුය.

කසිකබල් දකුණු ඉන්දියානු චිත්‍රපටවලින් උළුප්පා පෙන්වන කාඩ්බෝඩ් වීරයන් ලෙස හැසිරෙන එවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුළු රටටම ලබාදෙන්නේ ඉතාම නරක ආදර්ශයකි. මොවුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර එවූ මහජනතාවට පමණක් නොව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම්කර යැවූ පක්ෂ මහලේකම්ලාට ද තමන් ගත් තීන්දුව ගැන ලැජ්ජාවක් නොසිතෙනවා නම් ඒ ගැන පුදුම විය යුතුය.

පාර්ලිමේන්තුව තුළ මොන තරම් උණුසුම් වාද විවාද හටගත්තත් එය ගුටිබැට හුවමාරුවක් දක්වා ඇදී යනවා නම් සහ තිත්ත කුණුහරුපෙන් බැණ ගන්නවා නම් එහි කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය. එම වැරැද්ද කුමක්දැයි හැකි ඉක්මනින් හඳුනාගෙන යළිත් එවැනි තත්ත්වයක් හට නොගැනීමට අවශ්‍ය පියවර නොගත්තොත් එය රටේ ඡන්දදායකයන්ට එරෙහිව සිදුකරන බරපතළම වැරැද්දක් බව පෙන්වා දිය යුතුය.

පාර්ලිමේන්තුවේ සභාවාර පසුගිය සති කිහිපය තිස්සේම වරින්වර උණුසුම් විය. එම උණුසුම් අවස්ථාවල දී සතුන්ගේ වචනවලින් එකිනෙකාට දමා ගැසීම ඇතැම් මැති ඇමැතිවරුන්ට අත්හැරගත නොහැකි පුරුද්දක් බවට පත්ව ඇත්දැයි යන සැකය අපට දැනෙන්න පටන්ගෙන තිබේ. මන්ත්‍රීවරයකු ප්‍රශ්නයක් ඇසූ පමණින් හෝ ආවේගශීලී මත දැක්වීමක් සිදු කළ පමණින් හෝ සභාගැබේ සිටින මන්ත්‍රීවරුන්ට උන්හිටිතැන් අමතක වෙනවා නම් අපට පිළිගැනීමට සිදුවන්නේ මේ මන්ත්‍රීවරුන් කිසිම විනයක් නොමැති පිරිසක් බවය. රට හදන නීති සම්පාදකයන්ට විනයක් නැතිනම් එවැනි අවිනීත ගතිපැවතුම් ඇති පිරිස් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවීමෙන් හෝ වැළකී සිටීම ඡන්දදායකයාගේ වගකීමයි. එවැනි අය ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පත් කරනු ලැබීමෙන් හෝ වැළකී සිටීම පක්ෂ නායකයන්ගේ වගකීමය. කොතැනකින් හෝ මෙවැනි සිදුවීම්වලට තිතක් තැබිය යුතුය.

වඩාත්ම කනගාටුදායක වන්නේ හරියටම පාස්කු ප්‍රහාරයට දෙවසර පිරුණු දිනයේම රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයේ සළුපිළි මැති ඇමැතිවරුන් විසින්ම ගලවනු ලැබීමය. එවැනි ශෝක දිනයක තිබිය යුතු වූ නිහඬ බව සහ සානුකම්පිත හැඟීම් වෙනුවට පාර්ලිමේන්තු සභා ගර්භයේ දකින්නට ලැබුණේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන්ගේ මොන්ටිසෝරි හැසිරීමකි. මහ හඬින් සටන් පාඨ කියමින් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් විවාදය මහා ඝෝෂාවක් බවට ඔවුන් පරිවර්තනය කර තිබිණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විපක්ෂයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා කළ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මහ හඬින් බැණ වදිනු දැකිය හැකි විය. මේ හැසිරීම් මගින් සභාවේ ගෞරවය සෝදා හරිනු ලැබීය. එය අවාසනාවන්ත තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සිද්ධියෙන් පසුව එදිනම දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ද ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර යළිත් බහින්බස් වීම් සහ කෑකෝ ගැසීම් ඇතිවී තිබිණි. සභාව පාලනය කර ගැනීම සඳහා කථානායකවරයාට පාර්ලිමේන්තුව කල් තැබීමට ද සිදුවිය. පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු හැම කරුණක්ම මේ ආකාරයට ගාලගෝට්ටි බවට පත්වෙනවා නම් රටේ ජනතාව තුළ පාර්ලිමේන්තුව කෙරෙහි පවතින ගෞරවය පමණක් නොව විශ්වාසය ද ගිලිහී යාම වැළැක්විය නොහැකි වනු ඇත.

ආණ්ඩු පක්ෂයේ දැන් සිටින මැති ඇමැතිවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු‍ දෙනා විසින්ම අවබෝධ කරගත යුත්තේ තමන් කිසිවකුත් සර්ව සාධාරණ නිර්දෝෂී පුද්ගලයන් නොවන බවය. අනෙකාට එක් ඇඟිල්ලක් දිගු කරන විට ඇඟිලි ගණනාවක් තමන් දෙසටම යොමුවන බවය. දේශපාලන පලිගැනීම් යන මාතෘකාව ද ආණ්ඩු පක්ෂයේ සිටින විට එක් ආකාරයකටත් විපක්ෂයේ සිටින විට තවත් ආකාරයකටත් දැනෙන බව මේ මන්ත්‍රීවරුන් දැන සිටීම අවශ්‍යය. විපක්ෂයට යන සියලු‍ම මන්ත්‍රීවරුන් හොරුන් සහ දූෂිතයන් නොවන්නා සේම ආණ්ඩු පක්ෂයට ගිය පමණින් සියලු‍ මැති ඇමැතින් සුපේෂල, ශික්ෂාකාමී, සාධුවරුන් බවට පත්වන්නේ ද නැත. මේ සියලු‍ දෙනාගේ හැසිරීම් දෙස රටේ මහජනතාව බලා සිටින අතර ඔවුන් වැඩිදෙනා තුළ දේශපාලනඥයන් පිළිබඳව මනා තක්සේරුවක් තිබේ. බැණ ගැනීම්, කුණුහරුප කීම් සහ ගුටිබැට හුවමාරුවලින් සිදුවන්නේ එම තක්සේරුවේ අගය ඉහළ හෝ පහළ යාම පමණි.

ආණ්ඩුවක සිටින විට බොහොමයක් මැති ඇමැතිවරුන්ට රටේ නීතිරීති තමන්ට ද බලපාන බව ඉක්මනින් අමතක වෙයි. යහපාලනයේ සිටි ඇතැම් මැති ඇමැතිවරුන්ට අද සිරබත් කෑමට පවා සිදුවීම එහි එක් ප්‍රතිඵලයකි. බලය අතේ තිබිය දී නීතිය නවමින් විපක්ෂ මන්ත්‍රීන්ට සිතාමතා හිරිහැර කරදර කළා නම් ඔවුන් සිරගත කළා නම් එහි පල විපාක තමන් විපක්ෂයට ගිය විට ආපසු පැමිණෙන බව මේ අය සිතට ගත යුතුව තිබුණේ ආණ්ඩුවේ සිටියදීය. එසේම අද ආණ්ඩු පක්ෂයේ සිටිමින් තමන්ට පැවරූ නඩුවලින් නිදහස් කර දෙන ලෙසට ඉල්ලීම් කරන සමහරූන් ඒ පිළිබඳ තමන්ගේම හෘද සාක්ෂියෙන් විමසා බැලීම සුදුසුය. එය පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසනවාට වඩා හැම අතින්ම හොඳය.

(***)



අදහස් (3)

දියවන්නාව ගඳගස්වන වැඩ

nm Tuesday, 27 April 2021 12:44 AM

බල්ලා, බූරුවා සහ පිස්සා වැනි වචනවලින් බැණ ගැනීමෙන් ද ඉන් පසුව මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර සිදු වූ ගුටිබැට හුවමාරු, තිත්ත කුණුහරුප වාග් සංග්‍රාමයක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සිට ලොව පුරා විකාශනය කරන ලදී. මෑතක සිට පාර්ලිමේන්තුව එකම රගමඩලක් බවට පත්ව ඇත. එම රගමඩලේ විවිදාකාර චරිත සිටිති. තරුණ මහලු නළුවන් සෑම දෙනාම කිසිවකුට නොදෙවෙනි නොවන ආකාරයේ විවිදාකාර වූ ජවනිකා ඉදිරිපත් කරනු පෙනේ. වර්තමාන පාර්ලිමේන්තුව ජේ ආර් ජයවර්ධන ජනදිපතිවරයාගේ කාලයේ ජපානය විසින් ලංකාවට කරනලද විශාල ප්‍රමාණයේ පරිත්‍යාග අතර වූ එක් සුවිශේෂී පරිත්‍යගයකි. ශ්‍රී ලංකාවේ වර්තමාන පාර්ලිමේන්තුව තුල රටේ ජනතව නියෝජනය කරන්නාවූ කාටුන් චරිත සිටින්නාවූ පාර්ලිමේන්තුවක් බවට පත්වනු ඇතිබව ජපානය සිහිනෙන්වත් නොසිතන්නට ඇත .

:       0       2

Sakura Tuesday, 27 April 2021 07:00 AM

පාර්ලිමේන්තුවේ ආසන පනවා ඇති අකාරය ඉතාම කණගාටුදායකයි. සිංගප්පූරු, එංගලන්ත පාර්ලිමේන්තුවේ ආසන පනවා ඇති අාකාරය අනුව කතා කළයුතු කෙනා ඉදිරියට පැමිණ කතාකළ යුතුයි. එවිට අනිත් හැමෝම කියන දෙයට සවන් දීමට සිදුවෙනවා. වෙලාව නාස්ති වීමකින් තොරව වගකීමකින් කතා කරන්න වෙනවා. තම තමන්ගේ කටයුතු, මානසික අවුල් තත්වයන් අධික වෛරී' ස්වභාවයන් ප්‍රධාන ස්ථානයට ඇවිත් ප්‍රකාශ කළ නොහැක. ඉන්න සියලු දෙනා බලාගත හැකිය.. බොරුවට කැමරාව තියෙන ආසන 4 රට ඇවිත් වාඩිවෙලා ඉන්න එකත් වෙනස් වෙනවා එතකොට.

:       0       2

jagath Tuesday, 27 April 2021 02:17 PM

ඕකේ ඉතින් අමුතුවෙන් ගඳ ගහන්ට දෙයක් තියෙනවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 644 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 442 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 341 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1549 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 91 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 707 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 643 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 166 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1192 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site