IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙමටමල් වෙහෙර

ගැමුණු කුමරු හා සටන් වැද පරාජය වූ තිස්ස කුමරුන් දිවි බේරාගැනීම පිණිස පලාගොස් ඇඳක් යට සැගවී සිටි විහාරය දෙමටමල් විහාරය යැයි ජනප‍්‍රවාදයේ සඳහන් වේ. මෙම ඓතිහාසික විහාරස්ථානය බුත්තල නගරයේ සිට මාලිගාවිල මාර්ගයේ කිලෝ මීටර හයක් පමණ ගිය පසු පිහිටා ඇත. බෝධි රෝපණයට පෙර නිදන් වස්තු තැන්පත් කර ඇති එකම විහාරස්ථානය ලෙස සැළැකෙන මෙම විහාරස්ථානය කි‍්‍රස්තු පූර්ව දෙවැනි සියවසේදී කාවන්තිස්ස රජු විසින් කරවන ලද ගමිට්ඨවාලී විහාරයැයිද පුරාවිද්‍යාඥයෝ පවසති. එහෙත් කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසේදී දේවානම්පියතිස්ස රජුගේ දෙටු සොහොයුරු මහානාග යුවරජු රුහුණට පැමිණ මෙම විහාරය කරවන ලද බවත් දෙටුමල් වෙහෙර පසු කලෙක දෙමටමල් වෙහෙර වූ බවටත් මතයක් ඇත. එමෙන්ම දුටු ගැමුණු කුමරුන් තම මළනුවන් දුටු ස්ථානය වූයෙන් දුටු මල් යන්න දෙටුමල් වී පසුව දෙමටමල් වූවාය යන්නද එක් මතයකි. ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් වන මෙම විහාර සංකීර්ණය දාගැබ, බෝධිඝරය, පිළිමගෙය, උපෝසථාගාරය හා සම්මන්ත‍්‍රණ ශාලාව යන පංචාවාසයන්ගෙන් සමන්විතව ගොඩනගා තිබී ඇත. කළක් වනගහණයෙන් වැසී තිබූ විහාරය 1974 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර ඇත.

දෙමටමල් විහාරයේ පැරණි චෛත්‍යය දෙමටමල් විහාරය
විහාරයේ බුදුමැදුර ඉදිරියේ ඇති පැරණි සඳකඩ පහණ සහ මුරගල් පැරණි බෝධිඝරයක්
විශාල ප‍්‍රමාණයේ බෝසත් රුවක බිදී ගිය හිස කොටස  ඉතා දුර්ලභ මුරගලක්. මෙහි කාන්තා රූපයක්ද ඇත.
නටඹුන් වූ පැරණි ගොඩනැගිලි



අදහස් (0)

දෙමටමල් වෙහෙර

නිමල් ජයසිංහ Friday, 09 March 2012 07:42 AM

හරිම සුන්දර බලන්නම වටින විහාරයක්.

:       0       0

පත්මසිරි Thursday, 05 July 2012 01:35 PM

අපේ උරුම වලට මම ගොඩක් කැමතියි.පුරාවස්තු තියේනම් මට දෙන්න.

:       0       0

චන්දන Sunday, 17 February 2013 08:16 AM

මගේ දැනුමේ හැටියට 1550-1600 විතර කරපු පන්සලක් මේක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site