වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයක් ඇත.
ලංකාව, බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව තිබී 1948 දී ලැබූ නිදහසත් සමග ජාතික රාජ්‍යයක් බවට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ විය. පෙබරවාරි 4 වැනි දින නිදහස හිමි වීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විවේචන අතර වාමාංශික පදනමකින් කරනු ලබන විවේචනය ප්‍රධානය. එදින ලද නිදහස සැබෑ නිදහසක් නොවේය යන්න එම විවේචනයෙහි හරය යි. එහි පදනම වූයේ 1948 න් පසුව වුවද ලංකාවට බ්‍රිතාන්‍යය සමග ආරක්ෂක හා ව්‍යවස්ථානුකූල බැඳීම් තිබීම ය. එවක දී ලංකාවේ අවසාන අභියාචනාධිකරණ බලය හිමි වූයේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ ප්‍රිවි කවුන්සිලයටය 1948 සිට 1972 තෙක් පැවැති ආණ්ඩු හඳුන්වනු ලැබුවේ ද රැජිනගේ ආණ්ඩු ලෙස ය.
1971 කැරැල්ලේ චූදිතයන්ට චෝදනා එල්ල කරන ලද්දේ රැජිනගේ ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළ අය වශයෙනි. මේ වාමාංශික විවේචනයේ ප්‍රමුඛ ප්‍රකාශකයකු වූයේ එවකදී බෝල්ෂෙවික් ලෙනින්ස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ කොල්වින් ආර්. ද සිල්වා ය. 1948 දී ලද නිදහස ඔහු තදබල විවේචනයකට ලක් කළේ ය. එයින් නොනැවතී වාමාංශික පක්ෂ කිහිපයක සහාය ඇතිව පිහිටු වූ 1970 සමගි පෙරමුණු ආණ්ඩුව විසින් 1972 දී සම්මත කරනු ලැබූ පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බ්‍රිතාන්‍යය සමග පැවති සියලු ව්‍යවස්ථාමය බැඳීම් ඉවත් කර ලංකාව ජනරජයක් බවට පත් කිරීමට මුල්වී කටයුතු කළේ ද කොල්වින් ආර්. ද සිල්වා ය. එම ව්‍යවස්ථාව සම්මත කළ දිනය එනම්, මැයි 22 වැනි දින ජනරජ දිනය ලෙස ද නම් කෙරිණි.
දෙවැනි විවේචනයෙන් මතු කරන මූලික තර්කය 1948 දී දේශපාලන නිදහසක් ලැබුණ ද ආර්ථික නිදහසක් හිමි නොවූවාය යන්න යි. ආර්ථික වශයෙන් තවදුරටත් බ්‍රිතාන්‍ය මත රැඳෙන නිදහසක් ලෙස එයින් තර්ක කෙරිණි. පශ්චාත් යටත්විජිත කතිකාවෙන් ද නිදහස සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කෙරිණි. ලංකාවේ සංස්කෘතිය හා චින්තනය, ආයතන පද්ධතිය යටත්විජිත සමයේ ගොඩනැගුණු ඒවා බවත් නිදහස ලැබුව ද ඒවායෙන් තවදුරටත් මිදී නැති බවත් මේ විවේචනයෙන් පෙන්වා දුන්නේය. එයින් මිදීම අරබයා ක්‍රියාවලියක් අවශ්‍ය බවට ද පශ්චාත් යටත්විජිත විවේචනයෙන් ප්‍රකාශ කළේය. මනස යටත් විජිතහරණයට භාජන කිරීම වැනි සංකල්ප ද ඊට සමගාමීව ඉදිරිපත් විය. 1948 දී හිමි වූ නිදහස සම්බන්ධයෙන් ගොඩනැගී ඇති මේ මූලික විවේචන තුනටම පදනම් තිබේ. එහෙත් මෙහි අවධානයට යොමු කළ යුතු තවත් පැතිකඩක් ඇත. මා එය හඳුනා ගන්නේ ජනතාවට දේශපාලන බලය හිමි වීම යන අර්ථයෙනි. ඒ අනුව, 1948 පෙබරවාරි 4 වැනි දින ලැබුණු නිදහස වැදගත් බව මගේ තර්කය යි.
නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි බලය හිමිවන්නේ ජනතාවටයි. රාජ්‍යයේ ස්වාධිපති බලයේ ප්‍රභවය ජනතාව යි. එහෙත් ලංකාවේ දේශපාලන ඉතිහාසය ඇතුළත 1948 තෙක් ජනතාවට බලය ලැබුණේ සීමිත මට්ටමිනි. 1931 දී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඡන්දයෙන් නියෝජිතයන් පත් කිරීමටත් එසේ පත් වූ අයට විධායක කාරක සභා ඔස්සේ විධායක බලතල අභ්‍යාස කිරීමටත් හැකියාව තිබුණ ද ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ වඩාත් බලවත් වූයේ බ්‍රිතාන්‍යය කිරීටය යටතේ ක්‍රියාත්මක වූ රාජ්‍ය නිලධාරීන් තිදෙනා ය. ආණ්ඩුකාරවරයා ද සිටියේ ය. එබැවින් ලාංකික ජනතාවට දේශපාලනයේ දී තීරක බලයක් හිමි නොවුණි. එසේවුව ද 1948 දී ජනතාවට එම බලය ලැබුණි. ඒ අනුව, රාජ්‍ය විසින් භුක්ති විඳිනු ලබන ස්වාධිපත්‍ය බලයේ ප්‍රභවය බවට ජනතාව පත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව විසින් පත් කර ගන්නා ලද සමගි පෙරමුණු ආණ්ඩුව මගින් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට හැකියාව ලැබිණි. මේ අර්ථයෙන් ගත් විට 1948 දී රටට අර්ථාන්විත නිදහස ලැබිණැයි තර්ක කළ හැකි ය.
නිදහස හිමි වී දසක හතකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලන දේහයේ ඇති ප්‍රශ්න විසඳීමට අසමත් වීම තේරුම් ගත යුත්තේ වෙනම ප්‍රශ්නයක් හැටියට ය. එය මෙරට දේශපාලනයේ ආණ්ඩුකරණයේ සහ සමාජයේ ඇති වූ විවිධ වෙනස්කම් මත පැනනැගි තත්වයකි. 1948 සිට බරපතළ පරිවර්තන ගණනාවක් සිදු වී තිබේ. එකක් ජනගහනයේ වැඩි වීමයි. නිදහස ලැබූ අවධියේ ජනගහනය වාර්තා වූයේ මිලියන 7 ක් වශයෙනි. එහෙත් අද වනවිට එය තුන්ගුණයකට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් මිලියන 22 ඉක්මවා තිබේ. ජනගහනය ප්‍රමාණාත්මකව වැඩිවූවාට අමතරව ජනතාවගේ අපේක්ෂා ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ තත්වය නිදසුනකින් පැහැදිලි කරන්නේ නම් නිදහස ලද අවධිය වනවිට ජනතාව වැඩි වශයෙන් ජීවත් වූයේ ග්‍රාමීය ප්‍රදේශවල ය. ඔවුන්ගේ අපේක්ෂා ද සාපේක්ෂ වශයෙන් ඉතාම පහළ මට්ටමක පැවතිණි. එහෙත් වර්තමානය වෙද්දී ජනතාවගේ ජීවන අපේක්ෂා සහ විලාශය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. එහි ප්‍රවණතා දෙකක් දැකිය හැකිය. නාගරික ජනගහනය වැඩි වීම එකකි. ඔවුන්ගේ ජීවන අපේක්ෂා ද ඉතා ඉහළ ය. එපමණකුදු නොව, නාගරීකරණය ග්‍රාමීය ප්‍රදේශවලට ද පැතිර ගොස් තිබේ. ගම්වල බහුතරයක් දෙනා උත්සාහ කරන්නේත් නාගරිකයන් ලෙස ජීවත් වීමටය. එදා තිබූ සරල දිවි පෙවෙත වෙනුවට සුවපහසු සහ සංකීර්ණ ජීවන විලාශයක් ප්‍රජාව වෙතින් දැක ගත හැකි ය.
රූපවාහිනී යන්ත්‍ර, ගුවන්විදුලි, ජංගම දුරකතන ආදි නොයෙක් බඩු භාණ්ඩ අද වෙද්දී නිවෙසක තිබිය යුතු අත්‍යවශ්‍ය දේවල් බවට පත්ව ඇත. එහෙත් මීට දසක පහ හයකට ඉහත එවැනි ජීවන විලාශයක් ප්‍රජාව වෙතින් දැකගන්නට නොලැබිණි. වෙනකක් තබා නිවෙස්වල භෞතික ස්වරූපය පවා විශාල පරිවර්තනයකට බඳුන් වී තිබේ. කාලයකට ඉහත දී කටුමැටි ගසා සකස් කරන ලද සහ උළු හෝ ටකරන් භාවිත කරමින් සෙවිලි කළ නිවෙස් දක්නට ලැබුණ ද අද ඒවා දකින්නට නොමැති තරම් ය. වර්තමානයේ දී නිවාස නිර්මාණය කරන්නේ වැඩි වියදමකින් සුඛෝපභෝගී ආකාරයටය. ඒ සඳහා ඉහළ වියදමක් දරන්නට සිදු වෙන අතර ඊට සරිලන ආදායමක් ද තිබිය යුතු ය. 1948 දී එක් පුද්ගලයකුට ජීවත් වීම සඳහා අවශ්‍ය වූ ආදායම අද වෙද්දී සිතා ගත නොහැකි ගුණයකින් වැඩි වී තිබේ. එසේවුවත් ඒ ප්‍රමාණයට ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය වී නැත. නිදහස ලද අවධියේ පැවති ජීවන අපේක්ෂා ඉතා සංකීර්ණ ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක එම වෙනස සමතුලිත කළ හැකි තරමේ ආර්ථිකයක් බිහි වී තිබිය යුතු වුව ද එවැන්නක් සිදුව නොමැත. එබැවින් ජීවන අපේක්ෂා සහ ආර්ථිකය අතර විශාල පරතරයක් තිබේ.
1960 ගණන්වල දී ඩඩ්ලි සියස් නමැති ප්‍රකට ආර්ථික විද්‍යාඥයාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකුවේ කණ්ඩායමක් ලංකාවට පැමිණියේ ය. ඔවුන් පර් යේෂණයක් කළ අතර නිකුත් කළ වාර්තාව නම් කර තිබුණේ “සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථා සහ බලාපොරොත්තු සම කිරීම” යනුවෙනි. එය සියස් වාර්තාව ලෙස ප්‍රකට ය. ජනතාවගේ අපේක්ෂාවලට වඩා රැකියා අතර තිබූ පරතරය එයින් පරීක්ෂා කර තිබිණි. අදටත් ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුව මෙය යි. එනම්, අපේ ආර්ථිකයේ ප්‍රමාණය සහ එයින් සාක්ෂාත් කර ගැනීමට බලාපොරෙත්තු වන අපේක්ෂා අතර විශාල පරතරයක් තිබීම ය. නිදහස ලැබුවත් සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුදයක රට ගිලී සිටින බවට වන විවේචනයේ ගැඹුරෙහිම තිබෙන්නේ මේ යථාර්ථය යි. යටත්විජිත ආර්ථිකය සහ මේ තත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් 1950 ගණන්වල සිටම සාකච්ඡාවක් තිබිණි. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ එවකට නායකයා වූ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ඇතුළු කිහිපදෙනකුගේ මූලිකත්වයෙන් “ඉදිරි මග” නමින් වාර්තාවක් ද එළිදක්වා තිබිණි. එයින් ද සාකච්ඡා කෙරුණේ අප ඉහත දී විග්‍රහ කළ ගැටලුව යි. ජනගහනය වැඩිවීම, ඉඩම් පරිභෝජනයේ ප්‍රශ්න, පරිසර ප්‍රශ්න මේ ආදි දේවල් එමගින් සාකච්ඡා කර තිබිණි. එහෙත් මේ ආදි වාර්තාවලින් ඉදිරියට දැමුණු විසඳුම් පදනම් කරගනිමින් ආර්ථිකය ප්‍රසාරණය කිරීම අරබයා උත්සාහ ගන්නා බවක් නොපෙනුණි.
නිදහස ලබා දසක හතකටත් වැඩි කාලයක් ගත වුව ද ශක්තිමත් ජාතික රාජ්‍යයක් ගොඩනගා ගැනීමට අසමත් වූ බවට ඉදිරිපත් වෙන තර්කය නිවැරදි ය. ඊට හේතුව ලංකාවේ නූතන දේශපාලනය උතුරු-දකුණු විභේදනයක් ලෙස ගොඩනැගීම ය. එහි ඇඟවුම නම් අපේ දේශපාලන ක්‍රමය ඇතුළත ජාතික එක්සත්භාවයක් බිහි නොවීමය. 19 වැනි ශතවර්ෂයේ දී උතුරේ හා දකුණේ සංස්කෘතික පුනරුද ව්‍යාපාර මතු වූයේ ද වෙන් වෙන්වය. පසුකාලීනව ඒවායෙන් බිහිවූයේ වාර්ගිකත්වය මුල් වූ දේශපාලන ප්‍රවාහයන්ය. උදාහරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂය බිහි වූයේ බණ්ඩාරනායකගේ නායකත්වය යටතේ පැවති සිංහල මහාසභාව හා ලංකා ජාතික සංගමයේ එකතුවෙනි. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ බිහිවූයේ ද එවකට පැවති ආගමික හා වාර්ගික අනන්‍යතා මත ගොඩනගා ගෙන තිබූ සංවිධානවල මූලිකත්වයෙනි. ශ්‍රී ලංකාව තනි පරිපාලන ඒකකයක් වශයෙන් පැවතුණ ද දේශපාලනමය වශයෙන් විභේදන රැසක් පවතින රටකි. උතුරු දකුණු විභේදනය එහිදී කැපීපෙනේ. මේ අනුව, වාර්ගික ආගමික කණ්ඩායම්වල බලපෑම දේශපාලනයේ දී ඉතා ඉහළ මට්ටමක පවතී. මෙයත් රටේ ප්‍රධාන ප්‍රශ්නයකි.
(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දිනාගත් නිදහස අර්ථවත්ද?
sugath Wednesday, 05 February 2025 07:06 AM
1931 දී සර්වජන ඡන්ද බලය හිමි වුණත්, එදා අධිරාජ්‍ය වාදීන්ගේ මතය වුයේ ලංකාව තවමත් සර්වජන චන්ද බලය ලැබිය යුතු රටක් නොවන බවකි. ඊට හේතුව නම් එදා ලංකාවේ ජීවත් වුණු සාමානය මිනිසුන්ගෙන් බහුතරයක් දෙනා එවකට වැවිලි, පතල්, පුවත්පත් මුද්‍රණාල වැනි ව්‍යාපාර පවත්වාගෙන ගිය ධනවත් පවුල් කීපයක ග්‍රහණය හසුවී තිබීමයි. එවැනි තත්වයක් මත, බහුතරයක් දෙනාට ප්‍රජතන්තරවාදී රාමුවක් තුල නිදහස් චන්දයක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබුනේ නැහැ. කෙසේ වෙතත් දෙවනි ලෝක සංග්‍රාමයෙන් පසු එංගලන්තය බංකොලොත් වීම හේතුකොට ගෙන, ඉන්දියාව, ලංකාව වැනි රටවලට පුර්ණ නිදහස ලැබුණි.
Deepal Nirosh Thursday, 06 February 2025 10:02 AM
අර් ථවත් වෙන්න දිනා ගත්තු නිදහසක් තියෙනන එපායැ? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට කොල්ල කන්න සම්පත් තිබුණෙ එදා භාරතය නොහොත් අද ඉන්දීයාව නම් අර් ධද්වීපයෙ. ලංකාවෙ ඔය කියන තරම් කෙං ගෙඩියක් තිබිල නැහැ. අධිරාජ්‍යවාදීන් තමුන්ගෙ රටේ සම්පත් කොල්ලකන හැටි දැකපු මහත්මා ගාන්ධි ඉන්දියාව පුරා නිදහස දිනා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කරා. ප්‍රතිඵලයක් වශයෙන් 1947 අධිරාජ්‍යවාදීන් ඉන්දියාවට නිදහස දී හැර ගියා. තමුන් මෙච්චර කල් ඵල භුක්ති විඳපු ගහේ අරටුවත් එලයත් තමුන්ට අහිමි වූ බව දැනුණු බ්‍රිතාන්‍යයින් ගහේ පොත්ත මොන කෙංගෙඩියකට ද කියල ලංකාවත් අත හැරලා දැම්මා. ඔන්න ඔය සංසිද්ධිය තමා ඉමහත් පරිශ්‍රමයකින් ලංකාව නිදහස දිනා ගත්ත කියල මෙතුමන්ලා වැනි මහාචාර් යවරු අපේ පාසල් පෙළ පොත්වලට ඇතුළත් කරල තියෙන්නේ. අපිත් ඒ විදියට ඉගෙන ගෙන කෝටි ගණන් වියදම් කරගෙන පෙබරවාරි 04 උත්සව පවත්වනවා.