IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිට්වාගෙන් ගොඩඑන සැලසුම

නොසිතූ මොහොතක රට ගිලගත් ජල කඳ පහව ගොස් ඇතත්, එහි කැළැල් තවමත් අපගේ මතකයේ සහ බිමේ සටහන්ව තිබේ. මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ විනාශකාරී ආපදා තත්වය, අපේ ජාතියේ අවදානම් සහගත බව, අපේ ජාතියේ ඔරොත්තු දීමේ හැකියාව සහ පුනරුත්ථාපන ශක්තිය යළිත් වරක් තහවුරු කළේය.

ජලයෙන් යට වූ නිවාස, නාය ගිය කදු, කඩා වැටුණු මාර්ග සහ අහිමි වූ ජීවනෝපාය පිළිබඳ වේදනාව මැද අප දැන් සිටින්නේ ‘නැවත යථා තත්වයට පත්වීම‘ ඉක්මවා ගිය තැනකය. දැන් අප සිටින්නේ ක්ෂණික සහන සැපයීමේ අදියරෙන් ඔබ්බට ගොස්, සිදුවූ හානිය තක්සේරු කරමින්, දිගුකාලීන විසඳුම් සහ වඩා හොඳ ප්‍රතිසංස්කරණ සැලසුම් වෙත අවධානය යොමු කළ යුතු තීරණාත්මක සංධිස්ථානයකය. අපගේ ප්‍රධාන අවධානය යොමු විය යුත්තේ, අනාගත දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි නිවාස සහ යටිතල පහසුකම් ගොඩ නැගීම, වඩාත්ම බලපෑමට ලක්වූ ආර්ථික අංශ නැවත නගා සිටුවීම සහ ආපදාවට ලක් වූ ප්‍රජාවගේ මානසික සහ සමාජ යහපැවැත්ම සහතික කිරීම සඳහා වූ ප්‍රධාන සැලැස්ම සහ ප්‍රමුඛතා නිර්ණය කිරීම කෙරෙහිය.

පශ්චාත් ආපදා තත්වය පිළිබද අවධානය යොමු කිරීමේ දී රජය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ සන්නද්ධ හමුදා විසින් ගනු ලැබූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව සහ සාර්ථකභාවය ඇගැයීමට ලක් කළ යුතුය. මානව ජීවිතය මහත් වූ විපර්යාසයකට ලක් වූ අපදාවෙන් පීඩාවට පත් වු ජනතාව මුදා ගැනීමට ගත හැකි ක්‍රියාමර්ග කෙරෙහි රජය මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වඩාත් උනන්දු විය. එමෙන්ම ප්‍රජා සහභාගිත්වය ද වඩාත් සක්‍රීය මට්ටමින් ක්‍රියාත්මක විය. සමාජ මාධ්‍ය ඔස්සේ දුන් තොරතුරු ව්‍යාප්ත වූ නමුත් ජන මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේය. එලෙසින් ක්‍රියාත්මක වූ ආපදා සමය නිමා වෙමින් පශ්චාත් ආපදා සමය අරම්භ වී තිබේ.

ආපදාවෙන් පසු ලංකාවේ නැවත ගොඩ නැගීමේ ප්‍රධාන සැලැස්ම සහ එහි ප්‍රමුඛතා පිළිබදව සැලකීමේ දී ජාත්‍යන්තර මුලධර්ම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. අනෙකුත් රටවල ආපදා අත්දැකීම් ඇසුරෙන් ප්‍රතිපත්ති ගොඩ නගා ගත යුතුය. ශ්‍රී ලංකාවේ නැවත ගොඩ නැගීමේ ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට භාවිත කරන ප්‍රධාන යාන්ත්‍රණ 4කි. එනම් ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම (NDMP), ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (NEOP), පශ්චාත්-ආපදා අවශ්‍යතා තක්සේරු (PDNA) රාමුව - එක්සත් ජාතීන්ගේ/ලෝක බැංකු ප්‍රමිතිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතිචාර සහ ප්‍රතිසාධන මාර්ගෝපදේශ වේ. මෙම සැලැස්ම දේශීය අධිකාරි, හමුදා, NGO, විදේශ ආධාර, සහ පෞද්ගලික අංශය එකට එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. අපදාවෙන් පසු පුරවැසියන්ගේ ජීවිතය, ආර්ථිකය, යටිතල පහසුකම් ආදිය නැවත ගොඩ නැගීමට හැකි ආපදාවලටත් මුහුණ දිය හැකි ලෙස තිරසාරව නැවත ගොඩ නැගිය යුතුය. එහිදී ප්‍රධාන වශයෙන් මූලික ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ජන ජීවිතය සහ සමාජ ආරක්ෂාව සමබන්ධයෙන් ආරක්ෂිත නවාතැන් සැපයීම, නියමිත ප්‍රමිතියට නිවාස සකස් කිරීම, ආහාර ජලය සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා සැපයීම, මනෝ උපදේශන වෙත යොමු කිරීම කළ යුතුය. මෙහි අවසන් ඉලක්කය වන්නේ ආපදාවෙන් පසු ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීමයි. ආර්ථිකය සහ ජීවිකාව නගා සිටුවීමේ දී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ස්වයං රැකියා, කෘෂිකාර්මික අංශය නැවත පිහිටුවීමට මූල්‍ය සහනාධාර ලබා දීම එනම් අඩු පොලී අනුපාත යටතේ ණය මුදල් ලබාදීම, රැකියා අවස්ථා උත්පාදනය ආදිය කළ යුතුය. යටිතල පහසුකම් ගොඩනැගීමේ දී විනාශ වූ පාලම්, මාර්ග, ජල විදුලිය, ගොඩනැගිලි අනාගත අවදානම් සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහිත නැවත ගොඩනැගීමට ප්‍රමුඛතාව දිය යුතුය. පරිසරය සහ තිරසරභාවයේ දී වනාන්තර ඉඩම් එළි කිරීම සහ අනවසර ඉදිකිරීම් අවම වන ලෙස පරිසරය සමග ගනුදෙනු කළ යුතුය. ස්ථානීය අවදානම් කළමනාකරණයේ දී ප්‍රාදේශීයව පවතින කාලගුණය, පිහිටීම, භූමිය ආදිය සැලකිල්ලට ගනිමින් ප්‍රදේශය අනුව ආපදා කළමනාකරණය ක්‍රියාත්මක විය යුතුය. ප්‍රාදේශීය වශයෙන් අවේණික සැලස්මක් තිබිය යුතුය. එමෙන්ම මනා සම්බන්ධිකරණ ක්‍රියාවලියක් ද තිබිය යුතුය. නැවත ගොඩ නැගීම් කිරීමේ දී විනිවිදභාවය ඉතා වැදගත් වේ. භාණ්ඩ සහ මූල්‍යමය ආධාර ලබා දීමේ දී දූෂණය අවම විය යුතුය. රටක් යථා තත්වයට පත් කිරීමේ දී ප්‍රජා සහභාගිත්වය අවශ්‍ය වේ. ග්‍රාමීය මට්ටමින් ප්‍රතිසංස්කරණ කමිටු පිහිටු විය යුතුය. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී ජනතා අදහස් ද වැදගත්ය.

ආපදාවෙන් වඩාත්ම බලපෑමට ලක් වූයේ රටේ ආර්ථික අංශයයි. එය නැවත නඟා සිටුවීමට රජය, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර සංවිධාන එකව කටයුතු කළ යුතුය. ආර්ථිකය ගොඩ නැගීමේ මූලික පියවර වන්නේ ආපදාව හේතුවෙන් ජීවිත අහිමි වූවන්, අවතැන්වූවන්, විනාශ වූ භෞතික දේපළ ආදී සියල්ලෙහි විස්තර ගෙන ගණනය කර ආපදාව තක්සේරු කර ගැනීමයි. තක්සේරු වාර්තා අනුව නැවත රට නගා සිටුවීමට අවශ්‍ය මූල්‍ය කළමනාකරණය කළ යුතුය. අවතැන් වූ ප්‍රජාවට සෘජු සහන, උපකරණ සහන ලබා දිය යුතුය. ස්වයං රැකියා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, කෘෂිකාර්මික අංශය සඳහා අඩු පොලී අනුපාත යටතේ ණය පහසුකම් සැලසිය යුතුය. ස්වයං රැකියා සඳහා වෘත්තීය පුහුණුව දීම ද වැදගත් ය.

ආපදාවලට ලක් වූවන් ආර්ථික සහ සමාජීය ලෙස නගා සිටුවනවා සේම ඔවුන්ගේ මානසික යහපැවැත්ම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. මෙය ප්‍රජා මට්ටමෙන් ක්‍රියාත්මක විය යුත්තකි. නිවාස දේපළ අහිමි වූවෝ, සමීපතමයන් අහිමි වූවෝ, අතුරුදන් වූවෝ බොහෝය. ඔවුන්ගේ මානසික මට්ටම බොහෝ පීඩාකාරී විය හැකිය. විශාදය කාංසාව වැනි මානසික රෝගී මට්ටම් වෙත ළඟා වූවන් ද සිටිය හැකිය. එබැවින් ඔවුන්ගේ සංස්කෘතික සහ සංවේදතා පිළිබදව ද සැලකිලිමත් වෙමින් අවශ්‍ය වෘත්තීමය උපදේශන සේවා සහ ප්‍රතිකාර කළ යුතුය. එමෙන්ම පාසල් ළමයින් සඳහා ද විශේෂ වූ වැඩසහටන් ආදීය ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ආපදා අවදානම් අඩු කිරීමේ ප්‍රතිපත්තිය, අතීත ආපදාවලින් ලද පාඩම් සහ ආපදා අවදානම් අවම කිරීම සඳහා සෙන්ඩායි රාමුවෙහි මූලධර්ම මත පදනම්ව, ඒකීය සම්බන්ධීකරණයකින් යුතු හා තිරසාර ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය. 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත මගින් අනාගත ආපදාවලට මුහුණදීම සඳහා මූලික රාමුවක් ඉදිරිපත් කරන නමුත් එය ප්‍රමාණවත් නොවේ. පසුගිය ආපදා අනුව පෙනී යන කරුණක් වන්නේ පනත සහ ආයතනික ව්‍යූහය තව දුරටත් ශක්තිමත් විය යුතු බවයි. මන්ද පනතේ බලපැවැත්වීම සීමිත වීම එයට හේතුවයි. පනත තුළ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳව අවම යොමු වීමක් ඇත. ආයතනික ව්‍යූහය ගත්විට ආයතන අතර සම්බන්ධීකරණය, සන්නිවේදනය සහ මූල්‍ය ගැටලු‍ පවතී. ආපදා අවම කිරීම සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මකවන තාක්ෂණික භාවිතය ද අවමය. එබැවින් පනත යාවත් කාලීන කිරීම අවශ්‍ය වේ.

 ප්‍රථමයෙන් මෙම ප්‍රතිපත්තිය මගින් ආපදා අවදානම අඩු කිරීම, ආපදා අවදානම අවම කිරීම සහ දේශගුණික අනුවර්තනය සංවර්ධන සැලසුම්, යටිතල ව්‍යාපෘති සහ අනෙකුත් නීතිමය ක්‍රියාකාරකම් සමග ඒකාබද්ධ කිරීම අනිවාර්ය කළ යුතුය. මේ සඳහා වත්මන් ආපදා කළමනාකරණ පනත නවීකරණය කර, සියලු‍ම ආයතන සඳහා ආපදා අවදානම අවම කිරීම පිළිබඳ නීතිමය බැඳීම් පැහැදිලි කළ යුතුය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය පාලන සහ පළාත් පාලන ආයතන අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කළ යුතුය. ශ්‍රී ලංකාව ඉදිරියේ දී අනපේක්ෂිත, අධික, හා සංකීර්ණ ආපදාවලට මුහුණ දීමට සූදානම් වීමට අවශ්‍ය ප්‍රධානතම ප්‍රතිපත්තිමය වෙනස නම් “ප්‍රතිචාර පදනම්කරණයෙන් අවදානම් අඩු කිරීමයි. මේ සඳහා නිර්දේශ කරන ප්‍රධානතම ප්‍රතිපත්තිමය වෙනස වන්නේ “ඒකාබද්ධ, නීතිමය බලය ඇති සහ දත්ත පදනම් කළ ජාතික ‘ප්‍රාග්-අවදානම් කළමනාකරණ ප‍්‍රතිපත්තිය’ නිර්මාණය කිරීමයි.

මෙම නව ප්‍රතිපත්තිය යටතේ ඒකාබද්ධ ජාතික අවදානම් තොරතුරු වේදිකාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම වේදිකාව මගින් GIS, කාලගුණ විද්‍යාව, NBRO, වාරිමාර්ග, සහ නාගරික සංවර්ධන දත්ත ඇතුළු සියලු‍ම උපද්‍රව-අවදානම් සිතියම්ගත කිරීමේ සහ තත්‍ය කාලීන දත්ත ඒකාබද්ධ කිරීම සිදු කරයි. මෙහිදී කෘත්‍රිම බුද්ධිය සහ පුරෝකථන ආකෘති යොදා ගනිමින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩි දියුණු කිරීම අපේක්ෂා කෙරේ.

දෙවැනුව, ප්‍රතිපත්ති දත්ත පදනම් කළ තීරණ ගැනීම ප්‍රමුඛ කළ යුතුය. මෙහිදී, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින්, භූගෝලීය, කාලගුණ ධාරිත, සහ වෙරළබඩ අවදානම් පිළිබඳ නිවැරැදි උපද්‍රව විශ්ලේෂණය කළ යුතුය. අවදානම් මිනුම් පිළිබඳ තථ්‍ය, විශ්වාසනීය දත්ත නිරන්තරයෙන් රැස් කරමින් ජාතික අවකාශීය දත්ත යටිතල පහසුකම් හරහා ඒකාබද්ධ කළ යුතුය. මෙම දත්ත භාවිතයෙන්, ගංවතුර තැනිතලා වැනි අවදානම් කලාප සඳහා අවදානම් සංවේදී ඉඩම් පරිහරණ සැලසුම් සහ දේශගුණික ප්‍රතිරෝධී ගොඩනැගිලි කේත නීතියෙන් බලාත්මක කළ යුතුය.

තෙවැනුව, ප්‍රජා- මධ්‍යම සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ. ග්‍රාම, නගර, පළාත් මට්ටමින් ප්‍රජා පාදක ආපදා අවදානම් කළමනාකරණය කමිටු පිහිටුවා, ප්‍රාදේශීය අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කළ යුතුය. පාසල් සහ ජනමාධ්‍ය ඔස්සේ ආපදා අවදානම අවම කිරීමට අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුය. මීට අමතරව, සියලු‍ම මහා ව්‍යාපෘති සඳහා ආපදා බලපෑම් තක්සේරුව අනිවාර්යය කිරීම සහ ජාතික ආපදා අවදානම් මූල්‍ය යාන්ත්‍රණයක් හදිසි අරමුදල් සහ පරාමිතික රක්ෂණ සහිතව පිහිටුවීමෙන් ඔරොත්තු දීමේ හැකියාව සඳහා ආයෝජනය කිරීම සහතික කළ යුතුය. ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය වැනි පියවරවලින් පරිසර පද්ධති ආරක්ෂා කරමින් තිරසාර සම්පත් කළමනාකරණය සහතික කිරීම කළ යුතුය. ආපදාවෙන් පසු ‘‘Build Back Better  - වඩා හොඳින් ගොඩනගන්න”‍ යන ප්‍රවේශය අනුගමනය කරමින්, ප්‍රතිපත්තිය කාලානුරූපව සමාලෝචනය කළ යුතු අතර එමගින් තිරසාරත්වය තහවුරු කළ යුතුය.

මූල්‍යමය වශයෙන්, ජාතික ආපදා අවදානම් මූල්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු අතර එහිදී හදිසි අරමුදල්, සාම්ප්‍රදායික රක්ෂණ සහ පරාමිතික ආපදා රක්ෂණ ආකෘති ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය වේ. අවසාන වශයෙන්, සියලු‍ම මහා ව්‍යාපෘති සඳහා ආපදා බලපෑම් තක්සේරුව (DIA) අනිවාර්යය කිරීම සහ රාජ්‍ය ආයතන වාර්ෂික අයවැයකරණයේ දී ආපදා අවදානම අවම කිරීම වෙන් කිරීම අනිවාර්යය කිරීමෙන් සංවර්ධන ක්‍රියාවලියට ආපදා අවදානම අවම කිරීම අනිවාර්යයෙන්ම එක් කළ යුතුය. මෙම ප්‍රතිපත්ති පෙරළිය, ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ සෙන්ඩායි රාමුවට අනුකූලව, ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවනු ඇත.

(*** සටහන ශෂිකා අබේරත්න)



අදහස් (1)

දිට්වාගෙන් ගොඩඑන සැලසුම

Nalin S Tuesday, 16 December 2025 10:17 PM

විශේෂ සැලසුමක් අවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site