IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තබ්බෝවෙන් දෙහිවලට පැමිණි දිවි දියණියෝ

ඒ අක්ක නගාලා මෙලොව එළිය දුටුවේ පුත්තලම තබ්බෝව රක්‍ෂිතයේ දී ය. මනරම් පුල්ලිවලින් ඔප වැටුණු ඒ ”දිවි” දියණියන් ඉපදී මසක් ගත වෙද්දී දඩයක්කරුවෙකුගේ රුදුරු වෙඩි පහරකින් ”දිවි අම්මා” මෙළොව අතහැර ගියාය. පිපාසයට මව්කිරි අහිමිව, සීතලට මව් උණුසුම අහිමිව ඒ රූස්ස වන අරණේ දිවි පැටවුන් තිදෙනා අතරමං විය. කුසට හරි හැටි අහරක් නොමැතිව නිරාහාරව දුබල වූ ඒ පුංචි දිවි පැටවුන්ගේ ඊළඟ ආරක්‍ෂිත නවාතැන් පොළ බවට පත්වන්නේ මේ රජයේ ප‍්‍රබල අමාත්‍යවරයකුගේ සුවිසල් මන්දිරයකි. මසක් වයසැති මේ දිවිපැටුවන් තිදෙනා මව්කිරිත් මව් උණුසුමත් නොමැතිව ජීවිතයත් මරණයත් අතර ද්වන්ධ සටනක යෙදී සිටියදී වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පිහිටෙන් පසුගිය ජූලි 03 වැනිදා දෙහිවල සත්වෝද්‍යානයට පැමිණීම ඔවුන්ගේ දිවියේ නවපිටුවක් පෙරළන්නට සමත් විණි. මේ පැටවුන් තිදෙනාට සත්වෝද්‍යානය තුළදී දෙවැනි මවක වන්නේ වෛද්‍ය ගංගා විජේසිංහ මහත්මියයි. ”මේ දිවි පැටව් තුන්දෙනා සත්වෝද්‍යානයට ගෙන එද්දී හිටියේ ඉතාම දුර්වල මට්ටමකයි. මේ තිදෙනාම ගැහැණු පැටවුන්. මව් කිරිත්, මව් උණුසුමත් නැතිව කුසට හරි ආහාරයක් නැතිව ජීවිතයත් මරණයත් එක්ක සටන් කරමින් හිටියේ. මමත්, වෛද්‍ය ජගත් විජේසේකර, සත්ත්ව ආරක්‍ෂක අමිත පෙරේරා, සත්ත්ව භාරකරු පියසිරි, සත්ත්ව රෝහලේ රසායනාගාරයේ අරුණ ඉන්දික යන අපි හැමෝම එකතු වෙලා යුහුසුළුව ප‍්‍රතිකාර කළා.  ඕස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කළ දිවියන්ටම දෙන විශේෂිත කිරි වර්ගයක් විශේෂ උපකරණයකින් පෙව්වා. කුකුල් මස් පොඩි කරලා ඉස්ම අරගෙන සිරින්ජරයෙන් පෙව්වා. සති දෙකක් විතර සේලයින් වතුර, ජීවනී දුන්නා. දිවා රෑ අපි නිදි මරාගෙන අපේම දරුවො තුන්දෙනෙක් හදනවා වගේම කැපවීමෙන් ඒ කටයුතු කළා. දිවි පැටියෙකුට වසර දෙකක් යනකම් මව් සෙනෙහස අත්‍යාශ්‍යමයි” ”කොහොම හරි බලාගෙන ඉද්දී මේ පැටව් හොඳ මට්ටමට පත්වුණා. එක පැටියෙකුගේ ඇහට සුද ඇවිත් තිබුණා. පසුව අපි කළුබෝවිල රෝහලේ ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයාගෙන් පවා ප‍්‍රතිකාර ලබා දුන්නා. ඇස්වල ඡායාරූප විදේශ රටවලට පවා යැව්වා. සත්වෝද්‍යානයට ගෙනෙන අවස්ථාවේ ග‍්‍රෑම් 800, 900 හිටපු පැටව් මාස 3ක් යද්දී කිලෝ 10යි කිලෝ 9.6යි, කිලෝ 9.4යි බරකට ආවා. සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතාගෙන් ලැබුණු සහයෝගය විශේෂයෙන් මතක් කළ යුතුයි” අපේ රටේ ජීවත්වන විශාලතම බළල් පවුලේ සාමාජිකයා වන මේ ක්‍ෂීරපායි සත්ත්වයා ඉතා දුර්ලභ සතෙකු වන අතර වර්තමානයේ උන් වඳවී යාමේ තර්ජනයකට ලක්වී තිබේ. වනාන්තර තුළ වසර 10-12 වැනි කාලයක් ජීවත්වන අපේ දිවියා, ”පැන්තරා පාඩුස්” යන අපටම ආවේනික වූ උප දිවි විශේෂයකි. වසර තුනහමාරක ගැබ් කාලයෙන් පසු දිවි දෙන පැටවුන් දෙකත් හතරත් අතර ප‍්‍රමාණයක් එක් වරකට බිහි කරන්නීය. පසුගිය 9 වැනිදා  මේ හුරුබුහුටි දිවි පැටවුන් තිදෙනා දෙහිවල සත්වෝද්‍යානයේ කෙළවරක තමන්ටම වෙන්වූ පුංචි කූඩුවක නිදහසේ කෙළි දෙළෙන් දිවිගෙවන්නට සත්වෝද්‍යාන පාලකයින් සූදානම් කර තිබූ අතර මහජන ප‍්‍රදර්ශනයට ප‍්‍රථම වරට ඔවුන් යොමු විණි. පැමිණ සිටි බාල, මහලූ, වැඩිහිටි හැමගේම නිබද ආකර්ශනයට ලක්වූ මේ පුංචි දිවි පැටවුන් තමන් මුහුණදුන් බිහිසුණු අත්දැකීම පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව කූඩුව පුරා සැරිසැරූ ඒ මොහොත සැබවින්ම හැඟුම්බරය. සටහන - දුෂ්‍යන්ත කුමාර ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සේවකයන්ගේ උණුසුමේ...\ දිවි පැටවුනට දෙවැනි මවකවූ වෛද්‍ය ගංගා විජේසිංහ මහත්මිය අලූත් නවාතැන පිළිබඳව ගවේශණයක...  



අදහස් (0)

තබ්බෝවෙන් දෙහිවලට පැමිණි දිවි දියණියෝ

ලක්මාල් නන්දික Monday, 21 November 2011 11:04 AM

මේ අය අයිති අපට නෙමෙයි කැලේට.

:       0       0

හර්ෂණී Friday, 02 December 2011 06:45 PM

අපේ රටේ සිදුවෙන අලුත් දේවල් අපට දැනගන්න සලස්වන ඔබට සිතුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site