IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


තත්ත්වය බරපතළයි වහා ප්‍රතිකාර ඕනෑ

රට පැටලී ඇති වියවුලෙන් කවදා නිදහසක් ලැබේදැයි කිව නොහැකිය. ඒ වෙනුවට දිනෙන් දින මොහොතින් මොහොත අර්බුද වගුර ගැඹුරුවන බව නම් පැහැදිලිය. තෙල් සොයා මැති ඇමැතිවරු රට රටවල සංචාරය කරති. එහෙත් ඉන්ධන පෝලිම් අගක් මුලක් සොයා ගත නොහැකි තරමට දිගු වී තිබේ. සියලු ක්ෂේත්‍ර, සියලු සේවා ඇඳ බැඳ තබා තිබෙන ඉන්ධන නොමැතිකමින් මුළු රටම මග නතර වී තිබේ.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ ඉන්ධන අර්බුදය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවය. මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගත්තද සුළු හා මධ්‍යම පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී බරපතළ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවන බව ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උප සභාපති පීලික්ස් ප්‍රනාන්දු මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

හිතට සැනසුමක් ලැබෙන පුවතක් තුන් හතර වසරකින් අසන්නට දකින්නට ලැබුණේ නැත. අසන්නට ලැබුණ, දකින්නට ලැබුණ හැම පුවතක් පාහේම ජීවිතය කලකිරවනසුලු, එපා කරවනසුලු පුවත්ය. සුළු හා මධ්‍යම පරිමාණ ඇඟලුම් කම්හල් 200 සම්බන්ධ ප්‍රවෘත්තියද එවැන්නකි. මෙබඳු පුවත් කියවන විට රටට මේ මොනවද වෙන්නේ යනුවෙන් නොසිතෙන්නේ නම් විමතියකි.

මෙරට ආර්ථීකයේ ප්‍රධාන රුධිර ධාරාවක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රය වේ. මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේද මෙම ඇඟලුම් ක්ෂේත්‍ර වේ. කොවිඩ් මාරක වසංගතය හමුවේ මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග සියල්ලම වැසී යද්දී යම් පමණකට හෝ අල්ලාගෙන සිටියේ මෙම ඇඟලුම් ක්ෂේත්‍රය පමණි. ඇඟලුම් ක්ෂේත්‍රය එසේ බලවත්ව නැගී නොසිටියේ නම් රටේ තත්ත්වය මීටත් වඩා නරක අතට දරුණු අතට පත්වීමට ඉඩ තිබිණි.

ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟලුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇණවුම්වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ඇඟලුම් කම්හල්වලට බාරදෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකර්මණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලටද ලොකු බලපෑමක් එල්ල කරන බවය. 

මේ රටේ සංස්කෘතියේ කොටසක් වන තරමට ඇඟලුම් ක්ෂේත්‍රය බලවත්ව පැතිරී තිබේ. මෙරට රැකියා වියුක්තියට එක් පිළිතුරක් ලෙසද ඇඟලුම් කර්මාන්තය යොදා ගැනේ. ලක්‍ෂ ගණනක් තරුණ තරුණියෝ ඇඟලුම් කම්හල්වල සේවය කරති. එමෙන්ම මෙම ක්ෂේත්‍රය හා බැඳුණ පරිවාර ආදායම් මාර්ග රැසකි. නවාතැන් සැපයීමෙන් හා ආහාර පාන සැපයීම වශයෙනි. ඇඟලුම් ක්ෂේත්‍රය බිඳ වැටීම යනු මේ සියල්ලම බිඳ වැටීමය. ලක්‍ෂ ගණනක රැකියා අහිමිවීම ජාතික ආර්ථීකයට ඔරොත්තු නොදෙන බරපතළ තත්ත්වයකි.

ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ උපසභාපතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය සඳහා පෙට්‍රල් කෝටාවක් ලබා දෙන්නැයි සිපෙට්කෝ ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බවය. එමෙන්ම විදුලිය කප්පාදුව නිසා විදුලිය උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් මහා පරිමාණ, මධ්‍යම පරිමාණ හා සුළු පරිමාණ ඇඟලුම් කම්හල්වලට ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති හෙයින් ඒ තත්ත්වය එම ආයතනවලට අහිතකර ලෙස බලපා ඇති බවත් එම උපසභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම තත්ත්වය සුළුවට නොගත යුතුය. මේ ඇද වැටෙන්නේ මුළු රටමය. අද දවසේ සිදුවීම්වල අහිතකර ප්‍රතිඵල බලාපොරොත්තු විය යුත්තේ හෙට දවසේදීය. ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උපසභාපතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ඇඟලුම් නිෂ්පාදන ආයතනවලට විදේශවලින් ලැබෙන ඇණවුම් රටේ පවතින අර්බුදය හේතුවෙන් වෙනත් රටවලට හැරී යාමේ අවදානමක් ද පවතින බවය. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ඇණවුම්කරුවන් සමග සාකච්ඡා පවත්වමින් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙන බවද උපසභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය බව ඉඳුරාම ප්‍රත්‍යක්‍ෂය. තවත් බලා සිටීමට කාලයක් නැත. කළ යුතු ප්‍රතිකර්ම වහ වහා කළ යුතුය. එසේ නොවුණහොත් පාංශකූලයට සූදානම් විය යුතුය.

 

(***)



අදහස් (1)

තත්ත්වය බරපතළයි වහා ප්‍රතිකාර ඕනෑ

chandima Wednesday, 06 July 2022 01:00 PM

ජනාධිපති මහ වෙදාටයි, ඊළඟට ඉන්න අගමැති කොට්ටෝරු වෙදාටයි වගේ වගක් නැතුවා වගේ ඊයේ ඔය දියවන්නාවේ හිනාවෙවී ජොලියේ ඉඳලා ගියේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 386 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site