|
පාසලේ පිළිගැනීම |
රට ජයගත් බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඉතා දුෂ්කර ගම්මානවල ඉපිද දුෂ්කරතා රැුසක් මධ්‍යයේ තම ගමන ජයගත්තෝ වෙති. ඇතැම් අයට ගමන් මඟ අමතකය. ඇතැම් අය එම ගමන් මඟ පන්නරයට ගෙන තව තවත් ශක්තිමත් වෙමින් ගමේ දරුවන්ට ද අත හිත දෙමින් සිටිති.
අග හිඟකමින් තොරව පැමිණි බොහෝ දෙනා අද ක‍්‍රීඩාව මතින් තව දුරටත් මිල මුදල් පස්සේ යමින් විවිධ ක‍්‍රියාකාරකම්වල නිරතවෙමින් සිටිති.
බොහෝ දුරට ගම්මානවල හැදී වැඩුණු ක‍්‍රීඩා තරු වලට රට ලෝකය ජය ගන්නට මුලින්ම අතහිත දී ඔවුන් හඳුන්වා දී ඇත්තේ ජනමාධ්‍ය වේදීන් මෙන්ම මාධ්‍ය ආයතන බව නොරහසකි.
ඔවුන්ගේ දක්ෂතා මෙන්ම ක‍්‍රීඩාවට ඇති අඟහිඟකම් ඒ ඔස්සේ අකා මකා දමමින් ක‍්‍රීඩා තරු ලෙස බබළවන්නට රටට කීර්තිය එක්කැර දෙන්නටද එමගින් හැකියාව ලැබීම සතුටට කරුණකි.
හබරණ ඉසුරු පාසලේ නව වැනි වසරේ ඉගෙනුම ලබන ඞී.එම්. ශ්‍රීමාලි සමරකෝන් (14) දැරියද එවැනිම දක්ෂතා ඇත්තියකි.
ඇය ඉතා දුෂ්කර වූ ගමනක යෙදී මෙවර පැවැත්වූ 39 වැනි ජාතික මහා ක‍්‍රීඩා උත්සවයේ 48 බර පන්තියේ බර ඉසිලීමේ ඉසව්වේ සමස්ත ලංකා තරගාවලියේ 17න් පහළ ඉසව්වේ රිදී පදක්කම හිමිකැර ගත්තාය.
ඇයට එම රිදී පදක්කම ගන්නට පාසලේ හෝ ඇයගේ නිවසේ බර ඉසිලීමේ ක‍්‍රීඩාව පුහුණුවීමට උපකරණයක් නොතිබිණි. ක‍්‍රීඩා කරන්නට අවශ්‍ය පාවහන් යුගළක් නොතිබිණි. එමෙන්ම ආහාරයට විශේෂ ශක්ති ජනකයක් නොතිබුණි. ඇයට තිබුණ එකම ශක්තිය හා විශ්වාසය වූයේ හබරණ ඉසුරු පාසලේ ක‍්‍රීඩා ගුරුවරයා වූ නදීක බණ්ඩාර ගුරු පියා පමණකි.
මෙම විද්‍යාලයේ හිටපු විදුහල්පති ඞී.එම්.මංගල විජේරත්න මහතා දැරිය පිළිබඳවත් විද්‍යාලයේ බර ඉසිලීමේ ක‍්‍රීඩාව ආරම්භ කළ අයුරුත් පසුගියදා දෙනෝ දාහක් ඉදිරියේ පැවැත්වේ. ඇය රිදී පදක්කම රැුගෙන පාසලට පැමිණි දිනයේ පැවැති පිළිගැනීමේ උත්සවයේදීය. එම කතාවට පැමිණ සිටි බොහෝ දෙනකුගේ මෙන්ම මංගල විජේරත්න විදුහල්පති වරයාගේ දෑස් වලින් සතුටු කඳුලූ වැගිරෙන්නට විය.
‘‘මීට වසර දෙකකට ඉහතදී ක‍්‍රීඩා ගුරුවරයකු ලෙස පාසලට පැමිණි නදීක බණ්ඩාර මහතා මෙම විද්‍යාලයේ දරු දැරියන්ට බර ඉසිලීමේ ක‍්‍රීඩාව පුහුණු කරමු යැයි යෝජනාව ගෙනාවා. එදා මා ඊට අවශ්‍ය පසුබිම හැදුවා. මුලින්ම ගිනිසීරියා ලී වලින් පසුව යඩක බට වලින් පුහුණුවීම් කළා. පාසලෙන් පුංචි මුදලක් සොයාගෙන මා එයින් කාය වර්ධන උපකරණයක් අරගෙන දුන්නා. බර ඉසිලීමේ උපකරණ ගන්න අපට බැරි වුණා. අදටත් පාසලට එවැනි උපකරණ නැහැ’’
මීට දෙවසරකට කළින් මෙම දැරියගේ දක්ෂතා මා දැකලා. අද මේ දවස ගැන එයාට මා කිව්වා. ඒ සිහිනයක් සැබෑ උණාවගේ.
මංගල විජේරත්න මහතා එසේ අතීතය මතක්කැර දුන්නේය.
|
පුහුණු උපදේශකවරයා පුහුණු කටයුතුකරන අයුරු |
|
මව සහ පියා |
ශ්‍රී මාලි සමරකෝන් දැරිය දිගම්පතන හා තිඹලව නම්වූ අතිදුෂ්කරතා ඇති ගමක පදිංචි දැරියකි. සුළු වෙළෙඳසැළක් හා ගොවිතැනක් කරමින් දරුවන් තිදෙනෙකු පෝෂණය කරන ඇයගේ පියා ඞී.එම්.සමරකෝන්ය. අම්මා ආර්.එම්.ඩබ්ලිව්. සුනේත‍්‍රා කුමාරිහාමි වන්නීය.
පසුගියදා කැලණිය විශ්ව විද්‍යාලයේ පැවති 39 වැනි ජාතික ක‍්‍රීඩා උත්සවයේ දී කිලෝ ග්?ම් 88ක බරක් වාර්තා කරමින් ඇය දිවයිනේ දෙවැනි ස්ථානය ලබා ගත්තාය. ඇය ඒ පිළිබඳව අප සමඟ මෙසේ පැවසුවාය.
‘‘මම උදේට අවදිවෙලා කිලෝමීටර් තුනක් පයින් දිගම්පතන ටවුමට ඇවිත් බස් එකෙන් හබරණ පාසලට යන්නේ’’ අපේ නදීක ගුරුතුමා මට කීවා මෙම ක‍්‍රීඩාවට එන්න කියලා. ඒ අනුව මා ගියා. කිසිම පහසුකම් නැතිව එතුමා මට මෙම තරගයේ නීතිරීති මෙන්ම පුහුණුවීම් පහසුකැර දුන්නා’’ ඒ සඳහා මට හිටපු විදුහල්පති තුමන් දැන් ඉන්න විදුහල්පති තුමත් විශාල වශයෙන් උදව් කළා’’
මම මේ සැරේ තරගයට ගියෙත් සපත්තු දෙකක් නැතිව ඉස්කෝලේ පිරිමි ළමයකුගේ සපත්තු දෙකක් ඉල්ලගෙන මම තරගයට ඉදිරිපත් වුණා. අනිත් ක‍්‍රීඩිකාවෝ ඇවිත් තියෙන ආකාරය දැක්කම ඇත්තටම මට දුකත් හිතුනා. ඒත් මම හිතේ හයියෙන් ක‍්‍රීඩා කළා. මා දෙවැනියා වුණා කියලා කම්පාවෙන්නේ නැහැ. මම පාසලට යමක් කළා කියලා විතරයි හිතුනේ’’ (ඇය හඬයි)
හබරණ විදුහලේ වර්තමාන විදුහල්පති ගාමිණී ඒකනායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හබරණ ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතන හා රජයේ ආයතන ප‍්‍රධානීන් හා ප‍්‍රදේශවාසීන් එක්ව ඇය පිළිගැනීමට ඉතා චාම් උත්සවයක් සංවිධානය කැර තිබිණි. එම අවස්ථාවේදී විද්‍යාලයට ගිය අපට ක‍්‍රීඩා කාමරයට ගමන් කිරීමට අවස්ථාව උදාවිය. එහිදී ක‍්‍රීඩා උපදේශක නදීක බණ්ඩාර මහතා තමන් කිසිදු පහසුකමක් නොමැතිව මෙම දරුවන්ට ක‍්‍රීඩා උගන්වන අයුරු අපට පෙන්විය. පාසලෙන් ඉවත් කෙරුණු විවිධ උපකරණ උපයෝගී කැරගෙන පුහුණු කිරීමේ ස්ථානය සකසා ඇති අයුරු අපට පෙන්වීය.
දක්ෂතා ඇති දරුවන් මේ ආකාරයෙන් තවත් රට පුරා ඇත. එහෙත් එම අයට අත දෙන්නට දිරිය දෙන්නට අවශ්‍ය උපකරණ ලබාදෙන්නට හැකිනම් ඔවුන්ද මෙරටට කීර්තිය රැගෙනවිත් දෙනු නිසැකය.
ශ්‍රී මාලි සමරකෝන් දැරියටත් කාගේ හෝ පිළිසරණක් ලැබේනම් ඇයද අපේ රටේ ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ක‍්‍රිඞීකාවක් නොඅනුමානය.
|
ශ්‍රීමාලි සමරකෝන් දැරිය |
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
COMMENTS
ඔබට ජය වෙිවා! අනිවාර්යයෙන්ම ඔබට ආශිර්වාදය හා උපකාර ලැබේවි. (ස)
කරුණාකර මේ දියණියට උදව් කිරීමට කැමති අයට අවස්ථාව දෙන්න. ඇගේ ගිණුම් අංකය ලංකාදීපයේ පළ කරන්න (දී)
ඔබට තව හයිය තියෙනවා. ලෝකයම ගන්න දියනියනි! (දී)
හරිම සතුටුයි,දුව කෙතරම් බාධක ,අඩුපාඩු තිබුනත් හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න. දුවට සියලු දෙවියන් වරම් දෙත්වා! (දී)
වසරකට ආධාරයක් කරන්න කැමතියි. එය ඉදිරියට ගෙන යා හැකියි. මාස්පත ගෙවීමක් කරමි. කරුණාකර එයා සම්බන්ද කර ගැනීමට අවස්ථාව ලබාදෙන්න (නි)
දුක හිතෙනවා අපේ රටේ පන්ති භේදය දැක්කාම. සමහර අයට සෙල්ලම පටන් ගන්න උත්සවයටත් සංදර්ශන මේ වගේ දක්ෂ දුප්පත් දරුවන්ට සපත්තු දෙකක්වත් නැහැ. වෙනසක අරුමේ..(අ)
පොඩි හරි උදව්වක් දෙන්න ආසයි ..(අ).
මේ නංගිට උදව් කරන්න පුළුවන් ඇගේ පාසල මගින්. (දී)
ඔබට ජයෙන් ජයම වේවා! අපෙන් සුභ පැතමි.(අ)
සල්ලි බලෙන් ක්‍රීඩාවට ඇවිල්ලා එක එක යානාවල දොරවල් අරින්න හදන කට්ටියට මේවා දැක්කම ලජ්ජා හිතෙනවා ඇති (නි)
මේ පුවත සමග ඇගේ ගිණුම් අංකයත් තිබුනා නම් හොදයි.(නදී)
ජයවේවා!(නදී)
මේ ඉන්නේ දෙවිවරු වගේ ගුරුවරු. (නි)
ඔන්න බොරු පම්පෝරි ගහන චින්තනේ අස්චර්යය.(නදී)
ආදරණිය දුව මට හැකි විදියට ඔයාට උදව්වක් කරන්න ඇසි ඔයාගේ බැකු ගිණුමේ නම එවන්න. මේ නොම්මරයට කතා කරන්න. 0097433991420 මගේ නම ෆෛඑස්. ඒ මිල් ෆෛඑස්ම571@යහොඕ.com.(නදී)
නියම ක්‍රීඩකයෝ ඉන්නේ ගමේ.ජයවේවා දුවේ! (දී)
උදව් කරන්න ඕනෑ අයගේ ගිනුම් අංකය ලංකාදීපයේ පලකරන්න (නි)