IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඩයමන්ඩ් නෞකාවෙන් ලැබුණ වන්දිය කෝ

විදේශ කටයුතු අමාත්‍යංශය විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් අරබයා දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටියදීම අනෙක් පසින් එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය සමග සබඳතා වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාවට කළ හැකි දේ සම්බන්ධයෙන් වන වාර්තාවක් ලබාදෙන්නැයි, මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලීමක් කර තිබේ. මෙය නම් උත්ප්‍රාසය දනවන සුලු කාරණයකි. 

මේ අය, විදේශ රටවල් ගණනාවකින් ආධාර ලැබෙමින් තිබෙන පාත්ෆයින්ඩර් ආයතනයේ සේවය ලබාගනිමින් සිටින්නේ ද?, 

විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් කොළඹගේ මීට පෙර සේවය කළේ මෙම ආයතනයේය. නිදහස ලැබීමේ සිට විවිධ රජයන්, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයන් හරහා විවිධ පොරොන්දු ලබාදෙමින් ශ්‍රී ලංකාවේ බලයට පත්ව තිබේ. පාත්ෆයින්ඩර් ආයතනයේ භූමිකාව සැළකිල්ලට ගැනීමේ දී, ඔවුන්ගේ වුවමනාව වී තිබෙන්නේ වැදගත් යැයි සැළකිය හැකි රජයේ සියලුම කාර්ය පටිපාටීන්වල පාර්ශවකරුවෙක් වීමටදැයි පැනයක් නැගේ.

පාත්ෆයින්ඩර් පදනමේ ශ්‍රී ලංකා ශාඛාවේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ ක්‍රියාකලාපය අරබයා ද, මේ සමගම පැනයක් නැගේ. ඔහුව මීට වසරකට පෙර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නම් කැරුණු අතර මොරගොඩ මහතා මෙතෙක් එම තනතුර භාරගෙන නොමැත. එනිසා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පුටුව තවමත් පවතින්නේ හිස්වය. 

එවැනි තත්ත්වයක, ශ්‍රී ලංකාව මුහුණදෙන හදිසි ආපදා තත්ත්වයක දී අප පළමුවෙන්ම හැරෙන්නේ ඉන්දියාව දෙසටය යන්න ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලය පසුගියදා කදිමට සිහිපත් කර දුන්නේය. 

එස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න

එම්වී එස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගෙන තිබූ ගින්න මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නොහැකිව තිබූ තැන ඉන්දියාවේ වෙරළාරක්ෂක හමුදාවේ සහායෙන් එම ගින්න මැඩපැවැත්වීමට හැකිවිණ යැයි ඉන්දියා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන් විය. එය ඉහත සදහන් කළ කාරණය සිහිපත් කර දීමක් බදු විය. එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, මීටර 180ක් පමණ දිගැති පසුපස කොටස මීටර 22ක් පමණ ගැඹුරු මුහුදේ මේ වන විට ගිලී ගොස් තිබෙන අතර එහි ඉදිරිපස කොටස ද ක්‍රමයෙන් ගිලී යමින් පවතී. 

අලුත්වැඩියා කටයුතු සදහා පිවිසීමට කටාර් සහ ඉන්දියාව යන රටවල වරායන්ගෙන් මෙම නෞකාව කර තිබෙන ඉල්ලීම් ප්‍රතික්ෂේපව තිබෙන පසුබිමක මෙම නෞකාවට කොළඹ වරායට පිවිසීමට අවසරය ලබා දී තිබෙන්නේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් දැන් එකිනෙකාට ඇගිලි දිගුවෙමින් පවතී. ගැටුම ඇවිලෙමින් පවතින්නේ එසේ අවසරය ලබා දී ඇතැයි කියන නිලධාරීන් සහ නෞකාව අයත් සමාගමේ මෙරට නියෝජිතයා අතරය. 

නයිටි්‍රක් අම්ලය අන්තර්ගතව තිබූ බහාලුම් හරිහැටිව ඇසිරීමට අපොහොසත්ව තිබීම නිසා එම අම්ලය කාන්දුවී තිබෙන බවත් එසේ කාන්දුවී තිබෙන අම්ලය මුහුදු ජලය සමග මිශ්‍රව ප්‍රතික්‍රියා කිරීම මෙසේ ගින්නක් ඇතිවීමට හේතුව බවත් පැවසේ. මුල් අවස්ථාවේ සිටම මෙම නෞකාව පැවතියේ දුම් දමමිනි. 

වසරකටත් අඩු කාලයක් ඇතුළත ශ්‍රී ලංකා මුහුදු කලාපය ඇතුළත ගිනිගත් දෙවන නෞකාව මෙයයි. 

පැනමා ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වූ එම්ටී ඩයමන්ඩ් නෞකාව ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපය ආසන්නයේ දී ගිනි ගත්තේය. එම නෞකාවේ කාර්යමණ්ඩලයේ සේවය කළ පිලිපීන ජාතිකයෙක් ද, ගින්නට මැදිව ජීවිතක්ෂයට පත්විය. 

මෙම ගින්නෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානියට වන්දි ලබාගැනීමට යන්නේය යන්න එකළ අතිශය ප්‍රකට පුවතක් වූ අතර, එම කටයුතු භාරව සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවයි. කෙසේවුවත්, එසේ කොපමණ නම් වන්දි මුදලක් ලබාගැනීමට හැකිවූවේදැයි යන්න අදටත් අබිරහසකි. 

එමෙන්ම මෙම නවතම සිදුවීමෙන්, ආන්තරායක් විය හැකි මෙවැනි නෞකාවන් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයට ඇතුල්වීමට ඉඩහැරිය යුතුද නැතහොත් ඒවා හරවා යැවිය යුතුද යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේ සමත් ඉහළපෙලේ පුද්ගලයින් කිසිවෙක් නොමැති බව ද මනාව පැහැදිලි විය.

එක්සත් ජාතික පක්ෂයේ මූලෝපාය

අන්තර්ජාතික වශයෙන් මතුව තිබෙන දෙවැනි අභියෝගය, එනම් එක්සත් ජනපද කොංග්‍රසය හමුවට ඉදිරිපත්ව තිබෙන යෝජනාවලිය, හමුවේ ශ්‍රී ලංකාව සිටින්නේ ශ්‍රී ලංකාවේ රජය බරපතල මට්ටමේ තවත් ගැටලු දෙකක් සමග පොරබදිමින් සිටින අවස්ථාවකය. 

පාලනය කළ නොහැකි ලෙස පැතිරෙමින් තිබෙන කෝවිඩ්-19 වසංගත තත්ත්වය ඉන් එකකි. කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය ගැටගසා ගැනීමට දරන උත්සාහය අනෙකය. එසේ වුවත්, එක් අංශයකින් නම් රජයට සුභය. රටේ ශක්තිමත් විපක්ෂයක් නොතිබීම වන එය, රජයට අහසින් වැටුණු වාසනාවකි. 

ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයේ පවතින අර්බුදය තවමත් එසේමය. එහි මුල් පෙලේ සාමාජිකයන් බහුතරයක් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සිටින්නේ අසතුටිනි. කෙසේවුවත්, ඔහු මේ වන විට කොරෝනා වෛරසය ආසාදනයව ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙම තත්ත්වයේ දී, ඔහුට ඉක්මන් සුවය පතනවා හැරෙන්නට වෙනත් කිසිවක් කිව යුතු නොවේ. 

තනි මතයට තීරණ ගන්නේ යැයි ද එනිසාම පක්ෂය ඉතාම අපහසුදායක තත්ත්වයන්ට පත්වන්නේ යැයි ද ඇතැම් සාමාජිකයෝ ඔහුට චෝදනා කරන්නෝය. එවන් එක් අවස්ථාවක් සමගි ජනබලවේගයේ ජේ්‍යෂ්ඨ සාමාජිකයෙක් පැහැදිලි කළ අතර, ඔහුට අනුව නොනිල මට්ටමින් පැවැති සාකච්ඡාවක දී විජයග්‍රහණයේ සමරු දින උත්සවයට සහභාගී නොවීමට පක්ෂ සාමාජිකයන් එකගතාවයකට පැමිණ තිබේ. එයට නායක ප්‍රේමදාස මහතාද කැමැත්ත ලබා දී ඇත.

“ඒත් ඔහු සහ ඔහුගේ බිරිද ජයනි ප්‍රේමදාස මහත්මිය එම සමරුවට සහභාගීව තිබෙන බව අපි පසුව දැනගත්තා. එහි යන බවක් ඔහු අපට කීවේ නැහැ” යයි එම සාමාජිකයා පැවසුවේ ය.

එය ජාතික උත්සයක් වූ බවත්, එනිසා එය වර්ජනය කිරීමේ හැකියාවක් කිසිසේත්ම නොතිබූ බවත්, ප්‍රේමදාස මහතාට සමීප ආරංචි මාර්ගයක් කීවේය. නමුත් ඔහුගේ මෙම නව ස්ථාවරය, ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ සිටි අවධියට වඩා වෙනස්ය. 

එවක ඔහු විජයග්‍රහණයේ සැමරුම්වලට සහභාගී නොවූයේය. කොටි ත්‍රස්තයින් යුදමය වශයෙන් පරාජය කොට වසර 12 කට පසුව දැන් එම සැමරුමට සහභාගීවීම යනු පාලක සන්ධානයේ ක්‍රියාකලාපය ඔහු අනුමත කිරීමකට සමාන වේ. එහිලා, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය මීට වෙනස් විය. 

ඔවුහු, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යුද අපරාධ සිදුකර ඇතැයි චෝදනා නගා තිබූ සහ ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය යුතුව ඇතැයි නිර්දේශ කර තිබූ ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියකටද සම අනුග්‍රහකත්වය දැක්වූහ.

2020 අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී, ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියමෙන් එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම පාහේ අතුගා දැමීමට හේතුවූ කාරණා රැසක් අතුරින් එය ද එකක් වේ. 

එජාපයට අලුත් හුස්මක්

එයින් අනතුරුව, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දුවක් දෙමින්, 2020 දෙසැම්බර් මාසය වන විට තමා පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව පැවසුවේ ය. නමුත්, එයට හාත්පසින්ම වෙනස්වන පරිදි, එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමිව තිබෙන එකම බෝනස් අසුන රනිල් වික්‍රමසිංහට ලැබිය යුතුයැයි එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළේය. 

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි බලය ඇත්තේද රනිල් වික්‍රමසිංහ මහතා අත බව රහසක් නොවේ. මෙසේ වික්‍රමසිංහ මහතා නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණීම, ඔහු සහ ඔහුගේ හිතෛශීන් එක්ව එක්සත් ජාතික පක්ෂයට හුස්ම පිඹීමට ගන්නා තවත් උත්සාහයක ආරම්භය සනිටුහන් කරන්නකි. 

එක්සත් ජාතික පක්ෂ නායකයා ගෙවුණු දින කිහිපය පුරාම සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට ආමන්ත්‍රණය කරනු හදුනාගත හැකිවූ අතර, එහිදී ඔහු විශේෂයෙන්ම ඉලක්ක කරේ ඔවුන් සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පවතින අර්බුදයයි. පක්ෂයේ මුල් පෙල සාමාජිකයන් ලෙස ප්‍රේමදාස මහතා තෝරාගෙන සිටින දෙදෙනෙක් අරබයා දැඩි විවේචනයන් නැගෙමින් පවතින අතර, මේ එසේ විවේචනයට ලක්වෙමින් සිටින තවත් දෙදෙනෙකුට අමතරවය. ප්‍රේමදාස මහතාව හැසිරවූවේ යැයි චෝදනා නැගී තිබෙන කාන්තාවක් ද මේ පසුව කී දෙදෙන අතර සිටී.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය කෝවිද ගුණසේකර

 

 



අදහස් (0)

ඩයමන්ඩ් නෞකාවෙන් ලැබුණ වන්දිය කෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 220 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 720 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 138 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site