මුම්ටාස් සහ සාජහන් ආදර කතාවේ කුටප්‍රාප්තියක් ලෙස ඉදිවුණු ටජ් මහල ගැන ඔබ අසා ඇත. නමුත් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අරන්ගාබාඩ් හි පිහිටා තිබෙන තවත් ටජ් මහලක් ගැන ඔබ අසා තිබෙනවාද? බීබිකා මක්බරා ලෙස හදුන්වන මෙම අනෙක් ටජ් මහල අසාම් ෂාහ් විසින් ඉදිකරන ලදි. ඔහු සයවැනි මුගල් අධිරාජ්‍යයා වූ ඖරන්ග්සෙබ්ගේ පුතණුවන්ය. සිය මව වූ දිල්රස් බෙනු බෙගම් සිහිවීම වෙනුවෙන් (1651-1661) අතර කාලයේ මෙම සුසානය ඉදිකර ඇත. ඖරන්ග්සෙබ් ගෘහනිර්මාණ කලාව සඳහා එතරම් කැමැත්තක් දැක්වූ අයකු නොවන බව සදහන් වේ.
බීබීකා මක්බරා ස්වභාවයෙන් ආග්‍රා නගරයේ පිහිටා ඇති ටජ් මහලට ඉතාම සමානයි. නමුත් ඊට වඩා කුඩාවට මෙය නිර්මාණය කර ඇත. එසේම ටජ් මහල මෙන් විශාල වශයෙන් ගෘහ නිර්මාණ අංග එකතු කර නැත. මෙහි කිසියම් සරල බවක් ද දැකිය හැකිය.
සම්පුර්ණ ටජ් මහලම කිරිගරුඩ වලින් සකස් කර ඇති නමුත් මෙම ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම කිරිගරුඩ වලින් නිර්මිත නොවේ. ඇතැම් කොටස් ෆයිබර් සහ වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර ඇත. මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවේ ගෘහ නිර්මාණ ලක්ෂණ මෙය සොහොනක් බව ඒත්තු ගන්වයි. එම මුලික සංකල්පය යොදා ඇත්තේ මෙහි කිරීමට දායක වූ උටා උල්ලාහ් විසිනි. ඔහු ටජ් මහලේ මුලික ඉදිකිරීම් සැලසුම් කරු වූ උස්ටඩ් අහමඩ් ලාහෝරි ගේ පුතනුවන්ය.
අසාම් ෂාස් යනු ටජ්මහල් නිර්මාතෘ වූ සාජහන් රජුගේ මුනුබුරෙකි. ටජ්මහල් ඉදිකළ නිර්මාණකරුවන්ගේ දෑත් කපා දැමීමට සාජහන් රජු තීරණය කළේ එවන් නිර්මාණයක් නැවත ඉදිවීම වැලැක්වීම සදහාය නමුත් මෙම ඉදිකිරීමෙන් අනතුරුව එවැන්නක් නිර්මාණකරුවන් සඳහා සිදුකර නොමැත.
බැලූ බැල්මටම ටජ් මහල මෙන් දිස්වුවද ටජ් මහල හා මෙම ගොඩනැගිල්ල එක්ව ගෙන සංසන්දනය කිරීමේදී එහි වෙනස්කම් හඳුනා ගත හැකිය. නමුත් මේ පිළිබඳව නොදන්නා අයකු මෙම ගොඩනැගිල්ල නැරඹීමට ගිය විට මේ ටජ්මහල යැයි වරදවා වටහා ගනු ඇත.
මෙම ගොඩනැගිල්ල මධ්‍යයේ මුස්ලිම් ආකෘතියට අනුව එම දේහය තබා ඇත. එය නැරඹීමට පැමිණෙන බොහෝ දෙනා එම දේහය පිහිටා තිබෙන ස්ථානය රෝසමල් තැබීම සහ මුදල් දැමීම සිදුකරයි. මේ වන විට දේහය අසලට ගමන් කිරීමට හැකියාවක් නොමැත. එම දොරටු වසා ඇත. ඉහත මාලයක සිට දේහය තබා ඇති සොහොන දැකගැනීමට සංචාරකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. ගොඩනැගිල්ලට පිටතින් පිහිටා තිබෙන කුළුණු දෙකට නැගීමට සංචාරකයන්ට අවස්ථාව තිබුණු නමුත් මීට ඉහතදී දෙවතාවක් කාන්තාවන් එයින් පැන සියදිවි නසාගෙන ඇති බැවින් දැන් එම කුළුණු වසා දමා ඇත.
මෙහි මධ්‍යයේ ඉඩකඩ මීටර 458 ක් සහ මීටර 275 ක් ලෙස දිග පළල පෙන්වා දිය හැක. ගොඩනැගිල්ල පිටතින් ජල උද්‍යාන රාශියක් දැකගත හැකිය. පාෂණ වලින් සකස් කරන ලද නල පද්ධතියක් හරහා ජලය ගමන් කරන පරිදි එම උද්‍යාන සංකීර්ණය සකස් කර ඇත. මෙම ගොඩනැගිල්ල සහ එම උද්‍යාන සංකීර්ණය ටජ් මහලේ ප්‍රමාණයට වඩා සාපේක්ෂව කුඩා අගයක් ගනියි. ටජ්මහල ඉදිකර ඇති කැටයම් සහ අනෙකුත් නිර්මාණ සුදු පාෂණ විශේෂයක් මගින් ඉදිකර තිබුණද මෙම ගොඩනැගිල්ලේ එම නිර්මාණ කාර්යයන් පාෂණ මගින් සිදුකර නැත. මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා වියදම් කර ඇති සම්පුර්ණ මුදල ආසන්න වශයෙන් එවකට මුදලින් රුපියල් ලක්ෂ හතක් පමණ විය හැකි බව ගණනය කරයි. එය ටජ් මහලේ වියදම සමඟ සංසන්දනය කළ විට ටජ් මහල ඉදිකිරීම සදහා රුපියල් මිලියන 32 ක් වියදම් වී ඇති බව ගණනය කෙරේ. ඒ අනුව බිබීකා මක්බරා යනු ‘දුප්පත් මිනිහාගේ ටජ් මහල’ යනුවෙන් ඉන්දියන් හදුන්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ටජ් මහළට සමාන 'බීබීකා මක්බරා' ටජ් මහළක් මහාරාෂ්ට්‍රයේ