ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් තීන්දුවක් ගෙන ඇති බව පසුගිය දා වාර්තා විය. වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය වරින්වර පහළ දැමීම නිසා දැඩි දුෂ්කරතාවකට පත්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම තීන්දුව මහත් අස්වැසිල්ලක් වනු ඇත. ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබීම මේ තීන්දු ගැනීමට හේතුවීදැයි අප නොදන්නා නමුත් ගනු ලැබූ මේ තීන්දුව හැකි ඉක්මනින් ක්‍රියාත්මක වීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පැසසුම් රජයට හිමිකර දෙන බව නිසැකය.
රජය මගින් ගනු ලැබූ තීන්දුවට අනුව අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් ලක්ෂ 10ක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ඉදිරි වසර දෙකක කාලය තුළ දී සියයට 10ක වාර්ෂික පොලී අනුපාතයක් ලබා දීමට නියමිතය. එයින් වාර්ෂිකව සියයට 2.5 ක පමණ අතිරේක පොලී මුදලක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමිවනු ඇත.
රජයේ මේ තීන්දුව යහපත් තීන්දුවක් බව සඳහන් කළ යුතුය. එහෙත් ඒ සමග පෙන්වා දිය යුත්තේ මීට පෙර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා උපරිම ලක්ෂ 15ක් දක්වා සියයට 15ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කර තිබූ බවය. ඒ අර්ථයෙන් ගත් කල නව තීන්දුවෙන් සිදුවී ඇත්තේ මෙතෙක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බලපෑ අසාධාරණයෙන් ඉවත් කර ඇත්තේ සුළු ප්‍රතිශතයක් පමණක් බවය. වර්තමානයේ වැඩිවී තිබෙන ජීවන වියදම සමග ගළපා ගැනීමේ දී මෙසේ වැඩිවෙන පොලී මුදල කිසිසේත් ප්‍රමාණවත් නැත. එය පෙර පරිදිම සියයට 15 දක්වා උපරිම රුපියල් ලක්ෂ 15කට ලබා දීමට හැකියාව තිබේදැයි සලකා බැලිය යුතු බව අපගේ හැඟීමයි.
මේ සමග සිහිපත් කර දිය යුත්තේ මේ දක්වා කපාගෙන ඇති සියයට 5 රඳවා ගැනීමේ බද්ද පවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත තවමත් ආපසු නොගෙවා ඇති බවය. මෙය ආපසු ගෙවන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා අවස්ථා ගණනාවක දී පොරොන්දු විය. එහෙත් එය දේශපාලනඥයන් විසින් ජනතාවට ලබාදෙන තවත් එක් සුපුරුදු කඩවුණු පොරොන්දුවක් බවට පත්ව තිබේ. අප වරින් වර පෙන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුහුණ දී සිටින බරපතළ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලටගෙන හෝ මේ රඳවා ගැනීමේ බදු අයකර ගැනීමෙන් වළකින ලෙසටය. එහෙත් එය වගකිව යුතු කිසිවකු සැලකිල්ලට ගෙන නැති බව එම තීන්දුව ආපසු හැරවීමට ක්‍රියා නොකිරීමෙන් පෙනී යයි. අප යළිත් වරක් මේ කාරණය රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතාගේ අවධානයට යොමුකරන්නේ ඔහු මේ සම්බන්ධයෙන් ලබාදී තිබෙන පොරොන්දුව ද යළි සිහිපත් කරවමිනි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලක්ෂ 15ක ස්ථාවර තැන්පතුවකට සියයට 15ක් දක්වා වැඩි පොලී අනුපාතිකයක් ලබා දීමට පියවර ගනු ලැබුවේ විශ්‍රාම වැටුපක් අහිමි පෞද්ගලික අංශයේ සේවය කර විශ්‍රාම ලබන පුද්ගලයන්ගේ ආර්ථික දුෂ්කරතා හේතුවෙනි. මේ අත්දැකීමට මුහුණ දෙන පුද්ගලයා විශ්‍රාම ලැබීමෙන් පසුව තමන්ගේ සියලු අවශ්‍යතා සපුරාගත යුතු වන්නේ තම අතට ලැබෙන ඊ.පී.එෆ්. මුදල බැංකුවල තැන්පත් කර ලැබෙන පොලියෙනි. ජල, විදුලි බිල්පත් ගෙවීම්, දුරකථන සඳහා වැයකිරීම් මෙන්ම ආහාර සහ බෙහෙත් සඳහා ද වියදම් දැරීමට එම පොලිය උපකාරී විය.
එසේ තිබිය දී බැංකුවල පොලී අනුපාත වැඩිවීමට සාපේක්ෂව තැන්පතු සඳහා ලැබුණු පොලිය ද වැඩිවෙද්දී සියයට 15 පොලිය ගෙවීම සියලු දෙනාට අමතක විය. එහෙත් වැඩි වූ පොලිය පහළ එද්දී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැඩිපුර පොලියක් ලබාදීම බලධාරීන් විසින් වුවමනාවෙන්ම අමතක කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් වරින් වර සිදු වු කරුණු දැන්වීම් හේතුවෙන් රජය මෙසේ සියයට 10ක් දක්වා පොලිය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවද පෙනී යයි. එසේ වුවද මීට පෙර ගෙවූ රුපියල් ලක්ෂ 15කට සියයට 15 පොලිය යළි ලබා දීමට ක්‍රියා කිරීම වඩා වැදගත් බව ද පෙන්වා දිය යුතුය.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
Chathuri Wednesday, 14 August 2024 05:31 AM
මොවුන්ට ජනතාව ගැන පුදුම දුකක් දැනෙන්නේ. ඡන්දයක් එන්නම ඕනෑ. දැන්නම් හරි ආදරෙයි. හැම දේම හොයලා බලනවා. මේ හිවලුන්ට. සල්ලි වියදම් වුණාට ප්‍රශ්නයක් නැහැ.. මාස හයෙන් හයට ඡන්ද තියන්න ඕනෑ. අවුරුදු පහකට සැරයක් මොවුන්ගේ පපුවේ ලේ උණුවෙන්නේ... ඒකත් රඟපෑමක්. මෙදාසැරේ. සේරම සේසතත් බෙදලා තමයි කට්ටිය හිරේ යන්නේ... බන්ගලී දේසේ වගේ කකුල් දෙකෙන් එල්ලන්න ඕනෑ. මොවුන්ව...