IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ජනපතිගේ චීන සංචාරය

Nimthera_01-1 

 

ශ්‍රී ලංකාව හා චීනය අතර සම්බන්ධතාව සියවස් ගණනාවක් ඈතට දිවයන්නකි. එක් එක් කාල වකවානුවල මේ සම්බන්ධය වැඩිවෙමින්, අඩු වෙමින් පැවතිණි. ඉකුත් දශක කීපය තුළ ද චීනය මෙරට සංවර්ධන ක‍්‍රියාදාමයේදී වෙනුවෙන් විශාල සහයක් ලබාදුන් බව අවිවාධිතය. ඒ නිසාම චිනය හා ශ්‍රී ලංකාව අතර මිත‍්‍රත්වය මෙරට සංවර්ධන ක‍්‍රියාදාමයේදී මෙන්ම, ජාත්‍යන්තර දේශපාලනය තුළ ද අතිශයින් වැදගත්ය.

 


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා සිව් දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගියේ දෙරට අතර පවතින මේ මිත‍්‍රත්වය තවත් තහවුරු කර ගනිමින්, ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක පරිසරයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාව පෙරදැරිකරගෙනය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව තවමත් ගතව ඇත්තේ මාස තුනකටත් අඩු කාලයකි. ඔහු ජනපති ධුරයට පත්ව, සිය පළමු විදේශ සංචාරය ලෙස ගියේ ඉන්දියාවටය.


ඉන්දියාව කලාපයේ ප‍්‍රබලයකු පමණක් නොව, අපේ අසල්වැසියාය. ඒ නිසාම ජනපති මෛත‍්‍රී මූලින්ම ඉන්දියාවට ගොස් හොඳ හිත දිනාගත්තේය.

මෛත‍්‍රීගේ ඉන්දීය සංචාරය නිම වී දින කීපයක් ගත වෙද්දී, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඒ හොඳ හිත නිසාය. ඉන්දීය අගමැතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණියේ අවුරුදු 28කට පසුවය.


ඊළඟට මෛත‍්‍රී ගියේ බි‍්‍රතාන්‍යයටය. බි‍්‍රතාන්‍යය ද ශ්‍රී ලංකාව සමඟ බොහෝ කලක සිට සම්බන්ධතාව පවත්වනවා පමණක් නොව, මෙරට දේශපාලනය ගැන ද උනන්දුවක් දක්වයි. ඒ නිසාම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බි‍්‍රතාන්‍ය සංචාරය ද රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් පමණක් නොව, දේශපාලන වශයෙන් ද වැදගත් සංචාරයක් විය.

 

Nimthera_01-11


ජනපති මෛත‍්‍රීගේ චීන සංචාරය ද අතිශයින් වැදගත් හා ඵලදායි පියවරක් වූ බව දෙරටේ නායකයන් අතර වූ සාකච්ඡුාවලින්ම පැහැදිලිය. මෛත‍්‍රී ජනාධිපතිවරයා සිය තෙවැනි නිල සංචාරය ලෙස චීනයට ගියේ එරට ජනාධිපති ෂී ජින් පින් මහතාගේ නිල ආරාධනයකට අනුවය. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස චීනයට ගිය පළමු වතාව මෙය වූවද, ඔහු ඊට පෙර, ඇමැතිවරයකු, මන්ත‍්‍රීවරයකු වශයෙන් පමණක් නොව, සාමාන්‍ය පුද්ගලයකු වශයෙන් ද චීනයට ගියේය. මෛත‍්‍රී පළමුවරට චීනයට ගියේ 1983 වසරේදීය.


ඒ චීන කොමියුනිස්ට් පිලේ සාමාජිකයකු ලෙසය. ඔහු චීන ජනාධිපතිවරයා සමඟ පැවැති නිල හමුවේදී ද මේ අතීත මතකය සිහිපත් කළේය. මෛත‍්‍රීගේ දේශපාලන භාවිතය ගැන චීන ජනාධිපතිවරයා ද දැනුම්වත් භාවයක සිටි බව පැහැදිලි වූයේ ඔහු සිය සාකාච්ඡුාවේදී කළ කී දෑ වලිනි. ”ඔබ වකුගඩු රෝගීන් ගැන හදවතින්ම කතා කරනවා. ඒ නිසා වකුගඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා වෙනමම රෝහලක් ඉදිකර දීමට චීනය ඉදිරිපත්වනවා” චීන ජනාධිපතිවරයා කීවේ මෛතී‍්‍ර සමඟ පැවැති නිල හමුවේදීය. මෛත‍්‍රීට තෑග්ගක් වශයෙන් ලැබෙන වකුගඩු රෝහල ඇඳන් 500 කින් හා සියලූ පහසුකම්වලින් සමන්විතය. රෝහල ඉදිකිරීම සඳහා චීන රජය වැය කරන මුදල රුපියල් බිලියන 11.25 කි. මේ රෝහල ඉදිකර දෙන බව චීනය ජනපති මෛත‍්‍රීට දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයාගේ චීන සංචාරයට දින කීපයකට පෙරය. ඒ නිසාම, ජනාධිපතිවරයා පොළොන්නරුවේ ඉදිකරන්නට යන මේ රෝහලේ සැලැස්ම ද රැුගෙන ගොස්, චීන ජනාධිපතිවරයාට දුන්නේය.


මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ චීන සංචාරය වෙනුවෙන්, එරට රජය ලබාදී තිබුණේ ඉහළම පිළිගැනීමකි. එය සංචාරය පුරාම දැක ගත හැකි විය. අනෙක් අතට චීන ආධාර යටතේ මෙරට ක‍්‍රියාත්මක ව්‍යාපෘතිවල පවතින ගැටලූ, ප‍්‍රශ්න යනාදිය ද නිරාකරණය කර ගැනීමට මෛත‍්‍රීගේ මේ සංචාරය ඉවහල් විය. ඉන් ප‍්‍රධාන තැනක් ගත්තේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හෙවත්, පෝර්ට් සිටි ව්‍යාපෘතියයි. මෛත‍්‍රී චීනයට යන විට, පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවා තිබිණි. බොහෝ දෙනා සිතුවේ මේ සම්බන්ධයෙන් චීනය දැඩි මතයක සිටිනු ඇතැයි කියාය.

 

Nimthera_01-20


එහෙත් එය රටට වාසිදායක ලෙස කළමනාකරණය කර ගන්නට මෛත‍්‍රී සමත් විය. මෛත‍්‍රී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ මේ ව්‍යාපෘතිය ආරම්භයේදී වරදක් සිදුව ඇත්තේ, ශ්‍රී ලංකාව පැත්තෙන් බවය. ඒ නිසා ලංකාවේ නීති රීතිවලට අනුකූලව, ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා හැකි බව ඔහු කීවේය. පෝර්ට් සිටි ව්‍යාපෘතිය යටතේ මුහුද ගොඩකර, තනන ගොඩබිම් ප‍්‍රදේශයේ අක්කර 200 කට ආසන්න ප‍්‍රමාණයක් චීනයට පැවරීම ව්‍යාපෘතියේ එක් කොන්දේසියකි.


මෛත‍්‍රී ජනාධිපතිවරයා දැනුම් දුන්නේ, එය දිගුකාලීන බදු පදනම යටතේ ලබාදෙන බවට ගිවිසුම යළි සංශෝධනය කළ යුතු බවය. ඒ අනුව, පෝර්ට් සිටි ව්‍යාපෘතියේ හිමිකම යළි සංශෝධනය කිරීමෙන් පසුව ව්‍යාපෘතිය කරගෙන යාමට ඉඩකඩ සැලැසීම රජයේ අරමුණ බව ඔහු කීවේය. මෛත‍්‍රීගේ චීන සංචාරයෙන් මෙරටට ලැබුණු තවත් බොහෝ දේ තිබේ. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ වියදමින් රුපියල් බිලියන 30 ක් අඩු කිරීම, මෙරට රෝහල්වල රසායනාගාර හැර, අනෙකුත් පහසුකම් නැංවීම සඳහා රුපියල් බිලියන 40.06 ක ආධාර දීම, ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ප‍්‍රතිසංස්කරණයට රුපියල් බිලියන 11.15 ක් ලබාදීම, තට්ටු 9 ක හෘද රෝහලක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 17.16 ක ආධාර ලබාදීම, රාගම ප‍්‍රදේශයේ මාතෘ හා ළමා රෝහලක් ඉදිකිරීමට ආධාර දීම, ඉන් කිහිපයක් පමණි.


මෙරට මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැුසකට ආධාර ලැබෙන්නේ චීනයෙනි. ඒ නිසා චීනය මෙරට සංවර්ධන ක‍්‍රියාදාමය හා තදින් බද්ධ වී සිටින මිතුරු පාර්ශ්වයකි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වෑයම සියලූ රටවල් සමඟ නොබැඳි පිළිවෙතක සිට කටයුතු කිරීමය. ඔහු ඉන්දියාවට ගිහින් කළෙත් ඒ දේමය. ලන්ඩනයට ගිහින් කළෙත් ඒ දේමය. ඔහුගේ චීන සංචාරයෙන්ද පෙන්නුම් කරන්නේ ඒ දෙයම බව පැහැදිලිය.

 

m



අදහස් (0)

ජනපතිගේ චීන සංචාරය

ධම්ම Sunday, 12 April 2015 11:52 AM

මෛත්‍රී මහත්තයා විශ්‍රාම ගියාම ගෙදර බිත්තියේ ගහගන්න ලස්සන ෆොටෝ එකක්.(නදී)

:       0       0

කල්‍යාණ ශ්‍රී හේමන්ත Wednesday, 08 April 2015 05:19 PM

කොහොමද අපේ මෛත්‍රීෙග් වැඩ පේනවා නේද රට ගැන හිතන නියම මිනිස්සු තමයි මේ. ඔබට සුබ අනාගතයක් පතමි. (ස)

:       0       0

ජීවන් Thursday, 16 April 2015 06:15 AM

කන්න ගියාම කබර ගොයත් තලගොයා කරනවා වගේ වැඩක් කරන්නේ. දැන් මෙයාලත් චීනෙට කැමතියි ද ? (නදී)

:       0       0

වික්‍රම Thursday, 09 April 2015 04:58 AM

ලංකාවේ චීන තානාතිපති තුමාම කිව්වා වටරවුම් මාර්ගයෙන් බිලයන 30ක් අඩු කරපු කථාව සත්‍යයෙන් තොර බව මේ බයිලා හොදයි ලෝක දේශපාලනේ දැනේ නැති බයියන්ට මහින්ද ව මුරුංගා අත්තේ තිබ්බ මිනිස්සුම මේ මනුස්සයවත් කඩේ යවනවා (බ)

:       0       0

අජිත් Monday, 13 April 2015 02:09 PM

ඇයි දම්ම ඔයා එහෙම කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 116 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 151 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 66 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 26 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 43 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 479 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1297 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1544 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site