IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනතාවගේ සිහිනවලින් ආර්ථිකය මොන පැත්තටද?

මිනිසුන් ජීවත්වන්නේ සිහින සමගිනි. එම සිහින යථාර්ථවාදී ද නැද්ද යන්න වෙනම කතාවකි. එහෙත් ජීවත්වීම සඳහා අවශ්‍ය හුස්ම සපයන්නේ සිහින මගිනි. තමන්ගේම වූ ඉඩමක්, ගෙයක් දොරක්, වාහනයක් හිමිකර ගැනීම එම සිහින අතර පෙරමුණේම වෙයි. එහෙත් ආර්ථික අර්බුදය හමුවේ මෙම සිහින කුඩුපට්ටම් වී ගොස් බොහෝ කලකි. වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවා ගැනීම ප්‍රධානම සිහිනය බවට පත්වී තිබේ.

‘ජීවිතය’ යනු තනි වචනයක් නොවේ. එමෙන්ම ‘ජීවත්වීම’ යනු වචන දෙකක්ද නොවේ.

මෙය තේරුම්ගත යුතුය. වද විඳ විඳ ළතැවිල්ලෙන් සිට මිය යාම ජීවත්වීම නොවේ. අසීමිත සිහින පුරවාගෙන ඒවා පසුපස හඹායාමද ජීවත්වීම නොවේ. එහෙත් ජීවත් වීමට අවශ්‍ය මූලික සම්පත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ නිර්බාධක පරිසරයක් පුරවැසියාට තිබිය යුතුය.

මෝටර් රථ ආනයනය නැවත ආරම්භ කිරීමට රජය කටයුතු කරනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එය සිහින දකිමින් සිටින පුරවැසියන්ට එක් අතකින් ශුභාරංචියක්ම වනු ඇත.

මෝටර් රථ ආනයනය නතර කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදීය. ඒ නුදුරේ ඇතිවිය හැකි ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙනි. ඉදල-කොස්ස, පාපිස්ස, සරුංගලය පවා පිටරටින් ගෙන්වමින් ‘චූන්’ වූ රටට අවසානයේදී සිදුවූයේ වාහන ගෙන්වීමත් නතර කිරීමටය. නාන කාමර උපංග, ටයිල් ආදිය ආනයනය කිරීම නතර කිරීමටය. ගෙයක් දොරක් හදා ගැනීම සැබෑ නොවන නපුරු හීනයක් බවට පරිවර්තනය වූයේ එසේය.

විදේශයෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ද්‍රව්‍ය සහ භාණ්ඩ නිෂ්පාදනය කර ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කරමින් රටට ඩොලර් ගෙනා කර්මාන්තකරුවන්ට යන එනමං නැති විය. ආර්ථික අර්බුදය උග්‍රවීමට එයද තදින්ම බලපෑවේය.

අනතුර දැක එයට පිළියම් යෙදීම ඉතා නිවැරැදි ක්‍රියාවකි. එහෙත් හැමදාමත් එකම තැන රැඳී සිටිය යුතු නැත. අර්බුදය පියමං කරමින් අප ඉදිරියට යා යුතුය. මෝටර් රථ නැවත ආනයනය කිරීම සඳහා රජය කටයුතු කරනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය කළ ප්‍රකාශය ශුභාරංචියක් වන්නේ ඒ අනුවය.

මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන පරිදි එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි මාසය තුළ ගැනීමට අපේක්ෂා කරන බවද එම සංගමය පවසයි.

මෝටර් රථ ආනයනය අත්හිටුවීමත් සමග දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් අහස උසට ඉහළ ගියේය. ඉහත තීරණය සමග වාහන මිල පහත බසිනු ඇත. එහෙත් අමතක නොකළ යුත්තේ වාහන ආනයනය නතර කළේ ඇයිද යන්නය. වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් විදේශ සංචිත ප්‍රමාණය අවම වීමෙන් අර්බුදය තවත් උග්‍රවිය හැකිය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්වනු ඇත.

(***)



අදහස් (1)

ජනතාවගේ සිහිනවලින් ආර්ථිකය මොන පැත්තටද?

මතීෂ Friday, 12 January 2024 10:25 AM

එහෙත් හැමදාමත්, එකම තැන රැඳීසිටිය යුතු නැත. අර්බුදය පියමං කරමින් අප ඉදිරියට යා යුතුය. වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් විදේශ සංචිත ප්‍රමාණය අවම වීමෙන් අර්බුදය තවත් උග්‍රවිය හැකියි. මෙම කියන පරස්පර කතාව කුමක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site