IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ඡන්ද ක්‍රමය වෙනස් කිරීමකට සුදුසු අවස්ථාව මේකද?

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නියමිතව තිබෙන බව පසුගියදා මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබිණි. ඒ සඳහා සකස් කෙරුණු විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇතැයි ද සඳහන් වේ. අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලදැයි ද කියැවෙයි.

මේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ආගන්තුක දෙයක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් පසුව මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ 22 වැනි සංශෝධනය වීමෙන් ඒ බව පැහැදිලි වෙයි. වරක් ප්‍රකට කියමනක් බවට පත්ව තිබුණේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙන වාර ගණන කොතරම් වැඩිදැයි කිවහොත් එය වාර ප්‍රකාශන ගණයට වැටී තිබෙන බවය.

රටක ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් උදාවීම යහපත් ලක්ෂණයක් නොවේ. කාලානුරූපව වෙනස් විය යුතු කරුණු සම්බන්ධයෙන් පමණක් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වීම අවශ්‍ය වුව ද එක් එක් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් එවැනි සංශෝධන කිරීම නුසුදුසුය. එවැනි ක්‍රියා මාර්ග රටේ පාලනය නිරවුල් කිරීමට වඩා වියවුල් ඇති කිරීමට පවා හේතු විය හැකි ය.

මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණු වශයෙන් දක්වා ඇතැයි ප්‍රකාශ වී තිබේ. ඒ අනුව ලබන වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයට පෙර මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂිතය. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුද? නැද්ද? යන්න ජනතාවගෙන් විමසීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පවා සාකච්ඡා සිදුවී ඇතැයි ද පැවසෙයි. එසේ වුවහොත් ලබන වසරේ නොවැම්බරයේ දී හෝ ඊට පෙර පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල් යාමට ඉඩ තිබෙන බව යථාර්ථයයි.

රටක පවතින මැතිවරණ ක්‍රමය තුළ ඇති දුර්වලතා සහ ගැටලු‍ හඳුනාගෙන ඒවා නිවැරැදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ වැරැද්දක් අපි නොදකිමු. එහෙත් එවැනි සංශෝධනයකට ඉඩ සලස්වමින් වසර 05කට වරක් පැවැත්විය යුතු බවට ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනාධිපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් නම් අපට එකඟ විය නොහැක.

එසේ වුවහොත් එම සංශෝධනය ජනතාව දකිනු ඇත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සද්භාවයෙන් සිදු කෙරෙන කටයුත්තක් හැටියට නොව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමේ උප්පරවැට්ටියක් හැටියටය. පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පවා කල් දමා තිබෙන අවස්ථාවක රටේ ජාතික මැතිවරණයක් කල්දැමීමට තැත් කිරීම රටේ මහත් කැළඹීමකට පවා හේතුවීමට ඉඩ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටකට එවැනි තත්ත්වයක් කිසිසේත් ඔරොත්තු නොදෙනු ඇත.

රටේ වර්තමානයේ පවතින ආර්ථික සහ සමාජයීය ගැටලු‍ මැද ජීවත්වෙන රටේ පොදු මහජනතාවට මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුද යන්න ගැන මතයක් තිබෙනවාදැයි අපි නොදනිමු. රටේ දිළිඳුභාවය ද වර්ධනය වෙමින් තිබිය දී ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් ඔවුහු බරපතළ ගැටලු‍වලට මුහුණ දී සිටිති. අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාමත් රැකියා සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත බවත් ඇතුළු ගැටලු‍ මැද සිටින ජනතාවට දැන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යනු ඇඟට දැනෙන මාතෘකාවක් වීමට ඉඩක් නැත.

මැතිවරණ නිරීක්ෂකයකු වශයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා අපගේ සහෝදර ‘දේශය’ පුවත්පතට ප්‍රකාශකර තිබුණේ තමන්ගේ මතය අනුව රටේ දැනට පවතින මැතිවරණ ක්‍රමය රටේ ගැටලු‍වලට විසඳුම් සෙවීම සඳහා වැදගත් සහ ප්‍රමාණවත් බවය. වෙනස් කළ යුත්තේ මැතිවරණ ක්‍රමය නොව රටේ සමාජ සංස්ථාව බිඳ වැටී නීතියේ ආධිපත්‍ය නැතිවී ගොස් තිබෙන තත්ත්වය බව ද ඔහු පෙන්වා දී තිබිණි.

(***)



අදහස් (1)

ඡන්ද ක්‍රමය වෙනස් කිරීමකට සුදුසු අවස්ථාව මේකද?

de silva Wednesday, 18 October 2023 03:26 PM

මුලින්ම පළාත්පාලන මැතිවරණේ තබලා බලමු පවතින රජයට පැහැදිලි බහුතරයක් තිබෙනවාද කියලා... එහෙම බහුතර බලයක් තිබෙනවා නම් අලුත් ඡන්ද ක්‍රමවලට යන්න පුළුවන්, ජනමතයක් නැති රජයක් මෙවැනි දේවල් කරන්න ගියොත් විශාල ජනතා අප්‍රසාදයක් ඇතිවෙලා... අවසානයේ සිවිල් යුද තත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 269 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 586 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 949 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 627 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 489 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1863 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 821 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1254 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site