IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


චාල්ස් කුමරා ලැගුම් ගන්නා කොළඹ හෝටලය

 


 

 

සංචාරකයන් පිනවීම සඳහා සියලූ සත්කාර සංචාරකයාගේ සමීපයට සපයා දෙනු ලබන සුපිරි සංචාරක හෝටල හඳුන්වනු ලබන්නේ බුටික් හොටෙල් නමිනි. මේවා කාමර විශාල සංඛ්‍යාවක් සතු හෝටල නොවේ. සීමිත කාමර සංඛ්‍යාවක් සහිත ඒවාය. ගෘහ නිර්මාණ සැලසුමේ සිට සියල්ල ඒවාටම ආවේනික ලෙස නිර්මාණය කර තිබේ. ආහාරපාන පවා පිළියෙළ කෙරෙන්නේ එලෙසින්මය. මෙවැනි අධි සුඛෝපභෝගී මන්දිර වෙන්ව ඇත්තේ බොහෝ විට මහා ධනවතුන්ට මෙන්ම ප‍්‍රභූන් හටය. මෙවර අප රටේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක උළෙලට සහභාගී වීමට පැමිණෙන චාල්ස් කුමරු හට වෙන්කර ඇත්තේද ඉහත කී අන්දමේ පහසුකම්වලින් සපිරි මන්දිරයකි. මෙම මන්දිරය වත්මනෙහි සුපිරි සංචාරක ස්ථානයක් වුවද, මීට පෙර ලෝ ප‍්‍රකට වූ ස්ථානයකි.

අද ටින්ටැවිල් ලෙස හැඳින්වෙන මෙතැන එදා ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් තිදෙනකු සහ කථානායකවරයකු බිහිකළ නිවසක් ලෙස සඳහන් කළ හැකිය. එය රොස්මිඞ් පෙදෙසේ පිහිටි බණ්ඩාරනායක වලව්වය. බණ්ඩාරනායක මහතා අගමැතිව සිටි සමයේ පදිංචිව සිටියේද, මැතිණිය පදිංචිව සිටියේද, විවාහයට පෙර චන්ද්‍රිකා මැතිණිය මෙන්ම සුනේත‍්‍රා සහ අනුර බණ්ඩාරනායක ඇතුළු දු-දරු පිරිස පදිංචිව සිටියේ මෙම රොස්මිඞ් වලව්වේය. මෙලෙසින් මෙතැන ලෝ ප‍්‍රකට වීමට ප‍්‍රධානම හේතුව ලොව ප‍්‍රථම අගමැතිණිය ඇතුළු අගමැතිවරු තිදෙනෙකු බිහිකළ නිවස වීමය. එවැනි තැනක් ලෝකයේ තවත් නැත.

එක් අතකට චාල්ස් කුමරු මෙතැන තෝරා ගන්නට ඇත්තේද මෙලෙසින් ඓතිහාසික වශයෙන් වූ ඒ වැදගත්කම නිසාද විය හැකිය. කෙසේ වෙතත්, චාල්ස් කුමරු මෙම ටින්ටැවිල්හි නවාතැන් ගන්නා සමයේදී වෙනත් කිසිදු පිටස්තර සංචාරකයකු හට මෙතැන වෙන්කරවා ගත නොහැකිය. රොස්මිඞ් වලව්වේ හැඩය සහ ගාම්භීරත්වය වෙනස් නොකොට අද නවීකරණය වී ඇති මේ මන්දිරය කාමර දහයකින් සමන්විතය. සුව පහසුව සඳහා මෙන්ම ආරක්‍ෂාව අතින් ප‍්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා සුදුසුම ස්ථානයක් වීම නිසා චාල්ස් කුමරු හට මෙතැන වෙන්කර දීමට එරට බලධාරීන් කටයුතු සම්පාදනය කරන්නට ඇත. මෙහි පිහිටීම අනුව සහ විශේෂයෙන්ම කාමර පිහිටීම අනුව පිටස්තර කිසිවකුට කිසිවක් ඇස නොගැටීම සඳහා විවර නොවී තිබීම විශේෂත්වයකි.

මෙවැනි ගෘහ නිර්මාණ සැළසුමක් ලොව තවත් කොතැනකදීවත් දැක ගැනීමට නොහැකි වීම මෙන්ම මෙහි ඇති ගෘහ භාණ්ඩ පවා ඓතිහාසික වශයෙන් වැදගත් වීමද, ඒවා මෙතැනටම ආවේනික වීමද තවත් විශේෂත්වයකි. ආහාර-පාන පවා මෙතැනටම ආවේනික විදියට පිළියෙළ කෙරුණද, චාල්ස් කුමරු සහ කැමිලා පාකර් හට භෝජන පිළියෙල කිරීම මෙහිදී කරනු ලබන්නේ රාජකීය පවුලේ ඉවුම්-පිහුම් කටයුතු කරනු ලබන කෝකියකු විසිනි.

මෙලෙසින් විස්තර සඳහන් වන එදා බණ්ඩාරනායකවරුන් සතු වූ අද ටින්ටැවිල් සුපිරි හෝටල මන්දිරයේ කටයුතු පවත්වාගෙන යන්නේ පැරඩයිස් රෝඞ් ව්‍යාපාරජාලය සතු උදේශාන්ත් ප‍්‍රනාන්දු ඇතුළු පවුලේ උදවියයි. චාල්ස් කුමරුගේ මේ ආ ගමනයෙන් පසුව ලෝකය ටින්ටැවිල් ගැන හෙට දින මීට වඩා තවත් බොහෝ දේ කතා කරන බැව් නම් විශ්වාසය.

 

 



 



අදහස් (0)

චාල්ස් කුමරා ලැගුම් ගන්නා කොළඹ හෝටලය

පුබුදු ජයසිංහ Tuesday, 12 November 2013 06:32 PM

ඇත්තටම ලස්සනයි. අපේම සල්ලි තමා ඕවා (නි)

:       0       0

ජයන්ත Wednesday, 13 November 2013 03:26 AM

ආත්මීය වශයෙන් කැපවූ පිනක මහිමය! (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 12 November 2013 02:20 AM

අපේ රටේ අය එංගලන්තේ ගියාමත් මේ වගේ අධි සත්කාර ලබේවි යැයි අපි හිතමු. අධිරාජ්‍ය බලය තවමත් හොල්මන් කරයි. (නි)

:       0       0

සේරම් Thursday, 14 November 2013 01:25 PM

සපුමල් වගේ අය තාමත් ඉන්නවා එහෙනම්? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්දන Wednesday, 13 November 2013 06:33 AM

මේ නිවාසය කෞතුකාගාරයක් බවට පත්කරන්නට කිසිවෙකුටවත් හිතෙන්නේ නැද්ද? (නි)

:       0       0

රවී Tuesday, 12 November 2013 06:31 AM

එදා අපේ දේ හුරාගෙන, අපේ මිනිස්සු වහල් කරගෙන හිටි ඔවුන් අද?? (නි)

:       0       0

මනෝ Tuesday, 12 November 2013 07:15 AM

අම්මෝ ලස්සන! (නි)

:       0       0

සංචිත Monday, 11 November 2013 07:06 PM

වෙනත් රටවල නම් මේවා විද්‍යා ස්මාරක ලෙස පවත්වාගෙන යනවා (නි)

:       0       0

විමුක්ති Tuesday, 12 November 2013 08:08 AM

නියමයි (නි)

:       0       0

මධුර Saturday, 16 November 2013 11:53 AM

ආගන්තුක සත්කාර කිරීම අපේ ගතියක් එත් තියන හොදම දේ දෙනවද?(දිල්)

:       0       0

සුනිල් Thursday, 14 November 2013 10:21 AM

සපුමල් කියන කතාව හරියටම හරි (දී)

:       0       0

සෙනෙරත් Thursday, 14 November 2013 10:24 AM

දුප්පත් මිනිහා හැමදාම දුකේ (දී)

:       0       0

සපුමල් බණ්ඩාර Thursday, 14 November 2013 04:01 AM

ඔහු ගේ නම සොලමන් වෙස්ටෙර් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක. මෙහි සිංහල නම් කීයක් ද ඉංග්‍රීසි නම් කීයක් ද කියා බලන්න. ක්‍රිස්තු වර්ෂ 1800 ට පෙර ලංකාවේ බණ්ඩාරනායක නමක් නොවීය. (නායක බණ්ඩාර යන නම භාවිත විය) (දී)

:       0       0

ලලිත් Thursday, 14 November 2013 05:30 PM

එතකොට දැන් මේකේ අයිතිය තියෙන්නේ කාටද? (නි)

:       0       0

නෙත්මල් රූබසිංහ Friday, 15 November 2013 08:36 AM

මෙම මන්දිරය ජාතික වස්තුවක් බව චන්ද්‍රිකාට වැටහුනේ නැද්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site