IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුවන්තොටේ අසංවර වූ දේශපාලකට දඬුවම් නැද්ද?

ආණ්ඩුවේ මැති ඇමැති ධුරයක් හෙබවීම රටේ පොදු නීතියට ඉහළින් සිටීමට ලබා දෙන වරප්‍රසාදයක් වශයෙන් සලකන දේශපාලකයන් අපේ රටට අඩුවක් නැත. දේශපාලන බලයෙන් හිස උදුම්මවාගෙන කටයුතු කරන මේ මන්ත්‍රීලා ඇමැතිලා තමන්ට පමණක් නොව තමන්ගේ පවුලේ අය සම්බන්ධයෙන් වුවද නීතියට වැඩ කිරීම සලකන්නේ මදි පුංචිකමක් හැටියටය. එවිට ඔවුන්ගේ කට පමණක් නොව අතපය ද ක්‍රියාත්මක වෙයි. බලය තිබියදී මොළය නැතිව හැසිරෙන මේ සමහර දේශපාලනඥයන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට ද සිදුකරන්නේ මහත් හානියකි.

කටුනායක ගුවන් තොටුපොළේදී පසුගිය දිනක අලුයම් කාලයේ මෙවැනි හිස උදුම්මවාගත් රාජ්‍ය අමාත්‍යවරයකු හැසිරුණු ආකාරය ගුවන්තොටේ කාර්යභාර නිලධාරීන්ද මහත් අපහසු තත්වයකට ඇද දැමුවේය. ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් පිටරටකට යාමට පැමිණි අවස්ථාව එහි නිලධාරීන් සමඟ ආරවුලක් ඇතිකර ගැනීමට හේතුවක් කරගත්තේ ඇයිදැයි තේරුම් ගැනීම ද අපහසුය. ඔහුට කේන්ති ගිය බව පැවසෙන්නේ ගිනිඅවිද සහිතව පැමිණ සිටි ආරක්ෂකයන්ට ගුවන් තොටුපොළ තුළට පිවිසීමට අවසර  ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව ද කියැවෙයි. ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඇතුළට ගිනි අවි සහිතව ඇතුළු වීමට අවසර ඇත්තේ ආරක්ෂක සේවාවල නිලධාරීන්ට පමණක් බව නොදන්නා අමාත්‍යවරුන් සිටීම ගැන අපට දැනෙන්නේ ලජ්ජාවකි.

ගිනිඅවි සහිත ආරක්ෂකයන් පිරිවරා ගෙන ගමන් බිමන් යාමට අපේ රටේ ඇතැම් දේශපාලකයන්ට තිබෙන ‘උණ’ රටේ පොදු මහජනතාවගේ දැඩි පිළිකුලට හේතු වන බව ඔවුන් නොදැන සිටීම අවාසනාවකි. තමන්ට පමණක් නොව තමන්ගේ බිරිඳට ද තවත් සමීප ඥාතීන්ට ද මේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂකයන්ගේ සේවය ලබාදී තිබෙන බවක් ද කටුනායක සිද්ධියේදී පෙනී යයි. තමන්ගේ බලතලවල සීමා මායිම් නොදැන කටයුතු කිරීමට කිසිදු ඇමැතිවරයකුට හැකියාවක් නැත. එසේම බලතල සහ වරප්‍රසාද ලබාදී ඇත්තේ මහජන සේවා සැපයීමේදී එල්ල විය හැකි බාධා, හිරිහැර මගහැර කටයුතු කිරීමට මිස තමන්ගේ බිරිඳට පිටරට යාමේ පහසුකම් සැලසීමට හෝ ගුවන් තොටුපො​ළේ සේවකයන්ගේ කනපැලීමට නොවන බව මේ දේශපාලකයන් නොදන්නවා නම් ඔවුන්ට ඒ බව කියාදීම කතානායකවරයාගේ වගකීමක් බවද පෙන්වා දෙමු.

කෙසේ වුවද අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය අනුව අවසානයේ වරද  පැටවෙන්නේ වැරැද්ද සිදුකළ දේශපාලනඥයාට නොව ඔහුගේ නීති විරෝධී ක්‍රියාවෙන් අගතියට පත් පාර්ශ්වයට බව අපගේ ඉතිහාසය පෙන්වා දෙයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටද රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ වරප්‍රසාද කඩ වී යැයි පැමිණිලි කර ඒ ගැන වහාම සොයා බලන්නැයි දන්වා නැත්නම් ඒ ගැන පුදුම විය යුතුය. බොහොමයක් අවස්ථාවල සිදුවී ඇත්තේ දේශපාලකයාගෙන් හෝ ඔහුගේ හෙංචයියන්ගෙන් හෝ ප්‍රශ්න කිරීම නොව වැරැද්දෙන් බැට කෑ පිරිසගෙන් කටඋත්තර ගැනීම මිස ඒ ගැන දේශපාලකයාගෙන් විමසීම නොවේ. මෙවැනි වැරදි යළි යළිත් මැති ඇමැතිවරුන් අතින් සිදුවන්නේ එකී අසාධාරණ යුක්තිය පසිඳලීම් ක්‍රියාවලිය හේතුවෙන් බව කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතු ය.

මෙරට සිටි කීර්තිමත් දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා වරක් බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා සමාජයේ රාත්‍රි භෝජන සංග්‍රහයක් අවසානයේ කළ කතාවකදී මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අපූරු සඳහනක් කර තිබිණි. එය මෙසේ විය. ‘‘බ්‍රිතාන්‍යයේදී මන්ත්‍රීවරුන්ට ගරු මන්ත්‍රීතුමනි කියා ආමන්ත්‍රණය නොකරයි. එහෙත් ඉන් වැඩි දෙනෙක් ගරු තත්වයට සුදුස්සෝ වෙති. එහෙත් ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ට ආමන්ත්‍රණය කරන්නේම ගරු මන්ත්‍රීතුමනි කියාය. එහෙත් ඇතැම්හු ‘‘ගරු කියා ඇමතීමට සුදුස්සෝ නොවෙති.’’ ගුවන්තොටේ පිස්සු නැටූ රාජ්‍ය ඇමැතිවරයා තමන් ‘‘ගරු තත්වය ලැබීමට සුදුසු අයකුදැයි තම හෘදය සාක්ෂියෙන් විමසිය යුතු නොවේද? මෙය මෙරට පොදු ජනතාව අසන ප්‍රශ්නයකි.

(***)



අදහස් (7)

ගුවන්තොටේ අසංවර වූ දේශපාලකට දඬුවම් නැද්ද?

wedage Friday, 17 May 2024 02:09 PM

පොලිස් ඇමැති මේ ගැන මොකද කියන්නේ?

:       0       30

sanjeeva Friday, 17 May 2024 03:00 PM

මැරවිරුවාට ඇත නොතබනු !!

:       0       19

channa Friday, 17 May 2024 10:06 PM

බොහෝ විට මෙවැනි හැසිරීමට හේතුව නම් නූගත්කමයි.

:       0       27

anura ekanayake Sunday, 19 May 2024 04:36 PM

නුසුදුස්සන් යවපු අයට තමයි ගහන්න ඕනෑ. මොවුන් බලෙන් පාර්ලිමේන්තු ගියේ නෑනේ...

:       0       14

vijayanthiMonday, 20 May 2024 12:17 PM

කුජීතයි . අප්‍රසන්නයි.

:       0       8

lahiru Monday, 20 May 2024 08:18 PM

දඬුවම් නැහැ. ඒ ගොල්ලෝ ප්‍රභූවරු. ඒ මදිවට මහජන නියෝජිතයෝ... තේරෙන්නේ නැතිද?

:       0       5

wedage Tuesday, 21 May 2024 02:40 PM

ඩයනාට ඇප ලැබිලා තියෙන්නේ CID එක එනකොට සැඟවුණු නිසාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site