IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


‘ගුරු පවුර’ මඩිය තරකර ගැනීමේ වැඩක්ද?

 

ගුරු සංගම් චෝදනා කරන ආකාරයට ගුරු පවුර රක්ෂණය ක‍්‍රියාත්මක කරන්නේ පෞද්ගලික වුවමනා එපාකම් ඉටු කර ගන්නදැයි බස්නාහිර  මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගෙන් විමසීමු.

 

ප‍්‍රශ්නය - මොකක් ද මේ සුපසන් නිම්තෙර?
පිළිතුර -
ඇත්තටම මේ වැඩසටහන මම ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වෙන්න කලින් මගේ හිතේ ඇඳුණු දෙයක්.  ඒ පසුබිමට බලපාන ප‍්‍රධාන කාරණා

03 ක් තිබුණා. පළමුවෙනිම කාරණය තමා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ‘‘නැණ ගුණ’’ වැඩුම රාජ්‍ය ප‍්‍රතිපත්තිය බල ගන්වමින්  තිරසාර පාසල් සංස්කෘතියක් බස්නාහිර පළාත තුළ පිහිටුවමින් දරුවන්ගේ අනාගතය ඒකාලෝක කිරීම දිවංගත රෙජී රණතුංග. මගේ තාත්තා තමන්ගේ විමධ්‍යගත අරමුදල්වලින්  වැඩිපුරම කොටසක් වැය කළේ අසරණ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට. ඒ ආදර්ශවත් පියවරයන් වගේම මගේ අම්මගේ වෘත්තිය ගුරු වෘත්තිය වූ නිසාත් එතුමියගේ  අත්දැකීම් මාව තවත් මෙවැනි අරමුණක් ඔස්සේ පෙළෙඹෙව්වා.

 

 

 

  •     එහි මුල් පියවර ලෙස පාසල්වල තොරතුරු ඒකරාශි කිරීමට පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කාර්යාංශයක් මම ස්ථාපනය කළා. එහිදී පළාතේ පාසල් 1267 ක තොරතුරු ලියාපදිංචි කර ගැනීම සිදු කළා. විශේෂයෙන් පාසල 1්ඊල 1ක්‍ල 2ල 3 පාසල් වර්ග වලට අයත් ගුරුවරුන් සංඛ්‍යාව ඉගෙන ගන්නා සිසුන් සංඛ්‍යාව හා ප‍්‍රාථමි කනිෂ්ඨ හා ද්වීතික පාසල්ද යන්න තොරතුරු ඒ කරුණුවලට ඇතුළත් වුණා.

 

  •     දෙවන පියවර ලෙස මගේ මාධ්‍ය ඒකකයවල  පාසල්වල භෞතික අඩුපාඩු සියල්ලක්ම වීඩියෝ සහ ඡායාරූප ගත කරලා මම ගෙන්න ගත්තා. දිස්ති‍්‍රක්ක තුනෙන්ම තෝරා ගන්නා ලද පාසල් වල ‘‘සුපසන් නිම්තෙර’’ කමිටුවක් පිහිටෙව්වා මෙම කමිටුවට විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලයේ 05 දෙනෙක් දෙමාපියන් 10 දෙනෙක් සිසු දරුවන් 05 දෙනෙක් ඇතුළත් වුණා සුපසන් නිම්තෙර කැදවීමේ දිනයක් නම් කරන අතර එයට මම අනිවාර්යයෙන් සහභාගි වෙනවා. එක නිම්තෙර දවසකට උදේ 8.00 සිට ප.ව 2.00 දක්වා අඩුම තරමේ පාසල් 10ක්  සමඟ මම සාකච්ඡා කරනවා.

     

     

     

     

  •     මුලින්ම න්‍යාය පත‍්‍රයට අනුව ඒ ඒ පාසල් විදුහල්පතිවරයාට තමන්ගේ පාසලේ ප‍්‍රතිඵල විශ්ලේෂණයට අවස්ථාව දෙනවා. ගැටලූ සාකච්ඡා කරනවා. මගේ විසදුම් ලබා දෙන්න පෙර ඡායාරූප හා වීඩියෝ දර්ශන ඔවුන් ඉදිරියේ පෙන්වනවා. සමහර අවස්ථාවල වීඩියෝ දර්ශන හා පාසලේ විදුහල්පතිවරයා ඉදිරිපත් කරන කරුණු අතර පරස්පරකම් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී කලාප කාර්යාල ඔස්සේ කොට්ඨාස කාර්යාලවලින් ඒ ගැන නැවත විමසීම් කරලා භෞතික හා සංවර්ධන අවශ්‍යතා නිවැරදි කරගෙන ඊට කඩිනම් පියවර යොදවනු ලබනවා. මෙයට පාසල් වලින් ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා.
     

 

 

ප‍්‍රශ්නය - සුපසන් නිම්තෙර නමට විතරක් තියෙන එකක් කියලා චෝදනා තියෙනවා?
පිළිතුර - 
වඩාත් ප‍්‍රසන්න වූ අධ්‍යාපන ඉසව්වක් බිහි කරන්න නම් පියවරයන් ගණනාවක්ම අනුගමනය කරගන්න වෙනවා. කරුණු වශයෙන් කිව්වොත් ප‍්‍රධාන කාරණා කිහිපයක් ඔස්සේ මගේ  අවධානය යොමු වෙනවා.

  •     වඩාත් සුන්දර වූ ඉගෙනුම් පරිසරයක් ගොඩනැගෙන්නේ අපේ පාසල අපේ දෑතින් සුරකිමූ කියන වැඩසටහනෙන්. මේ යටතේ සෑම පාසලකටම පාසලේ වර්ණාලේප කටයුතු සිදු කරන්න වසරක් වසරක් පාසා මුදල් වෙන් වෙන් වශයෙන් ලබල දීලා තියෙනවා. වර්ණාලේප වැඩසටහන යටතේ විදුහල්පතිවරයාට සම්පූර්ණ නිදහස ලබාදීලා තියෙනවා පාසලේ සුළු සුළු අලූත්වැඩියා කටයුතු පවා මේ අරමුදල් වලින් කරගන්න.
     
  •     අඩක් නිමකළ ගොඩනැගිලි සම්පූර්ණයෙන් වැඩ නිම කිරීම.

පසුගිය කාළේ පාසල් නිරීක්ෂණයෙන් අපට දැකගන්න ලැබුණා අඩක් නිම කරන ලද මුල්ගල තැබූ ගොඩනැගිලි නාගරික මෙන්ම ගම්බ`ද පාසල්්වලටත් බරක් වී ඇති මේ අර්ධ ඉදිකිරීම් ගොඩනැගිලි සම්පූර්ණ කිරීමට දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම් දකින්න ලැබෙනවා.

පළාත් සභාවේ අධ්‍යාපන විෂයට වෙන් කරන මුදල්වලින් සැලසුම් සහගතව මේ වගේ භාගෙට ඉදිවෙලා තියෙන ගොඩනැගිලි සම්පූර්ණ කරලා දරුවන්් ඉගෙන ගන්න තැනට පත් කරන්න මුදල් වෙන් කළා. මුල් ගල් තබලා පළමු මහලවත් ඉදි නොකළ ගොඩනැගිලිවල පළමු මහලද පළමු මහල ඉදිකර දෙවන මහල ඉදි නොකළ ගොඩනැගිලිවල දෙවන මහලද” දෙවන මහල ඉදිකර තෙවන මහළ ඉ`දි නොකළ ගොඩනැගිලිවල තෙවන මහලද සම්පූර්ණ කර දරුවන් අතට පත් කිරීම සිදු කළා.

මේ වැඩපිළිවෙළ හදුන්වාදීලා කි‍්‍රයාත්මක කරද්දී මෙහි වටිනාකම වටහාගත් පළාත් සභා මන්තී‍්‍රවරු මගේ අමාත්‍ය මණ්ඩලය වගේම විවිධ රාජ්‍ය ආයතන මට විශාල සහයෝගයක් මේ ස`දහා ලබා දුන්නා. විශේෂයෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය බස්නාහිර පළාතේ අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව වැඩසටහනේ සුවිශේෂී බව ඇගයීමට ලක්කර සියලූ විදුහල්පතිවරුන් ගුරු භවතුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීමට දායකත්වය ලබා දුන්නා.

 

 


ප‍්‍රශ්නය - ගුරු පවුර කියන්නේ ඔබතුමාගේ මඩිය තර කර ගැනීමක් ද?
පිළිතුර -
ගුරුපවුර කියන්නේ අපේ ගුරුවරුන්ගේ සුබසාධනය ඉලක්ක කරගෙන ආරම්භ කළ දෙයක්. දරුවන්ට උගන්වන්න නම් ගුරුවරයාගේ මානසික මට්ටම යහපත් වෙන්න  ඕනෑ. ඒක නිසා ඔවුන්ගේ සුබ සාධනය ගැන වැඩි අවධානයක් යොමු කරන්න  ඕනෑ.ගුරුවරුන්ගේ හිඟ වැටුප් ලිපු පොත් සකස් කරලා, වැටුප් වර්ධක දීලා ලංකාවෙම මුලින්ම අවසන් කළේ බස්නාහිර පළාතේ.

ඒ අනුව ගුරුවරුන්ට රක්ෂණ ක‍්‍රමය ඇති කළා. ගුරුවරයකුට ලෙඩක් හැදුනාම හැම තැනිම්ම වගේ වෙන්නේ ඔපරේෂන් කළාම තමයි සල්ලි ලැබෙන්නේ. වෛද්‍යවරයා සහතිකයක් දෙනවනම් රෝගය කියලා අපි මුලින්ම ලක්ෂ පහක් දෙනවා. අපි පළාත් සභාවක් විදියට ගුරුවරු ගැන හොදින් හොයා බලා තියෙනවා.

ගුරුවරයාට පන්ති කාමරය යහපත් මට්ටමින් පවත්වාගෙන යන්න ගුරු පුහුණුව දුන්නා. මම මේක බාර ගන්නකොට අඩුම ප‍්‍රාථමික ගුරු පුහුණුව තිබුණේ බස්නාහිර. 49 සියයට හිටියේ නුපුහුණු ගුරුවරු. අපි ඒ ගුරුවරු පුහුණු කළා. ජනාධිපතිතුමා අපිට විශාල මුදලක් දුන්නා. කඩිනම් වැඩසටහන් මගින් අපි පුහුණුවීම් දුන්නා.

 

 


ප‍්‍රශ්නය - අග‍්‍රහාර රක්ෂණය තියෙද්දි තියෙද්දි ඇයි තවත් රක්ෂණයක්?
පිළිතුර -
අග‍්‍රහාරයි මේකයි දෙකක්. අග‍්‍රහාරයෙන් වෙන්නේ රෝහල් ගත වුණොත් ගෙවනවා. නමුත් මේකේ එහෙම නෑ. රෝහල් ගත වෙන්න කලින් වෛද්‍යවරයාගේ සහතිකයක් තිබෙනවා නම් රුපියල් ලක්ෂ පහක් ගෙවනවා. හදිසි අනතුරකින් මිය ගියොත් ලක්ෂ දහක් දෙනවා. ප‍්‍රධාන රෝග 24ක් සඳහා රුපියල් ලක්ෂ පහක් ඒ වෙලාවෙම දෙනවා. අපි බිල් ඉල්න්නේ නෑ.

ජීවිත රක්ෂණ තුන හතරක් වුණත් දාන්න පුළුවන්. ප‍්‍රශ්නෙ වෙන්නේ රෝහල් ගත වුණාම සල්ලි ගනිද්දි. අපි බිල් ඉල්ලනනේ නැති නිසා මේකට ඒක ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ.

ඔපරේෂන් එකක් කරන්න අපේ රෝහල්වල වේටින් ලිස්ට් එකේ ඉන්න  ඕනෑ. ගොඩක් රක්ෂණවලින් කලින් සල්ලි දෙන්නේ නෑ. අපේ කලින් සල්ලි දෙන නිසා  ඕනෑම තැනකින් කර ගන්න පුළුවන්.

 

ප‍්‍රශ්නය - මේ වැඬේ නිසා දැන් විදුහල්පතිවරු රක්ෂණ නියෝජිතයෝ වෙලා නේද?
පිළිතුර -
අපි ගුරුවරුන් ඉන්න පවුල්වල උදවිය හැටියට දන්නවා ගුරුවරුන්ගේ ගැටලූ. ඒ නිසා තමයි මේක ඇති කළේ. මේක අඩු වියදමකින් කරන නිසා අපි පත්තරවල දැන්වීම් දැම්මේ නෑ. ඒ නිසා විදුහල්පතිවරුන් හරහා දැනුම් වත් කළා අවශ්‍ය අයට මේකේ ප‍්‍රයෝජන ගන්න. පාසලේ පරිපාලකයා විදුහල්පති. ඔහු ලව්වා විදුහල්පතිවරු දැනුම්වත් කළා මිසක් ගෙවල් ගෙට ගිහින් රක්ෂණ නියෝජිතයෝ විදියට කටයුතු කළා.

 

 


ප‍්‍රශ්නය - ගුරුපවුර හා සුපසන් නිමේතෙර දේශපාලන වැඩපිළිවෙළක් නේද?
පිළිතුර -
නෑ. 2009දී සුපස්නිම්තෙර ඇරැුඹුවේ. 2012 අයවැයේදී ගුරු පවුර ගැන මා කිව්වා. ඒ කාලේ මැතිවරණයක් තිබුණේ නෑ. මෙතන කිසිම දේශපාලනයක් නෑ. අපි බැලූ වේ ගුරුවරුන්ගේ යහපත පමණයි.

 

 


ප‍්‍රශ්නය - බස්නාහිර විදුහල්පතිවරුන් පත් කරන්නේ දේශපාලන හිතවත්කම් මත නේද?
පිළිතුර -
විදුහල්පති තනතුරු දෙන්න බස්නාහිරට අයිතියක් නෑ. ඔවුන් දෙන්නේ මධ්‍යම රජයෙන්. අපිට තියන වගකීම තමයි ඔවුන් ස්ථාන ගත කරන එක. ඒක කරන්නේ සම්මුඛ පරීක්ෂණයක් තියා සාධාරණව. මගේ ආසනය ගත්තොත් එජාපය කාලේ තනතුරු දරපු අය විදුහල්පතිවරු ලෙස ඉන්නවා. ඒ නිසා අපි කිසිම විටක විදුහල්පති හෝ වෙනත් තනතුරු දෙද්දි දේශපාලනේ ගාවගෙන නෑ.

 

 


ප‍්‍රශ්නය - පාසල්වල මුදල් ගැනීම් වැඩි වෙලා නේද? ඒවාට මොනවත් කර නෑ නේද?
පිළිතුර -
මුදල් එකතු කිරීම සාමාන්‍ය දෙයක් වෙලා තිබුණේ. අපිට පැමිණිලි ආවා. අපි ඒවා විභාග කරලා ලබා ගත් මුදල් නැවත දෙමාපියන්ට දුන්නා. ඇතැම් විදුහල්පතිවරුන්ට දඬුවම් කළා. ඉන් පස්සේ බස්නාහිර මුදල් එකතු කිරීම අඩු වුණා. නීත්‍යනුකූල නොවන විදියට මුදල් එකතු කරනවා කියා පැමිණිලි ආවොත් අපි සාධාරණව පරීක්ෂණ කරනවා.

 

 

 

 

මහ ඇමැති ප‍්‍රසන්න වැඩක් කරලාම නැද්ද?

 

බස්නාහිර මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේ ගුරු පවුර රක්ෂණයට හා  සුපසන් නිම්තෙර වැඩසටහන විවේචනය කරන්නේ මහ ඇමැති සමග ඇති පෞද්ගලික අමනාපයකටදැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් විමසීමු.


ප‍්‍රශ්නය - මහ ඇමැතිගෙ සුපසන් නිම්තෙර වැඩසටහනට මඩ ගහන්නේ ඇයි?
පිළිතුර -
සුපසන් නිම්තෙර කියන්නේ මහ ඇමැතිගේ දේශපාලන වැඩ සටහනක්. ඒකෙන් අධ්‍යාපනයට අත්වුණු යහපතක් නෑ.

 

 


ප‍්‍රශ්නය - සුපසන් නිම්තෙරෙන් ගුරුවරුන්ට හා ළමයින්ට යහපතක් වෙලාම නැද්ද?
පිළිතුර -
මොකක්ද වෙලා තියන යහපත? එහෙම යහපතක් වෙලා නම් කියන්න. බස්නාහිර අධ්‍යාපනයේ ගොඩක් ගැටළු තියනවා. බස්නාහිර හැම දේකටම දේශපාලනය රිංගලා.

 

 


ප‍්‍රශ්නය - ගුරු පවුර රක්ෂණ ක‍්‍රමය කියන්නේ හොද වැඩක් නේද?
පිළිතුර -
රාජ්‍ය සේවකයන්ට තියනවා අග‍්‍රහාර රක්ෂණය. ඒ සඳහා මුදලක් කපා ගන්නවා. එය තියෙද්දි ඇයි තවත් රක්ෂණයක්? මේ රක්ෂණයට බැඳෙන්න ගුරුවරුන්ට බලපෑම් කරනවා. ඒ හරහා කලාප අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු රක්ෂණ නියෝජිතයන් බවට පත් වෙලා. මේකට බැඳුණු ගුරුවරයෙක් වෙනත් පළාතකට ගියොත් රක්ෂණේට මොකද වෙන්නේ. මේ සඳහා මුදල් ප‍්‍රතිපාදන නිසි ලෙස වෙන් කර නැහැ.

 

 


ප‍්‍රශ්නය - එයින් ගුරුවරුන්ට කිසිම ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නැද්ද?
පිළිතුර -
තාම කාටවත් ගෙවලා නෑ. රක්ෂණ මූල ධර්මයක් තමයි රක්ෂණ දෙකක ප‍්‍රතිලාභ හම්බවෙන්නේ නෑ. හැම රක්ෂණයකටම නියම බිල ඉදිරිපත් කරන්න  ඕනෑ. රක්ෂණ දෙකකට කොහොමද නියම බිල ඉදිරිපත් කරන්නේ.

 

 


ප‍්‍රශ්නය - අනෙක් පළාත් වලට සාපේක්ෂව බස්නාහිර අධ්‍යාපනය අතින් ඉහළින් තියෙනවා නේද?
පිළිතුර -
පැහැදිලිවම නෑ. කොළඹ බොහෝ ප‍්‍රදේශවල අධ්‍යාපනය කඩා වැටිලා. බස්නාහිර තමා පාසල් වැහෙන්නේ. කිසිදු වැඩපිළිවෙළක් නෑ. වතු ආශ‍්‍රිත ළමයි ඉන්නවා. මේ ළමයින්ගේ අධ්‍යාපනය නංවන්න මොනවත් කර නෑ. පාසල් ගුණාත්මක සංවර්ධනයට මොනවද කරලා තියෙන්නේ? බස්නාහිර කලාප 11 විධිමත්ව අධ්‍යාපන නිලධාරීන්, ගුරු උපදේශකවරු පත් කර නෑ. බස්නාහිර අධ්‍යාපනය දේශපාලනීකරණය වෙලා. අධීක්ෂණ මන්ත‍්‍රීවරුන් පත් කළා. අධ්‍යාපනය ගැන බලන්න දේශපාලකයෝ දැම්මා. කලාපේ රැස්වීම් තියෙන්නේ දේශපාලකයන්ගේ ප‍්‍රධානත්වයෙන්.  

 

 


ප‍්‍රශ්නය - පළාත් ඡන්දය ළං වෙද්දි මහ ඇමැතිව දේශපාලන වශයෙන් වට්ටන්න වැඩපිළිවෙළක් තියෙනවද?
පිළිතුර -
ප‍්‍රසන්න රණතුංග එක්ක කිසි පුද්ගලික තරහක් නෑ. මේකේ මහ ඇමැතිවරු ගණනාවක් හිටියා . හැමෝගෙම වැරදි විවේචනය කළා. ගුරු සංගම් ඉන්නේ අඩුපාඩු පෙන්වන්න. අපි කිව්වා බස්නාහිර පාසල්වල මුදල් එකතු කරනවා කියා. මහ ඇමැති ඒක අහලා ඒවා ගැන හොයලා මුදල් ආපහු දුන්නා. හැබැයි වැරැදි කළ විදුහල්පතිවරුන්ට දඩුවම් දුන්නේ නෑ.

 

 


ප‍්‍රශ්නය - ප‍්‍රසන්න රණතුංගගෙන් බස්නාහිර අධ්‍යාපනයට හොඳක් වෙලාම නැද්ද?
පිළිතුර -
ඒක අහන්න තියෙන්නේ ගුරු විදුහල්පතිවරුන්ගෙන් තමයි.

 

 



අදහස් (0)

‘ගුරු පවුර’ මඩිය තරකර ගැනීමේ වැඩක්ද?

සඳුනි Monday, 23 December 2013 05:05 PM

මමත් ඉන්නේ කොළඹ මහා ඇමති වරයා අධ්‍යාපනය වෙනුවෙන් යම් සේවයක් සලසනවා.ගුරු පවුරට බැදෙන්න කියා බල කිරීමක් නැහැ.කොහොමත් මේ ගුරු සංගම් නියෝජිතයා කවදාවත් කිසිමදෙයක හොදක් දකින්නෙක් නෙවෙයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 316 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 842 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1267 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site