IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ගබ්සා පෙති - මත්පෙති තොග පිටින්

1  56565

 

රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා ගබ්සා පෙති සහ සිසු දරුවන්ගේ මනස විකෘති කරනා මත් පෙති තොගයක් (ආතල් පෙති) ඉන්දියාවේ චෙන්නායි නුවර සිට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු ඉකුත්දා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්විය.

 


ගබ්සා පෙති 6800 කුත්, මනස විකෘති කරනා මත්පෙති 116,465 කුත් ඔහු ළඟ තිබී රේගු බාරයට ගෙන තිබේ.


මෙලෙසින් හොර රහසේ, නීත්‍යානුකූල නොවනා ලෙසින් මත්පෙති සහ ගබ්සා පෙති රැුගෙන ආ පළමු අවස්ථාව මෙය නොවේ. අවසාන අවස්ථාවද මෙය නොවනා බව සැබෑවකි. මක් නිසාද යම් වැටලීමක් කර වැරදිකරුවන් අත්අඩංගුවට පත් වුවද නීතියේ බැමි මුදල් බලයෙන් කඩා දමා නිදොස් කොට නිදහස් වීමට  ඕනෑ තරම් අවස්ථා ඇති බැවිනි.


ඉහතින් සඳහන් කළ සිදුවීමේ සැකකරු එක්කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා පෙති වර්ග මෙරටට ගෙන ඒමට භාවිතා කර තිබුණේ පරිගණකයක සීපීයූ (CPU) කොටස්ය.

 

16_SLMA_P26_BACK


පරිගණකයක (CPU) උපකරණයේ ඇතුළත කෑලි සියල්ල ඉවත් කර මනාව අසුරා මෙම පෙති වර්ග මෙරටට රැුගෙන විත් ඇත්තේ කිසිවෙකුට හෝ සැකයක් මතුනොවනා පරිදිය. මීට පෙරදී ගබ්සා පෙති තොගයක් මෙරටට රැුගෙන එමින් සිටි කාන්තාවක රේගුවේදී අත්අඩංගුවට පත්ව තිබූ අතර ඇය එම පෙති සඟවාගෙන විත් තිබුණේ තම බිළිඳාගේ කිරිපිටි, ඇඳුම් අසුරාගෙන ආ ගමන් බෑගයේය.


මගී භාණ්ඩ ලෙස ගුවන් මගීන්ගේ අත් බෑග සහ ගමන් මලූවලින් මෙරටට හොර රහසේ ගෙනඑන මත්පෙති සහ ගබ්සා පෙති වර්ගවල වටිනාකම වාර්ෂිකව ගණනය කළහොත් එය විශාල අගයක් ගන්නා බව නොඅනුමානය. රේගු අධ්‍යක්ෂ සහ රේගු අධිකාරියේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා ප‍්‍රකාශ කළ ආකාරයට 2013 වසරේදී පමණක් රේගුව මගින් අත්අඩංගුවට ගත් නීතිවිරෝධී ඖෂධවල වටිනාකම රුපියල් බිලියන 16 කට වඩා වැඩිය. 2014 වසරේදීත් නීති විරෝධී ඖෂධ වර්ග මෙරටට ආනයනය කළ අවස්ථාවන් හය හත් වතාවක් වාර්තා වී තිබේ.


නීති විරෝධී ලෙස භාණ්ඩ ආනයනය කරන්නන් අතර ඉන්දියාවේ චෙන්නායි, මුම්බායි වැනි නගරවල සිට පැමිණෙන්නන් සහ පාකිස්ථානයේ කරච්චි, ලාහෝර් වැනි ප‍්‍රදේශවල සිට පැමිණෙන මගීන් ගැන වැඩි විමසිල්ලෙන් සෝදිසි කර බැලීමට රේගු අධිකාරිය විධිවිධාන යොදා තිබේ. එම ප‍්‍රදේශ අවදානම් කලාප ලෙස රේගුව නම් කර ඇත්තේ වාර්ෂිකව වාර්තා වෙන පැමිණිලිවලින් වැඩි ප‍්‍රමාණයක් එම රටවල ප‍්‍රාන්තවල සිට පැමිණෙන මගීන්ගෙන් වාර්තා වෙන බැවිනි.


රටේ පවතින නීතියට අනුව පුද්ගලයෙකු මෙරටට ඖෂධයක් ගෙන්වීමේදී සුවඳ විලවුන් ඖෂධ හා උපකරණ ආඥාපනතේ විධිවිධානයන්ට අනුව, සුවඳ විලවුන් ඖෂධ හා උපකරණ අධිකාරියෙන් බලපත‍්‍රයක් ලබාගත යුතුය.


එපමණක් නොව ආනයනය කරනා ඖෂධ වෙනුවෙන් ආනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනා ආනයන බලපත‍්‍රයක් ලබාගත යුතුය. නීත්‍යනුකූලව ඖෂධ ආනයනය කරනා පුද්ගලයන් මෙම අනුමැතීන් දෙකම ලබාගත යුතුවීම අනිවාර්යය. මීට පටහැනිව මෙරටට ගෙන්වන ඖෂධ සියල්ල අයත්වනුයේ නීති විරෝධී ඖෂධ ගරායටය.


එවැනි ඖෂධවල ගුණාත්මක බව, නිෂ්පාදිත රට, කාලය ඉකුත් වන දින හෝ කිසිදු තොරතුරක් ගැන වගකිව යුතු කිසිවෙකු ඇත්තේ නැත. ගබ්සා කිරීමේ පෙති, උපත්පාලන ඖෂධ සහ පාසල් දරුවන්ගේ මනස විකෘති කරනා ස්වභාවයේ ඖෂධවල තත්ත්වයද මෙපරිදිම වේ. මෙවැනි ඖෂධ මෙරටට ආනයනය කිරීම දැන් දැන් වැඩිවී ඇත්තේ ඉතාම අවාසනාවන්ත පරිදිය.


මෙලෙස ආනයනය කෙරෙනා ඖෂධ වර්ගවලට මෙරටදී වැඩි වටිනාකමක් ලැබෙන බවද වාර්තාවේ.


හොර බඩු ජාවාරමක් ලෙසට නීත්‍යානුකූල නොවනා මාර්ගවලින් මෙරටට ගෙන්වන ඖෂධ වර්ග ඉතා ඉක්මනින්ම බෙදාහැරීමට ආනයනකරුවන් පියවර ගෙන ඇත්තේ සූක්ෂ්ම ලෙසය. මත්පෙති වර්ග පාසල් ආශ‍්‍රිතවත්, ගබ්සා පෙති හොර ගබ්සා මධ්‍යස්ථානවලටත් වැඩි මිලට අලෙවි කරන අතර, ඔවුන් ඒ සඳහා මිල නියම කරනුයේ සියයට සියයක් හෝ සියයට දෙසීයක ලාභයක් තබාගෙනය.


රේගු ආරංචිමාර්ග සඳහන් කරනා පරිදි මෙරටට වැඩිපුරම ගෙන්වන මත් පෙති වර්ගය වී ඇත්තේ ”ට‍්‍රැමඩෝල්ය”. දරුවන්ගේ මනස විකෘති කරනා ඖෂධයක් ලෙසට මෙය හඳුනාගෙන තිබේ. වේදනානාශක ඖෂධයක් ලෙස රෝගීන්ට ට‍්‍රැමඩෝල් වෛද්‍යවරුන් විසින් ලබාදෙනුයේ දරාගත නොහැකි වේදනාවන් ක්ෂණිකව පාලනය කිරීම සඳහාය.


ඇබ්බැහිකාරක ගුණයකින් යුතු මෙම ඖෂධය භාවිත කිරීමෙන් මත් ගතිය සහ නිදිමත ගතියක් ඇතිවන නිසාම, වෛද්‍යවරයෙකු යම් රෝගියකුට ට‍්‍රැමඩොල් ඖෂධය නිර්දේශ කරනුයේ රෝගියාගේ වයස සහ රාජකාරි ස්වභාවය සැලකිල්ලට ගැනීමෙනි.


නොදැනුවත්වම හෝ රෝගී තත්්ත්වයක් නොමැතිව දිගින් දිගටම ට‍්‍රැමඩොල් නමැති වේදනානාශක මත් ගතියෙන් යුතු ඖෂධය භාවිතයෙන් වකුගඩු ආශ‍්‍රිත රෝග මෙන්ම අක්මාව ආශ‍්‍රිත රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් ඇති බව වෛද්‍යවරු පෙන්වා දේ. මෙම ඖෂධය වරක් භාවිත කිරීමෙන් නැවත නැවත භාවිත කිරීමට සිත් ඇතිවෙන නිසාම ක‍්‍රීඩාවේ යෙදෙන්නන්ට කය වෙහෙසා රාජකාරි කරන්නන්ට මෙන්ම රියැදුරු රැුකියා කරන්නන්ට මෙම ඖෂධය වෛද්‍යවරුන් බොහෝ විට නිර්දේශ නොකරන අතර ගර්භනී මවකට මෙම ඖෂධ ගැනීමෙන් දරු ගැබට පවා අවදානම් තත්ත්වයක් නිර්මාණය විය හැකි බව වෛද්‍ය මතයයි. ”ට‍්‍රැමඩෝල්” මත් කාරක පෙත්තක් ලෙසට ගැනීමට ඇබ්බැහිවූ අයෙකුට ඉන් මිදීම පහසු නොවේ. එය කෙතරම් ප‍්‍රබල වේද කිවහොත් එම මත් කාරක පෙති නොලැබීමෙන් සියදිවි නසා ගැනීමට තරම් දරුණු සිතක් ඇතිවේ.


මෙරටට වැඩිපුරම ගෙන්වන උපත්පාලන පෙති සහ ගබ්සා පෙති භාවිතයෙන්ද අතුරු ආබාධ රාශියක් මතුවෙන බව වෛද්‍යවරු පෙන්වා දේ. ගබ්සා කිරීම සඳහා භාවිත කරනා ඖෂධය මෙරටදී නීත්‍යනුකූල නොවනා ගබ්සා කිරීමේ ක‍්‍රමයක් ලෙසට භාවිතයට ගත්තද, සැබෑවටම මෙහි ඖෂධීය වටිනාකම අනුව බොහෝ විට භාවිතයට ගැනෙනුයේ බඩවැල් ආශ‍්‍රිතව රෝගී තත්ත්වයන් ඇති රෝගීන්ට උදරගත අපද්‍රව්‍ය ඉතා හොඳින් ශෝධනය කිරීම සඳහාය.


අර්ශස් වැනි රෝගී තත්ත්වයකදී ඇතිවෙන සැරව ගෙඩි සුවපත් කිරීමටත්, ශරීර අභ්‍යන්තරිකව රුධිරය වහනය වීමකදී සහ දරු ප‍්‍රසූතිය ඉක්මන් කිරීමටත් ඇතැම් විට මෙම ඖෂධ වෛද්‍යවරු නිර්දේශ කරති. එම නිර්දේශය ලබාදෙනුයේ රෝගී පරික්ෂාවකින් පසුවය. නමුත් අවාසනාවකට අද වෙන විට මෙම ඖෂධ වැඩිපුරම භාවිත වන්නේ නීත්‍යනුකූල නොවන ගබ්සා කිරීම් සඳහාය.


ආනයනික ගබ්සා පෙති, නුවර, කොළඹ, ගාල්ල, මාතර, කළුතර වැනි දිවයිනේ ප‍්‍රධාන නගරවල හොර රහසේ පවත්වාගෙන යන ගබ්සා මධ්‍යස්ථානවල වැඩි මිල ගණන් යටතේ අලෙවි වේ.


එම ස්ථානවලින් ඖෂධ මිලදී ගන්නා වැඩිම ගැනුම්කරුවන් බවට පත්ව ඇත්තේ අවුරුදු 15 - 17 වයසේ පසුවන පාසල් දරුවන් සහ උසස් අධ්‍යාපනය හදාරන දැරිවියන්ය. විවාහක සහ අවිවාහක කාන්තාවන් බොහෝ දෙනෙකුද නීත්‍යනුකූල නොවනා ගබ්සා කර ගැනීම සඳහා මෙම ඖෂධය බහුලව භාවිත කෙරෙන බව වාර්තාවේ.

m



අදහස් (0)

ගබ්සා පෙති - මත්පෙති තොග පිටින්

ලාල් විතානගේ Sunday, 30 August 2015 02:30 AM

නඩු අවසානයි. ජාති ද්‍රෝභීන්ට මරණ දඩුවම (නදී)

:       0       0

දර්ශන Thursday, 03 September 2015 07:25 AM

පාකිස්තානයේ හදනවා / තමිල්නාඩුව බෙදනවා / සිංහලයෝ වනසනවා (නි)

:       0       0

නන්දන සෙනෙවිරත්න Wednesday, 02 September 2015 10:49 AM

පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් විවිධ මානසික රෝග වලින් පෙළෙනවා. මේ පෙති එයට හේතුවක් වියහැකි. ගුරු දෙගුරු මේ පිළිබඳ දැඩි අවදානයෙන් සිටිය යුතුයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26549 29

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18163 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10869 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 613 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 180 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site