IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ගිනිගත් පුරවරයේ සිසිල සදන තෙත්බිම් උද්‍යානය

නුගේගොඩ නගරය පසුකර නාවල ඔස්සේ ගමන් කළ අයෙකුට වැලි පිරවූ ලොරි කිහිපයක් නතර කර තිබූ ”වැලි පාර්ක්” අමුතුවෙන් මතක් කර දිය යුතු වන්නේ නැත.

කැළි කසළ වලින් නොනැවතී නැගුණ දුඟදත්, කසළ රාජධානියේ ආදිපාදවරුන් බවට පත්වූ බල්ලන්, බළලූන්, කාක්කන්ටත් හැරෙන්නට ඒ මුඩු බිමේ අයිතිය එක් විටෙක තිබුණේ හොර මගඩින්ටය.

ඒ මීට හත් අට මසකට පෙර ඉතිහාසයේය.

හිස් අවකාශයක් නොමැති නුගේගොඩ නගරයට පියමනින ඔබට, එම භූමියේදී ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව සකස් කළ නාගරික තෙත් බිමක අසිරිය විඳිය හැකි වේ යැයි මොහොතකටවත් සිතුවේද?

ඉතිහාසය වළ දමා වර්තමානය ක‍්‍රියාදාමයක් මතු පරපුර වෙනුවෙන් ඉතිරි කළ භූමියේ අභිමානවත් වටිනාකම කැටි කළ තෝ තැන්නකි එහි ඉදිවූ නාගරික තෙත් බිම් උද්‍යානය.

අහස සිඹින ගොඩනැගිලි, මැස්සෙකුටවත් ඇතුළු විය නොහැකි පරිදි ඉදිවුණ තාප්පවලින් වටවුණ නළා ශබ්දයෙන්, වාහන දුමෙන් වැසීගිය නුගේගොඩ නාගරික පරිසරයේ ගොඩනැගුණ නාගරික තෙත් බිම් උද්‍යානයට අපි පිය නැගුවෙමු.

ඇහැළ, කරඳ, කොබෝලීල, මූණ මල්, මුරුත, කුඹුක්, දිය නා ගොඩපර, කරඳ එතෙකට නුග ගස් වලින් හමා ආ සුළඟ ගතට ගෙන දුන්නේ අමුතුම සුවයකි.
දම්,  ඕවිටිය, හීන් බෝවිටියා, චෙරි වර්ග, ඇඹුල් පේර, නාරං, තණ බිමේ ඇවිද යන විට නෙතට ගැටුණේ අවිවේකී නගරයේ විවේකීබාවය සිතට එක් කරමිනි.
සමනළුන්, කුරුල්ලන්, මී මැස්සන්, බත්කූරන් ප‍්‍රියකරනා, නීල කොබෙයියන් නිදහසේ පරිසරය තුළ පිළිබිඹු වූවේ අන් කිසිවක් නොව ස්වභාව සෞන්දර්යයේ චමත්කාරයය.

පොළොන්නරු රාජධානියේ අභිමානය ලොවට කියාපානා කුට්ටම් පොකුණේ ස්වරූපයට ඉදිවුණ නිසංසල පරිසරයේ ශබ්දය බිඳ දමමින් ඇද හැළුණු පොකුණේ දිය දහරාව ගතට මෙන්ම සිතට ද ගෙන දුන්නේ ශාන්තවත් සුවයකි.

අත්වැල් පටලවා ආදරයෙන් වෙලී සිටි පෙම්වතුන් නිදහස් පරිසරයේ කොටස්කරුවන් වී සිටියහ. වයස් බේදයකින්, පන්ති බේදයකින්, ජාති, ආගම්, කුල, තරාතිරමක් නොමැතිව නාගරික තෙත් බිම් උද්‍යානයට ගොඩ වැදුණු කවුරුත් දිහා අපි ආඩම්බරයෙන් බලා සිටියෙමු. ඔවුන් මෙහි උරුම කරුවන්ද? නැතහොත් අයිතිකරුවන්ද? විටෙක එලෙස සිතුනේ සියල්ලෝම ආගන්තුක බාවයකින් තොරව ඇතුළුව පරිසරයේ සුවය වින්ද හෙයිනි.

තෙත් බිම් උද්‍යානයේදී අප ඇස ගැටුණු තවත් සුවිශේෂීම කරුණක් වූයේ ජාතික විදුලිබල පද්ධතියෙන් සීමිත විදුලි උත්පාදනයක් පමණක් ලබා ඉතිරි සියලූ විදුලි උත්පාදන අවශ්‍යතාවන්, සූර්ය බලශක්තිය ප‍්‍රයෝජනයට ගැනීමය.

උද්‍යානය මධ්‍යයේ ඇති පොලොන්නරුව කුට්ටම් පොකුණට සමානව ඉදිවූ පොකුණට ද සීමිත වතුර ප‍්‍රමාණයක් පමණක් කළමනාකරණය වී ඇති අතර වාෂ්ප වන ජල ප‍්‍රමාණය පමණක් නැවත ලැබෙන පරිදි එම පද්ධතිය සකස් කර තිබේ.

එම නිසාම විදුලි වෙනුවෙනුත්, ජලය වෙනුවෙනුත් වැයවෙන මාසික බිල්පත් මිල සැලකිය යුතු ප‍්‍රමාණයක් අඩුකර ගත හැකි වී ඇත.

අනෙක් ප‍්‍රධානම කරුණක් වනුයේ ආරම්භයේ සිට මේ දක්වාම උද්‍යානයේ සියලූ ශ‍්‍රමදායකත්වය යුද හමුදාවෙන්, නාවික හමුදාවෙන්, සිවිල් ආරක්ෂක බලකායෙන් නිලධාරීන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් සිදුවීම නිසා ඇස්තමේන්තු ගත වියදමින් සියයට තිහකට වැඩි මුදලක් ඉතිරිකර ගත හැකිව තිබේ. මෙය මුදලින් ගණන් බැලීමේදී රුපියල් මිලියන ගණනකි.

ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතියේ එක් අදියරයක් ලෙසට නුගේගොඩ නගරය තුළ තෙත් බිම් උද්‍යානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූයේ මීට මාස හත අටකට පෙරාතුවය.

ආරක්ෂක අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියෙත්, පහත් බිම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයෙත්, යුද හමුදාවෙත්, නාවික හමුදාවෙත් සහ සිවිල් ආරක්ෂක බලකායෙත් මූලික දායකත්වයෙන් ගොඩනැගුණු තෙත් බිම් උද්‍යානය, ලංකාව තුළ ඉදිවූ පළමු නාගරික තෙත් බිම් උද්‍යානයය.

භූමි අයිතියෙන් අක්කර දහඅටක (18) වපසරියක් ඇති නාගරික තෙත් බිම් උද්‍යානය අහස සිඹින තාප්ප වලින් වටවුණ අවිවේකී නගරයේදී අපහසුවකින් තොරව පිරිසිදු වාතාශ‍්‍රය ලැබිය හැකි තෝ තැන්නකි.

ශාරීරික සුවතාවය වෙනුවෙන් ඇවිදීමට ඇති මං තීරුව ගතට මෙන්ම සිතට සුවය ගෙන දුන්නේ අවට පරිසරයේ චමත්කාරය නිසාම විය හැක.
හිස් මුඩු බිමක් ජාත්‍යන්තර මට්ටමේ උද්‍යානයක් ලෙස ගොඩනැගීමේ භාරධූර කාර්යය ඉටුව ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිභාර ගෘහ නිර්මාණ ශිල්පී වරලත් වාස්තු විද්‍යාඥ, වරලත් භූ දර්ශන හා ගෘහ නිර්මාණ ශිල්පිනි එම්.ජී. තුෂාරි කාරියවසම් අතිනි.

ඇය අක්කර දහඅටක භූමි වපසරියක් මිල කළ නොහැකි අනාගත ආයෝජනයක් බවට පත් කර ඇත්තේ සියලූ ආයතන ප‍්‍රධානීන්ගේ මූලිකත්වයෙනි.
උද්‍යානය පුරා ඇති සියලූ ගස්, වැල්, මල්, පළතුරු ශරීරයට අහිතවත් නොවන ආකාරයෙන්, පරිසරයට හිතකාමී ලෙස තෝරාගෙන තිබේ.
දරුවන්ට තෘප්තිමත්ව දුව පැන සෙල්ලම් කර පළතුරු ගස්වලින් පල නෙලා ගැනීමටත් උද්‍යානය තුළදී ඉඩ හසර සලසා තිබේ.
මීට මාස කිහිපයකට පෙර ”හීන් ඇළ” යනුවෙන් දුඟඳ හමමින් තිබූ එම ඇළ මාර්ගය ද නාගරික තෙත් බිම් උද්‍යානයට ගෙන දී ඇත්තේ කාන්තාවකට ආභරණයක් පැළඳුවා සේ අලංකාරයකි.

දේශයට නූතනත්වයද,
ජාතියට ආරෝග්‍යයද,

පරිසරයට චමත්කාරය ද කැන්දු අසිරිමත් මහින්ද චින්තනයේ තවත් එක් සදාතනික සිහිවටනයක් ලෙස අභිමානවත් නුගේගොඩ පුරවරයට කැන්දු, නාගරික තෙත්බිම් උද්‍යානය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 2013 ජනවාරි මස 12 වැනි දින පුරවැසි අයිතියට පත් වූ බව ඉතිහාසයේ පිටු අතර රනින් සටහන් වූ පරිච්ඡේදයකි.

එම පරිඡේදය අපි මෙලෙසින් සටහන් තැබූවෙමු.


සටහන - අසුන්තා එදිරිසූරිය / ඡායාරූපය - ඇලෙක්සැන්ඩර් බාලසූරිය.

 



අදහස් (0)

ගිනිගත් පුරවරයේ සිසිල සදන තෙත්බිම් උද්‍යානය

කීර්ති Thursday, 24 January 2013 12:48 PM

"එල කොල්ලෝ....එල " (ස)

:       0       0

නාලක වීරතුංග Monday, 21 January 2013 08:04 PM

ගොඩක් ආඩම්බරයි අපට අපේ ගොඩබව ලේකම්තුමා දෙන නායකත්වය ජයවේවා. (අ)

:       0       0

ශ්‍රීනාත් Wednesday, 23 January 2013 11:38 AM

අනරඝ නිමවුමක්.......... නිසි නඩත්තුව ඉතාම වැදගත්.. මතුපරපුර සැබැවින්ම ඉතා වාසනාවන්තය. (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 22 January 2013 11:16 AM

මෙවැනි නිලධාරීන් හැම දෙපාර්තමේන්තුවකම ප්‍රධානීන් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරනවා.එහෙම උනොත් අපේ රට සුරපුරයක් වේවි (ස)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 03:28 PM

හරිම ලස්සනයි. මේ සඳහා කැප වූ සැමට ස්තූතියි (ස)

:       0       0

සුමනා Wednesday, 23 January 2013 12:18 PM

පාර්ලිමේන්තුවේ ඉන්න කයිවාරුකාරයන්ට වඩා යමක් ගරු ආරක්ෂක ලේකම්තුමා කරනවා. (නි)

:       0       0

ගාමිණි Monday, 21 January 2013 09:40 PM

හරියට කරනවා නම් නියම වැඩක්. (නි)

:       0       0

ප්‍රියා Tuesday, 22 January 2013 06:53 PM

මෙවැනි දේ රැකගැනීම අපගේ යුතුකමයි. ඇත්තටම ලස්සනයි. (නි)

:       0       0

අජිත් Wednesday, 23 January 2013 05:44 AM

අදහස නම් නියමයි. නමුත් හැම දේම කරන්නේ කොළඹ ආශ්‍රිතවමනේ. (නි)

:       0       0

අචිනි Monday, 21 January 2013 02:12 PM

ලස්සනයි. නිසි නඩත්තුවක් ඇතොත් දිගටම තියේවි. (නි)

:       0       0

දර්ශි Monday, 21 January 2013 02:24 PM

ඇත්තටම නෙතට ප්‍රිය දසුනක්. මගේ ලංකා මාතාව ගැන ආඩම්බරයි. එය රැක ගන්න වෙහෙසෙන සැමට මාගේ ස්තූතිය (ස)

:       0       0

කාලිංග Wednesday, 23 January 2013 12:46 PM

ලංකාව පුදුමාකාරයි. (නි)

:       0       0

නීල් Tuesday, 22 January 2013 07:15 PM

මෙය ජාතික වස්තුවක් ලෙස රැකගනිමු. (නි)

:       0       0

ජයී තිසර Thursday, 24 January 2013 02:55 AM

සිත්තරුවෙකු අතින් ඇඳි ඉතාමත් ලස්සන දර්ශණයකටත් වඩා නෙත් සිත් පිනවන අයුරින් ඉතා ලොකු වෙහෙසක් දරා දේශීය මල් පළතුරු ගස් වැල් හිටුවා ලංකාවේ ස්වභාව ධර්මයට උචිත වන අයුරින් නිර්මාණය කර ඇති බව සියලුම පිංතූර වලින් විදහා දැක්වේ. මේ නාගරික තෙත් බිම් උද්‍යානය නිර්මාණය කළ සැමටම මගේ ප්‍රණාමය සහ සුබ පැතුම්!(ස)

:       0       0

සමන් Sunday, 27 January 2013 10:45 AM

දැන් කොළඹ හරිම ලස්සනයි (දී)

:       0       0

අනුර Monday, 21 January 2013 02:46 PM

හරිම ආඩම්බරයි රණවිරුවනි . මේක හැමදාම මේ වගේ තියාගන්න ලැබේවායි පතමි (ස)

:       0       0

අමිල Monday, 21 January 2013 11:16 PM

හරිම ලස්සනයි. සොල්දාදුවන්ගේ වැඩ වල පිළිවෙල මෙතනත් අපූරුවට පේනවා. මේ විදියටම නඩත්තු කළොත් ගොඩක් හොඳයි. (නි)

:       0       0

ධම්මික කිරිඔය Wednesday, 27 March 2013 10:01 PM

අසිරිමත් ලංකාවක් වෙනුවෙන් කැපවෙන පරසර හිතකාමී මහතුනි, ඔබට සදා ජය! (නි)

:       0       0

පාලිත බණ්ඩාර Saturday, 26 January 2013 06:35 AM

සංකීර්ණ සමාජයකට මෙවන් නිදහස් පරිසරයක් සදා දුන් අතිගරු ජනාධිපතිතුමා ඇතුලු සැමට පිං. (නි)

:       0       0

සදුනි Wednesday, 23 January 2013 06:33 PM

මහේෂ් නිවැරදියි. (නි)

:       0       0

සෙව්වන්දි Wednesday, 06 February 2013 07:02 AM

අනර්ඝයි. නඩත්තුව වෙනුවෙන් පොඩි මුදලක් අයකිරීම සාධාරණයි. (නි)

:       0       0

නයනා Tuesday, 22 January 2013 06:24 AM

ඉතා හොද වැඩක්. (නි)

:       0       0

නිශ්ෂංඛ Tuesday, 22 January 2013 08:51 AM

හොඳ වැඩක්‍ , සුබ පැතුම් (ස)

:       0       0

නිශ්ශංක Tuesday, 22 January 2013 08:57 AM

මේකට ඇති ප්‍රතිචාරවලින්ම පෙනෙනවා ලංකාවේ බහුතරය හිතන පතන විදිය. මේක කොච්චර අගය කරන්න ඕනෑ දෙයක්ද? අපේ සිතුම් පැතුම් වෙනස් කරගන්න ඕනෑ. (නි)

:       0       0

ලාල් සරත් Tuesday, 22 January 2013 03:56 PM

ඉතාම හොඳ සංකල්පයක් .මෙවැනි සංකල්ප තියෙන්නේ ඝොඨාභය මැතිතුමාටයි. එතුමා අපට නිදානයක් (ස)

:       0       0

ඩේවිඩ් Thursday, 07 February 2013 01:13 PM

ඇත්තටම හරිම ලස්සනයි. හරිම ආසයි. පින්තූර දැක්කහම මේ ලංකාවද කියලා හිතෙනවා. (නි)

:       0       0

විභූති Tuesday, 22 January 2013 04:37 PM

ඉතාම හොදයි..!(නු)

:       0       0

කෙනත් Friday, 25 January 2013 12:14 AM

තවත් මේ වගේ උසස් නිර්මාණ ඔබේ හිතේ පහළ වේවා! ඒ වගේම වාස්තු විද්‍යාඥයින්ගේ සේවය මේ රටට ඉතාම අවශ්‍ය කරන යුගයක් දැන් තියෙන්නේ. හොරට පගාවට තත්වයෙන් බාල , හරි දැනුමක් අධ්‍යාපනයක් නොමැති අය කරන නිවාස හා ගොඩනැගිලි සැලසුම් නිසා අද ලංකාවේ නගර පිට රටවල නගර හා සංසන්දනය කරද්දී ඉතාම අප්‍රියජනකයි. ඇස මෙන්ම සිතද වෙහෙසට පත්වනවා. නගරවල ජීවත්වෙනකොට නිර්මාණ පරිසරය ඉතාම පරිස්සමෙන් හැඩගැස්සවන්න ඕනෑ, මිනිසුන්ගේ මානසික ආතතිය අවම වෙන විදිහට. මේ සදහා ඒ හැකියාව ඇති ඒ ගැන අධ්‍යාපනයක් ඇති අය නිරතුරුවම සම්බන්ද වෙන්න ඕනෑ , වගකීම දරන්න ඕනෑ. සාමාන්‍ය ගමේ අයටත් අද කොළඹට සීමා වී සිටින වස්තු විද්‍යාඥයින්ගේ සේවය පහසු මිළකට ගන්න පුළුවන් විදිහේ සේවාවක් ස්ථාපිත කිරීම රජය විසින් කළ යුතු විශාල යුග මෙහෙවරක්. (නි)

:       0       0

ශාෆික් Tuesday, 22 January 2013 10:11 AM

හොද වැඩක් (ස)

:       0       0

ගයාන් Saturday, 02 February 2013 02:07 PM

වැඩේනම් හොඳයි, ඒත් නිසි නඩත්තුවත් නැති වුනොත් මේකත් කාලයත් එක්කම විනාස වේවි. ඒ නිසා මේක හැදුවා වගේම ආරක්ෂාකර ගන්නට වග බලාගන්න (ස)

:       0       0

මහේෂ් Wednesday, 23 January 2013 04:14 PM

ගෝඨාභය කියන්නේ අපේ රටේ හිටිය දස මහා යෝධයන්ගෙන් කෙනෙක් නේ. එතුමා නැවත ඉපදිලා (ස)

:       0       0

නිරාන් Thursday, 24 January 2013 12:42 PM

ඉතාම හොඳ දෙයක්. හරිම සතුටුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 68 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 180 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 793 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 524 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 404 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1695 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 698 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 182 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1217 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site