IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කලා ලොවට අහිමි වූ දස මහා යෝධයෙක්

මෙවර කතු වැකිය මෙරට පහළ වූ විශිෂ්ට ලංකා පුත්‍රයකු වෙනුවෙන් වෙන් කරමු. ඒ විශිෂ්ට ලංකා පුත්‍රයා, මෙරට සිඟිති, තුරුණු, වැඩිහිටි සෑම පරාසයකම සහෘද සිත් සතන් පිනවූ, අපමණ හැකියා සම්පත්තියකින් සහ දුලබ වාසනා ගුණ මහිමයකින් පිරිපුන් ‘පනා පුත්‍ර කුහුඹු පැනියා’ හෙවත් ජැක්සන් ඇන්තනී වෙයි. ඔහු කලාව, සාහිත්‍යය හා රසික ජනයාගේ උසස් රස වින්දනය වෙනුවෙන් සිදු කළ උපමා නැති මෙහෙවර වෙනුවෙන් මෙවන් සම්භාවනාවට රිස්සකු බව අවධාරණය විය යුතුය.

ජැක්සන් යනු කවරෙකු දැයි හැඳින්වීම තරම් දුෂ්කර හා අභියෝගාත්මක කාර්යයක් තව තිබේ දැයි සැක සහිතය. එහෙත්, එක් කරුණක් ඉතා පැහැදිලිය. එනම්, ‘ලොවෙන් එකකු එක් දෙයකට වෙයි සමත’ යන කියමන නිර්දය ලෙස අභියෝගයට ලක් කළ හා එම කියමන ඉක්මවා ගිය මෑත කාලයේ අපේ මිනිසා ඔහු බවය. සැබැවින්ම එය දුලබ වාසනා ගුණ මහිමයක් විනා අන් යමක් නොවේ.

ඔහු විශිෂ්ට රංගධරයෙකි. රංගනය ඔහුට අතැඹුලක් සේය. තුරුණු බවින් සපිරුණු ඔහුගේ ගැඹුරු කටහඬ, රොද බැඳගත් ජනී ජනයා නිරුත්සාහිකවම වසඟයට ගැනීමට සමත්ය. ඔහු ඉදිරිපත් කළ ‘මහා සිංහලේ වංශ කතාව’ හා ‘පාර දිගේ’ යන රූපවාහිනී ප්‍රසාංගික වාර්තාමය වැඩසටහන් එයට නිදසුන්ය.

ජැක්සන් ඇන්තනී ගායකයෙකි. ගායන විලාශය මෙන්ම පදරුත් උච්චාරණයේදී ඔහු පාන හපන්කම විශිෂ්ටය. ඔහු ගී පද රචකයෙකි. ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිර රචකයකු සේම අධ්‍යක්ෂවරයෙකි. වේදිකාව, පුංචි තිරය මෙන්ම චිත්‍රපටය යන ක්‍ෂේත්‍ර තුනම එකවර සියතට ගැනීමට සමත් වූ ජැක්සන් ඇන්තනී, ග්‍රන්ථ කර්තෘවරයකු මෙන්ම පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙස ද සිත්තරකු ලෙස ද තම ප්‍රතිභාව ප්‍රකට කළේය.

ශ්‍රී ලංකාව යනු කුඩා රටකි. එබඳු කුඩා රටක මහා මිනිසකු වීම කිසිසේත්ම පහසු නැත. එයට හේතුව, පහසුකම් අල්ප වීම හා වෙළෙඳපොළ කුඩා වීමය. මහා දැවැන්ත නිර්මාණ බිහි කිරීමට ඇති බාධා ඒවාය. එහෙත්, ජැක්සන් ඇන්තනීට මෙම කුඩා රටේ මහා මිනිසකු ලෙස රූපාන්තරණය විය හැකි විය. කලාවේ හා සාහිත්‍යයේ සෑම ඉසව්වකම පාහේ මහා පෞරුෂයක් ගොඩනගා ගැනීමට ඔහු සමත් විය. ඒ කෙසේ දැයි යන්න වටහා ගැනීම අංකුර කලාකරුවන්ට අතිශයින් වැදගත් අධ්‍යයනකි.

සතතාභ්‍යාසය යනු, රංගනයට අදාළ වචනයකි. නිතර නිතර පුරුදු පුහුණු විය යුතු බව එයින් කියැවේ. ස්වකීය කුසලතා නිවැරැදි රිද්මයට ගෙන ඔපමට්ටම් කරගත හැකි වන්නේ එවිටය. ජැක්සන් ඇන්තනීම කියා ඇති පරිදි, ඔහු නිර්මාණය වූයේ එසේය.

ජැක්සන් ඇන්තනී කලාකාරයකු මිස කලහාකාරයෙක් නොවීය. එයට හේතුව, දැමුණු මනසක්, සංයම මනසක් ඔහුට තිබීමය. එම තත්ත්වය ඔහු ගොඩනගා ගත්තේ අධ්‍යාපනයෙනි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ ගෞරවවේදී උපාධිධරයෙකි. එමෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. ඔහුට පැසුණු බුද්ධියක් තිබිණි.

උපතින් කතෝලිකයකු වුව ද ඔහුට බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ගැඹුරු කියැවීමක් තිබිණි. ලංකා ඉතිහාසය හා ලෝක ඉතිහාසය පිළිබඳව ද එසේමය. ඒ අනුව ජැක්සන් යනු, ඉගෙනීම හා කියවීම විසින් නිර්මාණය කරන ලද අපූරු සම්පතකි. ජැක්සන් නැති අඩුව පිරවීම පහසු නොවන්නේ එහෙයිනි. පහසු නොවන එබඳු අභියෝගයක් ඉතිරි කර තබා ජීවිත වේදිකාවෙන් බැස යාමට හැමෝටම බැරිය. ජැක්සන් විශිෂ්ටයකු වන්නේ ද එහෙයිනි.

ජැක්සන් ඇන්තනීගේ අකල් වියෝවෙන් සංවේගයට පත් බිරිඳ, පුතුන් දෙදෙනා හා දියණිය සමග ‘ලංකාදීප’ය ද මෙසේ එක්වන අතර, ජැක්සන් ඇන්තනී, අපි ඔබට මොක් සුව පතමු.

(***)



අදහස් (7)

කලා ලොවට අහිමි වූ දස මහා යෝධයෙක්

මැක්ස් Wednesday, 11 October 2023 11:16 AM

පිදිය යුත්තකු නිසි ලෙස පිදුම් ලබනු ලැබූ විශිෂ්ඨ කතු වැකියකි. මෙවන් මහාර්ඝ මිනිසකුගේ මරණය ප්‍රාර්ථනා කළ අශිෂ්ඨයින් පිරිසක් ද මෙරට සිටින නිසා වෙසෙසින්ම ලංකාදීප කතුවැකිය කාලෝචිත බවින් ද ඉහළයි...!

:       28       30

pakeer Wednesday, 11 October 2023 11:43 AM

මොහු අතිදක්ෂ සමකළ නොහැකි, නරවත පහළ නොවන වර්ගයේ රංගධරයෙකු බව සැබෑය. එසේනම් ඇයි සමහර මිනිසුන් මොහුගැන නුගුණ කියන්නේ? ඒ නුගුණ කලාව ගැන නම් නොවේ, ඒවා ඔහුගේ පුද්ගලික අදහස්, උදහස්.... මෙය තේරුම් ගැනීම වඩා වැදගත්...

:       25       16

රවි Wednesday, 11 October 2023 12:46 PM

අර වෙන්න බැණාට මලගෙටක් කියලා මතකයක් නැහැ. නොයෙකුත් පුද්ගලික ආදර කටයුතු විස්තර කරමින් විවිධ වෙබ් පිටුවල පෝස්ට් පල කරනවා. පවුලේ වැඩිහිටියෙක් මේ මෝඩ තරුණයාට අවවාද කළොත් හොඳයි. අඩු ගානේ හත් දවසේ දානය ඉවර වෙනකන් පවුල විහිළුවට පත් නොකරන්න...

:       13       11

වැසි වලාහක Wednesday, 11 October 2023 09:24 PM

කතුවැකි ඉඩෝරයට වට දිය දහරක්...!

:       2       2

චින්තක Thursday, 12 October 2023 05:00 AM

කලාකරුවෙක්, ගවේශකයෙක් ලෙස ඔබෙන් රටට වුණු සේවය අති විශිෂ්ඨයි. ඔබට නිවන් සුව අත්වේවා.!!!

:       2       5

Duisen Friday, 13 October 2023 06:14 PM

මොහු මියගියේ වන අලියෙකු නිසායි. මොහු අනතුරට පත්වූ අනුරාධපුර තලාව ප්‍රදේශයේ අදවන විට එක් සතියක් තුළ අහිංසක ගොවියන් 3ක් මිය⁣ගොස් තවත් කිහිපදෙනක් බරපතල ලෙස තුවාල ලබා ඇත. එසේම දේපළ විනාශ කර තිබේ. එබැවින් මිනීමරණ වන අලි අල්ලාගෙන අභයභූමි වෙත මුදාහරිනු නැතිනම් තවත් වටිනා මිනිස් ජිවිත ඝාතනය වීම වැළැක්විය නොහැක. අනුරාධපුර ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් කිසිම වැඩකට නැති රටටත්, ගමටත් ප්‍රයෝජනයක් නැති පිරිසකි. ජැක්සන් වැනිම වටිනා මිනිසුන් අප්‍රසිද්ධියේ මියයයි.

:       3       7

Senithu Tuesday, 28 May 2024 09:08 PM

මැරෙ මරු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 291 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 636 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 975 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 640 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 499 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1888 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 850 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 212 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1260 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site