සංචරණ සීමා ලිහිල් කෙරුණු ඉකුත් 25 වැනිදා බොහෝ පිරිස් හැසිරුණු ආකාරය සතුටු විය නොහැකි හෙයින් ඉදිරියේදී වෙළෙඳසල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවන බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
විශේෂ අවධානය යොමු කළ යුතු ප්‍රකාශයකි. මන්දයත් සංචරණ සීමා ඉවත් කිරීම ක්‍රියාත්මක වූ ආකාරයේ යම් යම් ගැටලු පැන නැගුණ හෙයිනි.
සංචරණ සීමා ලිහිල් කෙරුණේ මුළු රටම දින ගණනාවක් හුදෙකලා කර තිබීමෙන් පසුවය. මෙරට සාතිශය බහුතරයක් ජනයා පොහොසත්තු නොවෙති. එමෙන්ම ඔවුන් සතුව තැන්පත් කරගත් මහා ධන නිධානයක් ද නැත. නොමැරී ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට එම බොහෝ දෙනාගේ අදහස විය. සංචරණ සීමා ලිහිල් කළ යුතුව තිබුණේ එම ජනයාට පහසුවක් වන ආකාරයටය.
ජනයා නගරවල පොදි කෑම වළක්වාලීම පිණිස පොලීසිය කියා සිටියේ ළඟම කඩෙන් බඩු ගන්නා ලෙසය. එය සහතික කිරීම පිණිස කාර්, වෑන්, ත්‍රිරෝද රථවලින් ගමන් කිරීම තහනම් කරනු ලැබීය. අවම තරමින් යතුරුපැදියෙන් හෝ ගමන් කිරීම තහනම් විය.
අප පුවත්පත ඡායාරූපයක් ද සහිතව වාර්තා කර තිබුණේ නාඋල ප්‍රදේශයේ පුද්ගලයකු ගෑස් සිලින්ඩරයක් විල්බැරෝවකින් රැගෙන ගිය බවය. එබඳු ඡායාරූප බොහොමයකින් සමාජ මාධ්‍ය ජාලා පිරී තිබිණි.
වියපත් මව්වරුන් පවා ගෑස් සිලින්ඩර් කරේ තබාගෙන යන අයුරු එහි තිබිණි. වෙළෙඳසල්වලින් ලබාගත් බඩු භාණ්ඩ විල්බැරෝවල දමාගෙන යන පිරිස්වලට සම්බන්ධ ඡායාරූප ද එහි විය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ද ගෑස් සිලින්ඩරයක් කර තබාගෙන යන ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය ජාලාවල සැරිසැරුවේය.
මේවා විගඩම් ලෙස බැහැර කළ නොහැකිය. මිනිසුන්ගේ චර්යාවන්ගෙන් ප්‍රකාශයට පත්වන්නේ ඔවුන් පවසන ඇත්ත වේදනාවන්ය. ඇතැමකුට අනුව කොළඹ යනු මුළු රටමය. එහෙත් එය එසේ නොවන බව ඒකාන්ත සත්‍යයකි. ගමේ ගොඩේ ළඟම කඩේ යනු පාංකඩය. නිවෙසක දින දෙක තුනකට සෑහෙන්න අවශ්‍ය කළමනා එබඳු කඩවල නැත. ඇතැම් විට ගෑස් ගෙන ඒමට නගරයට යා යුතුය. ගෑස් අලෙවිකරුට දැනුම් දුන් විට ගෑස් සිලින්ඩරය නිවෙසටම රැගෙන ඒමේ ක්‍රමයක් තිබේ. එහෙත් එබඳු වෙළෙඳාමකට හෝ සංචරණ සීමා ලිහිල් වූ ඉකුත් 25 වැනිදා අවසර ලැබුණේ නැත. ගෑස් සිලින්ඩරය කරේ තබාගෙන සැතැපුම් ගණන් යාමට සිදුවීම හැර එදින වෙනත් විකල්පයක් තිබුණේ නැත.
බොහෝ පහසුකම් ඇතැයි කියන කොළඹ නගරයේ හා තදාසන්න නගරවල ජනයාගේ ඉරණම ද මෙබඳු අවස්ථාවක ඉතා දුක්ඛිතය. විශේෂයෙන්ම මහල් නිවාසවල ජීවත් වන ජනයා මෙබඳු අවස්ථාවල බොහෝ පීඩාවට පත් වෙති. ඔවුන්ට ද ගෑස් සිලින්ඩරය කර තබාගෙන සැතැපුම් ගණන් ඇවිද යාමට සිදුවීම වැළැක්විය නොහැකිය.
මෙබඳු තත්ත්වයක් නිර්මාණය වීමට ඇතැම් පිරිස්හි හැසිරීම් ද හේතුව බව අවධාරණය විය යුතුය. යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සංචරණ සීමා ලිහිල් කළ දිනයේ බොහෝ පිරිස් හැසිරුණු ආකාරය සතුටු විය නොහැකි බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් මෝටර් රථ පැදපු තිදෙනකු කොළඹ දී අත්අඩංගුවට ගත් බවය. මෙබඳු තක්කඩියන්ට ගස් බැඳ පහරදිය යුතු තරම්ය. මෙබඳු ලෝක වසංගතයක් ඉදිරිපිට එබඳු අනීතික, අවිනීත, අශිෂ්ට, තක්කඩි හැසිරීමකට කිසිවකුට ඉඩ දිය යුතු නැත.
‘‘රට ලොක්ඩවුන් කරන්නැයි’’ බෙහෝ දෙනා ඉල්ලා සිටියහ. විශේෂයෙන්ම රට ලොක්ඩවුන් කළා යැයි සිතා වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් රට ලොක්ඩවුන් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එහෙත් ඇතැමෙක් විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගනිති. එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ මුළු රටටමය.
(***)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොරෝනා රෝගීන් උග්‍රවීමට ජනතා නොසැලකිල්ලත් හේතුවක්
Deepal Nirosh Friday, 28 May 2021 06:41 AM
මිනිසුන්ට සතියකට දෙකකට සෑහෙන භාණ්ඩ කරෙන් රැගෙන හා හැකිද? අනිවාර්යයෙන් කුමන හෝ රථයක් අවශ්‍යයි. ඒ වගේම මාසික වැටුප් ලබන අය භාණ්ඩ මිල දී ගැනීමට හුරු වී ඇත්තේ ණයවරපත් (credit card) මගින් හෝ බැංකු කාඩ්පත් මගින්. එයාකාරයට මිල දී ගැනීමට පහසුකම් ඇත්තේ වෙළඳ සැල් කීයක ද? ඒවා බොහෝවිට ඇත්තේ නගරබදව. අඩුගානෙ ත්‍රි රෝද රථයකින් හෝ යතුරු පැදියකින් හෝ පමණක් ළඟම නාගරික වෙළඳ සලට යාමටවත් අවසර ලබා දුන්නා නම් තමා සුදුසු.
saj Sunday, 30 May 2021 04:30 PM
ගොන් කතා කියන්න එපා... දැන් රජය තරයේ කියද්දී කොරෝනාව පාලනය කරා සමාජගත වෙලා නැහැ කිය කියා, තව මොනවද මිනිස්සුන්ට දොස් කියන්නේ?