එංගලන්තයේ පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වීම ක්‍රිකට් ළැදි ජනයාට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනයාටම අති මහත් ප්‍රමෝදයට හේතුවකි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව මෙබඳු තරගාවලි ජයග්‍රහණයක් ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවටය. දහසක් දුෂ්කරතා හා බාධක මැද ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙමින් වුවද මව්බිමට අපමණ වටිනා ගෞරවයක් දිනා දුන් චමරි අතපත්තු ඇතුළු පිරිවරට ලංකාදීපයේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු.
මේ දිනවල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ. ප්‍රතිවාදීන් ගල ග්‍රහණයෙන් ගනිමින් සුපිරි හතර දෙනාගේ වටයට පිවිසීමට දසුන් ශානක ඇතුළු පිරිවර සමත්ව සිටිති. ඉදිරි තරග ජයගනිමින් ආසියානු කුසලානය මවුබිමේම රඳවා තබා ගැනීමට දසුන් සහ පිරිවරට හැකි වේවායි යන්න අපගේ ප්‍රාර්ථනය වේ.
ඉහත සාධක නිසාම අනෝරා මහ වැසි මැද වුවද ක්‍රිකට් උණුසුම ගම් නියම්ගම් නගර ජනපද සිසාරා පැතිරී යමින් තිබේ. එහෙත් අපට ලිවීමට තිබෙන්නේ එය නොවේ. විචිත්‍ර ක්‍රිකට් චිත්‍රය අපවිත්‍ර කළ බවට චෝදනා නැගී බන්ධනාගාරගතව සිටින සචිත්‍ර ගැනය. සචිත්‍ර සේනානායක ගැන ය.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක දී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සචිත්‍ර සේනානායක ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉකුත් 6 වැනිදා නියෝග කළේය.
සචිත්‍ර යනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එක් දින හා ටෙස්ට් තරගවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ වෙනුවෙන් යහමින් දායක වූ දක්ෂ ක්‍රීඩකයෙකි. එහෙත් ඔහුට නැගී ඇති චෝදනාව රට නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩකයකුට තරම් නොවන චෝදනාවකි.
පළමුව අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ. දුගී බවම පරම ධනය බවට පත්කර ගත් මේ අඳුරු මවුබිම සැරසූ සාඩම්බර පළඳනාව ක්‍රිකට් ක්‍රීඩාවය. 1996 වසරේ දී අර්ජුන රණතුංග සහ පිරිවර ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමග ලෝක සිතියමේ ඇබැටක් තරම් වූ මෙම පුංචි රට යෝධ විශාල රාජ්‍යයක් බවට ප්‍රතිනිර්මාණය විය. ඓතිහාසික මධ්‍යම කඳුකරයෙන් බිහිවූ මුත්තයියා මුරලිදරන් මෙන්ම ඓතිහාසික දක්ෂිණ දේශයෙන් බිහිවූ සනත් ටෙරාන් ජයසූරිය ද අප රටට අපමණ අගයක් රැගෙන ආහ. අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර පමණක් නොව ‘යෝකර් රජු’ ලෙස විරුදාවලියට පත් ලසිත් මාලිංග ඇතුළු ජාත්‍යන්තරය දිග්විජය කළ බොහෝ ක්‍රීඩකයෝ ජගත් ක්‍රිකට් වංශ කතාවට අලුත් රමණීය පරිච්ඡේද එක් කළහ. ක්‍රිකට් යනු ආගමක් නොවුවද එය ආගමක් මෙන් අදහන තරමට ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ප්‍රේමී ජනතාවක් බිහිව සිටින්නේ ඒ ආනුභාවයෙනි. සචිත්‍රට එල්ලවී ඇති චෝදනාව එම රමණීය සිතුවම මතට වැටුණු වසුරු පිඩක් ලෙස සැලකිය යුතු වන්නේ එහෙයිනි.
ක්‍රිකට් ක්‍රීඩාව සමග මහා ධනයක් ද සම්බන්ධය. එහෙයින්ම ව්‍යාපාරිකයෝ ද බුකීකරුවෝ ද ඔට්ටු තබන්නෝ ද එක පෙළට සිටගෙන සිටිති. ඔවුහු තම මෙහෙයුම් සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් ද කොටු කර ගනිති. මෙරට පමණක් නොව පිටරට විශ්ව කීර්තියට පත් ක්‍රීඩකයෝ ද එම දැලට හසු වූහ. සචිත්‍ර යනු එහි අලුත්ම බිල්ලය.
අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ අදාළ සැකකාර හිටපු ක්‍රීඩකයා ලෝක බුකීකාරයන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා බවය. එමෙන්ම ක්‍රීඩාවේ මෙන්ම රටේ නාමයෙන් මේ අයගේ වෙස් මුහුණු ගලවා දැමිය යුතු බවය.
එම ස්ථාවරයේ අපි ද සිටින්නෙමු.
(***)
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ක්‍රිකට් පිත්තේ ගෞරවය බිඳින්නෝ