IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


කාබයිඞ් පළතුරු රටපුරා

නිරෝගී ජීවිතයක් ප‍්‍රාර්ථනා කරන්නකු දිනකට පළතුරු ග්රෑම් 300-400 ක් අතර ප‍්‍රමාණයක් ආහාරයට ගත යුතු බව පෝෂණ විද්‍යාඥයින් ගේ මතයයි. මේ නිසාම පළතුරුවලට සමාජයේ ඇත්තේ නොමද ඉල්ලූමකි. නාගරීකරණයත් වැඩිවන ජනගහනයත් ඒ ඉල්ලූම දෙගුණ තෙගුණ කර තිබේ. කවර අන්දමකින් හෝ මඩිය තර කර ගන්නා වාණිජ පරමාර්ථ මුදුන්පත් කර ගන්නා ව්‍යාපාරිකයෝ ඒ ඉල්ලූම සපුරන්නට වැරදි මග ගොස් ඉදවාගත් පළතුරු වෙළෙඳ පොළට ගෙන එති. කාබයිට් වායුව ගසා ඉදවා ගත් පළතුරු මෙන්ම කාබයිට් කුඩු පළතුරු මතට දමා පැහැය වෙනස් කරගත් පළතුරුද දිනපතා වෙළෙඳ පොළට එති. නිසියාකාරව ස්වභාවිකව ඉදුණු පළතුරක හා කාබයිඞ් ගසා කෘති‍්‍රම ලෙස ඉදවා ගත් පළතුරක වෙනස දැනගත හැක්කේ එය අනුභව කරන මොහොතේදීය. ඒ වන විට පෙරහැර ගොස් හමාරය. කාබයිඞ් ගැසූ පළතුරු මිනිස් සිරුරට අහිතකර බව පැවසේ. අහිතකර වන්නේ ඇයි? එසේ නම් කාබයිඞ් දමා පළතුරු ඉදවන්නන් අත්අඩංගුවට ගත හැකිද? ඒ කෙසේද? මේ සම්බන්ධව ආහාර විශේෂඥයකුගෙන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ ඉහළ නිලධාරියෙකුගෙන්ද කළ විමසීමකදී ඔවුන් ඉදිරිපත් කළ තොරතුරු ඇසුරෙන් මේ ලිපිය සැකසිණි. කාබයිඞ් ගසා ඉදවූ පළතුරුවලින් ඉවත් විය යුතු යැයි ආහාර පිළිබඳ විශේෂඥයන් පවසන්නේ ඇයි? කාබයිඞ් වායුව හෝ කුඩු ජලය සමග යෙදීමෙන් නිකුත් වන්නේ ඇසිටලින් වායුවයි. එහිදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඞ් පළතුරු මත තැන්පත් වේ. ඒවා පළතුරු ලෙලි මත තැන්පත් වෙනවා පමණක් නොව ඒ තුළින් ගෙඩි තුළට කාන්දුවීමට ඉඩකඩ තිබේ. මෙහිදී අතුරු පළ ලෙස බැරලෝහ බොහොමයක්ද පළතුරු මත තැන්පත් වෙයි. එහිදී ආසනික් වැනි බැරලෝහ තැන්පත් වීම නිසා ඒවා පරිභෝජනය කරන්නන් ගේ ශරීර තුළටද ඇතුළු විය හැකිය. ආසනික් වැනි බැරලෝහ, රෝග රැසකට මුල්වෙයි. විශේෂයෙන් අක්මාගත රෝග, වකුගඩු රෝග, පෙනහළු රෝග, සමේ රෝග ඒ අතර ප‍්‍රධානය. එහෙත් පළතුරු ගෙඩියකින් දෙකකින් මේ තත්ත්වය ඇති නොවෙයි. එය කලක් ගතවී සිදුවිය හැකිය. ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට එකී තත්ත්වය වෙනස්වනු ඇත. ටිකෙන් ටික මරණය ගෙනන මෙවැනි පළතුරු වෙළෙඳපොළට ගෙන එන්නට වෙළෙඳුන්ට ඇති උවමනාව කුමක්ද? ඊළඟට පැන නගින්නේ එම ප‍්‍රශ්නයයි. පළතුරු සඳහා වෙළඳපොළේ ඇති විශාල ඉල්ලූම නිසා වෙළෙඳුන් අඹ, ගස්ලබු, කෙසෙල් වැනි පළතුරු මිලදී ගන්නේ ගස් හෝ පලතුරු වතු බදු ගැනීමෙනි. එසේ බදු ගත් පළතුරු වත්තේ ඇති ඉදුණු පැසුනු ඒවා පමණක් නොව මලෙන් එළියට ආ කුඩා ගැට පවා කඩා ගෙන යන්නේ පළතුරු ගසට හෝ වත්තට ඔහු ගෙවූ මුදල උපරිම ලෙස උපයනු සඳහාය. එසේ ගෙන යන නොපැසුණු පළතුරු ඉදුණු බව පෙන්වා වර්ණ ගැන්වීමට කාබයිඞ් යොදා ගනිති. කාබයිඞ් යෙදීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කොට තිබුණේ පළතුරු ගබඩා කළ කාමරයේ මුල්ලක කාබයිඞ් තබා එයින් වායුව නික්මීමට සලසා එමගින් පළතුරු ඉදීමට සැලැස්වීමයි. අද සිදුකෙරෙන්නේ පළතුරු ගොඩ ගසා ඊට කාබයිඞ් කුඩු ඉස ජලය ඉසීමයි. මෙහිදී එහි ඇති සියලූ ගෙඩි කහපැහැ ගැන්වේ. නමුත් ඒ ලෙල්ල පමණි. මේ පළතුරු පැසී ඉදුනු පළතුරු වලින් වෙන්කොට හඳුනාගැනීමට පාරිභෝගිකයාට නොහැකිවේ. පළතුරක් ඉදීම ස්වභාවික ක‍්‍රියාවලියකි. එකී භෞත රසායනික ක‍්‍රියාවලිය කාබයිඞ් යෙදීමෙන් සිදුනොවේ. ස්වභාවික ක‍්‍රියාවලියේදී පළතුරේ ඇති අම්ල හා පිෂ්ඨය සීනි බවට පරිවර්තනය වී පළතුර මෘදු වේ. පැණි රසවේ. එහෙත් කාබයිඞ් මගින් නික්මෙන ඇසිටිලින් වායුව මගින් සිදුකරන්නේ වර්ණ ගැන්වීම පමණකි. එවිට පළතුර මෘදු නොවේ. පළතුරක ඉදීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබාදෙන ඒතිලීන් වායුව යොදා ගැනීම සඳහා රසායනිකයක් මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අනුමත කොට ඇත. ඒ එත‍්‍රල් වේ. එත‍්‍රල් රසායනිකය මගින් නිකුත් කරන එතිලීන් වායුව මගින් සිදුකරන්නේ පැසුණු පළතුරක් ඉදීම සඳහා උත්තේජනයක් සැපයීමය. සම්ප‍්‍රදායිකව කෙසෙල් දුම් ගැස්සවීමෙන් ඉදවීමේ ක‍්‍රමයේදී ද සිදුකරන්නේ බූව සහිත කොළ වර්ග සමග කෙසෙල් කැන් වළ දමා වළ තුළට දුම් ගසා එම දුම වළතුළ ඇති බූව සහිත කොළ වර්ග රත්වෙද්දී නිකුත් වන එතිලීන් වායුව මගින් කෙසෙල් ගෙඩි ඉදීමට උත්තේජනය සැපයීමයි. කාබයිඞ් වලින් පළතුරු ඉදවීම 1993 අංක 788/7 දරන ආහාර පනතේ රෙගුලාසි අනුව සපුරා තහනම් වේ. එසේ කරන ස්ථාන අල්ලා ගැනීම තරමක් අපහසු වන නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් දී ඇත්තේ පළතුරු ඉදවන ස්ථානවල ඇති ඇටවුම් පරීක්ෂා කරන ලෙසය. එම ස්ථානවල කාබයිඞ් තිබී අසුවුවහොත් පළතුරු ඉදවීම සඳහා කාබයිඞ් යොදාගත් බවට පූර්ව නිගමනයකට පැමිණ නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවස්ථාව තිබේ. කාබයිඞ් දුම ගසා ඉදවූ පළතුරු පියවි ඇසින් පරික්ෂා කිරීමෙන් සොයාගත නොහැකි නමුත්, කාබයිඞ් කුඩු ඉසින ලද පළතුරු විද්‍යාගාර පරික්ෂාවකදී සොයාගත හැක. කාබයිඞ් කුඩු වලට වතුර වැදුණ විට ඇසිටලින් වායුව නිකුත් වීමත් සමගම කැල්සියම් හයිඩ්‍රොක්සයිඞ් ලෙල්ලේ තැන්පත්වේ. ස්වභාවිකව ඉදුණු පළතුරක ලෙල්ලේ කිසිසේත්ම කැල්සියම් හයිඩ්‍රොක්සයිඞ් තැන්පත් වී තිබිය නොහැක. කලකට ඉහත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පළතුරු ඉදවීමට කාබයිඞ් දුම් ගැසීම අනුමත කර තිබූ බව සැබෑවකි. එහෙත් එය අද වන විට වැරදි භාවිතයට එක්ව තිබේ. එය මහ පරිමාණ ජාවාරමක් බවට පත් කරගෙන පාරිභෝගිකයන් මුලා කිරීම දක්වා යන ගමන හේතුවෙන් පාරිභෝගිකයන් සදාකාලිකව රෝගීන් බවට පත්වන තත්ත්වය වැළැක්වීමට ආහාර පනත අනුව ක‍්‍රියාකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පුළුල් බලතල ලබාදී තිබේ. මෙසේ පළතුරු ඉදවන තැනක් හෝ පුද්ගලයෙක්  පිළිබඳව නොඑසේ නම් එවැනි පළතුරු විකුණන්නට ඇති විටෙක ඒ පිළිබඳව ආසන්නයේම වෙසෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දිය හැකි නම් එයද සමාජයට කරන යහපතක් වනු ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක එච්. හපුතන්ත‍්‍රි සහ රජයේ හිටපු රස පරීක්ෂක ඊ.ජී. සෝමපාල යන මහත්වරුන් සමග කළ සාකච්ඡාවකිනි.

සටහන - විනීතා එම්. ගමගේ



අදහස් (0)

කාබයිඞ් පළතුරු රටපුරා

ප්‍රදීප් ගම්මන්පිල Saturday, 04 January 2014 09:11 PM

කාබයිට් වල රසයිනික නාමය කුමක්ද ? එහි සූත්‍රය දන්වන්න ඉන් පසු මම නියම පිළිතුරක් ඔබට දන්වන්නම්.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 06 December 2011 02:26 PM

එව්වා අල්ලන්න තමයි පාරිභෝගික අධිකාරිය තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 470 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 375 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 290 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1404 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 73 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 674 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site