IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


කැබිනට් අමාත්‍යවරුන්ගේ සාමූහික වගකීම කැඩිය හැකිද?

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ගනු ලැබූ කැබිනට් තීරණයක් ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ බවටත් එය කැබිනට් මණ්ඩලයක සාමූහික වගකීම කඩකිරීමක් බවටත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඇමැතිවරුන්ට එරෙහිව පසුගිය දිනවල දැඩි චෝදනාවක් එල්ල කෙරිණි.

මේ චෝදනාව විපක්ෂය මගින් එල්ල කෙරුණත් වඩාත් බරපතළ වූයේ ආණ්ඩුව ඇතුළේම පිරිසක් විසින් කෙරුණු විවේචනයයි. එහි කූඨ ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් සමඟ පැවැති හමුවේ දී පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ එම කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම වැරදි බවය. කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරවලින් ඉවත් වී එය කළ යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

අදාළ ගිවිසුමට එරෙහි වීම සම්බන්ධයෙන් මේ ඇමැතිවරුන් තිදෙනාටම තමන්ගේ පාර්ශ්වයෙන් සඳහන් කළ යුතු කරුණු තිබෙනවා විය හැක. වරක් උදය ගම්මන්පිල ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ තමන් යුගදනවි ගිවිසුමට එරෙහි වන්නේ තමන්ගේ අමාත්‍ය ධුර සම්බන්ධව ගනු ලබන ඕනෑම තීරණයකට මුහුණ දීමට සූදානමින් බවය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව උදය ගම්මන්පිල ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ තමන් අමාත්‍ය ධුරවලින් ඉවත් කළොත් එය බාර ගැනීමට සූදානම් බවය. තමන් ඇතුළු ඇමැතිවරුන් තිදෙනා කළේ හරි දේ යැයි යන ස්ථාවරයේ දිගටම සිටින බව ද ඒ මහතා කියා තිබිණි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව මේ අමාත්‍යවරුන් තිදෙනා ඉදිරියේ ඇත්තේ එකම විසඳුමක් පමණි. එනම් තමන් අතින් කැබිනට් සාමූහික වගකීම කඩ වූ බව පිළිගෙන අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමය.

එසේ නොමැති නම් ඔවුන් ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තීන්දුවක් ගැනීමට බලය තිබේ.

සාමූහික වගකීම යනු රජයක මන්ත්‍රීවරුන් රජයේ තීන්දු වෙනුවෙන් පෙනී සිටීමට ඇති කරගන්නා පොදු සම්මුතියයි. කැබිනට් මණ්ඩලයක සාමූහික වගකීම සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට වඩා බලවත් වෙයි. එහිදී රජය වෙනුවෙන් කැබිනට් මණ්ඩලය මගින් ගනු ලබන තීන්දුවලට සහ ක්‍රියාවලට කැබිනට් ඇමැතිවරුන්ගේ සාමූහික වගවීම ද අපේක්ෂා කෙරෙයි. මන්ත්‍රීවරයකුට රජයේ තීන්දු සහ කටයුතු සම්බන්ධයෙන් තමන්ගේ අභිමතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරමක නිදහසක් ඇත. එවැනි අවස්ථා අතීතයේ ද තිබිණි.

වර්තමානයේ ද දැකිය හැක. එහෙත් ඇමැතිවරයකුගේ වගකීම එයට වෙනස්ය. ඇමැතිවරුන්ට කැබිනට් මණ්ඩලය තුළදී රජයේ ඕනෑම තීන්දුවක් හෝ ක්‍රියාවක් සම්බන්ධයෙන් ඕනෑම විවේචනයක් අදහස් දැක්වීමක් සිදුකළ හැකිය. එහිදී කිසියම් තීන්දුවකට එළඹීමට පෙර ඇමැතිවරුන්ට අවංකව සහ නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමටත් සාකච්ඡා කිරීමටත් අයිතිය හිමිවෙයි. මේ සියලු‍ සාකච්ඡාවල රහස්‍යභාවය රැකීමට ඔවුහු බැඳී සිටිති. එහෙත් කිසියම් තීන්දුවක් සම්බන්ධව කැබිනට් මණ්ඩලය එකඟත්වයකට පැමිණි පසුව එම තීන්දුව පිළිගැනීමටත් රජය සමඟ එම තීන්දුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටත් ඇමැතිවරු පොදු සම්මුතියෙන් බැඳී සිටිති. එසේ නැත්නම් ඔවුන් තමන් දරන ඇමැති ධුරවලින් ඉල්ලා අස්විය යුතුය. 18 වැනි සියවසේ සිට ක්‍රියාත්මක මෙම පොදු සම්මුතිය කැබිනට් ආණ්ඩුවක මුල්ගල බව ශ්‍රී ලංකාව ද අනුගමනය කරන මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම සම්බන්ධ පතපොතේ සඳහන් වෙයි. කෙසේ වුවද යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ දී එවැනි සාකච්ඡාවක් සිදුවී දැයි යන්න පැහැදිලි නැත.

කැබිනට් සාමූහික වගකීම කඩ කළ අවස්ථා ශ්‍රී ලංකාවේ ද පාර්ලිමේන්තු ඉතිහාසයේ සඳහන් වෙයි. මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ මාර්ක් ප්‍රනාන්දු මහතා විසින් දෙන ලද තීන්දුවක් ද උපුටා දක්වා තිබිණි. 1977 දී බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන රජයේ ඇමැතිවරයකු වූ එම්.ඩී.එච්. ජයවර්ධන මහතා අයවැය සම්බන්ධයෙන් සිදුකළ විවේචනයක් හේතුවෙන්ද ඉන්පසුව එම රජයේ වසර 10ක් තිස්සේ මුදල් අමාත්‍ය ධුරය හෙබවූ රොනී ද මෙල් මහතා තම අයවැය කතාවේ දී රජය විවේචනය කිරීම හේතුවෙන් ද අමාත්‍ය ධුර අහිමි වූ අවස්ථාද මෙහිදී සිහිපත් කළ හැකිය. එසේම රජය අසීරුවට පත් කිරීමට කටයුතු කළ බවට චෝදනා ලද සිරිල් මැතිව් මහතාටද අමාත්‍ය ධුරය අතහැරීමට සිදුවිය. මේ අතීතයේ කතා වුවද එය වර්තමානයට ගළපා ගත් විට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මහත්වරු දැන් අමාත්‍ය ධුර අත්හැරීම පිළිබඳ තීන්දුවක් ගතයුතු තැනට තල්ලු‍ වී සිටිති. එසේ නැතහොත් ජනාධිපති විසින් එම තීන්දුව ගැනීමට ඉඩ තිබෙන බව ඔහු පුවත්පත් කතුවරුන් හමුවේ සිදුකළ ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි.

එවැනි තත්ත්වයක් උදා වුවහොත් එය රජය ඇතුළේ බරපතළ දේශපාලන ගැටුමක් ඇති කිරීමට පවා හේතු විය හැකිය. එහෙත් ඇතැම් සුවිශේෂී තත්ත්වයක් යටතේ කැබිනට් අමාත්‍යවරුන්ට රජයේ තීන්දුවක් සම්බන්ධයෙන් තම අභිමතය නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ. එයට හොඳම උදාහරණයක් සැපයෙන්නේද එංගලන්ත පාර්ලිමේන්තුවෙනි. 2016දී යුරෝපා සංගමය සම්බන්ධ ජනමත විචාරණ අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම එම රජයේ ප්‍රධානියා වූ ඬේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයා විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබීය. ඒ හේතුවෙන් බ්‍රෙක් සිට් ජනමත විචාරණයේ දී අමාත්‍යවරුන්ට රජයේ තීන්දුවට එරෙහිව අදහස් දැක්වීමටත් එම තීන්දුව විවේචනය කිරීමටත් අවස්ථාව හිමි විය. එහි දී රජයට විරුද්ධව අදහස් දැක්වූ අමාත්‍යවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සිදු නොවූ අතර ඔවුන් අස්කර දැමීමටද කටයුතු නොකෙරිණි. මෙවැනි තවත් උදාහරණ ඒ රටේ පාර්ලිමේන්තුවේ මෑත කාලීන ඉතිහාසය සමඟ බැඳී තිබේ.

(***)



අදහස් (1)

කැබිනට් අමාත්‍යවරුන්ගේ සාමූහික වගකීම කැඩිය හැකිද?

Deepal Nirosh Tuesday, 04 January 2022 07:56 PM

මෙතන ඇත්ත ගැටළුව ඇමැතිවරයෙකුට අමාතය මණ්ඩල රැස්වීම තුළ තම මතය නිදහසේ හැසිරවීමටත් ඒ අනුව සාමූහික තීන්දු තීරණවලට එළාඹීමටත් අමාත්‍ය මණ්ඩල බලධාරීන් අවස්ථාව නොදීම නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 628 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 432 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 334 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1534 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 85 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 701 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 637 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site