ජීවත් වන්නන්ට කෙසේ වෙතත් මියගිය මිනිසුනට ගෞරව දක්වන්නට සමාජය මැලි නොවේ. උස් පහත් භේදයකින් තොරව මියගිය මිනිසුනට ජීවත් වන්නෝ ගෞරව දක්වති. එසේ වුවද මළ සිරුරු විකුණාගෙන ජීවත්වන අතලොස්සක් මේ සමාජයේ සිටිති. කනත්තේ සිරුරක් මිහිදන් කළතැනක ඉටිපන්දම් නිවී යාමට පෙර වළ හාරා එහි දෙන බහාලූ පෙට්ටිය සොරාගෙන යන පිරිස් අප අවට සමාජයේ වෙති. මේ කියන්නට යන්නේ ඊටත් වඩා නරක ඉතාමත්ම පහත් ලෙස මළ සිරුරු විකුණාගෙන කෑමේ කථාවකි. මෙවැනි සිද්ධි තවත් තැන්වල අඩුවැඩි ලෙස ඇතැයි සිතතත් මේ කියන්නේ සක්සුදක් සේ හෙළිවූ කථාවකි. අබ්දුල් කාදර් මදුරන්කුලිය අනාථ කඳවුරේ සිය දරු තිදෙනා හා බිරිය සමඟ ජීවත්වූවෙකි. මන්නාරමේ පදිංචිකරුවෝ වූ ඔව්හු ත‍්‍රස්ත තර්ජන නිසා මදුරන්කුලියට පැමිණියෝ වෙති. අනාථ වී ජීවත් වීම පහසු නැති බැවින් අබ්දුල් කාදර් සවුදියේ රැකියාවකට ගියේය. වසර 13 ක් සේවය කරමින් අඹු දරුවන් පෝෂණය කළ කාදර් ඉකුත් අගෝස්තුවේ ලංකාවට ආවේය. යළි අනාථ කඳවුරට ගොස් ජීවත්වීම අසීරුවන බැවින් ඔහු ත‍්‍රිරෝද රියක්ද මිලට ගෙන කොළඹ නැවතී කුලී ගමන්වල එය යොදවමින් පවුල නඩත්තු කළේය. ඉකුත් ජනවාරි 18 දා මට්ටක්කුලිය පෙදෙසේ මහමග වැටී මියගොස් සිටි මිනිසෙක් පොලීසියට හමුවිය. ඔහු ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ආවත් කාගේ කවුදැයි හඳුනාගත නොහැකි වූ බැවින් හඳුනා නොගත් මළ සිරුරක් ලෙස පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණි. සැමියා ගැන සති කීපයකින් තොරතුරක් නොමැති බැවින් බිරිඳ හා දරුවෝ අබ්දුල් කාදර්ගේ සොහොයුරන්ට ඒ බව දැන්වූහ. තැන තැන තම සොහොයුරා සොයා ගිය අබ්දුල්ගේ සහෝදරයෝ මුස්ලිම් අවමංගල්‍යාධාර සමිතියේ සභාපති කතාෆ් මහතාගේ උපකාරයෙන් කාදර්ගේ මළ සිරුර සොයා ගත්හ. ඒ ඉකුත් 4 වැනිදාය. අබ්දුල් කාදර්ගේ වැඩිමහල් සොහොයුරා මුස්තාපා මේ සිරුර භාර ගැනීමට ඉදිරිපත් වූයේය. ඔහු හා කතාෆ් පොලිස් මෘත ශරීරාගාරයට ගියේ සිරුර හඳුනාගැනීම සඳහාය. හදිසියේ මහ මඟ වැටී මියගොස් සිටි බැවින් ඒ වනවිටත් මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා තිබිණි. එහෙත් පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මෘත ශරීරය කපා තිබූ අතර එකී විවර කිසිවක් නිසි ලෙස මසා තිබුණේ නැත. අතුනු බහන් හා ග‍්‍රන්තීන් එළියට ඇදි විලසින්ම තිබූ අතර එක් තැනකින් පමණක් කැපුම එක්කොට මැහුමක් ගසා තිබිණි. පොලිස් මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ නිරන්තර අක‍්‍රිය වෙයි. මේ නිසා මේ මළ සිරුර තිබුණේ ද සාමාන්‍ය වාත‍්‍රාශ‍්‍රයේය. එය බෙහෙවින් නරවක් වී දුගඳ හමමින් තිබිණි. කෙසේ වෙතත් ඒ තම බාල මලනුවන්ගේ සිරුරය. මුස්ලිම් ආගමානුකූලව එය ඉක්මණින් මිහිදන් කළ යුතුය. එබැවින් මෘත ශරීරය නිසි ලෙස මසා භාර ගැනීමට මුස්තාපා මෘත ශරීරාගාර සේවකයා සමග කතා කළේය. මෘත ශරීරය මුස්තාපාට පෙන්වීමට බොහෝ උනන්දු වූයේ ද මේ සේවකයාය. ”රුපියල් හයදහක් දෙන්න. හොඳට කරල දෙන්නම්” සේවකයා තම ”ඞීල්” එක ඉදිරිපත් කළේය. අනාථ කඳවුරක වසර ගණනාවක් අනාථව වෙසෙන පිරිසකගෙන් මළ සිරුරක් මසන්නට පමණක් හයදාහක් මේ ඉල්ලන්නේ රජයේ සේවකයෙකි. එපමණක් නොවේ, එසේ ඉල්ලන්නේ ඔහුට රජයෙන් වැටුප් ගෙවන රාජකාරිය කරදීම සඳහාය. ”මං කිව්ව හයදාහක් නම් නැහැ. මා ගාව දෙදාහක් තියෙනවා කියලා. එහෙම කියල දෙදාහ දුන්නම ඒක මගේ මූණට දමා ගැහුවා. පස්සේ මම තව මල්ලි කෙනකුගෙන් රුපියල් 500 ක් ඉල්ලගෙන 2500 ක් දුන්නා. ඊට පස්සේ මහල දුන්නා. හැබැයි අතනින් මෙතනින් මැහුවේ. අපට මිනිය නාවන්න හරි අමාරු වුණා”. මේ ඒ.එම්.එම්. මුස්තාෆා මහතා කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂකවරයාට පැමිණිලි කළ වචනය. මුස්තාෆා එසේ පැමිණිලි කරද්දී එහි වෙනත් හදිසි අනතුරු දෙකක මියයාම් පිළිබඳව ද වැඩිදුර පරීක්‍ෂණවලට පැමිණි දෙදෙනෙක් ද වූහ. එක් අයෙක් විනිප‍්‍රීඩා මහත්මියයි. ඇගේ සැමියා ජනක ජයදේව රජයේ සේවකයෙකි. ඔහු ජනවාරි මුල් භාගයේදී හදිසි අනතුරකින් මිය ගියේය. රජයේ මේ දුප්පත් සේවකයාගේ මෘත ශරරය භාර ගැනීමට පොලිස් මෘත ශරීරාගාරයට ගිය ඔහුගේ බිරිඳ විනිප‍්‍රීඩා මහත්මිය මුස්තාෆා මහතාගේ පැමිණිල්ල ඇසුණු පසු මරණ පරීක්‍ෂකවරයා හමුවේ කී වචනයි. ”අනේ මමත් මගේ මහත්තයගෙ මිනිය ගන්න ගියාම මහන්න 4000 ක් ඉල්ලූවා. මං දුන්නා. මං මේ ගෙනියන්නේ කොහොමද?” හදිසි අනතුරකින් මියගිය අහමඞ් තාජුඞීන්ගේ මරණය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණයට පැමිණ සිටි ඔහුගේ ඥාතීන් ද මරණ පරීක්‍ෂකවරයා හමුවේ කීවේ රුපියල් 5000 ක් මෘත ශරීරාගාර සේවකයන්ට ගෙවූ බවකි. මේ තොරතුරු හෙළිවූයේ ඉකුත් 7 වැනිදාය. ඒ අනුව 8 වැනිදා උදෑසන වනවිට සියලූ මාධ්‍ය ඔස්සේ මේ ම්ලේච්ඡ ජාවාරම හෙළිවී තිබිණි. එහෙත් මේ සටහන තබන 9 වැනිදා වනවිටත් එම සේවකයෝ පෙර පරිද්දෙන්ම කටයුතු කරමින් සිටිති. කෙසේ වෙතත් 8 වැනිදා පෙරවරුවේ මරණ පරීක්‍ෂකවරයා මෙසේ හෙළිවූ සිද්ධීන්ට අදාළ මරණ පරීක්‍ෂණ වාර්තා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත භාර දුන්නේය. ඒ අතරතුර මේ පිළිබඳ තවදුරටත් හෙළි කරමින් එක්තරා පුද්ගලයකු මරණ පරීක්‍ෂකවරයාට පවසා ඇත්තේ තමන් තම ඥාතියාගේ මෘත ශරීරය මසා එය ලබා ගැනීමට එම සේවකයන්ට රුපියල් 16,000 ක් දුන් බවකි. ඒ පිළිබඳව තවදුරටත් සොයන බව අහංගම මහතා පවසයි. මේ අල්ලස් ගැනීම අද ඊයේ සිදුවූවක් නොවේ. මීට වසර 15 කට පමණ පෙර මොනරාගල ප‍්‍රදේශයෙන් පැමිණි දුප්පතකුගෙන් රුපියල් 500 ක් අල්ලස් ලබාගත් බව එම තැනැත්තා හෙළි කළේය. ඔහු කීවේ ගමන් වියදමට ගෙන ආ මුදල් මෘත ශරීරාගාර සේවකයාට දුන් බවකි. මෘත ශරීරයක් භාර ගන්නට යන්නේ ළඟම සමීපතම ඥාතීහුය. මවගේ පියාගේ සහෝදරයා හෝ සහෝදරියගේ නොඑසේ නම් දරුවාගේ මෘත ශරීරය ලබා ගන්නට යන පියකු පුතකු හෝ සහෝදරයකු තම සමීපතමයාගේ සිරුර ගෙල සිට නාභිය තෙක් පළා මොළයේ හිස් කබල ගලවා මොළයේ හා සිරුරේ ඇති ග‍්‍රන්ථි අතුනු බහන් එළියට ඇද තිබෙනු දකින්නට කිසිසේත්ම කැමතිවනු නැත. මෘත ශරීරාගාර සේවකයෝ ඒ බව දනිති එසේ මෘත ශරීරය ඥාතීන්ට පෙන්වූ විට ඉල්ලන ගණනක් දෙන බව ඔව්හු හොඳාකාරවම දනිති. මළ සිරුරින් ඉපැයීම මේ වන විට ජාවාරමක් බවට පත්කරගෙන ඇත්තේ එසේය. ”තමන්ගේ ළඟම කෙනෙක් මිය යාම වේදනාකාරී අත්දැකීමක්. හැම කෙනකුම එවැනි අයකුට අනුකම්පා කරනවා. එවැනි අයකුගේ සංතාපය තව වැඩි කරමින් මෙසේ මුදල් ඉල්ලීම අනුමත කළ නොහැකියි. මේ පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රධානීන් සොයා බලා යම් පියවරක් ගත යුතුයි” අංහගම මහතා පවසයි. මෘත ශරීරාගාරයේ සේවය කරන මේ චෝදනාවට ලක්වන සේවකයන් සතු වාහන මෘත ශරීරාගාරය ආසන්නයේම ඇතැයි අහංගම මහතා කියයි. ”මට එහෙම පැමිණිල්ලකුත් ලැබිල තියෙනවා.” මේ අය දුර පළාතකට කවුරු හරි මෘත ශරීරයක් ගෙන යන්න හැදුවාම ඒක ගිහින් දෙන්න ඉදිරිපත් වෙනවලූ. දන්න වාහනයක් කියල තමන්ගේම වාහනේ යොදවනවා. හැබැයි ඒකෙ යන රියදුරුට එහි කුලිය ගන්න දෙන්නේ නැහැ. ඒ පළාතේ මල් ශාලාව හරහා මේ සේවකයන් එම ප‍්‍රවාහන ගාස්තුව අයකර ගන්න ක‍්‍රම හදාගෙන තිබෙනවා.” අහංගම මහතා පවසන මේ තොරතුරු අනුව නම් පෙනී යන්නේ මේ ජාවාරම කාලයක් තිස්සේ සංවිධානාත්මකව කෙරීගෙන යන බවකි. පිළිකාවක් ඔඩු දුවන්නාක් මෙන් මේ සමාජ අර්බුද ඔඩු දුවන්නට පාලකයන් ඉඩ තබන්නේ ඇයි? මෘත ශරීරාගාරවල ඇති මෘත ශරීර පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු යළි සකස් කිරීම පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීමට ක‍්‍රියා කරන බව අහංගම මහතා ප‍්‍රකාශ කළේය. එය නියෝග මාලාවක් බවට පත් කිරීම මගින් මේ අල්ලස් ගැනීම නවතිනු ඇතැයි ඔහුගේ මතයයි. නීති මගින් නොව මානව දයාව ඔස්සේ මෙවැනි ජාවාරම් නවතන්නට එම සේවක පිරිසම සිතන්නේ නම් වඩාත් යහපත් වන්නේ එයයි.
ජාතික ජන බලවේගය-ජනතා විමුක්ති පෙරමුණ රජයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය සිකුරාදා සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ ඔහු ශ්‍රී ලංකාවේ ජනාධි
පෙබරවාරි 16 වැනිදා ඉරිදා දිනයයි. කලා නිර්මාණවල විශිෂ්ටත්වය පිළිඹිබු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 32 වැනි වරටත් කොළඹ 07, ආන
බල්ලො මරා හෝ සල්ලි හොයා ජොලියේ සිටින්නට කෙටිමං සොයන සමාජය අද වනවිට යථාර්ථයක් වී අවසානය. එය සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර සියල්ලෙහි පිළිල
වසර 2025 සඳහා ඉදිරිපත් කරන ලද රජයේ අයවැය, සංශෝධන කිපයක් සමගින්, වැඩි ජන්ද 114 කින් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා සම්මත විය. ඒ අනුව, ඉදිරි මාස 8 ක කාලය තුළ දී එම අයව
මෑතකදී, ඉන්දියාවේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නා කාලයේ සිට මා දන්නා සහ දැන් එක්සත් ජනපදයේ සේවය කරන මගේ මිතුරියක් නවදිල්ලියේදී මට මුණගැසුණි. මෙම නැවත හමුවී
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
කැපූ මළ මිනිය මහන්නත් කප්පම් ගන්න මිනිස්සු
අරුණ Monday, 13 February 2012 02:37 PM
මෙහෙම අයත් ඉන්නවද? හැමදාම බණ කියන හැමදාම බණ අහන රටක්..