රට අර්බුද සුළියකය. ආර්ථිකය කඩා වැටී තිබේ. ජීවත්වීමට ඇවැසි පහසුකම් හිඟවීම මත ජන ජීවිතය අවුලෙන් අවුලට ගමන් කරමින් තිබේ. කොවිඩ් වසංගතය යළිත් හිස ඔසොවා තිබේ. ඩෙංගු මාරයාද පැමිණ සිටී. නිරිත දිග මෝසම සක්‍රීය වී තිබෙන්නාක් මෙන් පාතාලයද සක්‍රීය වී ඇත. උසාවිය තුළටම ගොස් ප්‍රතිවාදියා ඉලක්ක කර වෙඩි තැබීමට තරම් පාතාලය නිර්භීත වී තිබේ. රටේ මෙම පොදු තත්ත්වය ‘‘මානව ආපදාවක්’’ ලෙස හැඳින්වෙන තත්ත්වයෙන් වෙනස් නොවන්නකි.
ඉහත පරිසරය අප මෙතෙක් අත්දුටු පරිසරයක් නොවේ. මෙම තත්ත්වය මැනවින් වටහා ගන්නා ඕනෑම අයකු ‘‘වරැදි වැඩ’’ ලෙස හඳුන්වන ක්‍රියාවට නොපෙළඹේ. එහෙත් අපේ සමාජය වෙනස්ය. එමෙන්ම අමුතුය. ඕනෑම ආපදා තත්ත්වයක් තමන්ගේ මඩිය තර කර ගැනීමට යොදා ගැනීමට තරම් සැහැසිය. මෙයට සම්බන්ධ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද රුපියල් කෝටි හැටක පමණ වටිනාකමකින් යුත් කැකුළු සහල් තොගයක් මහා පරිමාණයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගනිමින් තිබියදී වාරියපොළ ඊතණවත්ත ප්‍රදේශයේදී පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගත් බව අප පුවත්පත හෙළි කළේය. මෙරට ප්‍රධාන හා ප්‍රසිද්ධ කුකුළු මස් නිෂ්පාදනාගාරයක සත්ව ආහාර නිෂ්පාදන ඒකකයක තිබී මෙම සහල් තොගය සොයා ගෙන තිබේ.
මේ මොහොතේ රටේ සහල් හිඟයක් පවතී. එබඳු තත්ත්වයක මිනිස් පරිභෝජනයට සුදුසු සහල් මෙසේ සත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගැනීම බරපතළ වරදකි. එමෙන්ම මෙම ආයතනය සහල් ආනයනය කර තිබෙන්නේ ජනතාවගේ පරිභෝජනය සඳහා සහල් ගෙන්වීමට දී ඇති අවසරය අවභාවිත කරමින් බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම සහල් තොගය ඉන්දියාවේ සිට ආනයනය කර වරායේ සිට කෙළින්ම මෙම කුකුළු මස් නිෂ්පාදනාගාරය වෙත රැගෙන විත් ඇති බවද අනාවරණය වී තිබේ.
ව්‍යාපාර සහ ජාවාරම් යනු දෙකකි. ව්‍යාපාරයක් ජාවාරමකින් මුළුමනින්ම වෙන් විය යුතුය. එහෙත් අප රටේ එය එසේ සිදු නොවේ. වංචා, හොරකම් හා දූෂණ සම්බන්ධ පුවත් එයට කදිම නිදසුන්ය. ජනතාවගේ පරිභෝජනයට සහල් ආනයනය කිරීමට ලබා දුන් අවසරපතින් සහල් ගෙන්වා ඒවා සත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගැනීමෙන් පැහැදිලි වන්නේද එයයි.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් මෙම කුකුළු මස් නිෂ්පාදනාගාරයේ කටයුතු පරීක්‍ෂා කර බැලීමට ගිය අවස්ථාවේදී සත්ව ආහාර සැකසීම සඳහා තනා ඇති විශාල බොයිලේරුවක් අසල ඉතා පිරිසුදු කැකුළු හාල් ඇට කිහිපයක් වැටී තිබෙනු එම නිලධාරින් දැක තිබේ. එය එතරම් ගණන් නොගත යුත්තක් වූවද නිලධාරීන්ට ඇති වූ සැකයක් මත ආයතනයේ කළමනාකරුගෙන් විමසූ විට ඔහු පවසා තිබෙන්නේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වසර එක හමාරක් පමණ සහල් ඇටයක් හෝ රැගෙනවිත් නැති බවය. එහෙත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සිදු කළ පරීක්‍ෂා කිරීමේදී රුපියල් කෝටි 60ක් පමණ වන සහල් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම වැටලීමට සම්බන්ධ නිලධාරීන්ට අපගේ ප්‍රණාමය හිමි වේ. රුපියල් කෝටි 60ක සහල් තොගය බේරා ගැනීම සඳහා තවත් කෝටි දෙක තුනක් හෝ වියදම් කිරීමට මෙම ආයතනයට හැකියාව නැතැයි අපි නොසිතමු. අප රටේ වංචා දූෂණ හොරකම් සිදුවන්නේ එසේය. එහෙත් මෙම වැටලීමට සම්බන්ධ වූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මිල-මුදලට එසේ නම්මවා ගැනීමට හැකි වී නැති බව සිද්ධිය අවසානයෙන් පැහැදිලි වේ. දරුණු ආර්ථික අවපාතයකට ලක්ව තිබෙන මොහොතකදීත් වෘත්තියේ ගරුත්වය හා අභිමානය රැකගනිමින් රටට සාධාරණය ඉටු කළ එම නිලධාරීන් අගය කළ යුතුමය.
‘මේ රට හදන්න බැහැ’ යැයි මුල් බැස ඇති මතයකි. මන්දයත් චෞර වළල්ලක අත්අඩංගුවට රට පත්ව ඇති හෙයිනි. එහෙත් මේ රට හදන්න පුළුවන් යන විශ්වාසය ඇති කර ගැනීමට සමත් සිදුවීම් ද වේ. වාරියපොළ ඊතණවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කුකුළු මස් නිෂ්පාදනාගාරය වැටලීමට ගිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එම විශ්වාසය බලසම්පන්න කිරීමට හේතු වී තිබේ. රාජ්‍ය සේවයේ නියුතු සියල්ලන්ම මෙලෙස හෘද සාක්‍ෂියට වග කියන රාජකාරියක නියැළෙන්නේ නම් මේ රට වඩාත් යහපත් තැනකට පරිවර්තනය වනු ඇත.
අප හැමදාමත් අවධාරණය කරන එක් කාරණයක් වනුයේ වැරැදි කරන සියල්ලන්ට තරාතිරම් බේදයකින් තොරව දඬුවම් කළ යුතු බවය. මෙම සිදුවීමට අදාළවද අපට ඉල්ලා සිටීමට තිබෙන්නේ එයමය.
(***)
ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව
ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෝටි හැටක කැකුළු හාල් කුකුළන්ට දුන් නරුමයෝ
ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 10 August 2022 11:03 AM
ඒක තමයි කුකුල් මස් මේ තරම් ගණන්
ganegoda Thursday, 11 August 2022 12:53 PM
පණුවෝ ගහපු ගුල්ලෝ ගහපු හාල් නේද මේ සත්තුන්ට දුන්නේ. ඇයි ඇත්ත කතාකරන්න ඔය තරම් බය.
sunil Friday, 12 August 2022 06:18 AM
ඉතා හොඳ සහල් නම් පමා නොකොට රාජසන්තක කොට වෙළඳපොළ මිලට වඩා අඩුකොට ජනතාවට ලබාදෙන්න
fairoos Sunday, 14 August 2022 05:19 PM
නිලධාරීන් ඉල්ලපු ගාන හම්බවෙලා නැතුව ඇති...