හරි වැරද්ද කෙසේ වෙතත් දෙමළ කොටි කත ලේඛිකාවට තම නම හෙළිදරව් නොකිරීමට හේතු ඇත. එම හේතුවලට කෙනකු එකඟ වුවත්, නැතත් එහිදී ඇගේ ස්ථාරවයට ගරු කිරීම අවශ්‍යය. මගේ ආචාරධර්ම අනුව මම ඇගේ කැමැත්ත නොමැතිව ඇගේ නියම නම හෙළිදරව් නොකරමි. ”ෂේනුකා-නිරෝමි” ඇගේ නම හෙළිදරව් කිරීමට සුදානම්  වන තෙක් එය මා විසින් හෙළිදරව් නොකරනු ඇත. මා හිතන්නේ යම් මොහොතක ඇගේ නියම නම හෙළිදරව් කිරීම වැළැක්විය නොහැකි බවයි. එම තීරණය ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ඇය සතුය. මෙහිදී මම යම් උපකාරක සපයමින් වචන කී‍්‍රඩාවක් කරමි. ඇගේ නම නම් තුනකින් සෑදුනකි. ඇගේ පළමු නම උතුරු ඉන්දියානු සම්භාවයකින් යුතු නමුත් දෙමළ ජනයා අතර ප‍්‍රචලිත එකකි. අයර්ලන්ත සම්භවයකින් යුතු දෙවැනි නම් එංගලන්ත-ස්කොට්ලන්ත හා වේල්ස ජනයා පුළුල් ලෙස භාවිත කරති. ඇගේ පියාගේ  නම වන තෙවැන්න සංස්කෘතික භාෂාවට පෙරළුණු දෙමළ නමකි. නම් තුනේ මුල් අකුරුවලින් මම නමක් ගොතා ගත්තෙමි. එනම් ෂර්මිලා යන්නයි. ඇය කොටි සංවිධානය සමග එක්වන දින දක්වා මෙම ලිපියේදී මතු ඇයව හඳුන්වනු ලබන්නේ මෙම නමිනි. ඒ අතර  යම් කෙනකුට ඇගේ නම සම්පූර්ණයෙන් අනුමත කළ හැකි නම් කරුණාකර මගේ අමුත්තකු ලෙස එවන්න. මිනිසකුගේ කුඩා පියවරක් මනුෂ්‍ය සංහතියේ දැවැන්ත ඉදිරි පිම්මක් වනු ඇතැයි කියමින් නීල් ආම්ස්ට්‍රෝන් හඳ මත පය තැබීමට සති කිහිපයකට පෙර දෙමළ කොටි කත ෂර්මිලා මධ්‍යම කඳුකරයේ මහනුවරදී උපත ලැබුවාය. ඇගේ පියා යාපනය උපන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු වන අතර ඇගේ මව උඩරට උපන් ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවකි. කතෝලිකයකු වන පියා යාපනයේ ශාන්ත පැටි‍්‍රක් විද්‍යාලයේ ආදි සිසුවෙකි. හින්දු භක්තික මව විවාහයෙන් පසුව කි‍්‍රස්තියානිය වැළඳ ගත්තාය. මවගේ පියාත් පියාගේ පියාත් දෙදෙනාම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කර තිබෙන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් වශයෙනි. ඉංජිනේරුවකු ලෙස බොහෝ කළක් විදුලිබල මණ්ඩලයේ සේවය කළ පියා  උඩරට ප‍්‍රදේශයේ සේවය කළේය. ෂර්මිලාගේ මව රජයේ දෙපාර්තමේන්තුවක සේවය කරමින් සිටියදී ඔහුට හමුවුයේ එම කාලයේදිය. පසුව ඇය ගුරු සේවයට බැඳුනාය. තැනින් තැනට ගිය මෙම පවුලේ අය කලින් කලට වෙනස් ගෙවල්වල පදිංචිවී සිටයහ. ඔවුන් හැටන්හි ඩන්බාර් වීදියේ පදිංචිව සිටියදී ෂර්මිලා අධ්‍යාපනය ලැබුවේ ශාන්ත ගේබි‍්‍රයල් විද්‍යාලයේය. 1977 දෙමළ විරෝධි ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් පසුව තම වැඩිමල් දියණිය යාපනයේ අධ්‍යාපනය සඳහා යැවීමට දෙමව්පියන් තීරණය  කළහ. ඒ 1978 දීය. ඇය යාපනයේ තුන්වැනි හරස්  වීදියේ තම ආච්චි ළඟ නැවතුනාය. ඇගේ පියාගේ මුල්ගම තල්ලිප්පකාධිනි  වීමම්කාමම් වුවද පවුල පදිංචිව සිටියේ යාපන නගරයේය ටික කලෙකට පසුව අගේ පියා තීරණය කළේ විදේශ රැකියාවකට යාමටය. ඔහු ඩුබායි  බලා ගියේය. මවත් සහෝදරියත් යාපනයට පැමිණියෝය. තුන්වැනි හරස්වීදියේ නිවෙසින් ඉවත්ව ඔවුහු හතර වැනි හරස්වීදියේ පදිංචි වූහ. පසුව ඔවුහු යාපනය රේකා මාවතේ පදිංචියට ගියෝය. ෂර්මිලා වසර කිහිපයක් යාපනයේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙනුම ලැබුවාය. පසුව ඇය යාපනයේ චුන්ඩිකුලි කාන්තා විද්‍යාලයට ගියාය. අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට සාමාර්ථ හතරක් සහ සම්මාන සමාර්ථ හතරක්  ලෙස සමත්වූ ඇය උසස් පෙළ සඳහා ජීව විද්‍යා විෂයයන් (උද්භිද විද්‍යාව, සත්ව විද්‍යාව, රසායන විද්‍යාව, සහ භෞතික විද්‍යාව) හැදෑරීය. එසේ වුවද  කොටි සංවිධානයට බැඳිමෙන් පසුව ඇය තම උසස් පෙළ අධ්‍යාපනය සම්පූර්ණ කළේ නැත. යාපනයේ පැවතියේ අර්ධ වශයෙන් නිදහස් තත්ත්වයකි. සන්නද්ධ හමුදා අඩු වැඩි වශයෙන් කඳවුරු තුළට කොටු වී සිටියහ. පොලීසියේ කි‍්‍රයාකාරිත්වය නැවති තිබිණි. විවිධාකාර සන්නද්ධ කණ්ඩායම් පාලන කටයුතු කළහ. අනතුරු ලෙස පැවතියේ කාලතුවක්කු ප‍්‍රහාර ගුවනින් බෝම්බ හෙලීම හා වෙඩි ප‍්‍රහාරයන්ය. භූමියේ තත්ත්ව පැවැතියේ විවිධ සන්නද්ධ කණ්ඩායම් විවිධ ස්ථාන  පාලනය කිරීමක් වශයෙනි.  එයින් ප‍්‍රධාන කණ්ඩායම වූයේ එල්.ටී.ටී.ඊ.යයි. මුරලි. එස්.එම්.එල්. ටී (විමුක්ති කොටි ශිෂ්‍ය සංවිධානය) නමින්  ශිෂ්‍ය සංවිධානයක් එල්.ටී.ටී.ඊයට තිබිණි. එහි යාපනයේ වැඩ කටයුතු භාරව සිටයේ මුරලි නැමැත්තෙකි. ඔහුට තැලිවියන් කඩා මුරලි කියාද කිවේ එස්.එම්.එල්.ටි. සංවිධානයේ මුලස්ථානය  තාල් වියාන් නාඩුහි පිහිටුවා තිබූ නිසාය. මුරලිගේ නියම නම වේළුපිල්ලේ රත්නසිංහම්ය. ඔහු 1957 ඔක්තෝබර් 10 දා ආවරාන්කාල්හි උපන්නෙකි. ශිෂ්‍ය සංවිධානයේ නායකයා ලෙස මුරලි විශ්වවිදයාලයේ, තාක්‍ෂණික විද්‍යාලයේ  සහ පාසල්වල සිසුන් සමග කටයුතු කළේය. නිදහසේ ගමන් කිරිමෙන් කතා කිරීමෙන් නිදහස තුබු නිසා මුරලි සහ එස්.එම්.එල්.ටි. සංවිධානයේ කි‍්‍රයාකාරීහු නොයෙකුත් පාසල් සහ  විද්‍යාලවලට ගොස් ශිෂ්‍යයන් ඇමතූහ. එස්.එම්.එල්.ටී. සංවිධානය  පැහැර ගැනීමට  හෝ බලෙන් බඳවා ගැනීම සිදු නොකළ අතර බඳවා ගනු ලැබුවේ ක‍්‍රමාණුකූල ප‍්‍රචාරක ව්‍යාපාරයක් මගින්ය. දිනක් මුරලිම ඩුග්ඩිකුලි කාන්තා විද්‍යාලයට පැමිණ ශිෂ්‍යාවන් ඇමතීය. මෙම විද්‍යාලය සැලකුවේ කොළඹ ඇති කාන්තා විද්‍යාලය හා බිෂොප් විද්‍යාලය මෙන් ඉහළ පංතියේ පාසලක් වශයෙනි. චුංඩිකුලි ගැහැනු ළමයින් සංවිධානයට බඳවා  ගැනීම මුරලිට විශාල ගෞරවයක් වන සිදුවීමකි. මුරලිගේ සිත් වසඟ කරන කතාවෙන් පසුව චුන්ඩිකුලි විද්‍යාලයේ උසස් පෙළ පංතියේ ශිෂ්‍යාවෝ හතර දෙනෙක් එල්.ටී.ටී.ඊ ශිෂ්‍ය සංවිධානයට  බැඳීමට කැමැත්ත ප‍්‍රකාශ කළහ. මෙය චුන්ඩිකුලි විද්‍යාලයේ ඉතිහාසයේ එබඳු ප‍්‍රථම සිදුවීමයි.  එය සිදුවුයේ 1986 මැද භාගයේදීය. මේ හතර දෙනා අර ෂර්මිලා සහ ඇගේ පංතියේ වූ හොඳම මිතුරිය අජන්ති (ඇත්ත නම) විය. බාලිකා විද්‍යාලයේ  අධ්‍යාපනය ලබමින් සිට චුන්ඩිකුළි විද්‍යාලයට එකට ඇතුළත්වූ මේ දෙදෙනා වෙන්කළ නොහැකි මිතුරියෝ වූහ. යාපනයේ ස්වාර්ට්ස් පටුමගේ ජීවත්වන අජන්තිගේ පවුලේ උදවියද කතෝලිකයෝ වූහ. මුලතිව් දිස්ති‍්‍රක්කයේ සිට පැමිණ වසර ගණනාවක් කොළඹ ජිවත්වූ ඔවුහු පසුව යාපනයට පැමිණියහ. ඇගේ මිතුරියගේ පියා මෙන්ම අජන්තිගේ පියාද පැටි‍්‍රක් විද්‍යාලයේ ආදී සිසුවෙකි. තිලීපන් මා මෙහිදී පෞද්ගලික සටහනක් තබන්නේ නම් 1986 මෙම කාලයේ මා ජීවත්වූයේද ස්වාර්ට්ස් පටුමගෙහිය. 4 වැනි පටුමගෙහි කාර්යාලය පිහිටා තුබූ ”සැටඬේ රිවීව්”හි සේවය කරමින් එම ස්වාට්ස් පටුමගෙහි මා මිත‍්‍ර ”රාගා”ගේ නිවසෙහි වාසය කළෙමි. එම කාලයේ  යාපනයේ තුබු වාතාවරණය හා තත්ත්වය අනුව තරුණ තරුණියන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලට බැඳෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න පහසුවෙන් අවබෝධ කරගත හැකිය. ෂර්මිලා සහ ඇගේ මිතුරිය  අජන්ති සම්බන්ධයෙන් ගත්විට මුලදී ආකර්ශනීය මතවාදය සහ අවදානම් සහගත දේ කිරීමේ ආශාව ඔවුන් එස්.එම්. එල්.ටි. සංවිධානයට බැඳීමට පෙළඹිමේ හේතුවයි. ටික කලක් කොටි ශිෂ්‍ය සංවිධානයේ කටයුතු කළ පසුව එවකට යාපනය දිස්ති‍්‍රක්කයේ එල්.ටී.ටී.ඊ දේශපාලන කොමසාරිස්වරයාව සිටි රාසයියා පාර්තිබන් හෙවත් තිලීපන්ගේ බලපෑමට ඔවුහු නතුවූහ. ඒ වනවිට යාපනයේ එල්.ටී.ටී.ඊ හමුුදා අණදෙන්නා සහ ප‍්‍රධානියා වුයේ සතාසිවම් පිල්ලෙයි කි‍්‍රෂ්ණකුමාර් හෙවත් කිට්ටුය. එල්.ටී.ටී.ඊ කාන්තා අංශය හඳුන්වන ලද්දේ ”නිදහසේ කිරිල්ලියෝ” වශයෙනි. එයට හේතුව ඔවුන් ඒ නමින්  මාසික සඟරාවක් නිකුත් කිරීමයි. එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ කාන්තා සංවිධානය තිලිපන්ගේ අදහසකි. තිලීපන්ව ඔහුගේ සගයන් විසින් විහිළුවට හඳුන්වන ලද්දේ අමිර්තලිංගම් වශයෙනි. එයට හේතුව තදින්ම හමුදාකරණය වී තුබූ එල්.ටී.ටී.ඊය වැනි සංවිධානයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය සහ දේශපාලනඥයන් කෙරෙහි තිබෙන අවමන් සහගත ආකල්පයයි. මෙලෙස  තිලීපන් සහ දේශපාලන අංශය එල්.ටී.ටී.ඊය තුළ අභ්‍යන්තර වශයෙන් විහිළුවට හා උපහාසයට ලක්වීය. දෙමළ එක්සත් විමක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සහ විපක්‍ෂ නායකව සිටි අන්නපිල්ලේ අමිරිතලිංගම් එම යුගයේ පෙරමුණෙහිම සිටි දෙමළ දේශපාලනඥයාවූ නිසා තිලිපන් වද අමිර්තලිංගම්ගේ අකෘතියක් ලෙස උපහාසයට ලක්කරනු ලැබීය. දෙමළ කොටි කත ලේඛිකාව දෙමළ කවි ලිවීමට පුරුදුව සිටි අතර ඉන් සමහරක් ”නිදහස් කිරිල්ලියෝ” සඟරාවේද එල්.ටී.ටී.ඊය විසින් බලහත්කාරයෙන් අයුතු පාවිච්චියට  ගෙන තුබූ ”ඊලමුරසු” දිනපතා පුවත්පතේද පළ කරනු ලැබීය. ෂේනුකා ශිෂ්‍ය අංශයේ සහ කාන්තා අංශයේ වසරක පමණ කාලයක් සේවය කිරීමෙන් පසුව එල්.ටී.ටී.ඊයට විධිමත් ලෙස සම්බන්ධවීමටත් හමුදා පුහුණුව ලබාගැනීමටත් යෙහෙලියෝ දෙදෙනා තීරණය කළෝය. ඔවුන් දෙදෙනා මෙයට පොළඹවන ලද්දේ යාපනයේ වඩමාරච්චි ප‍්‍රදේශයේ පාලනය නැවත අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා දියත් කළ ”ඔපරේෂන් ලිබරේෂන්”හෙවත් විමුක්ති මෙහෙයුමයි. හමුදා පුහුණුව ලැබීම සඳහා තෝරා ගත් පසුව මේ ගැහැණු ළමයින් දෙදෙනා තම අධ්‍යාපනය අතහැර  තෙන්මාරච්චි ප‍්‍රදේශයේ පිහිටුවා තුබු කඳවුරකට හමුදා පුහුණුව සඳහා ගියෝය. ඔවුන්ට තමන්ගේ ආරූඪ නම්  තෝරා ගැනීමට අවස්ථාව ලැබුණි. අජන්ති ඇගේ මවගේ නම වන නිර්මලා යන්න තෝරාගත් අතර ෂර්මිලා තෝරාගත්තේ ෂේනුකා යන නමයි. ගැටවර වියේ සිටි මේ දෙදෙනාම නියමාකාරයෙන් නම් ”ළමා සොල්දාදුවන්ය.” මෙය යාපනයේ දෙමළ කොටි කාන්තාවන් බඳවා ගත් පළමු කණ්ඩායම වන අතර  හමුදා පුහුණුවක් ලබාදීමේ පළමු අවස්ථාවයි. ෂේනුකාට එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ව පළමුවරට මුහුණට මුහුණ  හමුවීමේ අවස්ථාව හිමිවන්නේ මෙම හමුදා  පුහුණුව අවස්ථාවේදීය. මතු සම්බන්ධයි
ඞී.බී.එස්. ජෙයරාජ් විසිනි /පරිවර්තනය - සී. ජේ. අමරතුංග
දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 1