එල්.ටී.ටී.ය යෙහෙන් රජ කළ සමයේ එහි අභ්‍යන්තරයෙන් එක්වනම පැනනැගුණු දේශපාලනමය මෙන්ම යුදමය කැරැල්ල ඇතිවී දැන් අවුරුදු 10 ක් ම ඉක්ම ගොසිනි. මෙම කැරැල්ලට නායකත්වය දුන්නේ එවක නැගෙනහිර පළාත් නායකයා වූ විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කර්නල් කරුණාය. 2004 අප්‍රෙල් මස 03 වැනිදා සිට 11 වැනිදා දක්වා වූ කාලය අතරතුරදී ඇතිවුණු මෙම කැරැල්ල මැඩපැවැත්වීමට එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් දැඩි පියවර ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ සිය ගණනක් නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඝාතනයට ලක්වීමයි. මෙය එල්.ටී.ටී.යේ ඉදිරිගමන දැඩි සේ පසුගාමී කිරීමටත් හේතුවූ බව නොකිවමනාය.
ජීවිතාරක්ෂාව පතා කර්නල් කරුණා ‘සිංහල‘ දකුණ සැගවීම සදහා තෝරාගත්තේය. එසේ වුවත් තම සංවිධානය දෙදරුම් කැවීමට හේතුව වුණු ඔහුට ලෙහෙසියෙන් ගැලවී යාමට ඉඩදීම එල්.ටී.ටී යේ අදහස නොවිනි. ඔහු හා සමීපව කටයුතු කළ නැගෙනහිර සාමාජිකයින් දඩයම් කිරීමේ යෙදුණු එල්.ටී.ටී.ඊ සංවිධානය අවසානයේ ඔහුගේ එකකුස උපන් සොයුරාද මරා දැමීමට සමත් විය. කරකියා ගන්නට නොහැකි තැන කරුණාට සිදුවූයේ තමන් වරක් අවි ගෙන සටන් වැදුණු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වලින් ආරක්ෂාව පැතීමටය. ඔහු පැතූ ආරක්ෂාව ලබා දීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කටයුතු කළ අතර යුද්ධය ක්‍රම ක්‍රමයෙන් නැගෙමින් එද්දී කරුණා හා ඔහුගේ නායකත්වය යටතේ එක්රැස්ව සිටි නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ‘ටැමිල් මක්කල් විදුතලප් පුලිගල්‘ (ටී.එම්.වී.පී.) නමින් කණ්ඩායමක් පිහිටුවාගෙන ශ්‍රී ලංකා ආරක්ෂක අංශ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ගෙනගිය යුධමය මෙහෙයුම් වලට නොයෙක් ආකාරයෙන් සහය වීමේ යෙදුණි.
කාලය ගතවීමේදී එල්.ටී.ටී ය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වන ලකුණු පෙනෙන්නට ගත් අතර නැගෙනහිර පළාතෙන් එල්.ටී.ටී.ය සම්පූර්ණයෙන්ම පළවා හැරීමටද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත් වුණි. එල්.ටී.ටී.යෙන් නිදහස් කරගත් නැගෙනහිර පළාතේ පළාත් සභා මැතිවරණය 2008 දී පැවති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදි ටී.එම්.වී.පී ය එහි ගමන්මගේ අලූත්ම පිටුවක් පෙරලුයේ එහි සාමාජිකයකු හා කරුණාගේ දකුණු අත වැනි පුද්ගලයෙකු වුණු සිවනේෂ්තුරෙයි චන්ද්‍රකාන්තන් නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා ලෙස පත්කරගැනීමට සමත්වෙමිනි.
නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන රටේ පාලන තන්ත්‍රයට ඈඳා ගැනීමේ කටයුතු සිදුවෙමින් තිබියදී උතුරුකරයේ එල්.ටී.ටී.යට එරෙහි මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස එල්.ටී.ටී.ය මුලතිව් දිස්ත්‍රික්කයේ කරයිතුරයිපට්ටරු ප්‍රදේශයට කොටුකර ගැනීමට ඔවුහු සමත්වූහ. එල්.ටී.ටී.යට උපක්‍රමශීලීව පහර එල්ල කළ ඔවුහු අවසානයේ නන්දිකඩාල් කලපු ඉවුරේදී ප්‍රභාකරන්ගේ ඉරණම විසදමින් එල්.ටී.ටී යට එරෙහිව ගෙනගිය මහා සංග්‍රාමය නිමාවට පත් කළෝය. ප්‍රභාකරන්ගේ දේහය හදුනාගැනීමට කරුණා කැඳවුණු අතර ඔහු තම හිටපු සගයාගේ හා නායකයාගේ නිසල දේහය දෙස දුක්මුසුව බලා සිටිනු එම අවස්ථාවේ ගත් ඡායාරූපයන්ගේ දැක්විණි.
අද දිනයේ කරුණා, රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. එපමණක් නොව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයද උසුලයි. මේ සියල්ල ඔහු එල්.ටී.ටී ය හා ගැටුම් ඇති කරගෙන, අනතුරුව ශ්‍රී ලංකා රජය හා සහයෝගයෙන් කටයුතු කර නෙළා ගත් ඵල වැලය. එල්.ටී.ටී.යට එරෙහිව නැගෙනහිරින් මතුවුණු කැරැල්ල සැබැවින්ම එල්.ටී.ටී.ය හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතර දීර්ඝ කාලයක් පුරාවට ඇතිවුණු ගැටුම් වල හැරවුම් ලක්ෂ්‍යයක් වුණු. කරුණා පිළිබදව සැළකීමේදී ඔහු අවිගෙන කළ සටන් වලදී පසුගාමී වූවත් අනතුරුව දිගහැරුණු සිදුවීම් දාමයක් නිසා ඔහු ක්‍රමයෙන් ඉහළටම නැගීමට සමත්ව සිටී. මෙම ලිපියෙන් අදහස් කෙරෙන්නේ සිදුවී දැනට දස වසරක් ගෙවී ඇති එල්.ටී.ටී යේ නැගෙනහිර කැරැල්ල සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමටයි. ‘මහ කොටියාට එරෙහිව නැගෙනහිර කොටියා‘නැගී සිටීමට පදනම් වුණු කරුණු කාරණා මෙහිදී ගැඹුරින්ම සොයාබැලෙනු ඇත.
සටන්විරාමය
වන්නි එල්.ටී.ටී.ඊ නායකත්වය හා මඩකළපුව - අම්පාර ප්‍රදේශයන්හි එල්.ටී.ටී.ඊ ප්‍රාදේශීය නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අතර වර්ධනය වෙමින් තිබූ නොසන්සුන්කාරී වාතාවරණය කැරැල්ලක ස්වරූපයෙන් පුපුරා ගියේ 2004 මාර්තු 3 වැනිදාය. මේ වකවානුවේදී නෝර්වේ රජය මැදිහත්වීමෙන් ඇතිකරගෙන තිබූ සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් තිබුණු අතර ස්කැන්ඩිනේවියා සටන් විරාම නිරීක්ෂකයින්ට කරුණා දැනුම් දී තිබුණේ මව් සංවිධානයෙන් මිදී ස්වාධීනව මඩකළපුව හා අම්පාර ප්‍රදේශයන්හි පාලන කටයුතු සිදුකිරීමට සැළසුම් කරගෙන යන බවත් එනිසා කොළඹ හා මඩකළපුව අතර වෙනම ගිවිසුමක් ඇතිකළ යුතුයැයි නෝර්වේ රජය දැනුම්වත් කරන ලෙසත්ය. මේ වග නෝර්වේ වෙත දැනුම්දුන් පසු කරුණා 2004 මාර්තු 03 වැනිදා කරදියනාරුහි ‘තෙනගම්‘ ලේකම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් වන්නි එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් මිදී නැගෙනහිර ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ යට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වී ඇතැයි ප්‍රකාශ කළේය. එල්.ටී.ටී.ඊ නායකයින් නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අමතක කර දමා ඇතැයිද ඔවුන් එල්.ටී.ටී.ය වෙනුවෙන් දක්වන දායකත්වය හා සිදුකර ඇති කැපවීම් නොසළකා හැර ඇතැයිද හෙතෙම චෝදනා කළේය. එල්.ටී.ටී.යේ ක්‍රියාත්මක දෙපාර්තමෙන්තු 32 න් එකකවත් මුල්පුටුව නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු හොබවන්නේ නැතැයි ඔහු පැවසීය. සභිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන එල්.ටී.ටී.ඊ මධ්‍යම කමිටුවේ නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ලෙස සිටින්නේ තමා හා කර්නල් පදුමන් පමණක් බවත් ඔහු හා තමා පිළිවෙලින් ත්‍රිකුණාමලය හා මඩකළපුව - අම්පාර ප්‍රාදේශීය නායකයින් බැවින් නිරායාසයෙන්ම කමිටුවේ නිත්‍ය සාමාජිකයින් හැටියට සැළකෙන බවත් ඒ හැර තමන් දෙදෙනාට අමතරව වෙනත් නැගෙනහිර සාමාජිකයින් කිසිවෙකුත් කමිටුවේ නොමැති බවත් ඔහු කීය. එල්.ටී.ටී.ය හා ආරක්ෂක අංශ අතර මේ දක්වා ඇතිව තිබෙන ගැටුම් වලදී වැඩියෙන්ම දිවි දී ඇත්තේ නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යැයි ඔහු කීවේ සංඛ්‍යාලේඛණද පෙන්වමිනි.
නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 4543 ක් දෙනා ගැටුම් වලදී දිවි පුදා ඇතැයි ද එයින් 2302 දෙනකු උතුරුකරයේ සිදුවූ ගැටුම් වලදී ජීවිතක්ෂයට පත්වූවන් යැයිද හෙතෙම පැවසීය. අනෙක් 2241 දෙනා දිවි දී තිබෙන්නේ නැගෙනහිර ඇතිවුණු ගැටුම් වලදී යැයි ඔහු කීය. මේ සා කැපවීමක් කර ඇතත් සාමය ස්ථාපිත වී ඇති මේ සමයේ එල්.ටී.ටී.ඊ නැගෙනහිර සාමාජිකයින්ට සාධාරණ ගනුදෙනුවක් සිදුකර දීමට එල්.ටී.ටී.ඊ නායකයින් අපොහොසත්වී ඇතැයි ඔහු චෝදනා කළේය.
මෙයත් සමග එල්.ටී.ටී යේ නැගෙනහිර පාර්ශවය එල්.ටී.ටී.යට එරෙහිව කැරලිගසා ඇතැයි පුවත පැතිර ගියේ ලැව්ගින්නක් සේය.
කැරැල්ල ආරම්භයේ සිටම කරුණා උත්සාහ කළේ කොළඹ සමග වෙනම අවබෝධතාවයක් ගොඩනගා ගැනීමටය. නෝර්වේ සාම නියෝජිතයින් ලවා කොළඹ හා තමා අතර නව අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට ඔහු උත්සාහ කළ අතර එවැන්නක් ඇති කරගන්නා තෙක් පවතින අවබෝධතා ගිවිසුම ප්‍රකාරව කටයුතු කරන්නේයැයි ඔහු පැවසීය. ඔහුට අනුව පැවතුණු අවබෝධතා ගිවිසුම ඔහුට වලංගු නොවුනි. තමන්ට කොළඹ හා කිළිනොච්චිය යන දෙපක්ෂයම සමග එකවර ගැටෙන්නට හැකියාවක් නොමැති බව කරුණා හොදින් දැන සිටියකි. මේ නිසා එක් අවස්ථාවකදී කොළඹ සමග එකගතාවයකට ඒමට පවා ඔහු උත්සාහ කරනු පෙනුණි.මේ බව දුටු එල්.ටී.ටී.ය ඉක්මනින් ප්‍රතිචාර දක්වමින් කරුණා හා ගිවිසුම් ඇතිකර ගැනීමට රජය සැරසෙන්නේනම් සටන් විරාම ගිවිසුමෙන් බැහැර වන බවට තර්ජනය කළේය. මේ නිසා රජයට සිදුවූයේ කරුණා හා සබඳතා ඇති කර ගැනීමට ගෙන තිබූ පියවරයන් සියල්ල අත්හිටුවීමටය.
රජය සමග සබදතා ඇති කර ගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ කර දැමීමට එල්.ටී.ටී.ය කටයුතු කළද ඔවුන් එතැනින් නතර වන බවක් නොපෙනුනි. කරුණාව නැත්තටම නැති කිරීමට එල්.ටී.ටී.ය උත්සාහ කරන සෙයක් පෙනෙන්නට තිබුණු අතර ඔවුන්ගේ සහයටම මෙන් පාර්ලිමෙන්තු මැතිවරණයන් පැවැත්වීමට දින යොදා තිබුණේත් අප්‍රේල් දෙවැනිදාය. එල්.ටී.ටී.යේ ආධාර අනුබල ඇතිව ක්‍රියාත්මක වූ දෙමළ සන්ධානයට උතුරේ පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගත හැකි බව පෙනෙන්නට තිබුණු අතර මෙය කරුණා තවත් අධෛර්යමත් කරන්නට යොදාගැනීමට එල්.ටී.ටී.ඊ සංවිධානය කටයුතු කරනු දැක ගත හැක විය. එල්.ටී.ටී.ය අපේක්ෂා කළ පරිදිම දෙමළ ජාතික සන්ධානය පාර්ලිමෙන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක් අත්පත් කරගත්තේ ආසන 22 කට හිමිකම් කියමිනි.
නිසලතාවය
කුණාටුවකට පෙර මුහුද මෙන් දෙපාර්ශ්වය අතර පැවතුණු නිසලතාවයේ ආවරණය ලැබගෙන දෙපාර්ශ්වයම ළග කුණාටුවට සූදානම් වීමේ යෙදුණි. කරුණා පාර්ශවය හා එල්.ටී.ටී.ය අතර යුධ ශක්තිය බෙදී තිබුණු ආකාරයේ කිසිදු පිළිවෙළක් දක්නට නොතිබුණු අතර බෙදී තිබුණු ආකාරයද බෙහෙවින් අපහැදිලි විය. එම වකවානුවේ අමතර භටයින් නොමැතිව එල්.ටී.ටී.යට 25000 ක පමණ එල්.ටී.ටී.ඊ කාඩරයින් පිරිසක් සිටි අතර එයින් 7000 ක් පමණ තවදුරටත් යුද වැදිය නොහැකි ඡ්‍යෙෂ්ඨ සාමාජිකයින් හෝ තුවාළ ලැබ හෝ ආබාධිත වී හෝ සිටිනා සාමාජිකයින් වුණි.මෙනිසා එල්.ටී.ටී.ය සතුව සක්‍රීය ක්‍රියාන්විතයන්ට යෙදවිය හැකි භටයින් සිටියේ 18000 ක් පමණ ප්‍රමාණයකි. මෙම භටයින් අතරට කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයම ඇතුලත් විය.
ඔවුන් අතරින් 7500 ක් පමණ දෙනා මඩකළපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්ගේ පදිංචිකරුවන් විය. නැගෙනහිර පදිංචිකරුවන් වුවද මෙම 7500 දෙනාම ස්ථාන ගත කර සිටියේ නැගෙනහිර පළාතේ නොවේ. ගැටුම කරලියට පැමිණෙන විට ඔවුන්ගෙන් 1800 ක් දෙනා ස්ථාන ගත කර සිටියේ උතුරේය. කරුණා හා ප්‍රභාකරන් දෙපාර්ශවය වෙන්වුණු පසු නැගෙනහිර පළාතේ කරුණා යටතේ සිටි තවත් 200 ක පමණ පිරිසක් පලා ගොස් වන්නි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සමග එක් විය. පෙර කී 1800 දෙනාගෙන් 600 දෙනෙකු විශේෂ ඒකකයකට අනුබද්ධ කොට තිබුණි. ජෙයනාන්තන් සේනාංකයේ පළමු භට කණ්ඩය ලෙස ඔවුන්ව හැදින්වුණු අතර ඔවුන්ගේ අණ දෙන නිලධාරියා වූයේ ජෙගතාන්ය. මෙම කණ්ඩායමේ භටයින් කිලාල්-එලූතුමණ්ඩුවාල්-නාගර් කෝවිල් යන ප්‍රදේශ ඔස්සේ වැටී තිබූ යාපනය අර්ධද්වීපයේ නැගෙනහිර සීමාවේ ස්ථාන ගත කර සිටි අතර ඔවුන් යාපනය අර්ධද්වීපයේ දකුණු දිග මුහමලේ ප්‍රදේශයේ පිහිටුවා තිබූ ආරක්ෂක කපොලූ හා මුර කුලූනු වල සේවය සදහාද යොදවා තිබුණි.
කරුණා කැරළි ගැසීමත් සමග මෙම සේනාංකයේ සිටි සියලූදෙනා ඔවුන් කරමින් සිටි රාජකාරි වලින් පහ කොට ඔවුන්ගේ අවි ආයුධ ඉවත් කරගෙන ඔවුන්ව නිවාස අඩස්සියට පත් කිරීමට වන්නියේ එල්.ටී.ටී.ඊ නායකයෝ කටයුතු කළහ. ඔවුන් සියලූ දෙනා පොට්ටු අම්මාන් හා ප්‍රභාකරන්ට පක්ෂපාත නැගෙනහිර එල්.ටී.ටී.ඊ නායකයින්වූ රමේෂ්, රාම්, ප්‍රභා හා රාමනන් වැන්නවුන්ගේ ප්‍රශ්න කිරීම් වලට නිරන්තරයෙන් ලක්කෙරුණි. මෙම 600 දෙනාට අමතරව නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 400 දෙනෙක් ඉහළ තලයේ එල්.ටී.ටී.ඊ නායකයින්ගේ පෞද්ගලික ආරක්ෂකයින් ලෙස සේවය කරමින් සිටියහ. 200 කින් යුතුවූ ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂක බලකායේ 75 දෙනෙකුම නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වීමද විශේෂය.
තවත් 800 ක නැගෙනහිර කොටි සාමාජිකයෝ උතුරේ එල්.ටී.ටී.යේ විවිධ දෙපාර්තමෙන්තු හා අංශවල සේවයේ නියුතව සිටියෝය. මුහුදු කොටි බළකාය, බුද්ධි අංශය, ආර්ථීක කටයුතු අංශය, ආදායම් අංශය, වෛද්‍ය කටයුතු, කාලතුවක්කු අංශය, ගැහැණු හා පිරිමි දේශපාලන අංශ, සන්නිවේදන කටයුතු,දිවි කොමාන්ඩෝ බලකාය, පරිපාලන කටයුතු ආදී අංශ හා දෙපාර්තමෙන්තු වල නැගෙනහිර සිටි පැමිණී එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැළකිය යුතු පිරිසක් සේවය කරනු දැකගත හැකිවිය. මුහුදු කොටි බලකායට බදවාගෙන සිටියවුන්ගෙන් බහුතරය හා මරාගෙන මැරෙන කලූ කොටි බලකායට බදවාගෙන සිටියවුන්ගෙන් බහුතරයද නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වුණි. එල්.ටී.ටී.යේ පැවති දෙපාර්තමෙන්තු 32 න් එකකවත් මුල් පුටුව නැගෙනහිර සිට පැමිණි එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු හෙබවූයේ නැත. ඒ සියල්ලට එල්.ටී.ටී.ඊ නායකත්වය පත් කර තිබුණේ සුදුසුකම් ඇති උතුරේ පදිංචි එල්.ටී.ටී.ඊ සාමාජිකයින්වය.
උතුරේ සේවය කළ නැගෙනහිර සිටි පැමිණි ප්‍රධාන පුද්ගලයින් සිටියේ තිදෙනෙක් පමණක් අතර ඔවුන් වූයේ එල්.ටී.ටී.ඊ පරිපාලන අංශයේ ලේකම් පුලිදේවන්, වෛද්‍ය කටයුතු භාරව කටයුතු කළ නාලන් හා සන්නිවේදන කටයුතු භාරවී තිබුණු රොෂාන්ය. හොදින් හදුනාගෙන සිටි කිහිප දෙනෙකු හැරෙන්නට නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නොනවත්වාම ප්‍රශ්න කිරීම් වලට ලක්කෙරුණි. විශ්වාසවන්ත, වන්නි එල්.ටී.ටී.ඊ නායකයින්ට පක්ෂපාත හා කරුණා සමග සටන්වැදීමට කැමැත්තෙන් සිටින නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තොරාගත් උතුරේ එල්.ටී.ටී.ඊ නායකයන් ඔවුන්ව විශේෂ ඒකක වලට අනුයුක්ත කිරීමට කටයුතු කළේ කරුණාට එරෙහි ගැටුම් වලදී ප්‍රයෝජනයට ගැනීමටය.
කලාපයේ තත්ත්වය
එල්.ටී.ටී.ය හා කරුණාගේ බෙදීම සිරස් තලයේ මෙන්ම තිරස් තලය ඔස්සේද සිදුවූවක් විය. 7500 ක නැගෙනහිර එල්.ටී.ටී.ඊ කාඩරයින්ගෙන් 1800 ක් උතුරේ මර්මස්ථාන වල ස්ථාන ගත කර තිබූ නිසාවෙන් හා උතුරු හා නැගෙනහිර ලෙස එල්.ටී.ටී.යේ බෙදීමක් ඇතිවන ලකුණු පෙනෙන්නට තිබූ නිසාවෙන් දෙකෙහි එකතුවක් ලෙස උතුරේ එල්.ටී.ටී.යට භයංකර ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවන ලකුණු පෙනෙන්නට තිබුණි. මෙනිසා තත්ත්වය ප්‍රවේසමින් හැසිරවිය යුතු විය. උතුරේ අනුයුක්ත කර සිටි නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පළවා හැරීමට කටයුතු කළහොත් ඔවුන් රාජකාරි කරමින් සිටි උතුරේ ඇතැම් ප්‍රදේශයන් සම්පූර්ණයෙන්ම පාහේ අක්‍රීය වී බලරහිත වීමත් අනෙක් අතට උද්ගතව තිබූ තත්ත්වය අනුව උතුරේ ස්ථාන ගත කර සිටි නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් උතුරේ ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජනයත් එල්.ටී.ටී.ඊ නායකත්වය හමුවේ වුණු ප්‍රධාන ගැටළු වුණි. මෙම සාමාජිකයින් වෙනම රදවාගෙන සිටීමද නොකළ හැක්කක් විය. මෙනිසා එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ට ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ගැනීමට තිබූ එකම මාර්ගය වූයේ ඔවුන් යුද්ධයට යැවීමයි. එල්.ටී.ටී.ඊ සංවිධානයට ඇති පක්ෂපාතීත්තවය පෙන්වීමට අවැසි නම් තම සෙසු නැගෙනහිර සගයින් හා යුද වැදී පෙන්වන්නැයි ඉල්ලා උතුරේ සිටි නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යුද්ධයට හවුල් කර ගැනීමට ප්‍රභාකරන්ට අවස්ථාව තිබුණි.
යුධමය හා දේශපාලනිකමය අතින් කරුණා හා ගැටීමට එල්.ටී.ටී.ඊ යේ උතුරේ කාඩරයින් නැගෙනහිර වෙත යැවීමට ප්‍රභාකරන් අපොහොසත්වූවා මෙන්ම ඊට ඔහුගේ කැමැත්තක්ද නොවීය. ඔහුට අවැසි වූයේ නැගෙනහිර කාඩරයින් ලවාම කරුණාට පහර එල්ල කිරීමටයි. උතුරේ කාඩරයින් ලවා කරුණාට පහර එල්ල කර අනතුරුව මුහුණදීමට සිදුවන දේශපාලනික ප්‍රතිවිපාකයින්ගෙන් ගැලවී ගැනීම ඔහුගේ අරමුණ විය. උතුරේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හා ගැටෙනවා යනු උතුර හා නැගෙනහිර තවදුරටත් බෙදා වෙන් කිරීමක් වන බව ඔහු හදුනාගත්තේය. මෙනිසා එවැනි වාතාවරණයක් ඇතිවීමට නැගෙනහිර හා නැගෙනහිර අතර ඇතිවන ගැටුමක් නිර්මාණය කිරීම ප්‍රභාකරන්ට වැදගත් වුණි.
ඒ සදහා ඔහු කරුණාගේ කැරලි ගැසීමෙන් පසු මඩකළපුවේ සිට කිළිනොච්චියට පළා ආ එල්.ටී.ටී.යේ නැගෙනහිර නායකයින් නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මෙහෙයවීම සදහා තෝරා ගත්තේය. රමේෂ් අම්පාර හා මඩකළපුව යන ප්‍රදේශ 2 සදහා විශේෂ ප්‍රධානියා ලෙසත්, රාම් යුද කටයුතු සම්බන්ධයෙන් ප්‍රධානියා ලෙසත් එම කටයුතු සදහා නියෝජ්‍ය ප්‍රධානියා ලෙස ප්‍රභාත්, රාමනන් බුද්ධි අංශ ප්‍රධානියා ලෙසත්, කෞෂල්‍යන් දේශපාලන කොමිසාර්වරයා ලෙසත් පත්කරණු ලැබුණි.
මේ බැව් සැළවීමෙන් පසු කරුණා ද තමන්ගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ තනතුරු වෙනසක් සිදුකිරීමට කටයුතු කළේය. ඒ අනුව රබාට් ජ්‍යෙෂ්ඨ යුද ප්‍රධානියා ලෙසත් ඔහුගේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස ජිම් කෙලී තාතාත්, විසු දේශපාලන කොමසාරිස්වරයා ලෙසත්, තුරෙයි පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නව ප්‍රධානියා ලෙසත්, නීලනී කාන්තා බලඇණියේ ප්‍රධානියා ලෙසත්, ප්‍රේමණී කාන්තා දේශපාලන අංශ ප්‍රධානියා ලෙසත්, බාවා අම්පාර දිස්ත්‍රික් ප්‍රධානියා ලෙසත් පත්කරනු ලැබූහ. මෙම අවසානයට සදහන් කළ බාවා පසු අවස්ථාවකදී පැති මාරු කර උතුර හා එක්විය.
බෙදීම සිදුවූ කාලයේ නැගෙනහිර වූ 7500 ක එල්.ටී.ටී.ඊ කාඩර්වරන්ගෙන් 5700 ක දෙනා සිටියේ මඩකළපුවේ හා අම්පාරේය. ජෙයනාතන් සේනාංකයේ භට කණ්ඩ 2 ක් කරුණාගේ අණ යටතේ තිබුණු අතර විසලාතන් හා විනෝතන්ගේ සේනාංක, අන්බරසි හා මාතනා කාන්තා සේනාංක, ජොන්සන් කාලතුවක්කු සේනාංකය ඔහුගේ අණ යටතේ තිබුණු අනෙක් සේනාංකයන් විය. නැගෙනහිර කාඩර්වරුන් සියල්ල පුහුණුව ලැබූයේ බාලේන්ද්‍ර භට පුහුණු විදුහලෙන් වන අතර මේ නිසාම සියලූම ආරම්භක හා මධ්‍යම ශ්‍රේණි වල පුහුණුව ලබමින් සිටි නවක භටයින්ද කරුණා සතු වුනි.ඔහු සතුව පැවති තවත් දෙයක් වූයේ ප්‍රහාරක හැකියාවෙන් ඉහළම තලයක වූ බර අවි රැසකි.මේ අවි ශී්‍රලංකා රජය හා නැවත ගැටුමක් හටගතහොත් යොදාගන්නට ගෙනැවිත් තිබූවන් වූ අතර ඒවා මඩකළපුව නගරයේ පිහිටා තිබූ හමුදා කදවුර,විීචුකල්මුනේ - පුදුූර් සංකීරණය,වුවුනතිව් හා කල්ලඩි හමුදා කදවුරු යන ස්ථාන ඉලක්ක කර ස්ථාන ගත කර තිබුණේ අවශ්‍ය වේලාවකදී ප්‍රහාර එල්ල කිරීමටය.මේ අවි සියල්ල උතුරේ සිට එල්ල කෙරේයැයි අපෙක්ෂාකෙරුණු එල්.ටී.ටී.ඊ ප්‍රහාරයකට මුහුණදීමට ති්‍රකුණාමලය දිස්ති්‍රක්කයේ දකුණු ප්‍රදේශයේ මායිම වන වෙරුගල් ගං ඉවුරේ යළි ස්ථාන ගත කෙරුණි.
ති්‍රකුණාමලය
ති්‍රකුණාමලයේ එල්.ටී.ටී.ඊ අණදෙන්නා වූ සෝර්නම් කෙරෙහි ප්‍රභාකරන් විශ්වාසය තබා තිබුණි.සෝරනම්ට පැවරී තිබුණු වගකීම වූයේ ති්‍රකුණාමලයේ සිට මඩකළපුව දක්වා එල්.ටී.ටී.ඊ බලය තහවුරු කිරීමය.ඒ සදහා පියවරක් ලෙස ඔහු වෙරුගල් ගගෙහි උතුරු ගං තීරයේ කදවුරු බැදීම ඇරඹිීය.ති්‍රකුණාමලය හා මඩකළපුව දිස්ති්‍රක්ක වෙන් කරන වෙරුගල් ගග කිඹුලන්ගෙන් ගහණ වූවකි.වෙරුගල් ගග හරහා සිදුවන ආක්‍රමණයක් වැළැක්වීමට කරුණා මාවඩිචෙනල් ප්‍රදේශයේ 800 ක පමණ කාඩර්වරුන් පිරිසක් ස්ථාන කිරීමට කටයුතු කළේය.මෙම පිරිසට අණ දුන්නේ කරුණාගේ සොහොයුරා වන රෙජීය.මෙයට අමතරව මුහුදු කොටි ආක්‍රමණයක් එල්ලවේයැයි අපේක්ෂාවෙන් මඩකළපුවේ උතුරු දිග පිහිටි වාකරේ,කලූවන්කර්නේ,පනිචන්කර්නේ යන වෙරළ තීරයන් වල කරුණාගේ අණින් මුර සංචාරයන් සිදුකෙරුණි.නැගෙනහිර පිහිටි මුහුදු කොටි කදවුරු 3 වූ වාකරේ,පාල්චේනයි,සහ චල්ලයිතිව් පාලනය කෙරුණේත් කරුණා යටතේය.ප්‍රධාන මහාමාර්ගයන් හා ට්‍රක් රථ මාර්ගයන් වල නිරන්තරයෙන් මුර සංචාරයන් සිදුකෙරුණි.සැකකටයුතු වාහන හා පුද්ගලයින් දැඩි සේ පරීක්ෂා කිරීමට ලක්විය.දිස්ති්‍රක්ක අභ්‍යන්තරයට දිවෙන මහාමාර්ගයන්ගේද මුර සංචාරයන් දියත් කෙරුණු අතර ඒවා නිරතුරුවම සෝදිසි කිරීමට ලක්විය.එල්.ටී.ටී.යේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ගේ සහචරයින් මඩකළපුව දිස්ති්‍රක්කයට රහසේ ඇතුල්වනු ඇතැයි කරුණා සිටියේ බියෙනි.රහසිගත මාර්ග ඔස්සේ සිදුවිය හැකි මහා පරිමාණ ආක්‍රමණයක් කෙරෙහිද හෙතෙම සැක උපදවීය.ඝණ වනය මැදින් උතුර හා නැගෙනහිර යා කරන ප්‍රසිද්ධ ‘බේරූට් ටේල්‘ මාර්ග ති්‍රත්වයද නිරතුරුවම සෝදිසි කෙරුණි.හැකිතාක් කාලයක් මඩකළපුව දිස්ති්‍රක්කය ආක්‍රමණයකින් නිදහස් කර තබා ගැනීම කරුණාගේ අභිප්‍රාය විය.
තමන්ව ආරක්ෂා කර ගැනීමේ තවත් පියවරක් ලෙස කරුණා මඩකළපුව දිස්ති්‍රක්කයේ සිටි උතුරේ එල්.ටී.ටී.ඊ සංවිධානය හා හොද සබදතා ගොඩනගාගෙන තිබූ පුද්ගලයින් දිස්ති්‍රක්කයෙන් නෙරපා හැරීමටද පටන් ගත්තේය.එල්.ටී.ටී.ඊ උසාවි සංකීරණ,පොලිස් ස්ථාන,බදු අය කර ගැනීමේ කාර්යාල,බුද්ධි අංශ කාර්යාල,පරිපාලන කාර්යාල සියල්ල වසා දැමූ ඔහු එවායේ සේවය කරමින් සිටි නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සියලූදෙනා දිස්ති්‍රක්කයෙන් පිටමං කර දැමිීය.මඩකළපුව සරසවියට යාපනයේ සිට පැමිණ සිටි ආචාර්යවරුන් හා සිසුන් කිහිප දෙනෙකුම නැගෙනහිරින් එළවා දැමිීමටද ඔහු කටයුතු කළේය.යාපනයේ පදිංචිකරුවන් වූ වෙළෙදුන් කිහිපදෙනෙකු හා වෘත්තිකයින් කිහිපදෙනෙකු බියගන්වා පළවා හැරීමටද ඔහු කි්‍රයා කළේය.මෙම කටයුතු සියල්ල කරුණා හැදින්වූයේ එල්.ටී.ටී.ය වෙත පීඩනයක් එල්ල කිරීමට ගන්නා උපායමාර්ගයන් ලෙසය.නමුත් මේවායේ ප්‍රතිඵලයක් ලෙස මඩකළපුවේ වාසය කළ උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාව අතර ඛෙදීමක් නිර්මානය වූයේ ඉබේමය.
යුධමය කරුණු සම්බන්ධයෙන් කරුණාට ගැටලූකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.නැගෙනහිර සිටි කාඩර්වරුන් 5700 දෙනාගෙන් 2000 ක දෙනා යුද්ධයක් පිළිඹද අත්දැකීම් නොමැති තරුණ පුද්ගලයෝ වූහ.මොවුන් අතරින් බහුතරය සටන්විරාම සමයේ බදවාගත්තවුන් විය.කරුණාගේ කාඩර්වරුන් 1000 ක් පමණ ප්‍රකාශ කර සිටියේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මධ්‍යස්ථව සිටීමට තමන් කැමති බවයි.එනිසා තමන් ‘තාවකාලිකව‘ එල්.ටී.ටී.ය අත්හැර යන බව ඔවුන් ප්‍රකාශ කරන්නට යෙදුණි.ඔවුන් බලෙන් සටනට යෙදවීම නිරර්ථක කි්‍රයාවක් බව හදුනාගත් කරුණා ඔවුන්ට යෑමට ඉඩ හළ අතර මෙම පුද්ගලයින්ගෙන් 200 ක් උතුරට පළා ගොස් එල්.ටී.ටී.යේ උතුරු නායකත්වය හා එක්විය.අලූතින් බදවා ගත් තරුණ කාන්තා කාඩර්වරියන් 500 ක් පමණ නැවත ඔවුන්ගේ නිවෙස් කරා යැවීමටත් කරුණා කටයුතු කළ අතර ඔවුන්ව අමතර භට පිරිස් හැටියට සළකන බවත් සේවය අවශ්‍ය වූ විට කැදවීමක් සිදුකරන බවත් ඔවුන්ට දැනුම්දී තිබුණි.මෙසේ ඔවුන්ව නිවෙස් බලා පිටත්කර හැරීමට කටයුතු කිරීමෙන් ඔවුන්ට ආහාර සැපයීමට හා ඔවුන්ගේ වෙනත් කටයුතු වෙනුවෙන් දැරීමට සිදුවූ මුදල ඉතිරි කර ගැනීමට කරුණා පාලනයට හැකිවිය.මේ වකවානුවේදී නැගෙනහිර පිරිමි හා කාන්තා කාඩර්වරුන් අතර අනුපාතය 3 ට 2 ක් විය.
සොහොයුරන් මැරීම
කරුණා ගැටලූව ලේ සෙළවීමකින් තොරව විසදා ගත හැකි වනු ඇතැයි ප්‍රභාකරන් මුලදී ප්‍රකාශ කර තිබුණත් බොහෝ නැගෙනහිර දමිළයින් විශ්වාස කළේ එය එසේ නොවනු ඇති බවයි.මහා ලේවැගිරීමක් සිදුවනු ඇතැයි ඔවුන් සිටියේ බියපත්වය.මෙයද ප්‍රභාකරන්ගේ වාසියටම සිදුවූවක් වූයේ සොහොයුරන් අතර සිදුවන්නට යන ගැටුමකට මුල් නොවන්නැයි කරුණාට අභ්‍යන්තරයෙන් එල්ල වන්නට ගත් පීඩනයකටත් මුහුණ දීමට සිදුවන්නට ගත් නිසාය.
කැරැල්ලෙන් පසු මාධ්‍ය සාකච්ඡාවන් ගණනාවකට එක්වූ කරුණා ඒවායේදී ප්‍රභාකරන්ව හෑල්ලූවට ලක්කරමින් අදහස් පළ කළ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහමොළකරු තමා යැයිද එල්.ටී.ටී.යේ සියලූ සාර්ථක ප්‍රහාරයන් සැළසුම් කළේ තමන් යැයිද ඔහුව හදුන්වාගැනීමේ යෙදුණි.නමුත් උතුර හා නැගෙනහිර අතර ගැටුම ඇරඹුණු පසු යුධ සැළසුම් සකස් කිරීම හා සංග්‍රාමශීලීත්වය අතින් ප්‍රභාකරන් සිටින්නේ කරුණාට වඩා ගව් ගණනක් ඉදිරියෙන්් බව හොදින්ම පැහැදිලි විය.
ඛෙදීමෙන් පසු කරුණා තමන්ගේ යටතේ සිටි භටයින් සැළකිය යුතු ප්‍රමාණයක් මඩකළපුව දිස්ති්‍රක්කයේ උතුරු කොටසේ පිහිටි කොරාලිපට්ටරු ප්‍රදේශයේ ස්ථාන ගත කිරීමට කටයුතු කළේය.පෙර සදහන් කළ පරිදි ඔහු මඩකළපුව හා ති්‍රකුණාමලය දිස්ති්‍රක් වෙන්කරනා වෙරුගල් ගග ඔස්සේ ආක්‍රමණයක් සිදුවේයැයි අපේක්ෂාවෙන් සිටි අතර ඒ නිසාවෙන්ම දකුණු ගං ඉවුරේ ආරක්ෂක විධි විධාන තර කිරීමට ඔහු පියවර ගත්තේය.
අම්පාර හා මඩකළපුව දිස්ති්‍රක්කයන්ට යොමුවන ප්‍රධාන මහාමාර්ග වල හා දිස්ති්‍රක්කයන්ට අයත් වෙරළ තීරයන්ගේ මුර සංචාරයන් කරුණාගේ අණ පරිදි සිදුවිය.පසුව ඔහු තමන්ගේ මෙම ආරක්ෂක විධිවිධාන ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට පියවර ගත් අතර එසේ කිරීමට හේතුව වූයේ කි්‍රයාත්මක වුනු සටන්විරාම ගිවිසුම අනුව මහා පරිමානයේ ආක්‍රමණයක් කිරීමට එල්.ටී.ටී.ය කටයුතු කරන්නේනම් එය ගිවිසුම උල්ලංඝණය කිරීමක් ලෙස සැළකුණු හෙයිිනි.තවද එසේ ආක්‍රමණයක් කිරීමට එල්.ටී.ටී.ය සැරසෙන්නේ නම් නැගෙනහිර වෙත ළගා වීමට අවි ආයුධ හා කාඩර්වරුන් රැගත් වාහන වලට ගමන්කිරීමට සිදුවන්නේ රජයේ පාලන ප්‍රදේශ ඔස්සේ වීමත් කරුණා තමන්ගේ ආරක්ෂක විධිවිධාන ලිහිල් කිරීමට හේතුවක් විය.
අම්පාර දිස්ති්‍රක්කයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔහු වැඩිසැළකිල්ලක් නොදැක්වීය.මඩකළපුවේත් ඔහු කටයුතු කළේ චෙන්කලඩි,කලපුවේ බටහිර දිග ඇතැම් ප්‍රදේශයන්,තරාවයි - කුඩුම්බිමාලයි යන ප්‍රදේශන්ගේ ආරක්ෂාව තර කිරීමට පමණි.මෙම තත්ත්වය හමුවේ උතුරේ එල්.ටී.ටී.ඊ ආක්‍රමණයකට එරෙහිව කරුණා ගොඩනගා තිබූ පළිහේ වැඩිමනත්ව තිබුයේ විසල් ප්‍රමාණයේ සිදුරුය.
මේ තත්ත්වය හොදින් නිරීක්ෂණය කළ උතුරු එල්.ටී.ටී.ඊ නායකයින් නැගෙනහිරට ඇතුල් වූයේ දෙකෙහි හා තුනෙහි කණ්ඩායම් ලෙසය.මේ සමය වන විට එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයින් රැසක්ම රහසිගතව නැගෙනහිරට ඇතුල්වීමට සමත්වී සිටි අතර එල්.ටී.ටී.යේ ‘දිවි‘ කොමාන්ඩෝ බලකායේ භටයින් කිහිපදෙනෙක්ද නැගෙනහිරට ඇතුල්වීමට සමත් වී තිබුණි.
අවසානය
2004 මාර්තු මස 25 වැනිදා එල්.ටී.ටී.ය කරුණාට එරෙහිව යුධ ප්‍රකාශ කළේය.සංවිධානයේ යුධ ප්‍රකාශයේ දැක්වුනේ ‘අපගේ ජාතිය හා ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කරුණාව අපගේ භූමියෙන් අතුගා දැමිීමට අපි තීරණය කර ඇත්තෙමු.මෙම තීරණයට එරෙහිව කටයුතු කරන කවරෙකු හෝ අපගේ වැඩකටයුතු වලට එරෙහි ද්‍රෝහියෙකු ලෙස සැළකෙනු ඇත‘ ලෙසය.මෙයට පසුව එල්.ටී.ටී.යට අනන්‍ය පරිදි භීෂණය ව්‍යාප්ත කිරීමේ කි්‍රයාකාරකම් එක්ක පසු පස එකක් ඇතිවන්නට පටන් ගත්තේය.
මාර්තු 26 වැනිදා එල්.ටී.ටී.ඊ පිස්තෝල කල්ලිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ වැඩබලන පීඨාධිපති ලෙස කටයුතු කරමින් සිටි මහාචාර්ය තෛවනායගම් තිරුචෙල්වම්ට කල්ලඩි මාරිඅම්මාන් විදීයේ පිහිටි ඔහුගේ නිවසෙදී වෙඩි තබා තුවාළ සිදුකර පළා ගියෝය.41 හැවිරිදි මහාචාර්ය තෛවනායගම් කරුණාගේ ප්‍රබල ආධාරකරුවෙක් විය.
මාර්තු 27 වැනිදා රජයේ නිළධාරියෙකුවූ 63 හැවිරිදි රතිනම් මව්නගුරුසාමි හට පිස්තෝල ගත් පුද්ගලයින් වෙඩි තැබූයේ වාකරේ කොටි පාලන ප්‍රදේශයක නිරීක්ෂණ චාරිකාවක් සිදුකර යළි නිවස වෙත පැමිණෙමින් සිටයදීය.ඔහුද කරුණාට කිට්ටුව කටයුතු කළ අයෙකු ලෙස සැළකුණි.
මාර්තු 29 වැනිදා මඩකළපුව බස් නැවතුම අසළ තේ කඩයක හිමිකරුව සිටි 48 හැවිරිදි වේලූපිල්ලේ ගනේෂ් දරුණු ලෙස කපා කොටා ඝාතනය කෙරුණි.ඔහු කරුණාගේ උපන්ගම වන කිරාන් හි පදිංචිකරුවෙකු වූ අතර තම කඩයේ කවුන්ටරයට පිටුපසින් කරුණාගේ විසල් ප්‍රමාණයේ ඡායාරූපයක්ද ප්‍රදර්ශනය කරගෙන සිටියේය.
කරුණාගේ ආධාරකරුවෙකු වූ දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂක 61 හැවිරිදි පෙරින්බරාජා සත්‍යමූර්ති හා ඔහුගේ 47 හැවිරිදි මස්සිනා වූ කන්දයියා කනගසබයි වෙඩි තබා ඝාතනය කෙරුණේ මාර්තු 31 වැනිදාය.ඔවුහු පූජාවකට සහභාගී වී නිවසේ පූජා කුටියෙන් එළියට පැමිණෙත්ම රැක සිටි තුවක්කරුවන්ගේ වෙඩි පහරට හසුවූහ.පෙරින්බරාජා සත්‍යමූර්ති ප්‍රදේශවාසීන් හොදින්ම හැදිනූයේ රාජන් සත්‍යමූර්ති නමින් වන අතර ඔහු කරුණාගේ ළගම හිතවතෙකු ලෙස සිටි හා දේශපාලන උපදේශකයෙකු ලෙස කටයුතු කළ අයෙකි.ඔවුන් වෙනුවෙන් මහා අවමංගලේයා්ත්සවයක් සංවිධානය කළ කරුණා සත්‍යමුූර්තිගේ දේහය තන්ඩිඅඩිහි පිහිටි එල්.ටී.ටී.ඊ විරුවන්ගේ සුසාන භූමියෙහි වළ දැමිීය.සුසාන භූමියට රාති්‍රයේ ඇතුල් වූ එල්.ටී.ටී.ඊ උතුරු සාමාජිකයින් මිනී වළ හාරා මළ සිරුර පිටතට ගෙන එය අසළ පිහිටි කළපු ඉවුරේ තබා එයට ගිනි තැබූහ.උදෑසන එහි ගිය කරුණා හට අඩක් දැවී තිබුණු මළ සිරුර හමුවුණු අතර එය ගෞරව පෙරදැරිව වෙනත් ස්ථානයක භූමදානය කරන්නට හෙතෙම කටයුතු කළේය.රාජන් සත්‍යමූර්තිගේ දියණිය සිවගීතා ප්‍රභාකරන් පසු අවස්ථාවක මඩකළපුවේ ප්‍රථම කාන්තා නගරාධිපතිනිය ලෙස පත්වූවාය.
කරුණාගේ දේශපාලන මූලස්ථානය වූ ‘තෙනගම්‘ පිහිටා තිබුණේ කරදියනාරු ප්‍රදේශයෙ වන අතර ආරක්ෂක මූලස්ථානය වූ ‘මිීනගම්‘ පිහිටා තිබුණේ තරයිවයි හිය. ඔහුගේ වනගත සැගවුම් ස්ථානය වූ ‘මාරුතම්‘ පිහිටා තිබුණේ කුඩිම්බිමාලෙයි වලය.
එල්.ටී.ටී.ය මෙවන් පුද්ගලයින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළේ කරුණා හා කටයුතු කරන ඕනෑම අයෙකු සිටින්නේ අනතුරේ බව සියලූදෙනාට ඒත්තු ගැන්වීමටය.මෙයින් සියලූදෙනාට කරුණාට ආධාර නොකරන්නයැයි ප්‍රබල පණිවිඩයක් ලබා දුනි.කරුණා මෙයට ප්‍රතිචාර දැක්වූයේ අලූයම් කාලයේ නිවෙස් වලට කඩා පැන මෙහෙයුමක් සිදුකර එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයින් යැයි සැකකෙරුණු පිරිසක් අත්අඩංගුවට ගැනීමෙනි.යාපනයේ සම්භවයක් ඇති පුද්ගලයින් සියල්ල මඩකළපුවෙන් පන්නා දැමිීමේ ව්‍යාපාරයක්ද කි්‍රයාත්මක කෙරුණි.කරුණා විශ්වාස කළේ නැගෙනහිර නොවන ඕනෑම දෙමළ ජාතිකයෙක් තමන්ගේ පැවැත්මට තර්ජනයක් බවයි.අප්‍රේල් 2 වැනිදා පාර්ලිමෙන්තු මැතිවරණය පැවති අතර දෙමළ ජාතික සන්ධානය ආසන 22 ක් හිමිකර ගැනීමට සමත්වුනි.මෙයින් පසු ‘කොටියාට එරෙහිව කොටියා‘ ගැටුව ඇතිවන්නට ඔන්න මෙන්න යැයි සියලූදෙනා දැන සිටියෝය.නමුත් ඔවුන් කිසිවෙකුත් ගැටුම ආරම්භ වන්නේ කවදාදැයි දැන සිටියේ නැත.
එය සිදුවූයේ මැතිවරණය පවත්වා හරියටම සතියක් ගිය තැන අප්‍රෙල් නම වැනිදාය.ඇතැම් පුද්ගලයින් සිතූයේ අප්‍රෙල් නම වැනිදාට යෙදී තිබුණු කිතුනු බැතිමතුන් සමරන මහ සිකුරාදා දිනය නිසා ඔවුන්ට හානි වන අයුරින් ගැටුම් ආරම්භ කිරීමට එල්.ටී.ටී.ය කටයුතු නොකරනු ඇතැයි කියා වුවත් එදිනට මහ සිකුරාදා දිනය යෙදී තිබුණේයැයි එල්.ටී.ටී.ය සම්පූර්ණයෙන්ම අමතක කර දමා තිබුණු සෙයක් දැකගත හැකිවිය.
එල්.ටී.ටී.ය දිශා කිහිපයකින්ම ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් අතර ප්‍රහාරය ආරම්භ වූයේ පස්වරු 1.30 ට පමණය.අප්‍රෙල් නව වැනිදා වන විට කරුණා වෙරුගල් ගගෙහි දකුණු ඉවුරේ 30 බැගින් වන කණ්ඩායම් වලට ඛෙදුූ භටයින් 600 ක් ස්ථාන ගත කර තිබුණි.ඔවුන්ට රහසේ මුහුදු මාර්ගයෙන් පැමිණි එල්.ටී.ටී.ඊ භට පිරිසක් වෙරුගාල් ගංමෝයේ දකුණු දිග ප්‍රදේශයෙන් ගොඩබට අතර ඔවුන් රට අභ්‍යන්තරය කරා ගමන් ඇරඹිීය.
මේ සමගම නදිය එහා ඉවුරේ සිට පැමිණියේ නැගෙනහිර හිටපු එල්.ටී.ටී.ඊ නායකයින්ද සිටි කණ්ඩායමකි.ඔවුන් තමන් යටත් වන්නේ යැයි කියමින් මෙහා ඉවුරේ ස්ථානගත කර සිටි කරුණාගේ භටයින් වෙත ගමන් කළහ.මෙම නායකයින් අතුරින් ඇතැමෙක් ස්ථාන ගතවී සිටි කරුණාගේ භටයින්හට යුධ පුහුණුව ලබාදුන් අයද විය.තම හිටපු නායකයින් හදුනාගත් කරුණාගේ භට පිරිස් ‘ගුරු‘ ‘අන්නා‘ (ගුරුවරයා,අයියා) යැයි කියමින් ඔවුන්ව පිළිගැනීමට ඉදිිරියට ගියහ.
නමුත් එක්වනම වෙඩි ප්‍රහාරයක් එල්ල කළ ගග හරහා පැමිණි කණ්ඩායම අවධානය ගිලිහී සිටි කරුණාගේ භට පිරිස් යටත් කර ගත්හ.තවත් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇදී එන්නට පටන් ගත්තේය.වෙරළේ සිට පැමිණෙන්නට ගත් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් රට අභ්‍යන්තරයට ගමන් කිරීමට පටන් ගත්තේය.
ඉන්පසුව ගැටුම ආරම්භ විය.කරුණාගේ පාර්ශවයේ සිටි තරුණ සටන්කරුවන්ට
දශක කිහිපයක් පුරා කාව්‍ය ග්‍රන්ථ විසිපහක් පමණ රචනා කරමින් සිංහල කවියෙහි තමන්ටම අනන්‍ය කවි ලකුණක් නිර්මාණය කරන්නට සමත් වූ ඔහු කුමාර හෙට්ටිආරච්චි ය. ඔහ
විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුමැතිය දීමේ යෝජනාවට අත්සන් කළේ 1948 දෙසැම්බර් 10 වැනිදාය. එයින් ලංකාව පමණක් නොව ලෝකයේ සියලුම රටවලට මානව හිමිකම්
අවසානයේ එය එසේ සිදුවිය. වසර 13 ක් තිස්සේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ගෙන ගිය උත්සාහය සාර්ථක විය.
කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිද
උතුරු, නැගෙනහිර පළාත්වලට සීමාවූ දේශපාලන පක්ෂ හැර වෙනත් කිසිදු පක්ෂයක් මෙතෙක් නොලැබූ තරම් විශාල බලයක් මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ලැබී තිබේ.
මේ ගෙවෙමින් තිබෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පළමු මාසයයි. අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසුව සාමාන්‍ය ආකාරයේ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වූයේද මේ සතියේ
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
කොටියාට එදිරිව කොටියා
චාමර Wednesday, 23 April 2014 10:44 AM
සමාව දෙන්න කොහොමවත්ම බැ. (ස)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 22 April 2014 12:28 PM
කොළඹ ආවත් කොටියාගේ පුල්ලි මාරු වෙයිද නැද්ද කියල බලන් ඉන්න වෙයි. (ස)