ගාලූ නගරයේ සිට උඩුගම මාර්ගය ඔස්සේ කිලෝ මීටර 15 ක් පමණ ගමන්ගත් විට මාර්ගය දෙපස දැකිය හැකි සුන්දර වන ගහණය කොට්ටව කෝඹල රක්ෂිත වනාන්තරයයි.
මුහුදු මට්ටමේ සිට මීටර 50 ත් 300 ත් අතර උසකින් පිහිටා ඇති මෙම වන ගොමුව නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයකි. මෙයට සියවස් ගණනාවකට පෙර උතුරු දෙසින් කන්නෙළිය හා සිංහරාජය යන වර්ෂා වනාන්තරයන් හා සම්බන්ධව තිබූ බවට සාධක ඇතත් වර්තමානයේ ගම්මාන 19 කට වටවූ කුඩා වනගොමුවක් බවට පත්ව ඇත්තේ වනාන්තර විනාශයේ තරම පෙන්වා දෙමිනි.
1931 දී මෙම වනාන්තරය සම්බන්ධව අධ්‍යයන කටයුතු කිරීම සඳහා අක්කර 38 ක වන උද්‍යානයක් වෙන්කර ඇති අතර 1937 දී කොට්ටව වන උද්‍යානයක් ලෙසින්ද පසුකාලීනව කොට්ටව කෝඹල රක්ෂිතයක් ලෙසින්ද නම් කර තිබේ.
දෙවන ලෝක යුධ සමයේදී බි‍්‍රටිෂන් එම්පයර් නැමැති ආරක්ෂිත යුධ මෙහෙයුම් මූලස්ථානය බවට පත්කරගෙන ඇත්තේද කොට්ටව වනාන්තරයයි.
ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකට වාසස්ථානය වූ කොට්ටව කෝඹල රක්ෂිතය අනාගතය වෙනුවෙන් රැකගත යුතු වටිනා සම්පතකි.
1
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ස්ථාන සුරැකීම අපගේ යතුකමක් බව හැමදේනාම සිහි තබා ගන්න (ස)