පසුගිය දින කිහිපය තුළ පුවත්පත් සිරස්තල කිහිපයක් මෙසේ විය. පෝර නෑ: ගොවියෝ ගොවිතැන් අත්හරිති. එළවළු කේඩෑරි වෙලා, වගාවට පොහොර නෑ: මැහි තෙල් නෑ. එළවළු ගොවීහු කබලෙන් ලිපට, තෙල්, පෝර නැතුව එළවළු වගා අක්කර දහස් ගණනක් විනාශයි. මේ සිරස්තල කිහිපයක් පමණි.
දිගින් දිගටම සියලු මාධ්‍ය මගින් කියවෙන්නේ වගා බිමෙන් එළවළු ගොවීන් ඈත්වෙමින් සිටින බවය. ඉදිරි කාලයේදී එළවළු පරිභෝජනය අත්හැරිය යුතු තත්ත්වයකට පාරිභෝගික ජනතාව කිට්ටු වෙමින් සිටින බවද ඉහත සඳහන් පසුබිමේ ජනතාවට එළවළු මිලදී ගත හැකි සීමාව ඉක්මවා යා හැකිවීම ඊට හේතුව බවද පෙනෙන්නට තිබේ.
එළවළු වගාවට දැන් උදාවෙමින් පවතින මේ කලදසාව මීට පෙර උදාවුණේ වී වගාව සම්බන්ධයෙනි. මහ කන්නය ආරම්භවීමටත් කලින්ම රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කරනු ලැබීමත් ඒ තහනම යටතේ වෙනත් පොහොර ලබාදීමට කිසිදු විකල්ප වැඩපිළිවෙළක් නොතිබීමත් හේතුවෙන් වී වගාවේ කාබනික පොහොර විප්ලවය ලත් තැනම ලොප් වී ගියේය. ඒ ගැටලු විසඳීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තර්ක, විතර්ක සඳහා සෑහෙන කාලයක් ගතවිය. ලොරි ගණනින් කතා පැවැත්වුවත් ගැටලුවලට විසඳුමක් නොලැබිණි.
මහ කන්නය ආරම්භ වනවිටත් මහ සද්දෙට ඇසෙමින් තිබුණේ කාබනික පොහොර මගින් විප්ලවයක් කරන බවට ප්‍රතිඥා පිට ප්‍රතිඥා දෙන බලධාරීන්ගේ හඬ පමණි. එහෙත් මහ කන්නය පිළිබඳ ගොවීන් තුළ වූ බලාපොරොත්තු සුන් විය. මෘදු ලෙස, රළු ලෙස තම දුක මුලින් කියූ ගොවියෝ පසුව පාරට බැස උද්ඝෝෂණ කළහ. එයටද බලධාරීන්ගේ විසඳුම වූයේ කාබනික පොහොර ලබාදෙන බවට වූ පොරොන්දුවක් සහ හදිසියේම ඉන්දියාවෙන් ගෙන්වා ගත් දියර කාබනික පොහොර සහ මෙරට නිෂ්පාදනය කෙරුණු කාබනික දියර පොහොර කෑන් කිසියම් ප්‍රමාණයක් බෙදාහැරීම පමණි. ගොවීන්ගෙන් සෑහෙන පිරිසක් මහ කන්නය වගා කිරීමෙන් වැළකී සිටින තීන්දුවක් ගෙන ඇතැයි ඒ සමඟ වාර්තා විය.
එහි ප්‍රතිඵලයක් වූයේ ඒ වනවිට ද ඉහළ ගොස් තිබූ මෙරට නිෂ්පාදිත සහල් මිල ගණන් තවදුරටත් ඉහළ නැගීමය. රජය මගින් තීන්දුවක් ගෙන පිටරටින් ගෙන්වූ සහල් නොවන්නට මේ වනවිට සහල් වෙළඳපොළද පුපුරා යාමට ඉඩ තිබිණි. සමස්ත ලංකා කෘෂිකර්ම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පසුගියදා අනතුරු අඟවා තිබුණේ පවතින පොහොර හිඟය හේතුවෙන් මහ කන්නයේ අස්වැන්න බරපතළ කඩා වැටීමකට ලක්වීම නිසා ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 500 ඉක්මවා යාමට ඉඩ තිබෙන බවටය. එළවළු මිල ගණන්වලට සිදුවෙමින් පවතින වින්නැහිය සලකා බලන විට සහල් මිලටද එවැනි ඉරණමක් අත්වීමට ඇත්තේ ලොකු ඉඩකඩක් බව හොඳින්ම පැහැදිලිය.
එහෙත් බලධාරීන් නිහඬය. ඔවුන් මේ ගැන එක්කෝ දැනුම්වත් වී නැත. නැතහොත් ඒ බව දැන දැන නොදන්නවා සේ හොර නින්දක වැටී සිටිනවා විය යුතුය.
සහල්, එළවළු සහ තෙල් මිල ගණන් මෙසේ අහස උසට යද්දීත් එය නියාමනය කිරීමක් පිළිබඳව කතාවක් හෝ නොතිබීම බරපතළ ප්‍රශ්නයකි. ඕනෑ තරමක් මිල වැඩිවුණත් ගැටලුවක් නැතැයි බලධාරීන් සිතනවා නම් එය රටේ මහජනතාවට සිදුකරන බලවත් අසාධාරණයකි. එක පැත්තකින් වී සහ එළවළු ගොවීන්ගේ සියලු ආදායම් මාර්ග ඇහිරී ඔවුන්ට හුරු පුරුදු රස්සාව කර ගැනීමට පවා බාධා පැමිණ තිබියදී අනෙක් අතින් රටපුරා සිටින පාරිභෝගිකයෝ සහල් සහ එළවළු මිල දරාගත නොහැකිව අමාරුවේ වැටී සිටිති. ඒ අතර තෙල් මිලද ඉහළ නැගීම ඇවිලෙන ගින්නට පිදුරු නොව පෙට්රල් දැම්මාක් වැනි තත්ත්වයක් ඇතිකර තිබේ. ජනතාවට සිදුවන බඩේ පහර වැදීමේ අවසානයක් පෙනෙන තෙක් මානයක නැත.
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආදේශ කිරීම යහපත් අදහසක් වුවද රටේත් ලෝකයේත් පවතින සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයකින් තොරව එවැනි ප්‍රබල වෙනසකට අත තැබීම රට තුළ ඇතිකර තිබෙන්නේ අවුල් ජාලයක් බව පැහැදිලිය. එම වෙනස රටේ ජනතාව මේ රජයෙන් බලාපොරොත්තු වූ වෙනස නම් නොවන බව ජනතාව පළකරන අදහස්වලින් තේරුම් ගැනීම දුෂ්කර නැත. එකවරම ගත් එම තීන්දුව ගොවීන් සහ පාරිභෝගික ජනතාව පමණක් නොව පොහොර ගෙන්වූ සමාගම් ද අමාරුවේ දමා තිබේ. ඊළඟ කන්නය සඳහා රසායනික පොහොර ගෙන්වා දීමට රජය තීන්දුවක් ගත්තත් එම සමාගම් එයට දක්වා ඇති ඍණාත්මක ප්‍රතිචාරයෙන් ඒ බව පැහැදිලි වී තිබේ.
ඔවුන් පවසන්නේ තමන්ට පොහොර සපයන එතෙර සමාගම්වලට මේ වනවිට ගෙවීමට තිබෙන බිලියන ගණනක හිඟ මුදල් ගෙවනතුරු තමන්ට පොහොර ඇනවුම් කිරීමට හැකියාවක් නැති බවය. ඔවුන් මේ බව රජයේ ඉහළම බලධාරීන්ටද දැනුම් දී ඇති බවත් සඳහන් වෙයි.
එළවළු ගොවීන්ගේ ගැටලුවලට වැඩිකල් නොයවා සැබෑ විසඳුමක් ලබාදිය යුතුය. එළවළු පමණක් නොව පළා මිටිය පවා පොහොර නොමැතිවීමෙන් වළපල්ලට යන ලකුණු පහළ කරමින් තිබෙන බවද කියති. ඉක්මන් විසඳුමක් නොලැබුණොත් ඊළඟට වළපල්ලට යනු ඇත්තේ ගොවීන් ය.

(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එළවළු ගොවීන්ගේ අඳෝනාව නොඇසේද?
nm Friday, 24 December 2021 09:10 PM
පවතින ආර්ථික අර්බුදයහමුවේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඉතා අපහසු වූ කාර්යයන් කිහිපයක් මේ අවස්ථවේ අප බුද්දිමත් උවහොත් පහසුවෙන්ම කරගැනීමට හැකියාව පවතී. මේ වනවිට ගොවීන්, දීවරයන්,වඩු කාර්මිකයන්, ගඩොල් කපන්නන්, ට්‍රිවීල් රියදුරන් හෝ හිමිකරුවන් සහ හැකිනම් වෙනත් කුඩා වෙළද වියපර කල සියලු දෙනා පිලිබදව දත්ත සමුදාය ඇතිකළ යුතුවේ. ගොවීන් ගේ සියලු දත්ත ඉඩම් ප්‍රමාණය ඔවුන් වගාකරනු ලබන බෝගවර්ග සහ සාමාන්‍යයෙන් මාසික අදායම පිලිබදව සියලු දත්ත ලබාගත යුතුවේ. දීවරයන්,වඩු කාර්මිකයන්, පෙදරේරුවන්, ට්‍රිවීල් රියදුරන් හෝ හිමිකරුවන් සියලු දෙනා පිළිබදවම ඔවුන්ගේ මාසික අදායම පිලිබදව සහ අනෙක් තොර තුරු ඇතුල් කොට දත්ත සමුදාය ඇති කල යුතුවේ. එසේ ඇති කිරීමෙන් පසුව මොවුන් අතරින් රජයෙන් ලැබෙන්නාවූ සුබසාධන හෝ ජනසවිය මොවුන්ගෙන් කොපමණ ප්‍රමාණයක් ලබාගන්නේද කියා සොයා බැලිය යුතුවේ. ලනක්වේ නිසි දත්ත සමුදාය ක්‍රියාත්මක නොවන නිසා නිවැරදිවිස්තර සොයාගැනීම ඉතාම අපහසුවේ. බොහෝ දෙනෙකුඔවුන්ගේම ලියාපදිංචි නොකළ රැකියාවන් කරන පුද්ගලයන් සහ කම්කරුවන් මාසිකව මුදල් ඉපිම කරමින්ම රජයෙන්ද සුබසාධන හෝ ජනසවිය ලබාගැනීම නවතා දැමීමට අනාගතය වනුවෙන් සැලසුම් සකස් කිරීමට හැකි වේ .