IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


එදා මෙදා බුද්ධි මෙහෙයුම්


ලොව පැවැති ඉපැරැණි රාජාණ්ඩු සමයේ එම රාජාණ්ඩුවල හදවත වශයෙන් පිළිගනු ලැබුවේ බුද්ධි/ චරපුරුෂ සේවය වන අතර වර්තමානය වන විටි බලයේ පවතින රජයක හදවත ලෙස සලකනු ලබන්නේ බුද්ධි අංශය බැව් අවිවාදයෙන් කවුරුත් පිළිගන්නා කරුණකි.

රටක ඔත්තු සේවා යනු දෙසවන හා දෙනෙතට සමාන වේ. මෙය වූ කලී ෆාටා සංවිධානයේ ඔත්තු ජාලයේ ප්‍රධානියා වූ පලස්තීනයේ හිටපු ජනපති යසර් අර්පත්ගේ ප්‍රකාශයකි. යම්කිසි රටක ශක්තිමත් රහස් ඔත්තු ජාලයක් නොතිබීම එරට ආරක්ෂාව දුර්වල වීමට හේතුවෙයි.
‘‘රහස් ඔත්තු සේවා රහස් දේශපාලන හා යුද නායකයන් ගන්නා තීරණවල සාර්ථකත්වය රැඳී පවතින්නේ තම ප්‍රතිමල්ලවයා පිළිබඳ රැස්කර ගන්නා පූර්ව දැනුම මතයි.’’

මෙම උද්ධෘතය සුන්සූක් නමැති චීන යුද සෙනෙවියාගේ යුද කලාව නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද්දකි.

චරපුරුෂ සේවයක ප්‍රධාන කාර්ය වන්නේ රහස් තොරතුරු එක්රැස් කර ගැනීමේ සේවයයි. රටක ආරක්ෂිත සැලැස්මක තිබිය යුතු ප්‍රධානතම අවශ්‍යතාවක් වනුයේ රහස් තොරතුරු රැස්කර ගැනීමයි. මෙම කටයුතු ප්‍රචලිතව වර්ධනය වීමක් දක්නට ලැබුණේ පළමු හා දෙවැනි ලෝක යුද්ධවලින් පසුවය. වත්මන් චරපුරුෂ සේවය සකළ ලොව වටා ව්‍යාප්තව ඇත.

ලෝක බලවතුන් තම රටවල් තුළත් අනෙක් රටවල්වලින් ඉතා රහසිගත අන්දමින් බුද්ධි/චරපුරුෂයන් යොදවා ඇත. ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, රුසියාව, ඉන්දියාව, පකිස්ථානය, ප්‍රංශය හා චීනය යන රටවල් බුද්ධි චරපුරුෂ ක්‍රියාවේ නිරත වන්නේ තම ආධිපත්‍ය ගොඩනගා ගැනීමේ පදනමක් සඳහාය.

කවර තත්ත්වයක් යටතේ වුවද චරපුරුෂයකුගේ රාජකාරිය හා වගකීම දෙවන තැනකලා සැලකීමට නොහැක. චරපුරුෂ සේවයේදී ඒ සඳහා යොදවනු ලබන පිරිස් මනා දක්ෂතා ඇති අය විය යුතුයි. මන්ද ඕනෑම තැනකින් ජයගත හැකි පරිදි ඔවුන් තුළ කුසලතා වර්ධනය විය යුතුයි. බුද්ධි ක්‍රියාකාරකම් අනුව උදාහරණ ඔහු දකියි. ඔහු අසයි, ඔහු තීරණ ගනියි. ඒ අනුව අවශ්‍යම තොරතුරු උපුටා ගනියි. නිසි තැනට යොමු කරයි.

අතීතයේ චරපුරුෂයෝ දුනු ශිල්පය, හස්ථි ශිල්පය, කඩු ශිල්පය, ආදියේ දක්ෂයෝ වූහ. මේ නිසා තම රාජකාරිය ඉටු කරගෙන ඕනෑම තැනකින් බේරී පලා යාමේ හැකියාවක් ඔවුන් සතුව තිබුණි.

තානාපති සේවාවලට මුවා වී රහස් ඔත්තු සේවා ඇතැම්විට ක්‍රියාත්මක වේ. තානාපති කාර්යාලයේ තනතුරක් දරමින් තමාට අවශ්‍ය සංවිධානවලට හෝ තම මවු රටවලට රහස් තොරතුරු සපයයි. රහස් ඔත්තු සෙවීම යනු විදේශීය රාජ්‍යයකට ආධාර දීම සඳහා හෝ හොර රහසේ හෝ නීති විරෝධී ලෙස තොරතුරු හෝ ද්‍රව්‍ය එක්රැස් කරයි.

සුරක්ෂිතව තබා ඇති තොරතුරු හෝ ද්‍රව්‍ය රහස් හෝ නීති විරෝධී අන්දමින් ලබා ගැනීමට තැත් කිරීම. චරපුරුෂයන් ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ පහත සඳහන් වර්ගයේ තොරතරු ලබා ගැනීමටය.

• රාජ්‍ය ආරක්ෂාව
• දේශපාලනය
• ආර්ථික
• විද්‍යාත්මක හා කාර්මික කටයුතු

බුද්ධි අංශයක රාජකාරි කරන සාමාජිකයන්ට පවා (Need to Know Basis) යන සංකල්පයක් හඳුන්වා දී ඇත. තමන්ගේ විෂය පථයට අදාළ තොරතුරු හැර අනෙකුත් තොරතුරු පිළිබඳ විමසීම සීමා කොට ඇත. මෙයින් ගම්‍යවන්නේ බුද්ධි තොරතුරුවල ඇති රහස්‍යභාවයයි.

මේ ඉපැරණි චරපුරුෂ සේවය අද බුද්ධි අංශ ලෙස වෙනත් නමකින් ඉදිරියට පැමිණ ඇත. ලෝක බලවතුන් තම තමන්ගේ පැවැත්ම පිණිස චරපුරුෂ සේවය යොදා ගන්නා අතර රටවල්වල පවතින පාලක තන්ත්‍ර අකර්මණ්‍ය කිරීමටද චරපුරුෂ සේවයේ පිහිට ලබාගනී.
දෙවැනි ලෝක යුද්ධය වන විටත් ඇමරිකාවට සංවිධිත බුද්ධි සේවාවක් නොතිබුණු අතර එරට එෆ්.බී.අයි. (F.B.I) දෙපාර්තමේන්තුව හා හමුදා සඳහා වෙන වෙනම බුද්ධි ඒකක පවත්වාගෙන ගියේය. එහෙත් අවශ්‍ය බුද්ධි තොරතුරු නොලැබීම නිසා වර්ෂ 1947 දී මධ්‍ය බුද්ධි සේවය (C.I.A.) පිහිටුවන ලදී.

සී.අයි.ඒ. (C.I.A) සංවිධානය යනු ලෝකයේ අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට අත පොවන්නා වූත් ඒවායේ දේශපාලන ව්‍යුහ ඉතාමත් සූක්ෂම අයුරින් ව්‍යාකූල කරන්නාවූත් සංවිධානයකි.

සී.අයි.ඒ. (CIA) සංවිධානය ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදීන්ට නොයෙක් අයුරින් උදව් උපකාර කළ බවට මත පළවුණි. එම සංවිධානයේ ප්‍රබලයකු වූ ඒ. රුද්‍රකුමාරන්ට ඇමරිකාව තුළ දෙමළ පාර ජාතික රජයක් පිහිටුවා ගැනීමට අවසර ලබා දී තිබුණේද සී.අයි.ඒ. (C.I.A.) සංවිධානයයි. පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකා හමුදා සිදුකළ යුද මෙහෙයුම් අඩාල කිරීමට පවා සී.අයි.ඒ. (CIA) සංවිධානය කටයුතු කළ ආකාරය ඉතා කණගාටුදායකය.

සී.අයි.ඒ. (CIA) සංවිධානයේ ප්‍රථම අධ්‍යක්ෂ රියර් අද්මිරාල් රොස්කෝ  එච්. ගිලන්කොයිටර්ය.
ඉන්දියාවේ බුද්ධි අංශය වන රෝ ආයතනය සෘජුවම අගමැතිවරයාට වග කියන ආයතනයකි. මේ සංවිධානය ඉන්දියාවට අවශ්‍ය විදෙස් බුද්ධි කටයුතුවල නිරත වන ආයතනයකි. වසර 1968 සැප්තැම්බර් 21 දින පිහිට වූ අතර 1962 දී චීන ආක්‍රමණයේ සහ 1965 දී පකිස්ථාන ආක්‍රමණයේ කම්පනය නව බුද්ධි අංශයක් පිහිටුවීම කෙරෙහි ඉන්දියාව යොමු විය.

රෝ සංවිධානයේ අභ්‍යන්තර සංවිධානය පිළිබඳ වැඩි යමක් බාහිර පුද්ගලයෝ නොදනිති. ඇමරිකාවේ සී.අයි.ඒ. රුසියාවේ එෆ්.එස්.බී. (F.S.B) සහ ඊශ්‍රායලයේ මොසාඩ් යන සංවිධාන සමග සසඳන කල රෝ සංවිධානය වෙත ලැබෙන අරමුදල් ප්‍රමාණය සාපේක්ෂව අඩු බව සාමාන්‍ය පිළිගැනීමයි. රෝ සංවිධානයේ නිලධාරින්ට විදෙස් භාෂා පුහුණුව, ආත්ම ආරක්ෂක සටන් කලාව පුහුණු කරන බවට තොරතුරු අනාවරණය වෙයි.

‘‘බුද්ධි තොරතුරු හා විශේෂ මෙහෙයුම් ආයතනය’’ යන නම හිබෲ බසින් ‘‘මොසාඩ්’’ ලෙස හඳුන්වා දී ඇති අතර මෙම ආයතනය වසර 1949 දෙසැම්බර් මස 13 වැනිදා ටෙල්අවි අගනුවර පිහිටුවා ඇත.

ඊශ්‍රායලයට එරෙහි වන්නන් ඝාතනය කිරීමට නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටින ‘මොසාඩ්’ සංවිධානය ආරක්ෂක හමුදා සංවිධානයක් නොව මුළුමනින්ම සිවිල් සංවිධානයකි. එසේම ‘මොසාඩ්’ ආයතනය මගින් කෙරෙන රහසිගත කටයුතු මෙන්ම ඝාතනද සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ නීතිය ඉදිරියේ අපරාධ වරද යටතට වැටෙන අපරාධය.

‘මොසාඩ්’ සංවිධානයේ උපදෙස් අනුව ඊශ්‍රායල් ජාතිකයෝ තම දරුවන්ගේ යුද මානසිකත්වය වැඩිදියුණු කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වයෙන් පිරුණ චිත්‍රපට හා කෙටි වීඩියෝ පට ඔවුන්ට නැරඹීමට අවස්ථාව ලබා දීමට අමතක නොකරති. ඒ වාගේම ඊශ්‍රායල් ජාතිකයෝ අන්‍ය ආගමිකයන් හා අන්‍ය ජාතීන් කෙරෙහි විශ්වාසය තැබීමට මැළි වෙති.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රාජ්‍ය පාලන වකවානුවේදී ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට අනුයුක්ත බුද්ධි තොරතුරු රැස්කිරීමේ කටයුතුවල නිරත වූබව කියැවේ. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ කෘෂිකර්ම උපදේශක නිලධාරීන් වශයෙන් බවද සඳහන්ය.

පෙර සඳහන් කළ වකවානුවට පසුව යුදෙව් ජාතිකයෝ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට හා පොලිස් නිලධාරින්ට යුද උපක්‍රම, ආවේක්ෂණ රාජකාරි සහ බුද්ධි තොරතුරු රැස්කිරීම පිළිබඳ විශේෂ පුහුණු පාඨමාලා පැවැත්වූහ. ඒ කාලය තුළදී මෙම පාඨමාලා ආරක්‍ෂක අංශ නිලධාරින්ට විශාල සම්පතක් විය. පසුව දේශපාලන පෙරළියත් සමග යුදෙව්වන්ට තානාපති සේවය ශ්‍රී ලංකාවේ තහනම් විය. මෙයට විරසක වූ යුදෙව් ජාතික ‘මොසාඩ්’ නිලධාරින් කිහිප දෙනකු කොටි සංවිධානයට පුහුණු පාඨමාලා පැවැත්වීමට අමතක කළේ නැත.

මහා බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර බුද්ධි සේවාව හෙවත් එම්.අයි. - 5 බුද්ධි සේවාව ක්‍රියාත්මක වන්නේ අතිශයින්ම රහසිගත පිළිවෙතක් මතය. එසේම බ්‍රිතාන්‍ය විදේශ බුද්ධි සේවාව හෙවත් එම්.අයි - 6 (MI 6) බුද්ධි සේවාවද රහසිගතව ක්‍රියාත්මක වෙයි.
ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කළ අවස්ථාවේදී සී.අයි.ඒ (CIA) සංවිධානය සමග ඒකාබද්ධ වී එම්.අයි. - 6 (MI 6) සංවිධානය ඉරාකය විනාශ කිරීමට ඉතා රහසිගතව මෙහෙයුම් දියත් කළේය. එසේම එම්.අයි. 6 (MI 6) ඔත්තු සේවය ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධ සමයේදී පවා කොටි සංවිධානයට අනියම් අන්දමින් ආධාර උපකාර කළ බව ප්‍රසිද්ධ රහසකි.

වත්මන් චීන රාජ්‍ය තුළ සිදුවන සිද්ධි ලෝක පුවත්පත්වල පළවීම ඉතා අවම මට්ටමක පවතින අතර චීනයේ ක්‍රියාත්මක වන MSS නමැති බුද්ධි අංශය පිළිබඳ තොරතුරුද දැන ගැනීම ඉතා අසීරු කරුණකි. චීනයේ  ෂිංජියැං ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් වන ‘උයිගුර්’ කණ්ඩායම අඩපණ කිරීමට චීන MSS බුද්ධි අංශය සමත් වී ඇත. මේ සංවිධානය කොතරම් රහසිගතව ක්‍රියාත්මක වන්නේද යන්න සී.අයි.ඒ. (CIA) සංවිධානය පවා නොදනී. අනාගතයේදී මේ චීන බුද්ධි අංශය ලොව අංක එකේ රහස්ඔත්තු සේවාවක් බවට පත්වනු නියතයි.

ඒ ඒ රටවල ක්‍රියාත්මක බුද්ධි අංශ ඉතා රහසිගත අන්දමින් ක්‍රියාත්මක වන අතර එම සේවා මෙයෙවන උසස් නිලධාරිහු එක්සත් ජාතීන්ගේ වදහිංසා පිළිබඳ සෙවීමේ කමිටුව වෙත නොයති. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී හා ආරක්ෂක අංශ නිලධාරින් පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියට පමුණුවා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කළේය. මේ ක්‍රියාවලියෙන් බුද්ධි අංශ හා එහි ප්‍රධානියා මුළු ලොවටම හෙළි දරව් විය. ජාතික ආරක්ෂාව සම්බන්ධව අතිශය සංවේදී තොරතුරු පිටතට හෙළිදරව් නොකිරීම මේ රටේ මෙතෙක් පැවැති සම්ප්‍රදායයි. වෙනත් රටවලද කටයුතු කරන්නේ ඒ ආකාරයටය.

2020 මාර්තු 11 වැනිදා ශ්‍රී ලංකාවේදී කොරෝනා ආසාදිත පළමු රෝගියා සොයාගත් අතර රාජ්‍ය බුද්ධි සේවය එදා පටන් අද වන තෙක් නිහඬ සේවාවක් ඉටු කරමින් සැබැඳියන් විමර්ශනය කිරීම ඉතා ඉහළ තලයකට ඔසවා තැබීමට සමත් විය. එය අති විශිෂ්ට කර්තව්‍යයකි.

කොරෝනා ආසාදිතයන් සෙවීම සහ ආසාදිත වළලු පිළිබඳ විමර්ශනය හා ආවේක්ෂණ කටයුතුවල නියැළීම ඉතා අවදානම් කර්තව්‍යයක් වුවත් රාජ්‍ය බුද්ධි සේවය මේ කටයුත්තට යොමු වීම ඉතා ප්‍රසංශනීයයි. එහි ගෞරවය හා කීර්තිය රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට අනිවාර්යයෙන්ම හිමි විය යුතුය.

(***)



අදහස් (4)

එදා මෙදා බුද්ධි මෙහෙයුම්

චමින්ද ජයජනාත් ජයසූරිය Thursday, 27 August 2020 12:13 PM

ඉතාමත් වටිනා ලිපියක්.. විනාශ වූ බුද්ධි සේවාවක් ගොඩනගන්න ඇතැම් විට විශාල කාලයක් ගතවේ. මේ රට පාලනය කළ බොහෝ අයට මේ ඒකක , සංවිධාන වල අගය වැටහුණා නම් අප රට මුහුණදුන් ඛේදවාචක කොතරම් ප්‍රමාණයක් නම් වළකා ලන්නට තිබුණිද? පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගත් නිසි බලතල ඇති ඉඳුරාම රටේ විධායකයට පමණක් වගකියනු ලබන ප්‍රබල බුද්ධි සේවාවක් ත්‍රිවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශවලට අමතරව නිර්මාණය කිරීම මට නම් සිතෙන්නේ කාලීන අවශ්‍යතාවයක් යැයි කියා.. කුමන රජයක් බලයට පත් වුවද ඔවුන්ට අනවශ්‍ය බලපැම් කිරීමට එයින් වැළකී යාවි යයි මට සිතේ... වත්මත් ජනපතිතුමන්ගේ හෝ අවධානය ඒ කෙරෙහි යොමුවේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

:       1       69

Bamunuarachchi Tuesday, 01 September 2020 01:43 AM

ඒ කාලේ රජවරු තමන් වෙස්වලාගෙන රාත්‍රියේ නගරය පුරා සංචාරය කර රටේ නියම තොරතුරු දැනගත්තාලු. ඒවා අහපු ජනාධිපති අපේක්ෂකයෙක් ලෑස්තිවුණා රෑට රෑට ගෙවල් වලට ගිහිල්ලා අපි සැපට නිදිද කියලා හොරෙන් බලන්න.

:       0       0

Danushka Wednesday, 28 December 2022 02:11 PM

වෙනම ඒකකයක් නිර්මාණය කළ යුතුයි... දේශපාලන, ආගමික, ජාතිවාදයෙන් තොරව...

:       0       0

ලලිත් අසෝක Sunday, 07 May 2023 04:27 PM

අපේ රටේ නොයෙකුත් සිද්ධි වලින් පසු බුද්ධි අංශ පාවාදීම් සහ එහි නියැලෙන්නන් බාහිර සමාජයට දැනගැනීමට බොහෝ අය ක්‍රියාත්මක වූහ. ලෝකයේ ඕනෑම රටක් තම රට වෙනුවෙන් දේශීයව හෝ විදේශීයව ක්‍රියාකාරීව සිටින බුද්ධි අංශ නිලධාරීන් පාවාදීම් හෝ හෙළිදරව් කිරීම නොකරන ලද නමුත් අපේ රටෙහි සිදුවන්නේ එහි අනිත් පැතිකඩයි. ජාතියක් හැටියටත්, රටක් හැටියටත් අපේ කිසිඳු දියුණුවක් මෙතෙක් දක්නට නොලැබී ඇත්තේ මෙකී පාවාදීම් සහ දේශපාලන වශයෙන් ජනතාව ඉතා පහත් ආකාරයෙන් බෙදී සිටීමයි. අපේ රටට වින කරන්නේ අපේම මිනිසුන් විසිනි. අපේ ජාතියට සහ ආගමට වින කරන්නේත් අපේම මිනිසුන්ය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site