IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 3600 ක් වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන වාර්තා කරයි. අවුරුදු 15 සහ 24 අතරේ පසුවන තරණයන් මෙකී වෛරසයට ගොදුරුවන සංඛ්‍යාව වැඩිවෙමින් පැවතීමත්, ඒ අතර පාසැල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් සිටින්නේ යැයි වාර්තාවීමත් සෑහෙන තරම් සිත කම්පනයට පත්කරන පුවතකි. 

එච්.අයි.වී. (HIV – Human Immunodeficiency Virus) යනුවෙන් හැඳින්වෙන්නේ මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසයයි. මෙම වෛරසය වැළඳීම නිසා මිනිසුන් තුළ නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්‍ෂණය හෙවත් ඒඩ්ස් (AIDS – Acquired  Immune Deficiency) යන තත්ත්වය හටගනී. එච්.අයි.වී. ශරීරගත වූ කෙනෙකු ඒඩ්ස් තත්ත්වයට පත්වීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.

නිසි ප්‍රතිකාර නොගතහොත් වසර 2-7 අතර කාලයක් තුළ එම තත්ත්වය වඩාත් දරුණු අතට හැරීමේ ඉඩකඩ පවතී. ශරීරය පාලනය කළ නොහැකි ඒඩ්ස් තත්ත්වයට පත්වූ කල ප්‍රතිශක්තිකරණය අහිමිවන නිසා වැළඳෙන වෙනත් රෝග හා ආසාදන නිසා රෝගීන් මිය යන ප්‍රවනතාව වැඩිවේ. 

මෙම නිසා ඒඩ්ස් තත්ත්වයට පත්වන එච්.අයි.වී. වෛරස පාලනය කිරීම දැඩි සමාජ අවශ්‍යතාවක් බව පෙනී යයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට එච්.අයි.වී. වෛරසය පැතිරීම, මෙන්ම එච්.අයි.වී. වෛරසය වැළඳෙන අය එවන් තත්ත්වයට පත් නොවී වළක්වා ගැනීමද දැඩි සමාජ අවශ්‍යතාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙම සමාජ උවදුර වළක්වාලීම සඳහා මහජනතාව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් බව ළඟ එන ලෝක ඒඩ්ස් දිනය අබිමුවේ (දෙසැ. 1 වැනිදා) අප සිහිපත් කරගත යුතුවේ. 

මෙම සමාජ උවදුර වෙනත් සමාජ විෂමාචාර සමග අත්වැල් බැඳගත් ස්වාභාවයක් පවතින නිසා එම සමාජ විෂමාචාර දුරලීම ඒ සඳහා පෙර සූදානමක් අවශ්‍ය වෙයි. මත්ද්‍රව්‍ය ශරීරයට විදගන්නට පුරුදු වූ පුද්ගලයන් එච්.අයි.වී. වෛරසය වැළඳීමේ අවදානම එසේ නොකරන සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයකුට වඩා තිස්පස් (35) ගුණයකින් වැඩි බව පර් යේෂණ මගින් සොයාගෙන ඇති බව වාර්තාවේ. 
එසේම කාන්තා ලිංගික ශ්‍රමිකයන් හට එච්.අයි.වී.

වෛරසය ආසාදනය වීමේ අවදානම අනෙක් කාන්තාවන්ට වඩා තිස් ගුණයකින් වැඩිය. මත්ද්‍රව්‍ය උවදුර දුරලීම ඔස්සේත්, කාන්තාවන් ලිංගික ශ්‍රමය අලෙවි කරන මට්ටමට වැටෙන්නට පෙරාතුව ඔවුන් මුදවා ගැනීමත් එච්.අයි.වී. ආසාදනය පැතිරීම වළක්වාලීමේ පූර්ව පියවරක් බව මෙයින් පෙනී යයි. මත්ද්‍රව්‍ය උවදුර දුරලීමේදී බිම් මට්ටමේ ඒවා බෙදා හරින්නන් අල්ලා ගැනීමට වඩා මහා පරිමාණයෙන් එම ව්‍යාපාරයේ යෙදෙන්නන් නීතියට හසුකර ගැනීම වඩා වැදගත් වේ.

කාන්තාව ජීවත්වීම උදෙසා සිය ලිංගික ශ්‍රමය අලෙවි කරන මට්ටමට වැටෙන්නට නොදී දරිද්‍රතාව දුරු කිරීම අනෙක් පියවරයි. දරිද්‍රතා මට්ටමේ පසුවන කාන්තාවන් හට සුබසාධන හා සමාජ ආරක්‍ෂාව ප්‍රතිලාභ ලබාදිය යුත්තේ එම නිසාය. දරුවන් තුරුණු වියට එළැඹෙන්නට පෙරම, ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ද එච්.අයි.වී. වෛරසය ආසාදනය වීම වැළැක්වීමේ පූර්ව පියවරක් වෙයි. 

එච්.අයි.වී. වෛරසය වැළඳුණු අය ඒඩ්ස් තත්ත්වයට පැමිණීම වළක්වාලීමේ පියවරද වඩාත් අවධාරණයෙන් ගත යුත්තකි. ආත්ම ගෞරවයෙන් යුතු මිනිසුන් ලෙස ඔවුන්ට ප්‍රතිකාර උදෙසා යොමුවීමේ හැකියාව ඇති අවකාශ පුළුල් කළ යුතුවේ. එය අතිශය මානුෂීය ක්‍රියාවක් වන්නේ ඒ මගින් ඔවුන් මරණයෙන් මුදවා ගත හැකිවීම නිසාම නොවේ.

එච්.අයි.වී. යනු තවදුරටත් මාරාන්තික වෛරසයක් නොවන නිසා ඔවුන්ට වෛද්‍ය විද්‍යාවේ උපකාරය හිමිවීමේ මානුෂීය අයිතියක්ද ඇති බැවිනි. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන එහිදී ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කරන අතර රටේ සියලුම අංශ එච්.අයි.වී. වෛරසය පිළිබඳ සියලු දුර්මත දුරලා ඒ පිළිබඳව දැනුවත් විය යුතුවේ.

(***)



අදහස් (3)

එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්

AB Friday, 02 December 2022 04:58 AM

කාන්තාව ජීවත්වීම උදෙසා සිය ලිංගික ශ්‍රමය අලෙවි කරන අතර එය ලංකාවේ නිතිගතකර තිබේනම් බොහෝදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවනු ඇත. ලංකාවේ නිතිගතකර නොමැතිවීම නිසා වෛද්‍ය ප්‍රතිකාර සදහා නොපැමිණේ. දරිද්‍රතාවයක් නොමැති දියුණු රටවල පවා ලිංගික ශ්‍රමය අලෙවි කරන අතර එය රැකියාවක් වසයෙන් ඔවුන් කරගෙන යනු පෙනේ. ඒසදහා නීතියෙන් අවසර ලබාදී තිබේ. දරිද්‍රතාවය නිසා මෙම රැකියාවට පැමිණෙන ඔවුනට දිනක් රැකියාවෙන් ලැබෙනා වූ මුදලට වැඩි මුදලක් කෙටි කාලයකින් ලැබීම නිසා එච්.අයි.වී. වෛරසය හෝ වෙනත් බෝවනරෝග පිලිබදව තැකීමක් නොකරමින් මොවුන් මෙම රැකියාවේ රැදෙනවා වෙන්නට ඇත. ලිංගික ශ්‍රමය අලෙවී කිරීම ලංකාවේ නිතිගතකර නොමැති උවත් බොහෝ පිරිමින් සහ කාන්තාවන් මෙම රැකියාවේ යෙදීම නිසා ඔවුන්ව හදුනා ගත නොහැක. ලංකාවේ නිතිගතකර නොමැති උවත් ඔවුන් සදහා වෙනමම Centralized database ඇතිකර ඔවුන්ගේ පුද්ගලික data ඇතුලත්කර ලිංගික ශ්‍රමය අලෙවි කරන කාන්තවන් සහ පිරිමින් ඔවුන්ගේ National ID යටතේ ඔවුන් register කර තිබීමෙන් මේ සදහා ඔවුනට අප්‍රසිද්දියේ කරනාවූ රැකියාවට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හැකියවක් ලබාදිය හැකිවේ. දෙවනුව ඔවුන් වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණ වෙත පැමිණීම සදහා අවකාස සැලසිය හැකිවේ. දරුවන් තුරුණු වියට එළැඹෙන්නට පෙරම, ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම වැදගත්වේ. දියුණු රටවල වයස 13 සිට මේ පිලිබදව අවබෝදයක් ලබාදේ. එම දැනුම ලබාදීමට ගුරුවනුනට නොහැකිනම් ඒ සදහා පහසුකම් සැලසීමට වෙනත් ක්‍රම තිබේ. එවිට ගුරුවරයාද අපහසු නොවන ආකාරයට පාසල් දරුවන් සදහා ලිංගික අධ්‍යාපනය ලබාදීම සාර්ථකව කිරීමේ හැකියාව තිබේ.

:       33       2

ABSaturday, 03 December 2022 06:48 PM

Thumbs down වෙනුවට ඔබලාගේ අදහස් සහ විසඳුම් කුමක්ද?

:       0       1

AB Friday, 02 December 2022 04:59 AM

දෙවනුව ඔවුන් වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණ වෙත පැමිණීම සදහා අවකාස සැලසිය හැකිවේ. දරුවන් තුරුණු වියට එළැඹෙන්නට පෙරම, ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම වැදගත්වේ. දියුණු රටවල වයස 13 සිට මේ පිලිබදව අවබෝදයක් ලබාදේ. එම දැනුම ලබාදීමට ගුරුවනුනට නොහැකිනම් ඒ සදහා පහසුකම් සැලසීමට වෙනත් ක්‍රම තිබේ. එවිට ගුරුවරයාද අපහසු නොවන ආකාරයට පාසල් දරුවන් සදහා ලිංගික අධ්‍යාපනය ලබාදීම සාර්ථකව කිරීමේ හැකියාව තිබේ.

:       20       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 446 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 360 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 170 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 368 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 537 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1168 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1244 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1520 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site