ගුරුළු රාජ ඌව පළාත් පුෂ්පයයි.. ශී‍්‍ර ලංකාවට ආවේණිකය.. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම් කර ඇත.. වඳවී යාමේ තර්ජනයට ලක්වූ වන සත්ව හා වෘක්ෂලතා වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට ද ඇතුලත් කර තිබෙන ශාකයකි.
රයින්කොස්ටයිලිස් රෙට්‍යුසා නමින් උද්භිද විද්‍යාත්මකව හැඳින්වේ. ඉංගී‍්‍රසියෙන් ෆොක්ස් ටේල් ඕකීඞ් නමින් ප‍්‍රචලිතය.
ගස් මත වැවෙන ශාකයක් වන මෙම උඩවැඩියා විශේෂය වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. ඌව පළාතේ තණ බිම් වල ස්වභාවිකව වැවෙන බැවින් එය ඌව පළාතට විශේෂ වූ ශාකයකි.
දැඩි ඝනකමින් යුතු පිටත විහිදුණු පත‍්‍රය. දැඩි සෘජු කඳකි. ශාකය අඩියක් පමණ උසට වැඬේ. නොවැම්බර් සිට අපේ‍්‍රල් කාලයේ ඉතාමත් අලංකාර පුෂ්ප මංජරියක් හටගනී. ගුරුළු රාජ ශාකයේ පුෂ්ප මංජරිය හේතුවෙන්ම එය ෆොක්ස් ටේල් ඕකීඞ් නමින් හඳුන්වයි. සෙන්ටි මීටරයක් දෙකත් අතර පළලය.. කුඩා මල් විශාල සංඛ්‍යාවක් එක් පොකුරට එල්ලා වැටෙන ආකාරයෙන් පිපේ. සුදු පාට පුෂ්පයේ රෝස පැහැති පුල්ලි දැකිය හැකියි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd