මේෂ ලග්නයට අනුව ලග්නාධිපති කුජ හා යෝග කාරක රවි, ගුරු බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවන නව වසර ශුභඵලදායී අයුරින් ගතවන්නේය. ඔබගේ ආර්ථික, රැකියා, විවාහ ආදී කාර්යයන්හි වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. මිල මුදල් හෝ වෙනත් බාහිර ප්‍රශ්න ඇතිව අතහැර දමා තිබූ වැඩ නැවත ඇරඹීමට අවශ්‍ය කටයුතු සකස් වෙයි. විශේෂයෙන් විවිධ තරාතිරමේ අයගේ උදව් උපකාර මත අනාගත දියුණුවට හේතු වන කාර්යයන් රැසක් සකස් වේ. වසරේ මුල් මාස 06 පැහැදිලි සුබපල රැසක් ගෙන දෙනු ඇත. ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාභ ගෙනදෙයි. තනතුරු නිලතල වරප්‍රසාද මුල් මාස 06 තුළ හිමිවන්නේය. අවසන් මාස 06 යම් යම් අවහිර බාධා ප්‍රමාද මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන බැවින් එතැන් සිට දෙවරක්, තෙවරක් සිත යොමා ඥානාන්විතව කටයුතු කරන්න. ඔබට නව ආදායම් මාර්ග ගොඩනැගෙන වසරකි.
|
මැයි සිට දෙසැම්බර් අතර කාලය තුළ ගෙදර දොර දියුණුවක් ද ඇතිවේ. භෞතික සම්පත් ද නොඅඩුව ලැබේ. සිතට සතුටක් සැනසුමක් දැනෙන දෑ සිදුවේ. පොදුවේ ඔබේ වැඩවලට විවිධ රහස් සතුරු බලවේග ප්රශ්ණකාරී ගති හා කුමන්ත්රණවලින් බාධක යෙදුනත් ඒවා මැඩගෙන තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට පිළිවන්කමක් ඔබට ලැබේ.
|
පොදුවේ ඔබට ලබන වසරේ මැයි මස සිට පවත්නා තත්වයේ සැලකිය යුතු යහපත් වෙනසක් බලාපොරොත්තු විය හැකි අනාගත සුබ සිද්ධිය සඳහා කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවේ. තම වැඩ කටයුතුවලට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ආධාර උපකාර පවා ලැබෙනු ඇත. රැකියා හෝ පදිංචියේ කිසියම් වෙනසක් මාරුවක් වුවද සිදුවේ. වැඩිපුර දීර්ඝ ගමන් යෙදෙනු ඇත. අවබෝධ ඥාණය, ධාරණ ශක්තිය හොඳින් ගොඩනැගෙන වසරකි. ආර්ථික හා වෘත්තීය ලාභ ප්‍රයෝජන සැලසුනත් හදිසි වියදම් ද යෙදෙන දෑ සිදුවේ. ස්වයං ව්‍යාපාරවල වැඩි දියුණුව සැලසෙන වසරකි.
|
පොදුවේ උගත් කමට දැනුමට කුසලතාවට නිසි තැන ලැබෙන වසරකි. විවාහ බාධක දෝෂ මැයි සිට පහව ගොස් අවිවාහකයන්ට විවාහ සැප පවා හිමිවීම නව වසරේ පෙන්නුම් කරන සුභ ප්‍රතිපලයකි.
|
නැති වු වස්තුව මෙන්ම නැති වී ගිය රැකියා තනතුරු පමා වු වැඩ යනාදී බොහෝ කාර්යයන් නැවත ලැබේ. රැුකියා අපේක්ෂිතයන්ගේ හා විවාහ අපේක්ෂිතයන්ගේ අපේක්ෂා ද ඉටුවෙයි. තමා පෙර අනාගත අභිවෘද්ධිය උදෙසා පදිංචියේ වෙනසක් ඇතිකර ගැනීම සඳහා සිත ක්‍රියා කරන වසරකි. එම අරමුණද එලෙස සාර්ථක කර ගත හැකිය. විශේෂයෙන් සෑම දෙයින්ම ලාභ ප්‍රයෝජන ලැබෙන වසරකි. |
විශේෂයෙන් ඔබ සිතන සැලසුම් කරන වැඩ සියල්ලම සාර්ථක කර ගැනීම අපහසු වුවත්, හොඳින් සිතා බලා සැලසුම් සහගතව කරන කාර්යය කටයුතු අභියෝගයට ලක් නොවේ. ඒවා කෙසේ හෝ සාර්ථක කර ගත හැකි රැකියාවේ ස්ථාන වෙනසක් අනාගත යහපත උදෙසා සැලසේ. පසුගිය කාලයේ අතපසු වු වැඩ කටයුතු රාශියක් මෙම වසරේදී නිමකර ගැනීමටත් අවස්ථාව සැකසේ. උත්පත්ති කේන්දරයේ සඳු ග්‍රහයා 7 වන 8 වන ස්ථානවල සිටි කන්‍යා ලග්න හිමියන්ට සිතට වදදෙන යම් යම් ප්‍රශ්න ඇතිවේ. ගෘහ ජීවිතයේ ගැටලූ ශරීර සනීපය දුර්වලවීම්, හවුල් කටයුතුවල අර්බුද, සතුරු කරදර රහස් කුමන්ත්‍රණ වැනි දේට මුහුණ දෙන්ට සිදුවේ. විශේෂයෙන් ඔබ ආගම වත් පිළිවෙත් පුද පූජා වන්හි නියුතු වෙමින් වසර තුළ කටයුතු කිරීම වඩාත් යෙහෙකි. |
බොහෝවිට ඔබ මෙම වසර තුළ සෑම කටයුත්තක්ම ඉතා සැහැල්ලූවෙන් සළකා ක්‍රියා කරන බැවින් තමාගේ දියුණුව ද ප්‍රමාණවත් අයුරින් ඇති නොවේ. ඔබට නව වසරේ මුල් මාස 6 ආර්ථික රැකියා ව්‍යාපාරික මෙන්ම අධ්‍යාපන කටයුතු වලට අයහපත් නොවුණත් ඒවායේ යම්කිසි සංවර්ධනයක් ප්‍රගතියක් ඇති කළත් අවසන් මාස 06 මේවායේ වැඩවලට විවිධ අවහිර බාධා මතුවේ. විදෙස් රැකියා අපේක්ෂා හා විදෙස් ගමන් බලාපොරොත්තු සාර්ථක වෙයි. යුගදිවියේ සාමය, සතුට බිදීයන දෑ සිදුවන බැවින් ඒ කෙරේ වඩාත් සැලකිලිමත් වන්න. |
විශේෂයෙන් ගතට සිතට සැපත සතුට දනවන කාර්යන් රැසක් මුල් මාස 06 තුළ සිදුවේ. අවසන් මාස 06 කාර්ය කටයුතුවලට විවිධ අවහිර බාධා මතුකරන අතර අත්‍යාවශ්‍ය වැඩ ප්‍රමාද වන දෑ සිදු වන්නේය. එසේම ලැබෙන මුදල් නිකරුනේ වියදම් වී යන කරුණු යෙදේ. වසරේ මැද භාගයෙන් පසු ආගමික වත්පිළිවෙත් පුද පූජාවන් හි නියුතු වෙමින් කටයුතු කරන්න. |
ජීවනෝපාය මාර්ගයන්හි පැහැදිලි වෙනසක් නව ආදායම් මාර්ග හිමිවීමක් ඇති කෙරේ. පරිසරය යහපත් වීම නිසා රාජකාරි වගකීම් නිසිලෙස ඉටු කිරීමටත් හැකිවේ. තනතුරු නිලතල වරප්‍රසාද හිමිවන වසරකි. බලාපොරොත්තු ඉටුවන සැලසුම් ක්‍රියාවට නැංවීමට හැකි වෙයි. මෙම වසරේ මැයිවලින් පසු පවතින තත්වයේ කැපී පෙනෙන යහපත් වෙනසක් ඇති වන්නේය. සතුරු කුමන්ත්‍රණ පරාජය කළ හැකිවෙයි. අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම විවාහ යනාදියේ අපේක්ෂා ඉටුවීම නිසා සිතට සතුට දනවන වසරක් ද වේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙන දිවියේ නව පරිවර්තනයකට මුල පිරෙන ශුභදායි වෙනස්කම් රැසක් සිදුවන නව වසරක් බවට පත්වේ. |
කෙසේ වෙතත් යම් යම් අවස්ථාවල ගැටලූ පැනනැගුණත් හවුල් හෝ ස්වයං ව්‍යාපාරවල නියුතු වන්නන්ට ඒවායේ සැලකිය යුතු දියුණුවක් ගෙනදෙනු ඇත. විශේෂයෙන් මෙම වසර තුළ ඔබ සැලසුම් නොකළ බලාපොරොත්තු නොවූ මාර්ගයක නැතහොත් දෙයකින් ඔබට විශේෂ ලාභ ප්‍රයෝජනයක් ගෙනදෙන්නේය. බලාපොරොත්තු වන සැලසුම් කරන දෑ කල් යයි. උරුම හිමිකම් ප්‍රශ්න දේපල ආරවුල් මතු වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ කෙරෙහි සැලකිලිමත් වන්න. මුල් මාස 06 අධ්‍යාපන විවාහ අංශවල කරදර ප්‍රශ්න මතු නොවේ. |
ඉදිරිපත් වන බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. පසුගිය කාලයේ මුදල් අපහසුවෙන් හෝ වෙනත් බාහිර ප්‍රශ්න මැද හෝ අතපසු වු වැඩ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු මෙම වසරේ නැවත ඇරඹීමට හැකිවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගේ සිත් උසස් අධ්‍යාපනයට යොමු වී එවැනි දේට සම්බන්ධ වේ. ඇනහිට තිබු විදෙස් ගමන් බිමන් රැකියා ලාභ ගොඩනැගීමද නව වසරේ සිදුවෙයි. |
පොදුවේ උප්පත්ති කේන්ද්‍රයේ සඳු ග්‍රහයා 1 වැනි 2 වැනි කොටුවල සිටි අයට විවිධ ප්‍රශ්න කරදර ඇති කළත් අපලකාරී බවක් පෙන්නුම් කළත් සෙසු අයට දැඩි පීඩාකාරී බවක් පෙන්නුම් නොකරයි. කෙසේ වෙතත් උදාවන නව වසර ඔබේ දිවියේ අත්‍යාවශ්‍ය කාර්ය කටයුතු කෙරෙන් විශේෂ සුබදායී තත්ත්වයක් පෙන්නුම් නොකරයි. ඉවසිලිවන්තව බුද්ධිමත්ව සිතා තීන්දු තීරණ ගෙන කටයුතු කළ යුතු වසරකි. ශරීර සනීප කෙරෙහි නිබදව සැලකිලිමත් වන්න. |
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොම වෙයිද ?
සමන්ත මගුල්දමණ Monday, 31 December 2012 10:17 PM
වසරක ගෙවී නව වසරක් ලබන දිනේ ග්‍රහ කල අපල දෙන බව ලිපියෙන්ම පෙනේ එනමුත් සිතට ගෙන වීරිය ඇතිව සෙනේ සමරමු උදාවන වසරෙහි ජයම ගෙනේ (නි)
ඉන්දික Wednesday, 02 January 2013 01:46 AM
ලෝ වැසි සියළුම දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! (නු)
චන්ද්‍රසිරි Sunday, 06 January 2013 09:50 AM
මට නම් හොදයි. (නි)
විජය Sunday, 30 December 2012 09:52 PM
මෙම ලිපිය පළ කළ සැමට සුභ නව වසරක් වේවා! (නි)
චානක Monday, 31 December 2012 03:19 PM
සියලු දෙනාටම සුභ නව වසරක් වේවා! (නි)
චානක Monday, 31 December 2012 03:15 PM
උදාවූ නව වසර ලක්වාසී සියල්ලන්ටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා! (නි)
ලක්මාලි Wednesday, 10 April 2013 11:39 AM
මට නම් වරදක් නැ . (ස)
චාමර Tuesday, 01 January 2013 02:51 PM
ඉතාම සුභ නව වසරක් වේවා..!(නු)
නිෂූ (ලන්ඩන්) Monday, 31 December 2012 02:09 AM
හපොයි මට නම් හොද නැහැ. (නි)
හිල්මි Monday, 31 December 2012 03:20 AM
ලග්න පලාඵල කොහොම වෙතත් අර පහළ ඉන්න ගෑනු ළමයා නම් හරි ලස්සනයි. (නි)
අසිරු Tuesday, 01 January 2013 08:31 AM
හිතේ තියෙන හැම පැතුමක්ම ඉටුවන,සාමය සතුට පිරි,ආදරය සෙනෙහස ලැබෙන,නීරෝගිමත් වාසනාවන්ත සුන්දර, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........................(ස)
නෙත්මි Tuesday, 15 January 2013 12:52 PM
සැමට සුබ නව වසරක් වේවා (ස)
හීන්කන්ද Sunday, 06 January 2013 02:03 PM
සාමය සතුට පිරි ප්‍රීතිමත් සුභ නව වසරක් වේවා! (නි)
ප්‍රියන්ත Monday, 31 December 2012 06:50 PM
ඔබට සුභ නව වසරක් වේවා! (නි)
නිත්‍යා Saturday, 05 January 2013 03:35 PM
මේවා ගැන හිතන්න එපා තමන් අදහන ආගම අනුව යහපත්ව කටයුතු කරන්න හිත තමයි හැම දේටම මුල් වෙන්නේ (ස)
මුතු Thursday, 03 January 2013 01:43 PM
ඔවු හිල්මි ගෑනු ළමයා නැතුව පලාඵල දැමිමා නමි සුභයි. ගෑනුළමයි දැකීමෙන් මේ අවුරුද්දේ බොහෝ අයට අසුබ විය හැක (ස)
ක්‍රිෂ් Saturday, 05 January 2013 03:33 PM
සුබ හෝ අසුබ බව රැදෙන්නේ තමා කරන කියන දේ අනුවය (ස)
ඩික්සන් Thursday, 03 January 2013 01:45 PM
සුබ නව වසරක් වේවා ! (ස)
දමිත් Saturday, 05 January 2013 03:34 PM
සැමට සුබ නව වසරක් වේවා (ස)
කුෂානි Tuesday, 01 January 2013 09:03 PM
හැමෝටම සුභ නව වසරක් වේවා..!(නු)
මිලාන් Monday, 31 December 2012 12:36 PM
ඔබට සුභ නව වසරක් වේවා! (නි)
යසන්තා සංජීවනි Friday, 05 July 2013 02:04 PM
මට නම් හොදයි (දී)