IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


උදාර මිනිසකු වූ රිස්වාන්ගේ දරු පවුල අසරණ නොකරමු

ඉහළ කොත්මලා ජලාශයට වැටී සිටි තරුණියක බේරා ගැනීමට උත්සාහ කළ දෙදරු පියකු දියේ ගිලී අතුරුදන්වීමේ පුවතක් අප පුවත්පත පෙරේදා වාර්තා කළේය. මෙසේ අතුරුදන්ව ඇත්තේ ළිඳුල රත්නිල්ලකැලේ ජනපදයේ පදිංචිව සිටි හමීඩ් රිස්වාන් නැමැත්තා බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. සාමාන්‍ය සිදුවීමකට එහා ගිය මනුෂ්‍යත්වය සම්බන්ධ බැරැති හැඟීමක් ඇති කිරීමට මෙම පුවත යටත්ය.

සිදුවීම සංක්ෂිප්තව මෙසේය.

ඉහළ කොත්මලා ජලාශයට තරුණියක වැටී ඇති අතර එය දුටු බොහෝ පිරිසක් වේල්ල මත සිට ඇය බේරා ගැනීමට මඟක් සෙවූහ. තරුණිය වේගයෙන් දිය රල සමඟ ඈතට ගසාගෙන යනුදුටු හමීඩ් රිස්වාන් සිය ජීවිතය පිළිබඳව නොසිතා වහා ජලාශයට පැන්නේය. තරුණිය අල්ලා ගැනීමට ඔහු සමත් වුවද ඊළඟ නිමේෂයේදී ඔහුට පරාජය බාර ගැනීමට සිදුවිය. රිස්වාන් ගැඹුරු දියේ නොපෙනී ගියේය. මේ මොහොතේ වහා එතැනට පැමිණ සිටි තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු මහතා ද ජලාශයට පැන්නේය. දියකඳ සමඟ පොර බදා දියේ ගිලෙමින් සිටි තරුණිය බේරාගෙන ගොඩට රැගෙන ඒමට ඒ මහතා සමත් විය.

සමාජ මාධ්‍ය ජාලාවල පළවූ විස්තරවලට අනුව ජලාශයට වැටුණු තරුණිය දෙමළ ජාතිකය. දෙමළ ජාතික තරුණියගේ ජීවිතය බේරාගැනීමට තම ජීවිතය ගැන නොසිතා ජලාශයට පැන්න හමීඩ් රිස්වාන් මුස්ලිම් ජාතිකයෙකි. දියේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගොඩට රැගෙන ආ තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු මහතා සිංහල ජාතිකයෙකි.

සැබැවින්ම මනුෂ්‍යත්වය අවර්ණය. එයට වර්ණයක් නැත. ජාතියක් ආගමක් නැත. තලවකැලේ සිදුවීම අපට කියාදෙන පාඩම එයය. හැඳුනුම්පත විමසා දෙවැනුව මරාගෙන කෑමට පනින වියරු අන්තවාදී ජාතිවාදී උම්මත්තකයන්ට කියාදෙන පාඩම එයයි.
ඕනෑම අයකුට තමන්ගේ ජීවිතය තරම් වටිනා අන් යමක් නැත. අප සියල්ලම කරන්නේ ජීවත්වීම සඳහාය. තමන්ට වටිනාම සම්පතවන ජීවිතය තවත් ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් කැප කිරීමට යමකුට හැකිනම් මානව සමාජයේ වීරයන් බවට පත්වන්නෝ ඔවුහුම වෙති. මානව සමාජයේ ශ්‍රේෂ්ඨයෝ ඔවුහුම වෙති. කොත්මලා ජලාශයේ රුදුරු ජලකඳ අතර නොපෙනී ගිය හමීඩ් රිස්වාන් වීරයකු වන්නේත් ශ්‍රේෂ්ඨයකු වන්නේත්, තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු මහතා වීරයකු වන්නේත් ශ්‍රේෂ්ඨයකු වන්නේත් ඒ අර්ථයෙනි.

හමීඩ් රිස්වාන් මෙන්ම රුවන් ප්‍රනාන්දු පළ කළ ආදර්ශය මිනිස් සමාජයක් ගව් ගණනකින් ඉහළට ඔසොවා තැබීමට සමත්ය. මිනිස් සමාජය ඉදිරියට ගලා යන්නේ මිනිසුන්ගේ ආදර්ශ මතිනි. එම ආදර්ශ ගුණවත් වන්නේ නම් සමාජය තුළ ප්‍රමිති තීරණය වන්නේ ඒ අනුවය. වීරත්වය හා දීනත්වය අතර බෙදුම් රේඛාව බවට පත්වන්නේ ගුණවත් ආදර්ශය. රිස්වාන්ගේත් රුවන් ප්‍රනාන්දුගේත් ආදර්ශ උත්කර්ෂයට නැංවෙන්නේ එහෙයිනි.

අප බොහෝවිට අත්විඳිමින් සිටින්නේ මනුෂ්‍යත්වයට තරම් නොවන මනුෂ්‍යත්වයට නිගා දෙන සිදුවීම්ය. මිනිසුන් ලෙස අපටම ලජ්ජා සිතෙන සිදුවීම්ය. පරාර්ථකාමීත්වයෙන් විතැන්ව ආත්මාර්ථකාමීත්වයේ පතුලටම ඇද වැටී තුච්ඡ ලෙස හැසිරෙන මිනිසුන්ය. මිනිසුන්ගේ හදවත් කම්පා කෙරෙන එම හදවත්වලට දරා උසුලා සිටිය නොහැකි තරමේ බරැති අශිෂ්ට ක්‍රියා සිදුකරන මිනිසුන්ට සම්බන්ධ සිදුවීම්ය.

එක් අතකින් ජාතිවාදයේත් ආගම්වාදයේත් අන්තයටම ගොස් මරාගෙන මැරෙන විකල් සිහියක් ඇති පුද්ගලයන් වෙතින් සිදුවන මාරාන්තික අශිෂ්ට ක්‍රියා සම්බන්ධ මතකය තවමත් අලුත්ය. තමන් සොයන විමුක්තිය සැඟවී ඇත්තේ අන්‍ය ජාතික අසල්වැසියා තුළ යැයි සිතා ඒ මිනිසාගේ ළය කුහර පාදන පාදඩ කඩප්පුලියන්ගෙන් මානව සමාජයට අබමල් රොනක තරම් හෝ යහපතක් නැත.

රිස්වාන් මෙන්ම රුවන් ප්‍රනාන්දු අපට වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. එම බලගතු ආදර්ශ එයට හිමි නිසි බරින් නිසි ගුණයෙන් හා නිසි අරුතෙන්ම හඳුනාගැනීම සෙස්සන්ගේ වගකීමය. අපගේ ආකල්ප අලුත් වන්නේත්, තුරුණු වන්නේත්, අප අමුතුම මිනිසුන් බවට පත්වන්නේත් එම හඳුනා ගැනීම තුළය.

හමීඩ් රිස්වාන් 28 හැවිරිදිය. ඔහු කොත්මලා ජලාශයේ ගැඹුරු දියේ නොපෙනී ගොස් ඇත. ඔහු දෙදරු පියෙකි. රිස්වාන් ගේ වයස අවුරුදු 28 ක් වන හෙයින් ඔහුගේ දරුවන් ඉතා කුඩා අවධියක පසුවන්නේ යැයි සිතිය හැකිය. එම කුඩා දරු දෙදෙනා සමඟ ඒ අම්මා අද මේ මහ පොළොව මත අසරණව සිටින්නීය. රිස්වාන්ට හරි හමන් රස්සාවක් නොමැති බවත්, කුලී වැඩෙන් දරු දෙදෙනාගේ සාපිපාසා සංසිඳවූ බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් වුවද පොහොසත් වුවද රිස්වාන්​ෙග් දිළිඳු බව එපරිදිය. මේ මොහොතේ එම දරු පැටවුන් දෙදෙනාට පිහිට වී ශ්‍රේෂ්ඨත්වයේ මාවතට පිවිසීමේ අනගිතම අවස්ථාවක් ඔබට විවර වී ඇත. ඔබ ඔබේ මනුස්සකම පෙන්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.



අදහස් (6)

උදාර මිනිසකු වූ රිස්වාන්ගේ දරු පවුල අසරණ නොකරමු

upul Sunday, 24 May 2020 05:55 AM

මේ කාට හරි අනුකම්පාව ගන්න සුදුහුණු ගාන සැලසුමක උත්සාහයක් නේද?

:       426       3

Indrajith Sunday, 24 May 2020 06:19 AM

ඔහු කළ දේ අගය කළ යුතුයි.

:       1       108

Pradeep Sunday, 24 May 2020 07:14 AM

මනුෂ්‍යත්වයට ජාති, ආගම් හෝ කිසිදු භේදයක් නැත. මට මතක් වුනේ කේ. ජයතිලකයන්ගේ "අධිෂ්ටාන" කෘතියේ කොටසක්. "මිනිස්සුත් හරියට කලාමැදිරියන් වගේ. කලාමැදිරියා වරින් වර එළිය විහිදුවනවා. ඒ වුණාට වැඩිපුරම ඉන්නේ අඳුරේ. මිනිසුනුත් වරින් වර උදාර ගති පැවතුම් දක්වනවා. ඒ වුනාට ගැලිලා ඉන්නේ මෝහයේ. කලාමැදිරියා එළිය විහිදුවනකොට තමයි අපට පුළුවන් "අන්න කලාමැදිරියෙක්" කියල පෙන්වන්න. ඒ වගේම මොහුත් යම්කිසි උදාර ගුණයක් පෙන්වන විට තමයි අපිට පුළුවන් "අන්න මිනිහෙක්" කියලා පෙන්වන්න.

:       0       125

sumedha nandasiri Sunday, 24 May 2020 09:27 AM

මිනිසාමය ලොව දෙවියන් වන්නේ.... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ...!

:       0       29

Bandula Monday, 25 May 2020 02:03 PM

කරුණාකර ඔහුගේ පවුලේ අයකුගේ ගිණුම් අංකය දමන්න...

:       0       0

Ruwan R Tuesday, 26 May 2020 05:45 AM

සැබවින්ම රිස්වාන් වීරයෙකි. ඔහු තම ජීවිතය දෙවැනි කොට තමන් සතු යැයි නොවූ කෙනෙකුගේ ජීවිතය රැකීම වෙනුවෙන් ඉදිරිපත් වීමම ශ්‍රේෂ්ටම ක්‍රියාවකි. අවාසනාවකට ඔහුගේ එම වීරත්වය මතක පොතට පමණක් ලඝු විය. පෙර උත්සාහය අසාර්ථක වුවා පමණක් නොව ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදු වූ බව දැන දැනත් ජලාශයට පැන අන්‍ය ජීවිතයක් බේරා ගත් රුවන් ප්‍රනාන්දු මහතා ද විරුවන් අතරද ශ්‍රේෂ්ට විරුවෙකි. රිස්වාන්ගේ ක්‍රියාව මෙන්ම පොලිස් ස්ථානාධිපති තුමන්ගේ ක්‍රියාවද සැබවින්ම උතුම් වේ.

:       0       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 151 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site