IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


උද්ධමනයට ඉනිමං හදන ඉන්ධන මිල

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සැප්තැම්බර් මස 1 වැනිදා සිට පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමනු ලැබීය. පසුගිය කාලය තුළදී අපට අත්විඳීමට සිදු වූයේ සුළු මිල වැඩි කිරීමක් හෝ සුළු මිල අඩු කිරීමක් වුව ද මෙවර මිල වෙනස්කම් එසේ නොවීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 35කින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් ද ඉහළ දමනු ලැබීය. ඒ අතරම, සැප්තැම්බර් මස 1 වැනිදා සිට ගෑස් මිල ද කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පියවර ගෙන ඇත.

මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමත් සමගම ක්ෂණිකව ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් ද සිදු විය. සියලු‍ම බස් සේවාවල ගාස්තු 2023-09-03 වැනිදා සිට සියයට 4.01කින් ඉහළ දමා තිබේ. ඒ අතරම, බහාලු‍ම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය විසින් ද එදින සිටම සිය ගාස්තු සංශෝධනය කර ඇති බව නිවේදනය කර තිබුණි. ගාස්තු පහළ යෑමක් සිදු වූ විට එම වාසිය පාරිභෝගිකයා වෙත පිරිනැමෙන්නේ කලාතුරකින් සහ ඉතා අඩු මට්ටමකින් වුව ද ගාස්තු ඉහළ යන විට එය පාරිභෝගිකයාගෙන් අය කරගැනීම ක්ෂණිකව සිදුවන ආකාරය ඉන් පැහැදිලි වේ. 

ඉන්ධන සහ ගෑස් සම්බන්ධව අමිහිරි සිදුවීම් රැසකට මුහුණ දීමට පසුගිය කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකිකයන්ට සිදු විය. සිය වාහනයට තෙල් ලීටර කිහිපයක් සපයා ගැනීම සඳහා දින ගණන් පෝලිම්වල සිටීමට සිදු වීම පිළිබඳ එම අමිහිරි මතක අද අත්විඳීමට සිදු නොවූව ද පෝලිම් යුගය අවසන් වෙද්දී ඉන්ධන සහ ගෑස් සඳහා ඉහළ මිලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදු විය. 2023පෙබරවාරි 1 වැනිදා ප්‍රකාශයට පත්කළ මිල ගණන් අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා වාර්තාගත ඉහළම මිලක් ගෙවීමට සිදු විය.

ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 400ක් විය. 2022 දෙසැම්බර් 6 වැනිදා ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 420 දක්වා ඉහළ දමනු ලැබීය. සෑහෙන කලකට පසු ශ්‍රී ලංකාවේ ඩීසල් මිල පෙට්‍රල් මිලට වඩා ඉහළ ගොස් ඇත. ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල 2022 ජුලි මාසය වන විට රුලියල් 4,910 දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වූ මෙම භාණ්ඩ තුන සම්බන්ධයෙන් ඉහළම මිල ගණන් ඒ ආකාරයට තීරණය වී තිබුණ ද, ඉන් පසු යුගයේදී එම භාණ්ඩ තුනේම මිල ගණන් විශාල ලෙස පහත වැටුණි. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි අනුව මෙම ඉන්ධන මිල ගණන් ඒ ඒ මාසවලදී මිල සූත්‍රයකට අනුව තීරණය කළ යුතු අතර, ඒ ඒ ඉන්ධන වර්ගවලට වැය කිරීමට සිදුව ඇති පිරිවැය අනුව මිල තීරණය කළ යුතු වේ. එක් භාණ්ඩයක මිල ගණන් උපයෝගි කරගෙන, තවත් භාණ්ඩයකට සහනාධාර ලබා දීමට කටයුතු නොකළ යුතුය. උදාහරණයක් ලෙස, ඔක්ටේන් 95 මිල ගණන් ඉහළ දමා, එමගින් ලැබෙන වැඩි ආදායම භාවිත කර ඔක්ටේන් 92 මිල ගණන් අඩු මට්ටමක පවත්වාගෙන යෑමට ගිවිසුම අනුව ඉඩක් නොලැබේ. ඔක්ටේන් 92, 95 ලංකා ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් ආදිය ඒවා මිලදී ගැනීමට වැය වන පිරිවැයට අනුකූල වන ලෙස මිල ගණන් නියම කරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇත.

මිල ගණන් ඉහළ යෑම මේ වසරේ ඉදිරි කාලය තුළ කවර ස්වරූපයක් ගනී ද යන කාරණය පිළිබඳව නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකිය. පසුගිය මාසයේදී ගෑස් ඇතුළු ඉන්ධන මිල ගණන් ඉහළ යෑම කෙරෙහි බොහෝ දුරට බලපෑවේ බටහිර රටවලට සීත ඍතුව ආරම්භ වීමත් සමගම ඉන්ධන පරිභෝජනය ඉහළ යෑමත්, ඉල්ලු‍ම වැඩි වීම නිසා මිල ගණන් ඉහළ යෑමත්ය.

ඊට අමතරව, රුසියානු යුක්‍රේන යුද්ධය, ඔපෙක් සංවිධානය විසින් විශාල වශයෙන් ඉන්ධන නිෂ්පාදනය අඩු කිරීම වැනි හේතු ද ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සඳහා ආධාර වී තිබේ. 2024 වසරේ පෙබරවාරි මාසය අවසන් වන තුරු බටහිර රටවල සීත ඍතුව පවත්නා අතර, ඒ කාලපරිච්ඡේදය තුළ ඉන්ධන මිල ගණන් ඉහළ යෑමට ඉඩ තිබේ. එය සෑම වසරකදීම අත්දැකීමට සිදුවන සාමාන්‍ය තත්ත්වයක් වන අතර, අගෝස්තු-පෙබරවාරි කාලය තුළදී ඉන්ධන මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑමට පවතින ඉඩකඩ ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයෙන් පසු රටේ බලශක්ති සහ ඉන්ධන කළමනාකරණය රට මුහුණ දුන් විශාල ගැටලු‍වකි. එක අතකින් එම ආයතන එම ද්‍රව්‍ය සපයා ගැනීම සහ බෙදාහැරීම පිළිබඳව අනුගමනය කළ අසංවිධිත ක්‍රියාමාර්ග හේතුවෙන් පරිහානියට පත්ව, බැංකුවලට ණය වී තිබුණ අතර, තවදුරටත් ඒවාට ණයට දීමට නොහැකි තත්ත්වයක් ඇති විය. උදාහරණයක් ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පාඩු ලබන දුම්රිය සේවය වැනි ආයතනවලට මෙන්ම විදුලිබල මණ්ඩලයට ද ඉන්ධන සැපැයීමට සිදුව තිබුණි. වඩාත් දුෂ්කර කාර්යය වූයේ ඒවා ණයට සැපැයීමට සිදුව තිබීමත්, ණය නැවත ආපසු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමත්ය.

විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපැයීම අත්හිටු වුවහොත්, රටේ විදුලි නිෂ්පාදනය බිඳ වැටේ. මෙවැනි අසංවිධිත, අක්‍රමානුකූල ක්‍රියාමාර්ග හේතුවෙන් බලශක්ති සහ ඉන්ධන සැපැයුමට අදාළ සියලු‍ම ආයතන අකාර්යක්ෂම සහ අලාභ ලබන ආයතන ලෙස ක්‍රියාත්මක විය. මේ තත්ත්වය වඩාත් හොඳින් ප්‍රදර්ශනය වූයේ, ආර්ථික අර්බුදය නිසා ඇති වූ ඉන්ධන හිඟය අවස්ථාවේදීය. විනිමය හිඟය නිසා ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන ආ නැව්වලට මුදල් ගෙවීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි විය. ඉන් පසු රජය විසින් රට සතුව තිබූ ඉතා සුළු විදේශ විනිමය ප්‍රමාණයෙන් ඛනිජ තෙල් සංස්ථාවට අවශ්‍ය විදේශ විනිමය වෙන් කර දුන්නේය.

එහෙත්, ඒවා ලබා ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව විසින් රුපියල්වලින් ගෙවීම් කළ යුතුව තිබුණ අතර, ඛනිජ තෙල් සංස්ථාව සතුව ඒ සඳහා අවශ්‍ය මුදල් නොතිබුණි. එබැවින්, රජයට විදේශ විනිමය ද, ඒවා මිලදී ගැනීමට අවශ්‍ය දේශීය මුදල් ද වෙන් කර දී, රටට ඛනිජ තෙල් සපයා දීමට සිදු විය. බලශක්ති සහ ඉන්ධන අංශයේ ප්‍රධාන රාජ්‍ය ආයතන මුහුණ දී තිබූ අර්බුදයත්, එහි වැරැදි කළමනාකරණය පිළිබඳවත්, අවබෝධ කරගැනීමට එවැනි සිදුවීම්වලින් අවස්ථාව සැලසේ. 

කෙසේ වුව ද, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු බලශක්ති සහ ඉන්ධන සැපැයුම තවදුරටත් අස්ථාවර තත්ත්වයකින් පැවැතීමට ඉඩ නොතැබීම සඳහා පියවර ගත්තේය. මූල්‍ය පාලනය, ණය කළමනාකරණය, ආදායම ස්ථාවර තත්ත්වයකට පත්කරගැනීම, පාඩු අවම කරගැනීම ආදිය පිළිබඳව සැලකිලිමත් වී, ඒ සඳහා අවශ්‍ය පියවර ඉතා ඉක්මනින් අනුගමනය කරන ලෙස ඒ ඒ ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට නියෝග කළේය. ඒ හේතුවෙන් මෙම අංශවලට සම්බන්ධ ආයතන බොහෝමයක් ඉතාමත් කෙටි කාලයක් තුළදී මූල්‍ය වශයෙන් ස්ථාවර සහ ශක්තිමත් තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබේ. 

කෙසේ වුව ද, ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් සහ ඉන්ධන සම්බන්ධයෙන් ඇතිවන මිල වෙනස් වීම්වලට මුහුණ දීමට අපට සිදු වේ. ලෝක මිල ගණන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකිය. මිල උච්චාවචන අවම මට්ටමකින් පවත්වාගෙන යෑම සඳහා ඛනිජ තෙල් මිල ස්ථායීකරණ අරමුදලක් ආරම්භ කිරීම පිළිබඳ මීට පෙර යෝජනා ඉදිරිපත් විය. එහෙත්, එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. එබැවින්, මිල ඉහළ-පහළ යෑමකදී එහි වාසි හෝ අවාසිය පාරිභෝගිකයා වෙත ලැබෙන පරිදි නව මිල සූත්‍රයක් අනුගමනය කිරීමට දැන් සිදුව තිබේ. මෙවර මිල වැඩි කිරීමට සිදු වූයේ ඊට අදාළ මිල සූත්‍රයට අනුවය. 

ඛනිජ තෙල්, ගෑස් සහ භූමිතෙල් මිල ගණන් අඛණ්ඩව ඉහළ ගියොත් ශ්‍රී ලංකාවට තවත් ගැටලු‍වකට මුහුණ දීමට සිදුවනු ඇත. ආර්ථික අර්බුදයෙන් පසු උද්ධමනය සම්බන්ධයෙන් අතිශය පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව තිබුණි. උද්ධමනය අඛණ්ඩව ඉහළ ගිය අතර, ලෝකයේ වැඩිම උද්ධමන අනුපාතයක් ඇති රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබුණි.

පසුගිය මාස කිහිපය තුළදී එම තත්ත්වය වෙනස් කරගෙන, උද්ධමන වේගය පාලනය කරගැනීමට රටට හැකි විය. අපේක්ෂා කළ කාලයට වඩා අඩු කාලයකදී උද්ධමනය තනි ඉලක්කමේ මට්ටමකට ගෙන ඒමට පුළුවන්කම ලැබුණි. එසේ වුව ද, ඉන්ධන මිල, ගෑස් මිල, භූමිතෙල් මිල ආදිය ඍජුවම පාරිභෝගික මිල දර්ශක සකස් කිරීමේදී සම්බන්ධ වන නිසා, එම මිල ගණන් වැඩි වීම උද්ධමන වේගය ඉහළ යෑම සඳහා හේතු වනු ඇත. එබැවින්, ඒ පිළිබඳව ද සැලකිලිමත් වීම අදාළ ආයතනවල වගකීමක් වේ.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (1)

උද්ධමනයට ඉනිමං හදන ඉන්ධන මිල

S.J.C.I. Sampath kumara Friday, 08 September 2023 04:53 PM

රටෙහි ජනතාව අන්ත අසරණ වී හමාරයි. සෑම දෙයක්ම අසාමාන්‍ය ලෙස වැඩි වුවද අපගේ වැටුප් කිසිඳු වැඩිවීමක් සිදු නොවුණි. වැටුපක් සිට සූත්‍රයක්වත් හැදුවා නම්... !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 98 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 161 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 1045 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 85 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 286 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 374 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1028 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 250 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site