IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීමක්

රටේ නායකත්වය කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි නිසා රජය සමග එක්වී කිසිදු දේශපාලනයක් කිරීමට තමන් සූදානම් නොමැති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා කියයි. වසර 4ක කාලයක් රටේ නායකත්වය සමඟ වැඩකර තිබෙන තමන්ට ඔහුගේ සිතුම් පැතුම් අවංක බව හා කියන දේ ඒ ආකාරයටම කි‍්‍රයාත්මක කිරීම යන කරුණු කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති නිසා දවල් වැටුණු වළේ රෑ වැටීමට සූදානම් නොමැති බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය. තමන්ගේ දේශපාලන ඉදිරි ගමන විනිවිද පෙනෙන එකක්වන අතර මේ රටේ පවතින දුක්ඛිත දේශපාලන ක‍්‍රමවේදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන දේශපාලන සංස්කෘතියෙන් රට බේරා ගැනීම සඳහා ජීවිත කැපවීමෙන් කි‍්‍රයාකරන බවද ඒ මහතා කියයි. ඒ කාර්යය ඉටුකර ගැනීමේදි වසර දෙකහමාරක කාලයක් සිරගතවී සිටීමෙන් ලැබූ අත්දැකීම් හා මාගේ දේශපාලන ගමන අඩපණ කිරීමට ගත් උත්සාහයෙන් විශාල ධෛර්යක් ලැබුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පිවිසීමේදී මා වෛරී දේශපාලනයේ ගොදුරක් වුණා. වසර 2 1/2ක් වධ හිංසා වින්දා. උදේට පොල් සම්බෝල සමග බත් කෑවා. දවල්ට කරවලයි, බෝංචියි වම්බටුයි සමග බත් කෑවා. මට මගේ ලොකු දුව දකින්න ලැබුණේ වසර 2 1/2කින්. ඇයගේ කටහඬවත් ඇහුවෙ නැහැ. දෙවැනි දුව දැක්කේ තුන්වතාවයි. බිරිඳ දකින්න ලැබුණේ මාසයකට එක් වරක්. මේ රටේ ජනතාව වෙනුවෙන් මා යන ගමන දුර්වල කිරිමට ගත් උත්සාහයෙන් මා අධෛර්යට පත්වුණේ නැහැ. ඉදිරියටත් මට ජම්පර් ඇඳීමට සිදුවිය හැකියි. එසේ වුවත් මගේ ගමන හා මගේ වැඩ පිළිවෙළ නතර කළ නොහැකියි” ඒ මහතා ඉරිදා ලංකාදීපය කළ විමසීමකදී කියා සිටියේය. මේ එම සාකච්ඡාවයි.   ප‍්‍රශ්නය:- නිදහස්වීම සඳහා ඔබ ජනාධිපතිවරයා සමග කොන්දේසි ඇතිකර ගත්තද? පිළිතුර:- කොන්දේසි නෙවෙයි, ටිරාන් අලස් මහතා මගේ නිදහස ගැන සාකච්ඡා කරන බව ප‍්‍රකාශකළ විට සාකච්ඡා කළ යුතු කරුණු කීපයක් ගැන මා සඳහන් කළා. එකක් මට දේශපාලනය කිරීමට ඇති ඉඩකඩ. තවත් කරුණක් නම් මගේ ආරක්ෂාව. මේවා කොන්දේසි ලෙස සඳහන් කළ නොහැකියි. රජයෙන් කිසිම කොන්දේසියක් ඉදිරිපත් කළේ නැහැ.   ප‍්‍රශ්නය:- ඔබට දැන් සිටින ආරක්ෂාව ගැන ඔබ තෘප්තිමත්ද? පිළිතුර:- එදා මට ආරක්ෂකයන් 500ක් හිටියා. මට අසමාන තර්ජනයක් තිබුණ බව හැමෝම දන්නා දෙයක්. ගොඩබිම සිට සටන් මෙහෙයවූ ඇතැම් අයට 300ක් 400ක් බැගින් ආරක්ෂක භටයන් ලබාදී තිබෙනවා. තවත් අයට 3000ක පමණ ආරක්ෂාවක් දීලා තිබෙනවා. මට පොලිස් නිලධාරින් 15කගේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ආරක්ෂාව සැලසීමේදී පත්වන දුෂ්කරතා පිළිබඳව ඔවුන් දන්නවා.   ප‍්‍රශ්නය:- මැතිවරණ සමයේදී ඔබට මිලියන 1000ක පමණ ආධාර මුදල් ලැබුණු බවට කටකතා තිබෙනවා. ඒ පිළිබඳව ඔබට චෝදනා කෙරනවා නේද? පිළිතුර:- මිලියන 1000ක පමණ මුදල් ආධාර ලැබුණ බව කීම අනුමත කරන්න බැහැ. මා සමග තරග කළ අනිත් පාර්ශ්වය මිලියන 3000ක් පමණ මැතිවරණයට වැය කළා. අපිට ඔය කියන තරම් ආධාර ලැබුණේ නැහැ. කාටවත් ඒ මුදල් හොරකම් කරන්නවත් සාක්කුවට දාගන්නවත් ලැබුණේ නැහැ. අපිට මිලියන 600 ක පමණ ආධාර ලැබුණා. එයින් සියයට 50 ක් පමණ වැය කළේ මාධ්‍ය කටයුතුවලට. ඒකට මාධ්‍යයත් වගකියන්න  ඕනෑ.   ප‍්‍රශ්නය:- ඔබ යළි දේශපාලනයට පිවිසියේ ඇයි? පිළිතුර:- මේ දූෂිත පාලනය සදාචාරයෙන් තොර පාලනය උපරිම ස්ථානයට පැමිණ තිබෙනවා. මේක වෙනස් කළ යුතු වෙනවා. මට සැප සම්පත් තිබුණා. දේශපලානයට ඒමට පෙර හිටියා වගේ ඉන්න තිබුණා. නමුත් ජනතාවට හානිකර ලෙසින් මේ රජය ගෙන යන වැඩ පිළිවෙළට වෙනසක් අවශ්‍යයි. මට මේ රටෙන් මොකවත් අවශ්‍ය නැහැ. රටට ලබාදෙන්න බැරි වූ දේ ලබාගන්න බැරිවූ දේ ලබාදීම මගේ අරමුණයි. මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් විය යුතුයි. රටට යහපතක් දියුණුවක් ලැබිමට නම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුමයි. මේ රටෙන් දූෂණය තුරන් විය යුතුයි. පවුල්වාදය රට ගිලගෙන තිබෙනවා. දේශපාලන සදාචාරයක් නැහැ.   ප‍්‍රශ්නය:- ඉදිරි දේශපාලන ගමන සකස් වන්නේ කෙසේද? පිළිතුර:- මහා සංඝරත්නයේ හා පූජක පක්ෂයේ අවවාද අනුශාසනා මේ ගමනට අවශ්‍යයි. පක්ෂ ජාතිවාදය න්‍යායවාදී දේශපාලනය මත හැපෙන්නෙ සූදානම් නැහැ. ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. ඒ පොදු විපක්ෂයක නායකයා කවුද? මෙහෙය වන්නේ කවුද? කියන ප‍්‍රශ්නය නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙත් වෙනත් කුඩා දේශපාලන පක්ෂවලත් රටට හිතවත් විශාල පිරිසක් ඉන්නවා. රටට ආදරය කරන පිරිසක් ඉන්නවා. මේ රජයට සහාය දුන් පිරිසකුත් අපේ ගමනට එක්වීමට සූදානම්. මේ දූෂිත රජය පෙරළා දැමීමට පියවර ගන්නවා. මේ රජයට රට විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. අපේ ගමනට ජනතා සහාය හා ආශිර්වාදය තියෙනවා. මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයත් තියෙනවා. ඒ අනුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙනවා. ජනතාවට අහිමි යුක්තිය හා සාධාරණය ලබාදෙනවා. දේශපාලන ඇඟිලි ගැසීම් ඉවත් කරනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරනවා. ආශ්චර්යට නොගියට කමක් නැහැ. ජනතා හිතවාදි ආර්ථිකයක් ගොඩනැංවීමට කි‍්‍රයා කරනවා. මේ රටේ නිෂ්පාදනය කළ හැකි දේ ආරම්භ කෙරෙනවා. රණවිරුවන්ට කෙලෙහි ගුණ සළකනවා. රටේ නීතිය හා සාමය ආරක්ෂා කරනවා. කොමිෂන් සභා පත් කරනවා.   ප‍්‍රශ්නය:- උතුරේ පැවැති අර්බුදයට ඔබ දකින විසඳුම කුමක්ද? පිළිතුර:- රටටම පිළිගන්නා විසඳුමක් අවශ්‍යයි. සිත් නොරිදෙන සැකයක් නැති විසඳුමක් අවශ්‍යයි. කොළයකින් ව්‍යවස්ථාව වෙනස් කරනවා වෙනුවට විශ්වාසය මත ගොඩනැගෙන විසඳුමක් අවශ්‍යයි. සහෝදරත්ව බැම්ම තහවුරු කෙරෙන පිළියමක් අවශ්‍යයි. ඒපිළියම හදිසියට ලබා දෙන්නක් නොව සහෝදරත්වය, විශ්වාසය මත ගොඩනැගුණු විසඳුමක් අවශ්‍යයි. ඒ සඳහා පළමුව සහෝදරත්වය ගොඩනැංවීමට කි‍්‍රයා කළ යුතු වෙනවා. දෙපාර්ශ්වය අතර විශ්වාසය තහවුරු වූ පසු විසඳුමක් ලබාදීම බෙහෙවින් සරල වෙනවා.   ප‍්‍රශ්නය:- උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සඳහාවූ යෝජනාවට ඔබ එකඟද? පිළිතුර:- එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදින් 12,000ක ප‍්‍රමාණයක් පුනරුත්ථාපනය කර සමාජගත කර සිටිනවා. පුනරුත්ථාපනය නොවූ තවත් පිරිසක් ජනතාව අතර සිටිනවා. එසේ තිබියදී එකවර හමුදා කඳවුරු ඉවත් කිරීම සුදුසු නැහැ. ඒක ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීමක් විය හැකියි. වැරැදි දෙයට පෙළඹීමට ධෛර්යදීමක් විය හැකියි. එබැවින් දැන්ම හමුදා කඳවුරු ඉවත් කළ යුතු නැහැ. නමුත් හමුදා කඳවුරු ජන ජීවිතයට අවහිරයක් බාධාවක් නොවිය යුතුයි. යම් කාලයකට හමුදා කඳවුරු තිබිය යුතුයි. තත්ත්වය බලලා හමුදා කඳවුරු ඉවත් කරන්න  ඕනෑ. ඒ දිනය සඳහන් කළ නොහැකියි. කාලය පෙන්නුම් කළ නොහැකියි.   ප‍්‍රශ්නය:- යුද අපරාධ සම්බන්ධව හැඟුණ චෝදනා පිළිබඳව ඔබේ අදහස කුමක්ද? පිළිතුර:- හමුදාවේ හා රටේ කීර්තිනාමය වෙනුවෙන් වෘත්තිය යුතුකමක් ලෙස එම යෝජනාවට කරුණු ඉදිරිපත් කිරීමට මා ඉදිරිපත් වෙනවා. රජය එයට වගකීමෙන් මුහුණ දිය යුතුයි.   ප‍්‍රශ්නය:- හමුදා සෙබළුන් ඔවුන්ට සීමා නොවූ විවිධ කටයුතුවල යෙදවීම දැන් සිදු වෙනවා. හිටපු හමුදාපතිවරයා වශයෙන් ඔබ ඒ ක‍්‍රියාවලිය අනුමත කරනවද? පිළිතුර:- හමුදා සෙබළුන් කිළිටි ඇඳුම් ඇඳගෙන විවිධ කටයුතු සඳහා යොදවා ගැනීම මා අනුමත කරන්නේ නැහැ. ඒ ගැන මට කණගාටුයි. සෙබළුන්ගෙ ආත්ම ගරුත්වය රැකෙන්න  ඕනෑ. ඔවුන්ගේ ගෞරවනීය බව ජනතාව දකින්න  ඕනෑ. එසේ නොවුණහොත් හමුදා නිලධාරියෙක් දෙන උපදෙසත් නියෝගයත් පිළිගැනීමට ජනතාව සූදානම් වන්නේ නැහැ. සෙබළුන් සංවර්ධන වැඩවලට යෙදවීම සිදුවෙනවා. ඒත් එය වෘත්තීය ගරුත්වයට හානි නොවන ලෙසින් විය යුතුයි. වී ගබඩාවක් පිරවීමේ කාර්ය හමුදාවට භාරදීල එළවළු විකිණීමත් හමුදාවට බාරදීලා. මේ විදියට හමුදාවක ගරුත්වය රැකෙන්නේ කොහොමද? මේවා වෘත්තීය අවබෝධයක් නැති අය ගනු ලබන අත්තනෝමතික තීරණ.   ප‍්‍රශ්නය: යුද්ධයේ අවසන් සතියේ ඔබ ශ්‍රී ලංකාවෙන් බැහැරට ගියේ ඇයි? පිළිතුර: යුද්ධයෙ අවසන් සතිය කියල එකක් තිබුණේ නැහැ. මාවිල් ආරු සොරොව්ව විවෘත කිරීමේ සිට වසර දෙකක් පමණ යුද්ධය තිබුණා. අවසාන සතියෙදි එල්.ටී.ටී.ඊ.ය එක් ස්ථානයකට කොටු වුණා. එතැන රාජකාරිය තිබුණේ හමුදා කෝප‍්‍රල්ලටත් සැරයන්වරුන්ටත්. හමුදාපතිවරයාට එතැන කරන්න රාජකාරියක් නැහැ. කොහේ හිටියත් අවශ්‍ය උපදෙස් දුන්නා. චීන සංචාරය කීප වතාවක් කල් දමපු එකක්. එයට සහභාගි වෙන්න සිදුවුණා. චීනයෙ හිටියත් අවශ්‍ය සැලසුම් හා උපදෙස් ලබා දුන්නා.  

සටහන - දයාසීලී ලියනගේ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා



අදහස් (0)

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීමක්

දිනූෂ් Sunday, 17 June 2012 08:31 PM

ඕකේ සර්.......

:       0       0

දිනූස් Sunday, 17 June 2012 09:11 PM

හරි සර්

:       0       0

Wednesday, 20 June 2012 09:40 PM

ඔබතුමාට දේශපාලනය හරියන්නෑ....

:       0       0

බණ්ඩා Sunday, 17 June 2012 10:41 PM

ජෙනරාල්තුමනි, අපේ රට අනතුරේ, පවුල් බලය,වව්ලෝ වගේ, මැර බලය තිරිසන්නු වගේ, නීතිය අන්ඳරේගෙ වගේ, දූෂනය වංචාව රටපුරාවට, කුස ගින්න අහස උසට, දුප්පතා අසරනයා ප්‍රපාතයට, රට ගොඩ නගන්න​,රට හදන්න ඔබ තුමානන්ට බාරයි පියානෙනී, ජෙනරාල් ෆොන්සේකා කියන්නේ අපේ රටේ බිහිවෙච්ච විරයෙක්

:       0       0

ඉන්දික Monday, 18 June 2012 02:43 PM

ඇත්තටම රටට ආදරයක් තියේ නම් ඔය කියන කතා හොදයි.ඒත් දිනුවහම කරන්නේ නෑනේ

:       0       0

ජනක Thursday, 21 June 2012 06:16 PM

ඒක හරි

:       0       0

ලක්ෂ්මන් Tuesday, 19 June 2012 11:22 PM

සුභ පැතුම්! ලාංකික සැවොම ඔබ සමගයි

:       0       0

නීල් Monday, 18 June 2012 01:59 AM

මෙයා පිස්සෙක්

:       0       0

සම්පත් Wednesday, 20 June 2012 12:54 AM

ඔයාට දේශපාලනකය හරියන්නෙ නෑ. හමුදාවෙ ඉන්න කොල්ලන්ට මොනවා හරි කරන්න..

:       0       0

ආනන්ද Monday, 18 June 2012 06:34 AM

ඇත්තටම හරි

:       0       0

කෝලිත Saturday, 23 June 2012 02:37 PM

ඔයාගෙ එකම සටන් පාථය දූෂිත දේශපාලනය නේද?? ඔයා කියන දේශපාලනය කරන්නනම් ආගමික නායකයෝ නැවත ඉපදෙන්න වෙයි වගේ...

:       0       0

ෆස්ලි ෆෛසල් Monday, 18 June 2012 08:49 PM

ඕක තමා කියන්නේ රජ කම් කලත් කළකම් පලදෙනව

:       0       0

වැද්දා Saturday, 23 June 2012 02:56 PM

අපේ සනුහරේ ඡන්දෙත් ඔබතුමාට තමයි.. අපේ හූරො ඔබතුමා ඡන්දෙට එනකම් බලා ඉන්නෙ...

:       0       0

පියල් Thursday, 21 June 2012 05:52 AM

ඔබ හරි සර්

:       0       0

රෝහණ උපුල් කුමාර Sunday, 17 June 2012 01:40 PM

පන්ඩිතකං නැතිව දෙන දෙයක් කාලා.වෙන දෙයක් උනාවෙ කියලා හිටියනං ඉවරයි.

:       0       0

අසින්ත Sunday, 17 June 2012 02:57 PM

ගුටි කණ මූනක්නේ තියෙන්නේ

:       0       0

මාමා Tuesday, 19 June 2012 05:30 PM

ඔබ එදාවගේම හෙටටත් අපට වීරයෙක්...හැබැයි දේශපාලනය ඔබට ගැලපෙන්නෙ නැහැ.. දේශපාලනය කරන්න යන්න එපා...

:       0       0

සරත් Monday, 18 June 2012 11:45 AM

අපේ රට බේරාගත් වීරයාණෙනි.ජනතාව මේ දුකින් මුදවන්න.

:       0       0

සී. අමරසින්හ. Wednesday, 20 June 2012 11:14 AM

ආමි සොල්දාදුවන් නිර්භීතයි ඕන වැඩකට ඔවුන් සූදානම් ,රට වෙනුවෙන් ඔව්නට ඕනෑම දෙයක් කලහැකියි.බලන්න,කියවන්න ඇමරිකාවේ නිව් මෙක්සිකෝ වල ගොඩනගපු Cochiti Dam එක.ඒක ආමි එකේ වැඩක් දැක්කාම පුදුම හිතෙනවා.

:       0       0

ටිෂාන් Tuesday, 19 June 2012 07:57 PM

ගාමිණී, හරියටම හරි

:       0       0

හද්දා Friday, 22 June 2012 03:51 PM

ආයිත් අරින්න එපා

:       0       0

චන්දිම Sunday, 17 June 2012 07:56 PM

හොරු කල්ලියෙන් රට බේරා ගත හැක්කේ ඔබට පමණයි

:       0       0

Gamini Tuesday, 19 June 2012 05:59 AM

ඔබතුමා රජයට යනවාටත් ජනතාව කැමති නැහැ . විපක්ෂයට යනවාටත් ජනතාව කැමති නැහැ . එහෙමනම් ඔබ කල යුතු හොඳමදේ මැද්දට වෙලා මේ දෙගොල්ලන්ගේම නාඩගම් බලබලා තව ටිකක් ඉගනගන්න චන්දයක් එනතුරු. එහෙම නැතුව මැද්දේ ඉදන් ඔබත් නාඩගම් නටන්න යන්ඩ එපා. ජනතාව මේ රටේ දේශ පාලකයන්ට වඩා බුද්ධිමත්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 235 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 115 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 241 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 610 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4820 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1156 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site