රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමතලා වූ තැනක සංවර්ධනයට කිසිදු ඉඩක් නැති බැවිනි.
ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පසුගියදා සිදුකළ ප්‍රකාශය ඉහත සඳහන් තොරතුරු සමග ගළපා ගත් විට මැවෙන්නේ භයානක රූපයකි. එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා සඳහන් කරන අන්දමට රජයේ ඉදිකිරීම් කටයුතු සීමා කිරීම සහ විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන බොහෝ ව්‍යාපෘති නවතා දැමීමත් පවතින ආර්ථික අර්බුදය නිසා පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු සීමා වීමත් හේතුවෙන් රටේ ඉදිකිරීම් කර්මාන්තය සියයට 70කින් පමණ කඩා වැටී තිබේ. මේ පසුබිමේ ඉදිකිරීම් කර්මාන්තයට සෘජුවම සම්බන්ධ වී සිටි පෙදරේරුවන් සහ වඩු කාර්මිකයන් ඇතුළු වෘත්තිකයන් සහ සේවකයන් ලක්ෂ අටක පමණ සංඛ්‍යාවෙන් ලක්ෂ 05කට පමණ මේ වනවිට රැකියා අහිමිවී ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.
ඉදිකිරීම් කර්මාන්තයේ පමණක් නොව වෙනත් කර්මාන්තයක් වුවද රටේ පවතින ආර්ථිකය සමග ගැට ගැසී තිබේ. ආර්ථිකය දුර්වල වනවිට කර්මාන්ත ක්ෂේත්‍රයට එහි සෘජු බලපෑමක් එල්ල වෙයි. විශේෂයෙන් ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති, වැලි, කළුගල්, යකඩ පමණක් නොව සේවා ගාස්තු පවා අසීමිතව ඉහළ යාම එම බලපෑම්වලින් ඉහළින් සඳහන් වෙයි. එම මිල ඉහළයාම්වල සෘජු ප්‍රතිඵලයක් වන්නේ එදිනෙදා ගම්බදත් නගරයේත් සිදු කෙරෙන බහුවිධ සුළු පරිමාණ ඉදිකිරීම් පවා ඇන හිටීමයි. එවිට එදිනෙදා පෙදරේරු වැඩ සහ වඩු වැඩවලින් යැපෙන තවත් දහස් ගණනකට ද ආදායම් මාර්ග නවතී. ග්‍රාමීය ප්‍රදේශවල පෙදරේරු රැකියාව කළ ඇතැම් පුද්ගලයන් මේ වනවිට වෙනත් කුලී වැඩ සොයාගෙන යමින් සිටින බව ද වාර්තා වෙමින් තිබේ. රුපියල දිනෙන් දින ශක්තිමත් වන බවට මහ බැංකුව කොතරම් ප්‍රකාශ කළත් එහි ප්‍රතිඵල රටේ ජනතාවට දැනෙන්නේ නැත්නම් සහ ඉදිකිරීම් කර්මාන්තය වැනි රටේ සංවර්ධනයට සෘජුවම දායකවන කර්මාන්තවලට එයින් ප්‍රයෝජනයක් නොගත හැකිනම් එම ප්‍රකාශවල සත්‍ය තත්වය පිළිබඳව රටේ ජනතාව ප්‍රශ්න කිරීම වැළැක්විය නොහැකිවනු ඇත.
රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩාවැටීම පිළිබඳව සුසන්ත ලියනආරච්චි මහතා ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන කොතරම් දුරකට නිවැරදි දැයි අපි නොදනිමු. එහෙත් ඒ සංඛ්‍යා ලේඛන පිළිබඳව නිවැරදිව හැදෑරීමක් කිරීමත් එයින් පැනනගින ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමත් ඉදිකිරීම් ක්ෂේත්‍රය භාර රජයේ අමාත්‍යවරුන්ගේත් සෙසු නිලධාරින්ගේත් වගකීමකි. අනෙක් අතට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවී ඇති මහා පරිමාණ කඩාවැටීම පිළිබඳ එම සංගමය කරුණු පෙන්වා නුදුන්නත් මහපාරට බැස ගමන් කිරීමේ දී ඒ බව නිශ්චිතවම හඳුනාගත හැකිය. ඇතැම් මහ පරිමාණ ඉදිකිරීම් අතරමග නැවතුණු අදියරේ එසේම පවතී. සාමාන්‍ය ජනතාව විසින් ඉදිකරනු ලබන නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි ද බොහෝදුරට අතරමග නැවතී තිබේ. ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගණන් දැරිය හැකි මට්ටමෙන් ඉවතට පැන රතු ඉර ද කඩාගෙන ගොස් නැවතී තිබේ. දැන් පවතින මිල ගණන්වලට නිවෙසක් ඉදිකර ගැනීම අතිබහුතරයකට සිහිනයක් පමණි. ඉදිකරන්නා එසේ අසරණ වනවිට එම ක්ෂේත්‍රයේ රැකියාවල නිරතවූවන්ට රැකියා අහිමිවීම ගැන පුදුම විය යුතු නැත.
මහාපරිමාණ ඉදිකිරීම් ඇනහිටීමට තවත් ප්‍රධාන සධකයක් වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ඉංජිනේරුවන් රට හැර යාමයි. ඉදිකිරීම් සංගමය ප්‍රකාශ කරන පරිදි මේ වනවිට ඉදිකිරීම් ඉංජිනේරුවන්ගෙන් සියයට 50 ක් පමණ රට හැර ගොස් තිබේ. වෘත්තිකයන් රට හැර යාම ආණ්ඩුවට පාලනය කළ නොහැක. එයට බලපාන විවිධ හේතු තිබේ.
මේ වන විට ඉදිකිරීම් කර්මාන්තය මුහුණදී සිටින සෙසු බරපතළ ගැටලු පිළිබඳව සැලකීමේ දී වහා පිළියම් යෙදිය යුතු කාරණාවන්නේ අධික ලෙස ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය මිලගණන් පහත හෙළීමයි. ඒ සඳහා වහාම ප්‍රමුඛත්වය දිය යුතුය. එම මිලගණන් දැරිය හැකි මට්ටමකට පහත හෙළන තුරු ඉදිකිරීම් කර්මාන්තය ගොඩගැනීම පිළිබඳ බලාපොරොත්තු තැබීම නිෂ්ඵල ය.
(***)
ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව
“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය
අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉදිකිරීම් කර්මාන්තයේ ගැටලු කඩිනමින් විසඳන්න ඕනෑ