කොරෝනා වසංගතය මැඩලීම සඳහා එන්නත්කරණය කෙතරම් හොඳින් සිදු වුව ද රෝග ව්‍යාප්තියේ බරපතළකම එසේම පවතී. මේ බදාදා වනවිට මෙරට කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගත් ජන සංඛ්‍යාව ලක්ෂ අනූහතරකි. එක් එන්නතක් ලබාගත් ජන සංඛ්‍යාව එක්කෝටි විසිඅට ලක්ෂයකි. ඒ අතර, නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් සමාජයේ දෛනික කටයුතු යම් තරමකට සීමා කර තිබේ. එහෙත් මෙවර ඇඳිරිනීතිය ලිහිල් වැඩි බවට සමාජයෙන් හා වෛද්‍ය විශේෂඥයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී. ඇතැම් ප්‍රදේශවල ඇඳිරිනීතියක් නැතුවා සේය.
රටේ ආර්ථිකය සිරවීමකට ලක්ව ඇති අවස්ථාවක ජනතාවගේ පෞද්ගලික ආර්ථිකය ද සීමා බන්ධනවලට යටත් කළ නොහැකි නිසා ආරක්ෂක අංශ ඇඳිරිනීතිය නමට සීමා කර ඇත්දැයි සැකයක් ඇති වේ. කෙසේ වෙතත් දිනපතා අපට අසන්නට, දකින්නට ලැබෙන කොරෝනාවලට සම්බන්ධ විවිධ පුවත් නිරීක්ෂණය කරන විට සමාජයේ සියලු සීමා බන්ධන ඉක්මවමින් කොරෝනා රකුසා සිය කෲරත්වයේ හස්තය විහිදුවමින් සිටින බව පැහැදිලි වේ. කොරෝනා මාරයා ධනවතා, බලවතා, දුබලයා, ප්‍රබලයා කියා පංගු පේරුවකින් තොරව සමාජය බිලි ගනිමින් සිටී. මෙම අඟහරුවාදායින් අවසන් වූ සතියේ දින හතරකට මරණ දහසක් වාර්තා වීමෙන් තත්ත්වයේ බරපතළකම වටහාගත හැකිය.
මෙයට දශක ගණනාවකට පෙර රට පාලනය කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා
ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශයක් කළේය. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත යුතු යැයි කියූ ජේ.ආර්.ට රටම බැණ වැදුණි. එහෙත් අද පවතින කොරෝනා වසංගතයේ පැතිරීම සලකා බලන විට ජේ.ආර්.ගේ කතාව එදාට වඩා අදට වලංගු නොවේදැයි සිතේ. රටක ආණ්ඩුවක් තිබුණාට ආණ්ඩුවට ඉහළම මැතිසබා බලයක් තිබුණාටම මේ ව්‍යාධියෙන් සමාජය ගලවාගත නොහැකිය. තමන්ගේ ආරක්ෂාවේ වගකීමෙන් හරි අඩක් තමන් විසින්ම බාරගත යුතුය. රජයකට කළ හැක්කේ වසංගතයෙන් ගැලවීම සඳහා ඉදිරිපත් කර තිබෙන ලෝක සම්මත විසඳුම් ජනතාව වෙත සැපැයීම පමණි.
එන්නත ලබාගත් පමණින් කොරෝනා වැළඳීම සිදු නොවේ යැයි සිතීම මිථ්‍යාවක් බව වෛද්‍යවරු සනාථ කර ඇත්තාහ. එසේම දැන් ලැබෙන වාර්තා අනුව ප්‍රතිශක්තිය දුර්වල වෙනත් අතුරු ආබාධ සහිත තැනැත්තන්ට දෙවරක් වුව ද කොරෝනා වැළඳීමට ඉඩ ඇති බව ප්‍රකාශිතය. එසේම පැතිර යන ඩෙල්ටා වයිරස් ප්‍රභේදය හා තවත් අතිශය බියකරු ප්‍රභේදයක් වන “මූ” (තවමත් මෙරටට පැමිණ නැත) වයිරස ප්‍රභේදය සමාජය ශීඝ්‍රයෙන් ගිලගන්නා බවට වෛද්‍ය මත ඉදිරිපත් වෙමින් පවතී. එන්නත්වල බලය පවා ඉක්මවා යන මෙම වයිරස ප්‍රභේද හමුවේ අසරණ වනවාට වඩා ස්වේච්ඡාවෙන් ආරක්ෂාව සලසා ගන්නට කැපවීම කාගේත් වගකීමය. එසේ නොවුවහොත් මේ රට විශාලා මහනුවරක් වීමට ඉඩ ඇති බවට පළ වන අනාවැකි බැහැර කළ නොහැක. අප මෙම කරුණ සටන් කරන්නේ සමාජය බියට පත් කිරීමට නොවේ. අතිශය බියකරු නොපෙනෙන මාරකයක් හිස් අවකාශය විසින් අත්පත් කරගෙන මානව සමාජයට එරෙහිව යුද වදින නිසාය.
මේ තරම් බියකරු තත්ත්වයක් පවතිද්දී ඇතැම් පුද්ගල හැසිරීම් ප්‍රශ්න සහගතය. සමහර ආගමික උත්සව, අවමංගල්‍ය උත්සව පමණක් නොව අනුරාධපුරයේ වැවකට බැස එක ගොඩේ මසුන් අල්ලන ජන සමූහයකගේ ඡායාරූප රැසක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මෙලෙස හැසිරෙන අය ගැන ආරක්ෂක අංශවලට පවා කරන්නට දෙයක් නොමැති තත්ත්වයක් පවතී. මිනිසුන් සිය ගණන් එක්වර අත්අඩංගුවට ගෙන සිරගත කිරීම වැනි ප්‍රායෝගික නොවන විසඳුම් කෙරේ ආරක්ෂක අංශ යොමු නොවන බව පැහැදිලිය. ජන සමූහ ඒකරාශි වීම පසෙක තබමු. එන්නත්කරණය සඳහා පෝලිම් ගැසීමේදීත් ඇතැම් ජනයාගේ හැසිරීම් කනගාටුදායකය. මුව ආවරණ පවා නොපැළඳ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන්නන් ගැන නිතර නිතර පුවත් අසන්නට දකින්නට ලැබේ. රට නොවසන්න නම් තමන්ගේ කට වසා ගන්න යැයි වෛද්‍ය විශේෂඥයන් කොපමණ අවවාද කළත්, ඇතැම් පණ්ඩිතයන්ට ඒ ගැන වගේ වගක් නැත.
ඔවුන්ගේ වැරැදි හැසිරීමෙන් තමන් අමාරුවේ වැටෙන්නේ තවත් අහිංසක පුරවැසියන් පිරිසක් ද අමාරුවේ දමමිනි. මෙවැනි වැරැදි දඬුවම්වලින් හික්මවිය හැකි වැරැදි නොවේ. තමන් ස්වයං අවබෝධයෙන්, ස්වයං විනයෙන් වැළකී සිටිය යුතු වැරැදිය.
රජය කොරෝනා ඇඳිරිනීතිය පනවා ජනතාවට දැනුම් දුන්නේ අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙසින් බැහැර නොයන ලෙසය. එහෙත් පවත්නා තත්ත්වය නිරීක්ෂණය කරන විට විශේෂයෙන් කොළඹ සහ අවට උප නගරවල ඇතැම් මහජන හැසිරීම් සාධාරණීකරණය කළ නොහැක. සමහරුන් රජයෙන් ලබා දී තිබෙන ඇඳිරිනීති සහනය අවභාවිත කරන බව ඉතා පැහැදිලිය. ඒ අය නිරෝධායන ඇඳිරිනීතිය සෙල්ලමකට ගෙන තිබේ. එහෙත් ඔවුන් සිහිපත් කරගත යුතු කාරණා ගණනාවකි. ශ්‍රී ලංකාවට කොරෝනාව ඇතුළු වී දැනට වසර එක හමාරක් ගත වී ඇත. එම කාලය තුළ මෙරට වටිනා මිනිස් ජීවිත 10,500ක් රටට අහිමි වී ගියේය. ලෝක තත්ත්වය ගත් කල මිනිස් ජීවිත ලක්ෂ පනහක් පමණ සමාජයෙන් තුරන් කර දැමීමට කොරෝනා මාරයාට පුළුවන් වූ බව සිහි කටයුතුය. එම නිසා පවතින අවුල තව තවත් වියවුලක් නොකර සැමගේ සුවසෙත උදෙසා කැපවීමට සමාජයේ කාටත් අනවරථ වගකීමක් ඇති බව සඳහන් කරනු වටී.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇඳිරි නීතිය විහිළුවට ගැනීම