IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ආර්ථිකය යුගයට ගැලපීම

ණය ආපසු ගෙවීම නතරකර වසර දෙකක් ගත වී තිබේ. දරුණු අර්බුදයකට පත්ව තිබුණ ශ්‍රී ලංකාව තරමක් හිස ඔසවා සිටී. ඉන්ධන, විදුලිය සහ ගෑස් බාධාවකින් තොරව සැපයේ. ජනතාව මුහුණ පෑ ප්‍රශ්නවලට කිසියම් අස්වැසිල්ලක් ලැබී තිබේ. රට ස්ථාවර කරන සැලැස්මක්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හඳුන්වාදුන් අතර ඉන්දියාව, චීනය ඇතුළු රටවල් ගණනාවක් දුෂ්කර කාලවකවානුවේ දී ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර වැදගත් පිටුවහලක් විය. තවදුරටත් බිඳ වැටීමෙන් වළකාගෙන, ස්ථාවර කරගත් ආර්ථිකය වර්ධනයකට හැරවිය යුතුවේ.

දැනට අපේක්ෂා කරන පරිදි මෙම වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 2.2 ක පමණ වර්ධනයක් ඇති විය හැකිය. අවුරුදු දෙකක් තුළ සියයට දහයකින් පහතට වැටුණු රටකට, සියයට දෙකක වර්ධනය කිසිසේත් ප්‍රමාණවත් නැත. රට දියුණු කරනු සඳහා දෙස් විදෙස් ආයෝජන ලබා ගැනීමේ පුළුල් සැලැස්මකට යා යුතුව තිබේ.

ආයෝජන අවස්ථාවක් වශයෙන් රජයට අයත් ආයතන පෞද්ගලීකරණය කළ යුතු බව අලුත් වටයකින් කියැවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිටල්, හිල්ටන් හෝටලය වැනි අංශ ගණනාවක් ගැන සාකච්ඡා පැවැත්වෙයි. රජයේ ආදායම වැඩිකරගත යුතු අතර රැකියා උත්පාදනය අවශ්‍යම අංශ අතර තිබේ. සැලැස්මකට අනුව, පෞද්ගලීකරණ වැඩසටහනක් සම්බන්ධ තීරණ ගැනීම නරක අදහසක් නොවේ. අසූ ගණන්වල සිට වඩා වේගවත්ව ලෝකය පුරා පැතිර ගිය පෞද්ගලීකරණ සංකල්පය දැන් දශක හතරකට වඩා යල් පැන ගිය ක්‍රමවේදයකි. අදට එහි ප්‍රවණතා සලකා බැලීම පහසු කටයුත්තක් නොවේ. පෞද්ගලීකකරණ සැලැස්මක් ගැන වාද විවාද ඉක්මවා ගිය ප්‍රතිපත්ති සැලැස්මක් සකස් කරගත යුතුවේ.

 

තාක්ෂණික යුගයේ යල් පැන ගිය කර්මාන්ත

තාක්ෂණයේ ව්‍යාප්තිය ගැන ජන සමාජයට අවබෝධයක් තිබේ. සන්නිවේදන හා තොරතුරු තාක්ෂණයේ පහසුව සෑම අංශයකම පැතිරී ඇත. මෙම කාලවකවානුව නව කර්මාන්ත විප්ලවයක ආරම්භක මොහොතකි. මිනිසුන් වෙනුවට කෘතිම බුද්ධිය යෙදවේ. ස්වයංක්‍රීය යන්ත්‍ර නිෂ්පාදන ක්‍රියාවලියෙහි සැලකිය යුතු කොටසක් වී තිබේ. පිරිවැය අඩු හා නිරවද්‍ය නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා තාක්ෂණය බහුලව භාවිත කෙරේ. බොර තෙල් කැනීම, තෙල් පිරිපහදුව, විදුලිය නිෂ්පාදනය, ප්‍රවාහනය, සෞඛ්‍ය, සන්නිවේදනය, වරාය සේවා සහ ගුවන් ගමන් ක්ෂේත්‍රය ඇතුළු සෑම පැත්තක්ම දැවැන්ත දියුණුවක් ලබා ඇත. ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා සේවා අංශයෙහි දැනට පවතින තාක්ෂණික භාවිතාවේ දුරස්ථභාවය සැලකිය යුතු ගැටලුවකි. ගතානුගතික දේශපාලනඥයන් විසින් ජාතික සම්පත් වශයෙන් හුවා දක්වනු ලබන ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල අභ්‍යන්තරය ගැන අදහසක් ලබා ගැනීම සුදුසුය. 

මන්නාරම හා ඒ අවට ඛනිජ තෙල් නිධි ඇති නමුත්, තෙල් ළිං කැන බොරතෙල් ලබාගැනීම ඵලදායී කටයුත්තක් නොවන බව පර් යේෂකයන් තහවුරුකර තිබේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර හැටක් පැරැණිය. එහි ක්‍රමවේදයට තෙල් පිරිපහදු කරන රටවල් නැත. විදුලිය නිෂ්පාදනය, බෙදාහැරීම වැනි කටයුතු පවා අධික පිරිවැය සහිත ක්‍රමවේද බව සනාථ වී ඇත. දුම්රිය, බස් රථ ඇතුළු මගී ප්‍රවාහනයේ යල් පැනගිය එන්ජින් ක්‍රමවේ ද අදට නොගැළපේ. එන්ජින් නැති වාහන පමණක් නොව විදුලියෙන් ධාවනය කෙරෙන ක්‍රමවලට ඇතුළු වී ඇත. ගුවන් සේවාව පවා අධික අලාභ ලබන අකාර්යක්ෂම ව්‍යවසායක් වන අතර එය පෞද්ගලීකරණය කරන්නට ගත් උත්සාහ ගණනාවක් අසාර්ථක වී තිබේ.

මෙම අංශවල පවතින දුබලතා, ව්‍යාපාර වශයෙන් පවත්වාගෙන යෑමේ දී අලුතින් කළ යුතු විශාල ආයෝජනය සලකා බලන පසු ව්‍යවසායකයෝ මේවා ආයෝජන වශයෙන් හිතන්නේ නැත. රාජ්‍ය ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය ධනය රටට නැති අතර බාහිර ව්‍යවසායකයන් කැඳවීමක දී පවා අවම ප්‍රතිචාර සහිත ආයත පද්ධතියකින් රටට ඇති වාසිය කුමක් ද?

 

ව්‍යාපාරයක සාමාන්‍ය වයස විස්සට වැටේ

සමාගම්වල පැවැත්ම හා අලුත් කිරීම වේගයෙන් සිදුවේ. ඇමරිකාව හා යුරෝපා රටවල විහි දී ඇති  ප්‍රධාන සමාගම්වල සාමාන්‍ය ආයු කාලය වසර විස්සකට සීමා වී ඇත. පනස් ගණන්වල අවුරුදු හැටක් පමණ කාලයක් දක්වා පවත්වාගෙන ගිය කර්මාන්ත හා ව්‍යාපාර දැන් එවැනි ස්වභාවයක නැත. සාර්ථකව කරගෙන යන අතරවාරයේ පවා ලාභ ප්‍රමාණවත් නොවන සහ අනාගත අරමුණු සාක්ෂාත් කර ගැනීමට සැලකිය යුතු ආයෝජන අවශ්‍ය බව තක්සේරු කළ වහා ඒවා විකිණේ. නැතිනම් නීත්‍යනුකූලව අහෝසි කෙරේ. සෑම රටකම පාහේ දිනපතා දස දහස් ගණනින් ව්‍යාපාර නැතිවන අතර අලුත් ඒවා බිහි වේ.

අලුත් ව්‍යුහයකින් අලුත් කර්මාන්ත හා සේවා ආරම්භවන සෑම අවස්ථාවකම ආර්ථිකයෙහි ක්‍රමවේ ද වෙනස් වේ. නවීන සැපයුම් චක්‍රයට ඇතුළුවෙන අවස්ථාව ලැබේ. ව්‍යාපාර වෙනස්වීම් හේතු කොටගෙන ඉක්මනින් ඉහළ බදු ආදායමක් ඉපැයිමට සමහර රටවලට හැකි වී ඇත. වෙළෙඳපොළ පදනම් කරගෙන වෙනස්කම් සිදුකරන මෙම ආයතන පාරිභෝගිකයන්ගේ මිල දී ගැනීමේ රටා නිරීක්ෂණය කර ව්‍යාපාර මෙහෙයවයි.

තාක්ෂණයට හා තරගකාරීත්වයට ඇතුළුවිය යුතු ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර ආර්ථික අර්බුදය හමුවේ හදිසි විසඳුමක් අනුගමනය කළේ අනෙක් පියවරකි. පාඩු ලබමින් තිබුණ ඛනිජ තෙල්, විදුලිය හා ජලය වැනි අත්‍යවශ්‍ය අංශවල අලාභ පියවා ගැනීම සඳහා මිල සූත්‍ර හඳුන්වා දුන්නේය. මිල සූත්‍රයකින් නිෂ්පාදනයේ ගුණාත්මක භාවයක් ඇති නොවේ. අඩු පිරිවැයකින් නිපදවන්නේ නැත. අතිරික්ත සේවක කණ්ඩායම් ඉවත්කර වියදම් ප්‍රතිසංස්කරණයක් නොවේ. ඒවා පසෙක තබා, සියලු බර පාරිභෝගිකයන් වෙත පටවන ක්‍රමවේදයකි. ඛනිජ තෙල්, විදුලිය, ජලය වැනි අත්‍යවශ්‍ය සේවාවල මිල වැඩිවීම තුළ මහජනතාව බරපතළ පීඩනයක බව පෙන්වා දිය යුතුය. පටු ආකල්ප මත කටයුතුකරන මතධාරීන්, විරුද්ධ දේශපාලන පක්ෂ හා ආයතනවල වෘත්තීය සමිති දක්වන විකෘති අදහස් වර්තමාන තරගකාරී ආර්ථිකයකට ගැළපෙන්නේ නැත.

 

පෞද්ගලීකරණය ගැන උගත් පාඩම්

ශ්‍රී ලංකාව අනුගමනය කරන රාජ්‍ය ආයතන කළමනාකරණ ක්‍රම ආණ්ඩු අනුව වෙනස්ය. ඇමැතිධුරවලට පත්වන පසු ව්‍යාපාරවලට හිතවත්තු පත් කරගැනෙති. ඇමැතිකමක බර ආයතන ගණන අනුවය. ඉතාම අසාර්ථක විශාල අලාභ ලබන ආයතනවල වගකීම පවා ඇමැතිවරුන්ට මහත් ආස්වාදයකි. ඒවායේ සම්පත් ඡන්ද කටයුතුවලට භාවිත කරන අතර රටට, ආර්ථිකයට හෝ මහජනතාවට සිදුවන හානිය තක්සේරු කරන්නේ නැත.

පෞද්ගලීකරණය කරන ව්‍යාපාරවල පවා විෂම තත්ව ඇත. ඇතැම් ව්‍යාපාර ආයෝජකයන්ට ප්‍රමාණවත් පරිදි කොටස් ප්‍රතිශත නොලැබේ. තීරණ ගැනීමේ බලය රහිතව ආයෝජනයට දෙස් විදෙස් ආයෝජකයෝ සූදානම් නැත්තාහ. සිංගප්පූරුව, බංගලාදේශය, ඉන්දියාව හෝ වියට්නාමය වැනි රටවල වුවමනා තරම් අවස්ථා තිබේ. පසුගිය කාලය තුළ පෞද්ගලීකරණය කරන වැඩපිළිවෙළ තුළ ආකර්ශනයක් ඇති නොවීමට බලපා ඇති ප්‍රධාන කරුණකි.

කොටස් පැවැරීමට හෝ ඒකාධිකාරයකට ඉඩ නොදෙන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් නොදැනුවත්වම මෙරට ඇතැම් ව්‍යවසාය සම්පූර්ණයෙන්ම බාහිර අංශවලට පවරා ඇත. තිරිගු පිටි නිෂ්පාදනය එයින් එකකි. ශ්‍රී ලංකාවේ කම්හල් සම්පූර්ණයෙන්ම ප්‍රිමා සමාගමට පවරන ලද අතර මෑතක දී සෙරන්ඩීබ් සමාගම ආයෝජනය කරන තෙක් එහි අධිකාරියක් පැවැතිණ. දුම්කොළ සමාගම ද තවත් අංශයකි. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තනි බාහිර ආයෝජන සඳහා බලතල ලබාදුන් තවත් ව්‍යාපාරයකි. මේවා පැවැරීමෙන් පසු රජයට අවශ්‍ය අවස්ථාවල බදු වැඩිකිරීමෙන් අපහසුවකින් තොරව ආදායම් ලැබේ. ඒකාධිකාරය, රජයේ පාලනයෙන් බැහැරවීම, ජාතික සම්පත් වැනි මත මෙහි දී පැන නොනැගීම සැලකිල්ලට ගත යුතුය.

 

රාජ්‍ය ආයතන ආර්ථිකයට කරන බලපෑම

2024 අය වැය ඉදිරිපත් කළ රජය ඉකුත් වසරේ සිය ව්‍යවසායවල දුබලතා හෙළි කර තිබේ. ආයතන 420 ක් අතරින් 52 ක අලාභය රු. බිලියන 86 කි. 2023 අය වැය අනුව සමස්ත සහනාධාර වියදම රු. බිලියන 65 ක් බව දැක්වේ. මහජනතාවට සහනාධාර දෙන බව ප්‍රකාශ කරන නමුත් එම සහනාධාරවලට වඩා රාජ්‍ය ආයතන 52 කට වියදම් කරන රටකි. ආයතන අතරින් 55 ක් පමණක් උපායශීලීව වැදගත් බව සඳහන් කර ඇත. එහි නිරත සේවක සංඛ්‍යාව සමස්තයෙන් සියයට 1.9 කි. රජයට අයත් සමාගම් 287 ක් වාණිජ වශයෙන් පවත්වාගෙන යන අතර තවත් සමාගම් 185 ක් වාණිජ අරමුණු රහිතව ජනතා සේවයක් වශයෙන් පවත්වාගෙන යයි.

මෙම රාජ්‍ය ව්‍යවසාය පවතින දුබල, තත්වයට වඩා වැඩි දියුණු කළ නොහැකි ද? රජයට අයත් ව්‍යාපාර සඳහා ආයෝජනයක් නොකර පවතින තත්වයෙන්ම තබා ගැනීම පවා ආර්ථිකයට හානියකි. සුදුසු පරිදි සංවර්ධනය කර තවත් පුළුල් කළහොත් නිෂ්පාදන හෝ සේවා අංශවල දියුණුවක් ඇති වේ. ඒවායේ ක්‍රියාකාරීත්වය ආර්ථිකයට සපයන දායකත්වය දියුණුවනු ඇත. දියුණු කළ හැකි හා පහසුවෙන් රජයෙන් බැහැර කළ හැකි ව්‍යාපාර ගණනාවක් හඳුනාගෙන තිබේ. ආණ්ඩුව යටතේ පාලනය වන හෝටල හා තානායම්, ලෙකෝ සමාගමේ කොටස්, ලක්දනවු බලාගාරය, ලිට්‍රෝ ගෑස්, ලංකා හොස්පිටල්, ශ්‍රී ලංකන් සහ ටෙලිකොම් කොටස් ඒ අතර ඇත. මේවා පෞද්ගලික අංශයට පැවැරීමෙන් රජයට ආදායමක් වහාම ලැබෙන අතර පසුව ඒවායේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම සමග රජයට බදු අයකරගත හැකිවනු ඇත.

 

ආයතන අලාභයට මහජනතාවට බදු

රාජ්‍ය ව්‍යාපාර අලාභ ලබන විට තාවකාලික ණයවලින් පවත්වාගෙන යන්නට සිදුවේ. රජයට අයත් වාණිජ බැංකු රජයේ සමාගම්වලට ණය සපයා තිබේ. ශ්‍රී ලංකන් සමාගම ප්‍රධාන බැංකුවලට ණය ගැතිය. විදුලිය බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව යනා දී වශයෙන් තවත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැක. මෙම ණයවලට අය කරන පොලියෙන් ආණ්ඩුවේ වාණිජ බැංකු ලාභලබන අතර විදුලිය හෝ ඉන්ධන වියදමට එම පොලිය ද ඇතුළත්ය. අවසානයේ දී මහජනතාවට සහන, ආණ්ඩුවේ ව්‍යාපාරවලට ආධාර සඳහා අය වැය හදන ආණ්ඩු වියදම ආවරණය කර ගැනීම සඳහා තවත් බදු වැඩි කරති. මෑතක කරන ලද බදු සංශෝධනවලින් ලැබෙන ධනය ප්‍රමාණවත් නොවන අතර ලබන වසරේ සිට තවත් බද්දක් වත්කම් අනුව පවරන්නට යෝජනා කර ඇත. මෙම ධනය මහජනතාවගෙන් ලබාගෙන අසාර්ථක ව්‍යාපාර පද්ධතියක් සහ අසංවිධිත ආර්ථිකයක් නඩත්තු කිරීම කිසිසේත් උචිත තත්වයක් නොවේ.

ශ්‍රී ලංකාවේ දී අතිශය වැදගත් මර්මස්ථාන සේ සලකන විදුලිය සංදේශ සේවාව ඉන්දියාව, ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යයේ දී පෞද්ගලික ව්‍යවසායයකි. රජයට නිල ගුවන් සේවයක් තිබිය යුතු යැයි මෙරට බලධාරීන් සිතන නමුත් ඉන්දියාව සිය ජාතික ගුවන් සේවාව පෞද්ගලීකරණය කළේය. මෑතක දී බලයට පත් ආර්ජන්ටිනා ජනාධිපතිවරයා රටට මහ බැංකුවක් පවා අවශ්‍ය නැති බව ප්‍රකාශ කළ අතර ඔහු ආර්ථිකය වෙනම ආකාරයකට ගොඩ නගන්නට සූදානම් වේ. මතවාදී වශයෙන් ද, ක්‍රමෝපාය ඇසුරෙන් ද පමණක් නොව දියුණු තාක්ෂණයෙන් ද ලෝකයේ රටවල් පරිවර්තනය කරා ගමන් කරන කාලවකවානුවකි. අතීතයෙන් ලබාගත් අත්දැකීම් ප්‍රයෝජනයට ගත යුතුවේ. ලෝකයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කර තරගකාරීත්වයට ඇතුළුවීම අවශ්‍යය. එයින් බැහැර ක්‍රමවලින් රටක් දියුණු වෙන්නේ නැත. අවස්ථා අහිමිවන, නොදියුණු සමාජ ක්‍රමය තුළ පැවැතිය නොහැකි මෙරට තරුණ පෙළ ලෝකයේ වෙනත් රටවලට නික්ම යනු ඇත.

 

(*** සාරා කන්දෙගොඩ)



අදහස් (0)

ආර්ථිකය යුගයට ගැලපීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථික පනතේ ඉලක්ක සැබෑවේද?
2024 මැයි මස 21 94 0

ඉකුත් මාර්තු 21 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංදේශයකට අනුව දැන් “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” පාර්ලිමේන්තුවට ඉදිරිප


ඉරාන තානාපතිට පහරදීම රටේ ප්‍රතිරූපයට හානියක්
2024 මැයි මස 21 555 0

මෙරට සිටින තානාපති ප්‍රජාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන අමුතු කතාවකට පසුගියදා මාධ්‍ය සිරස්තල වෙන්වී තිබිණි. මෙරට ඉරාන තානාපති, ආචාර්ය අල


ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක
2024 මැයි මස 20 195 0

රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය


රේගුවේ ආදායම් අවභාවිතාව
2024 මැයි මස 20 694 0

ශ්‍රී ලංකා රේගුව රටට ආදායම් ගෙන එන ප්‍රධානම රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ වර්ෂය ආරම්භයේදී ප්‍රකාශ කර තිබුණේ


නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 469 1

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 239 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 849 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2394 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2054 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site