
”සර් මොනවගේ දෙයක්ද ඕනෑ.... කියන්න සර්... ප‍්‍රශ්නයක් නෑ.... ඕනෑම දෙයක්. සර්ලා සතුටු කරලා තමයි අපි ජීවත් වෙන්නේ. සර් කැමැති විදිහක් තෝරගන්න. පොඩි වෙනසක් තමයි තියෙන්නේ”
|
හොරිවිල ශාන්ත සෙනවිරත්න වෙද මහතා |
මේ කතාමාලාව අප පටිගත කළේ පසුගියදා අනුරාධපුර පොළොන්නරු සීමා මායිමේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් ඇතුළතදී සේවා ලබා ගැනීමට පැමිණි අයකුට සේවා ලබාදෙන කාන්තාවක් කළ ප‍්‍රකාශයකිනි.
අප හිතවත් අයකු දිනක් අප සමග විශේෂ හෙළිකිරීමක් කළේය. තමන්ට නොසිතූ දෙයක් සිදුවූ බවත් දැන් තමන්ට මත්කුඩු පානය කළ අයකු මෙන් මනස විකෘතිවී ජීවිතයේ පරාජය හිමිවී ඇති බවත් ඔහු කීවේය.
”මහත්තයෝ මම දින කීපයක් ගියා සම්බාහන මධ්‍යස්ථානයකට. ප‍්‍රතිකාරයක් ගත්තා. එතන ඉන්න කාන්තාවන් ඉතා ලස්සනයි. ඒ වගේම මගේ ජීවිතයත් සල්ලිත් ඉවර කළා. ඒක සූදුවක්. අනේ මහත්තයෝ මේ තැන්වල සිද්ධවෙන්නේ අමුතුම දෙයක්. මම බොරු කියනවානම් ගිහිල්ලා බලන්න. මේ රටේ තවත් ගොඩක් පිරිමි මේ ජාවාරමෙන් විනාශ වෙනවා. මට මේක කියන්න කෙනෙක් නැති නිසයි කියන්නේ” ඔහු අප සමග එසේ දීර්ඝ විස්තරයක් කළේය.
පසුව අප මාධ්‍ය කණ්ඩායමක් එක්ව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවල සිදුවන මෙම ක‍්‍රියාකාරකම් පිළිබඳව ගවේෂණයක නිරත වීමු. එහිදී ඉතා ක‍්‍රමවත්ව සිදු කරගෙන යන ස්ථානද අපට හමුවිය. බහුතරයක් ස්ථාන වල සිදුවූ දේ අපට දැක ගැනීමටත් පටිගත කැර ගැනීමටත් හැකිවූ අතර මෙම සම්බාහන ආයතන පවත්වාගෙන යෑමට සහයෝගය හා උදව් උපකාර කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳවත් තොරතුරු රැුසක් හෙළිකර ගැනීමට මෙම ගවේෂණයේදී හැකිවිණි.
විශේෂයෙන් සංචාරකයන් ගැවසෙන ප‍්‍රදේශවල මෙන්ම ජනාකීර්ණ නගර හා ගම් ආශ‍්‍රිතවද මෙම සම්බාහන මධ්‍යස්ථාන පවතී. දඹුල්ල, හබරණ, සීගිරිය, පොළොන්නරුව, අනුරාධපුරය කුරුණෑගල ආදී ප‍්‍රදේශවල ඇති සම්බාහන මධ්‍යස්ථාන බොහෝමයක සිදුවන ක‍්‍රියාකාරකම් වන්නේ ලිංගික උද්දීපන ක‍්‍රියාකාරකම් මෙන්ම ගණිකා ව්‍යාපාරය බවට අනාවරණය කර ගැනීමට අපට හැකිවිණි.
හබරණ නගරය විදේශීය සංචාරකයන් බහුලව ගැවසෙන ප‍්‍රදේශයකි. හබරණ නගරයේ පිහිටි ස්ථාන කීපයකින් ඉතා නීති ගරුකව මේවා පවත්වාගෙන යනු ලබයි. එහෙත් ස්ථාන කීපයකට අප ඇතුළුවූයේ වෙස් වලාගෙන ව්‍යාපාරිකයන් ලෙසයි. කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානයකට අපි ගියෙමු. මුදලට ගිජුවී සිටින මෙම කාන්තාව කාමරයක් තුළ සිය තරුණියන් අපට පෙන්වූවාය.
”සර් මේ අයගෙන් කැමැති කෙනෙක් තෝරගන්න. රුපියල් 1500 යි. එක්කෙනෙකුට ගාණ” ඇය කීවාය. පසුව ඇය අප කවුරුන්ද යන්න තොරතුරු විමසීමේදී ව්‍යාපාරිකයන් බව දැනගත් පසු වඩාත් සමීප වූවාය. ඇය මත්පැන් වලට ගිජු කාන්තාවකි. අප සමග එහි ගිය අයට ඇය සමග බීර ටින් තොලගාන්නටද සිදුවූයේ මෙහි බිහිසුණු බව අනාවරණයකර කර ගැනීමටය.
ඇයගේ අවසරය ලබාගෙන අප සම්බාහනය කරන යුවතියන් සමග කතා කළෙමු. ඔවුන් කීවේ රුපියල් 1500 ආයතනයට ලබාදිය යුතු බවයි. ඉන් රුපියල් 200 ක මුදලක් තමන්ට ලැබෙන බවයි.
”සර් ප‍්‍රශ්නයක් නෑ. අපට කීයක් හරි හම්බ කරගන්න මැඩම් ඉඩ දීලා තියෙනවා. සර්ලාට අවශ්‍යදේ කියන්න ප‍්‍රශ්නයක් නෑ. අපට සලකන හැටියට අපිත් සළකනවා” ඔවුහු කීවෝය.
මෙම ස්ථානයේ අවුරුදු 20 සිට 26 දක්වා වයස්වල තරුණියන් සේවය කරන අතර එක් තරුණියක් අවුරුදු 16 සිට තවමත් මෙහි සේවය කරන බවට තොරතුරු ඇගෙන් පිටවිය. එම තරුණිය ගැන දැඩි වර්ණනාවක් කරන්නට හිමිකාරිය අමතක නොකළාය.
”පොලිසියෙන් එහෙම ආවොත් මොකද කරන්නේ අපිට හරි බයයි. මොකද අපි මේ වගේ තැනකට ආව පළමුවැනි දවස තමයි මේ” අප හිතවතකු ඇයට කීවේය.
”පිස්සුද කුරුල්ලන්ට ඉගිල්ලෙන්න තටු තියෙන්න එපායැ. තටු කපලා තියෙන්නේ බය වෙන්න එපා. ඇය වෙරි මර ගාතේ කියන්නීය.
ඒ වන විටත් විවිධ තාරාතිරම්වල පිරිස් සේවා ලබා ගැනීම සඳහා පැමිණ සිටි අතර ඒ සියල්ලටම අවශ්‍ය පහසුකම් මෙම පිරිස සපයති. කෙසේ හෝ මෙම ස්ථානයේ සිදුවන්නේ කුමක්ද යන්න ඔබට වැටහෙනු ඇතැයි අපි සිතමු.
ඉන් නික්මුණු අප හබරණ දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ තවත් ස්ථානයකට ගියෙමු. එම ස්ථානයේ තරුණියන්ට විවිධ නම් තබා ඇත. පිරිමි අයකු සහ මැදිවියේ කාන්තාවක් විසින් මෙම ස්ථානය පවත්වාගෙන යනු ලබයි. මෙම ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ කුලියට ගත් නිවාසයකය.
” ඕලූ” ”පින්කි” ආදී නම් වලින් තරුණියන්ට කතා කර ඔවුන් අපට පෙන්වීය. මෙම ස්ථානයේද පෙර පරිදිමය. මුදලට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගත හැකිය.
සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා නීති පද්ධතියක් මෙන්ම ගිවිසුමක් ආයුර්වේද දෙපාර්තමේන්තුව පනවා ඇත. එහිදී ලියාපදිංචි වෛද්‍යවරයකු එම ආයතනයේ නිතරම රැඳී සිටිය යුතුය. ඔහු ඉදිරිපිට මෙය කළ යුතුය. එමෙන්ම සවස 7.30 න් පසු ප‍්‍රතිකාර කිරීම තහනම්ය. පිරිමි අයට පිරිමි අයත් කාන්තාවන් කාන්තාවන්ටත් ප‍්‍රතිකාර කළ යුතුව ඇත. එහෙත් මේවායේ වෛද්‍යවරු නැත. නමට ඇත. වේලාවක් නැත. කාන්තාවන්ට පිරිමින්ය. පිරිමින්ට කාන්තාවන්ය. කළුවර කාමරය.
මෙම ස්ථානයට අප රාත‍්‍රී නවය පසුවී පැමිණ නිරීක්ෂණය කළෙමු. ඒ වන විටත් විවිධ වාහන වලින් පිරිස පැමිණෙති. මෙම ස්ථාන ප‍්‍රධාන මාර්ගයට යාබදව තිබුණද ගස් කොළන් වලින් වැසී ඇත.
අප පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කතා කොට මේ බව දැනුම් දුන්නෙමු. වහා ක‍්‍රියාත්මක වූ ඒ මහතා හබරණ පොලිසියේත් මින්නේරිය පොලිසියේත් කණ්ඩායම් දෙකක් එම ස්ථානයට එව්වේය.
පොලිසිය ඇතුළු වෙද්දී පිරිමි තුන් දෙනෙකු පැන දුවන්නට යද්දී අල්ලා ගත්හ. මෙහි සිටි කාන්තාවෝ පිටු පස දොරෙන් පැන දුවන්නට වූහ. වෛද්‍යවරයකුද නොවීය. බලපත‍්‍ර උල්ලංඝනය වී තිබිණි. තමන්ට රාජකාරි කිරීමට අවශ්‍ය වට පිටාවක් නොවන බව පවසා පොලිස් කණ්ඩායම් පිටව යන්නට වූයේ එහි අයිතිකරුට පසුදා උදේ පොලිසියට එන ලෙස දැනුම් දීමෙනි. අල්ලා ගත් තිදෙනා රජයේ සේවකයන් බව හඳුනා ගත්තද ඔවුන්ට පිටව යන ලෙස අවවාද කළේය.
සෙසු ස්ථානවලද තත්ත්වය එසේම විය. කිසිදු බියක් සැකයකින් තොරව මේ කටයුත්ත සිදු වෙයි.
සීගිරියට ආසන්න ප‍්‍රදේශයක පිහිටි කාන්තාවක විසින් සිදු කැරගෙන යන මෙවැනි ස්ථානයකට අප ගොඩවී වෛද්‍යවරයා සිටිනවාදැයි විමසුවෙමු. කාන්තාව කීවේ වෛද්‍යවරයා ගමනක් ගොස් ඇති බවයි. අප මෙම ස්ථානයට යන්නට පෙර පොලිසියට දුරකථනයෙන් කතා කොට දැනුම් දී සිටියේ මෙම ස්ථානයේ කාන්තාවන් සිවු දෙනෙකු රඳවාගෙන ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවට අපට තොරතුරු ලැබුණු බවයි.
එම ස්ථානයෙන් එළියට පැමිණ විනාඩි පහක් ගතවෙද්දී එහි හිමිකාර කාන්තාව දුරකථනයෙන් අපට කතා කළාය.
”මේ ඔයාලා ලංකාදීපේ අය නේද? කවුද කිව්වේ මෙතන කාන්තාවෝ හතරක් ඉන්නවා කියලා. ඒක බොරුවක්. එක් කාන්තාවයි ඉන්නේ. හරිද අපිට බලපත‍්‍ර තියෙනවා. වෛද්‍යවරයා ගමනක් ගියා” ඇය කීවාය.
අපි පොලිසියට ලබාදුන් තොරතුරු වෙන අයකුට යන්නට විදිහක් නොමැති බවත් ඇයට පොලිසියෙන් කතා කළාද යන්න අපි ඇයගෙන් පෙරළා විවසුවෙමු.
”නෑ නෑ අපිට පොලිසියත් එක්ක ගනු දෙනුවක් නෑ. මට වෙන තැනකින් තමයි කිව්වේ” ඇය කීය. අප පොලිසියට ලබාදුන් තොරතුරු වෙනත් අයකුට යන්නට විදිහක් නොමැති නිසා ”ඔයාලට පොලිසියෙන් කතාකළාද?” නැවත අප විමසුවෙමු ”නෑ නෑ. ඇය කීවාය”
මෙම ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා නැවත අපි පොලිසියට කතා කැර මෙම විස්තරය කීවෙමු. පොලිසිය කීවේ දුරකථනයෙන් කතා කොට එම අයට අවවාද කළ බවයි. කාන්තාවන් හතර දෙනෙක් සිටින බවත් වෛද්‍යවරයකු නොමැති බවත් ප‍්‍රකාශ කරමින් අවවාද කළ බව කීය. එහෙත් එම කාන්තාව නැවත වරක් අපට කීවේ පොලිසිය කතා නොකළ බවයි. එහි සත්‍ය අසත්‍ය ජනතාවට තීරණය කිරීමට අපි භාර කරන්නෙමු.
ආයුර්වේදය අප සංස්කෘතිය හා එකට බැඳී ඇති එකකි. ආයුර්වේද දෙපාර්තමේන්තුව දිගට හරහට රට පුරා සම්බාහන මධ්‍යස්ථාන වලට අවසරදී ඇත. ඒවායේ සිදුවන්නේ කුමක්දැයි සොයන්නේද නැත. සමාජ විරෝධී සංස්කෘතික විරෝධී ක‍්‍රියා මෙහි සිදුවෙයි.
පාරම්පරික හොරිවිල වෛද්‍යාචාර්ය ශාන්ත සෙනෙවිරත්න මහතා හොරිවිල වෙදගෙදර පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී කියා සිටියේ රාජ්‍ය නිලධාරීන්ගේ අමාත්‍යාංශ නිලධාරීන්ගේ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව ආයුර්වේද සම්බාහන නමට මුවාවී බොහෝ පිරිසක් ගණිකා නිවාස පවත්වාගෙන යන බවත් නීතියෙන් බේරීම සඳහා අවශ්‍ය ආවරණ යොදාගෙන ඇති බවත්ය.
මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ මෙන්ම විෂයභාර ඇමැතිවරයාගේ අවධානය යොමු කැර කඩිනමින් මෙම තත්ත්වය නවතා දමන්නැයිද ඉල්ලා සිටියේය.
මෙහිදී ශාන්ත සෙනෙවිරත්න මහතා මෙසේද පැවැසීය.
දේශීය වෙදකමේ පාරම්පරික වෙදකම අපේ සංස්කෘතියත් එක්ක බැඳී ඇති දෙයක්. අද බොහෝ ස්ථානවල සිද්ධ වෙන්නේ සම්බාහන නම දාගෙන සංස්කෘතියට සමාජයට නොගැළපෙන දේවල්. කිසිම දැනුමක් නැති පිරිසක් දමාගෙන තනිකරම ගණිකා නිවාස පවත්වාගෙන යනවා. හරියට ගණිකා වෘත්තිය නීතිගත කළා වගේ.”

”හැබැයි මේ වැඬේ හරියට පවත්වා ගෙන යන අයත් ඉන්නවා. බහුතරයක් තියෙන්නේ මුදලට කාන්තාවන් අලවි කරන ස්ථාන.”
මම දේශීය වෛද්‍ය ඇමැතිතුමාගෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙම සම්බාහන මධ්‍යස්ථාන කියලා පවත්වාගෙන යන ස්ථාන වලට නව නීති හඳුන්වලා දීලා නියමාකාරව මෙය කරගෙන යන්න අවශ්‍ය පියවර ගන්න කියලයි. එහෙම නොවුණහොත් අපේ දේශීය වෙදකමත් රටේ සංස්කෘතියත් දෙකම පිරිහෙනවා.
දැනටමත් ලංකාවේ සෑම නගරයකම දහයක් පහළොවක් තියෙනවා මේ වගේ ස්ථාන. ඉදිරියේදී පාරම්පරික වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු එක්ව මේ ගණිකා ජාවාරම නවත්වන්න අවශ්‍ය පියවර අපි ගන්නවා.
”අද මේ ජාවාරම මත්කුඩු ජාවාරම වගේ වෙලා. පාසල් දරුවෝ වෘත්තිකයෝ බොහෝමයක් සම්බාහන මධ්‍යස්ථානවලට යනවා. ගිහින් ලබාගන්නේ වෙන දෙයක්. මේක රහසිගතව සොයා බලන්න. බලපත‍්‍රවලට මුවා වෙලා කරන මේ වැඬේ ගැන. මේ විනාශය ගැන අද අපිට තියෙන්නේ හරිම කනගාටුවක්. මේවායේ ඉන්න කුඩා ළමයින් ආයුර්වේදය ගැන තියා පොල් පලා ගහක් අඳුරන්නේ නැහැ. හැබැයි ආයුර්වේද ප‍්‍රතිකාර ලබාදෙනවා කියලා බලපත‍්‍ර ලබාගෙන තියෙනවා. මේ ගැන කඩිනම් අවධානය යොමු නොකළොත් අපි පාරට බැහැලා ජනතාව දැනුවත් කරනවා” වෛද්‍යවරයා කීවේය.
COMMENTS
මම නම් හිතන්නේ නැහැ කිසියම් මානසික රෝගයක් හැරුනවිට කිසිම කාන්තාවක් මෙහෙම තත්ත්වයකට පත්වෙන්න කැමති ඇති කියලා. කෙනෙකුට කටක් ඇරලා කියන්න පුළුවන් නම්බුකාර රැකියාවක්ද ඕක? (නි)
මම ඉන්න රටේ ගණිකා වෘත්තිය නීතිගත කරලා තියෙන්නේ. නමුත් රජය ගණිකාවන්ට අධ්‍යාපන පහසුකම්, රැකියා පුහුණු පාඨමාලා නොමිලයේ සපයනවා.පැරණි රැකියාව අතහැරලා මේ කට්ටිය හොඳ රැකියා හොයාගන්නවා. (නි)
ලංකාවෙ භාගයක් ඉන්නෙ මේවට යන අය කියල තමයි තේරෙන්නෙ උඩ තියන කමෙන්ටි දැක්කම (අ)
ශ්රී ලංකාවේ ඇත්තටම හොඳ සංස්කෘතියක් තිබුනා නමුත් එය කාලයත් සමග කෙමෙන් මැකී යන තත්වයක් අද අපිට දැකගන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්තෙන්ම කියනවනම් වගකිව යුතු පුද්ගලයින් මේ පිළිබඳව හොයල බලන්න ඕනේ . අනිත් එක තමයි දුප්පත් අපේ ගැහැණු ළමයින්ව මේ වගේ වැරදි වැඩ වලට හොඳ රස්සාවක් දෙනවයි කියල එක්කන් ඇවිල්ල මුලින්ම බලෙන් එයාලගේ ජීවිතේ විනාශ කරනවා . පස්සේ කරන්න දෙයක් නැති කමට එකම වැරැද්ද ඒ ගැහැණු ළමයින් තම දුප්පත් කමටත් ශාප කරිමින් වැරදි මත යැපෙනවා . මගේ අදහස නම් සල්ලි තියෙන පොහොසත් මිනිස්සු දුප්පත් මිනිස්සුන්ගේ අඩුපාඩු බලා ඒ දේවල් සපුරා දිය යුතුයි. ඒ වගේම මෙය අන්තියම හරියේ ඉඳන් හදන්න බැරි අතර මුල ඉඳන්ම ප්‍රතිකාර කල යුතු දෙයක් ද වේ . එම නිසා මා ශ්‍රී ලාංකිකයින් වන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ . ආගම බේද ජාති බේද කුල බේද සියලුම දේවල් පසුපසක තබා සියලුම දෙනා එකමුතු වී දුප්පත් මිනිසින් හට තමන්ගේ අඩුපාඩු සපුරා දී මෙවන් වැරදි මුලිනුපුටා දැමීමට උස්තාහය දරමුයි කියලයි . මන්ද යත් මෙය විශාල විනාශයක ආරම්බයයි .(නදී)
සම්බාහනය මුවාවෙන් වෙන්නේ වෙන දෙයක් කියලා කිව්වේ ඇයි? මට තේරෙන්නේ නැහැ. (නි)
මේ සම්බන්දයෙන් හොද ප්‍රචාරයක් දෙන්න ඕනේ.මාද්‍ය වලින් සමජයව දැනුවත් කරන්න ඕන. (අ)
ඕනෑම සිද්දියක් ප්‍රවෘත්ති නිර්මාණයේදී ඉතා වැදගත්ය. (නදී)
පෘතග්ජන මිනිස්සු බැඳල තියන්න බෑ. කරන්න තියෙන්නෙ ඔළු හදන එකයි. දරුවො දහම් පාසලට යවන්න උනන්දු නොවෙන අය මේවට බෙරිහන් දීල වැඩක් නෑ.ගෙවල් ළඟ බාර් එකක් දැම්ම කියල අපි බොන්නෙ නැත්නම් බොන්නෙ නෑ තමයි. (ස)
මෙන්න මේවටයි පැනලා ගහන්න ඕනේ (නදී)
මේ මාතෘකාව සංවාදයට ලක්කළ යුතු කරුණක්. ගැහැණු උදවිය මේ රැකියාවට යොමු වීම සම්බන්දයෙන් පිරිමි අපි කොච්චර වගකියන්න ඕනද කියන එකත් අපි බලන්න ඕනා. ගැහැණු කෙනෙකුගෙ මුලික අවශ්‍යතා (කායික අවශ්‍යතා නෙවෙයි) ඉෂ්ටවෙනවා නම් එයාල ඔය රක්ෂාවට යන්නේ නැහැ. ලිපිය ලියපු මහත්තුරුන්ට එ්ක පෙනිලා නැහැ. එ්කයි මම කියන්නෙ ප්‍රශ්නය පිටින් අතගෑමක් කියලා.(නදී)
මේක තාම බුදු දහම තියන රටක්. මේවට ඉඩ දීම වැරදියි. (ස)
මේවාට දැඩි දඩුවම් දියයුතුයි (නි)
ගෙවල් ළඟ බාර් එකක් දැම්මා කියල අපි බොන්නෙ නැත්නම් බොන්නෙ නෑ තමයි. එ්ත් බොන්න හිතුනොත් බොන්නත් තියෙන්න ඕනා.(නදී)
ඉඳල හිටලා ජිවිතයේ වෙනසක් දකිනට සුවයක් ලබන්නට මෙවෙනි දේවල් තිබුනට කමක් නැහැ. යන කෙනා දැන ගන්න ඕනේ ඇබ්බැහි නොවී මද පමණින් සතුටු වන්නට. මේවා ලෝකයේ බොහෝ දියුණු නොදියුණු රටවල තිබෙනවා.(නදී)
මේවා කව්රු කව්රුත් දැනුවත්ව වෙන දේවල් (දී)
හූ ................. (ස)
ලංකාවේ මේවා නීතිගත කලා නම් වෙන ස්ත්‍රී දුෂණ 50% කින් අඩුවේවි කියල හිතෙනවා. යන කෙනා දැන ගන්න ඕනේ ඇබ්බැහි නොවී මද පමණින් සතුටු වන්නට. ලංකාවේ රැකියා හිඟයටත් පිළිතුරක්. අපේ සංස්කෘතිය විනාශ වෙනවා නම් ඒවා වෙලා දැන් අවුරුදු ගණනක්. (ස)
වෙන රටවල් වල නම් මේවා සාමාන්‍ය දේවල්. විශේෂයෙන් සංචාරක කර්මාන්තය තිබෙන රටවල. මොනවා උනත් නීතියෙන් යමක් බලාපොරොත්තු වෙනවට වඩා, දෙමාපියන් ගුරුවරුන් වැඩිහිටියන්, ආගමික පුජකයන් එකතුවෙලා මිනිසුන්ගේ සාරධර්ම වැඩි දියුණු කිරීම වැදගත්. (ස)
සමහර අයට සේ දේවල් කෑම කනවා වගේ අවශ්‍ය දෙයක්. (නදී)
ඔන්න ඕක නීතිගත කරන්න. රටේ වෙන ප්‍රසන නැතිවද යන්න ඕනේ අය එතකොට හොයාන යයි. (දී)
දියුණු ලෝකයේ මේවා පුංචි දේවල්. මේ පසුපස යන්න එපා.(නදී)
මම නම් කියන්නේ මේවාත් රටට අවශ්‍යයි. (ස)
මේවා නවත්තන්න ශ්‍රිලංකාවේ බෑ (නදී)
මේවා සමාජයකට අවශ්‍ය දේවල් ලෙසයි මම දකින්නේ. එහෙම වෙනකොට ස්ත්‍රී දුෂණ අඩුවෙනවා. අසහනකාරයෝ ඒවාට ගිහින් ආශාවන් ඉටුකර ගන්නවා (නි)
ගණිකා වෘත්තිය නීතිගත කළොත් ගොඩක් ප්‍රශ්න අඩු වෙයි. සදාචාරය කියලා හැමදේම හංගනකොට පොඩි එකෙකුටවත් පාරේ බැහැලා යන්න බැරිවෙයි ඉස්සරහට (නි)
ඔයාලට වෙන කරන්න වැඩක් අැත්තේම නැද්ද? (ස)
සමාජයක් වුණහම මේවාත් තිබිය යුතුයි නේද? (නි)
ලොක්කන් මේ ගැන ඇස් ඇරලා බලන්නේ නැත්තේ? එයාලට වාසියක් තියෙනවද? (නදී)
මේවා නීති ගත කරලා දුන්නා නම් හොඳයි (නදී)
මේවා රටකට උවමනා දේවල් මෙයා නිකන් බයවෙලා (නදී)
සෑහෙන්න බොන්න ඕනෑ ප්‍රශ්ණයක්.(නදී)
ජානක, වැල් පෙනල කැද වීදුරුවක් බොන්න (ස)
මේවා හොඳයි කියන අයගේ අම්මල, නංගිලා, අක්කල, දුවල, යවන්න මේ තැන්වල වැඩ කරන්න. (ස)
ලංකාවේ මාධ්‍යයට පිස්සු (ස)
ඉතා හොඳ ලිපියක් (නි)
මගේ අදහස නම් මේවාත් රටක තිබිය යුතුයි යන්නයි (නි)
මෙයට වැඩිය හානිදායක දේවල් කොයි තරම් තියෙනවද? , දියුණු රටවලට ඕව සාමාන්‍ය දේවල්. (ස)
මෙම ලිපිය මා ඉතා අගය කරමි. වෛද්‍යවරයෙකු ලෙස මා හට මෙම ලිපිය ඉතා වටිනේය. (ස)
ජයන්ත කියන කථාව ඇත්ත.ලංකාවෙි විවිධ තැන්වල සමාජ තත්වයන් හදුනාගෙන ලමුන් දැනුවත් කරන්න ඔිනි.ඉල්ලුමක් තියන නිසා සැපයුමක් ලබා දෙන්නෙ.ඒකයි කාන්තාවන් මෙි දේවල් වලට පෙළබෙන්නෙ.පිරිමි අපේ හැගීමි උත්තේජනය කරල මෙි අවශ්‍යතාව ඇති කරවල තියෙන්නෙත් මාධ්‍ය මගින්ම තමයි.අහිංසක ජනතාව හැරෙන්න මාධ්‍යවෙිදින් ආරක්ෂක අංශවල අය මෙී ස්ථාන වලට නොගිය කෙනෙක් නැතිව ඇති.එම නිසා සියලුම අංශ වලින් සමාජය දැනුවත් කරන්න.විශේෂයෙන් මාධ්‍යවෙිදීන් මෙී පිළිර්‍බද සැලකිලිමත් විය යුතයි. (ස)
ඕනෑම දෙයක් පිරිසිදුව පිළිවෙළට කළයුතුයි (නි)
මම නම් කියන්නේ මේවාත් රටට අවශ්‍යයි (නි)
මේ කරන දේවල් අර සංවිධාන වලට පේන්නේ නැද්ද ? (නදී)
අනේ රට කන්න එපා.ලන්කදීපට ස්තුති කරන්න ඕනේ මේ වගේ දේවල් පෙන්නුවාට..අපේ රටේ ගණිකා නිවාස ඕන නැහැ.ඕනෑමනම් ඉක්මනට බදින්න. (දී)
මේවා නවත්තන්න බැහැ ඒ නිසා මේවා නීති ගත කරලා විදිමත් ලෙස පවත්වන්න (දී)
ජාතියේ හා රටේ පිරිහීම (දී)
මේවා නැවත්තුවොත් සමාජයේ පැවැත්මක් නැති වෙනවා (දී)
සමාජ විරෝදී වැඩ මෙවුවා (දී)
ඔය දේවල් රටේ වගකිවයුත්තන් දකින්නේ,දන්නේ නැද්ද? (නි)
සුහඩ්, අපේ සිංහල සංස්කෘතිය , ආගම අපට වටිනා නිසයි අපි මේවා අනුමත නොකරන්නේ. දේශද්‍රෝහීයෝ, කාමතුරයෝ මේවට කවදාවත් විරුද්ද වෙන්නේ නැහැ. (නදී)
අනේ මේවා මහ ලොකු දේවල්ද ? කැසිනෝත් එන එක මේවා නිතිගතකරලම දැම්මා නම් ඉවරනේ. අවශ්‍යතාවය තියන අය කොහොමත් යනවා. නීති ගත කරොත් රජයටත් ආදායමක් ලැබෙනවා (නදී)
ආසියාවේ ආශ්චර්ය!! (අ)
අපේ සංස්කෘතිය කියලා කවුරු කොහොම කෑගැහුවත් ඔය හැමෝම තමන්ට අවස්ථාවක් ලැබුනොත් පැහැරහරීද? (නි)
කාන්තාවන් මෙවැනි රැකියා වලට පෙළඹෙන්නේ පවුල් පරිසරයෙන් ලැබිය යුතු රැකවරණය සහ සහයෝගය නොලැබීමයි. කුඩා කල සිටම ගැහැණු දරුවන් ට හරි මග පෙන්වා, සැමවිටම සිහි බුද්ධියෙන් කටයුතු කිරීමට පුරුදු කළ යුතුයි. මම එසේ කියන්නේ මේ දෙයට යොමු වු ඇතැම් කාන්තාවන් වෙනත් වැදගත් රැකියා දෙනවා යැයි කියා රවට්ටාගත් උදවිය වීම නිසා ය. (දිල්)
ඕව වෙනසක් හොයන අයට තියෙන්නේ.මොකක්ද එකෙ වැරැද්ද ? (ස)
පේනවා නේද මේවට තියෙන ප්‍රතිචාරය .(අ)
මේවා සාමාන්‍ය දේවල්. නමුත් මේවා කරන අයට නිසි නීති පද්ධතියක් තුළ පවත්වාගෙන යන්න ඉඩ ලබා දෙන්න ඕනේ. (නදී)
ආසියාවේ ආශ්චර්යයනේ... (නි)
හීරෝ කියන කතාව එකෙන්ම හරි (නදී)
අපට සමාජ රෝග වලින් හරි ලෝකයේ පළමු ස්ථානය ලබා ගන්න පුලුවන්නම් කොච්චර නම් අශ්චර්යයක්ද? (අ)
මිනිස්සු යන නිසානේ ඕවා පැවතෙන්නේ.කවුරු මොනවා කිවත් මේවා දැන් මිනිසුන්ට නැතිවම බැරි දේවල් (දී).
පුබුදු කියන දේට මමත් එකඟයි (නි)
සමහරු පරසිද්දියේ මෙයට ගෝරනාඩු දැම්මට. අවස්ථාවක් ,ලැබුණ ගමන් මෙම ගණිකා සේවය පතනවා . (ස)
බුදු හාමුදුරුවන්ගේ කාලෙත් මේවා තිබුණා. ඒත් උන් වහන්සේ ඒවා තහනම් කරන්න කියලා කවදාවත් රජවරුන්ට කිව්වෙ නෑ. උන් වහන්සේ ආදීනව දේශනා කලා. අබ්බපාලිලා වගේ අයත් ඔවුන්ව ඇසුරු කල අයත් බොහෝ දෙනා මාර්ගය අවබෝධ කලා. මේවා දිහා යථාර්තවාදීව බලන්න පුරුදු වෙන්න. ගොඩක් අය කැමතියි අනිත් අයගෙ වැරදි පෙන්නල උපදෙස් දෙන්න. තමන් ගැන හිතන්නෙ කීයෙන් කී දෙනාද ? (නදී)
මෙවැනි සොයා බැලීම් ඉතා අගේකොට සලකනවා ඒ වගේම මේවා රටට හෙලිකිරීමත් ඉතා හොද දෙයක් නීතියේ රැහැනට අසුකිරීමට බළධාරීන් තව දුරටත් දැනුවත් කරන්න (අ)
මේවගේ දේවල් වලින් සංහල අපේ සංස්කෘතියයි විනාශ වෙන්නේ. (ස)
මාද්‍යවේදීන්ට මොනවත් කියල වැඩක් නැහැ. නීතියෙන් තහනම් දෙයක් නිසා මේකත් එයාලට නිව්ස් එකක්. එයාලගේ වගකීම මේවගේ දේවල් සමාජෙට හෙළිදරව් කරන එක (නදී)