IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ආණ්ඩුකාර බලතල අවභාවිතය නවතනු

අනුරාධපුරයේ වැව් රක්ෂිතයකට මායිම්ව පිහිටි පර්චස් 80ක ඉඩමක් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ බිරිඳගේ නමට අත්පත් කර ගැනීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. මෙම ඉඩම වැව් රක්ෂිතයට මායිම්ව පිහිටි වටිනා ඉඩමක් බවද එම ඉඩම පවරා ගැනීමේ කටයුත්තේදී මහීපාල හේරත් මහතා තම ආණ්ඩුකාර බලතල අවභාවිත කර ඇති බවද සඳහන් වෙයි. අදාළ ඉඩම පිහිටා ඇත්තේ අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුකැලියාව ග්‍රාම නිලධාරී වසමේ බවද කියැවෙයි.

ආණ්ඩුකාර ධූරයක් හොබවන පමණින් රජයේ ඉඩමක් නිත්‍යනුකූල ලෙස තමන්ගේ පරිහරණයට ගැනීමට නීතියෙන් තහනමක් නැත. එහෙත් තම බලතල යොදාගෙන තමන්ටම ඉඩම් පවරා ගැනීම අසික්කිත ක්‍රියාවකි. එවැනි ක්‍රියා හෙළා දැකිය යුතුය. රජයේ ඉඩම් විවිධ ආකාරයෙන් රටේ වැසියන්ට ලබාදෙන අවස්ථා තිබේ. එසේ රජයේ ඉඩම් බලපත්‍ර හරහා හෝ සින්නක්කර ඔප්පු ලෙස හෝ ලබාදීම සෑම ආණ්ඩුවක් විසින්ම වරින් වර සිදු කරන කටයුත්තකි. එය සැබෑ ලෙසම ඉඩම් අහිමි ජනතාවගේ අසරණකම සලකා බලා සිදු කරන ක්‍රියාවක් සේම ඒ තුළ දේශපාලනයද තිබේ. සෑම ආණ්ඩුවක්ම මේ ක්‍රියාව කරන්නේ ජනතා සේවයේ නාමයෙන් වුවද ඒ හරහා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම තවත් අරමුණකි. මෙවැනි ඉඩමක් ලබාගැනීමට සියලු‍ සුදුසුකම් සපිරුවද පළාතේ දේශපාලනඥයාගෙන් අනුමැතිය හිමිවිය යුතු වීම හරහා එය දේශපාලනීකරණය වෙයි. ඉඩම් කච්චේරියක් පවත්වා ඉඩම් ලබාදීමේදී පවා දේශපාලනාධිකාරියේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකට රහසකි.

ඒ අර්ථයෙන් ගත් කල උතුරුමැද ආණ්ඩුකාරවරයා ඇත්තේ තමන්ගේ හැන්දෙන් තමාටම බෙදාගැනීමකි. මෙය නිත්‍යනුකූල ක්‍රමවේදයක් අනුගමනය කර සිදු කරගත් පවරා ගැනීමක් විය හැකි වුවද තමන්ගේ බලය පවතින පළාතේ ඉඩමක් තමන්ගේ බිරිඳගේ නමට පවරා දීමට ආණ්ඩුකාර බලතල අවභාවිත කිරීම කිසිවකුත් අනුමත නොකරන ක්‍රියාවකි. අදාළ ප්‍රදේශයේ සුදුසුකම් සපුරා ඇති, ඉඩමක අයිතිය නොමැති පුද්ගලයකුට හෝ දරු පවුලකට හෝ මේ ඉඩම පවරා දීමට ආණ්ඩුකාරවරයා තම බලතල භාවිත කළා නම් එය මහා ලොකු වැරැද්දක් නොවේ. එහෙත් මේ පවරාදීමේ පැවරුම්ලාභියා තම බිරිඳ නම් එවැනි තීන්දුවක් ගැනීමට පෙර ඔහුට ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කර තීන්දුවක් ගැනීමට අවස්ථාව තිබිණි. එම වගකීම පැහැර හැරීමෙන් ඔහු කර ඇත්තේ දැන දැන වැරදි ක්‍රියාවකට අනුබල දීමකි. ඒ සම්බන්ධයෙන් පළාත්වාසීන්ගේ විරෝධය පළවීම බලාපොරොත්තු විය යුතුය.

මෙම ඉඩම් පවරා දීම සම්බන්ධයෙන් ‘අපි පුරවැසියෝ’ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කර තිබූ ප්‍රකාශය මෙහිදී වැදගත් වෙයි. ආණ්ඩුකාරවරයා මෙම වටිනා ඉඩම පවරාගෙන ඇත්තේ සැලසුම් සහගත ආකාරයකට බවටත් ඒ ආසන්නයේ ඇති අක්කර තුනක වැව් රක්ෂිතය අත්පත් කර ගැනීම ඔහුගේ මීළඟ ඉලක්කය විය හැකි බවටත් ඔහු තම ප්‍රකාශයෙන් චෝදනා කර තිබිණි. එය නීතිවිරෝධී ඉඩම් ගනුදෙනුවක් බැවින් ඊට එරෙහිව නඩු පවරන බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

මෙම පරිසර සංවිධානය නගන චෝදනාවලට ආණ්ඩුකාරවරයා පිළිතුරු ලබාදීම සුදුසු යැයි අපි විශ්වාස කරමු. ඉඩම් අඟලක හෝ අයිතිය අහිමි පුද්ගලයන් කොතෙකුත් සිටියදී දේශපාලනඥයන් විසින් කූඨ ලෙස ඉඩම් අත්පත් කර ගැනීම් ඕනෑ තරම් වාර්තා වී තිබේ. උතුරුමැද ආණ්ඩුකාරවරයා තමාගේ ක්‍රියාවෙන් තම ධූරයේ බලතල අවභාවිත කර නොමැති බව ඔප්පු කළ හැක්කේ එසේ පිළිතුරු ලබාදීමකින් පමණි.

අනුරාධපුරය මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී. සේනාරත්න මහතා සඳහන් කර තිබුණේ තුන්සියයකට අධික පිරිසක් සහභාගි වූ ඉඩම් කච්චේරියකට අදාළ ඉඩමට බලපත්‍රයක් ලබා දෙන්නැයි කාන්තාවක් ඉල්ලීමක් කර තිබූ බවත් එම ඉල්ලු‍ම්කාරිය ආණ්ඩුකාරවරයාගේ බිරිඳ බව හඳුනා ගත්තේ පසුව බවත්ය. කිසියම් පුද්ගලයකු මෙම ඉඩම් කොටස් දෙක නීත්‍යානුකූල නොවන ආකාරයට ආණ්ඩුකාරතුමන්ගේ බිරියට විකුණා ඇති බවත් බලපත්‍රය ඉල්ලා තිබුණේ ඒ සඳහා බවත් ඔහු සඳහන් කර තිබිණි. ආණ්ඩුකාරවරයකුට රජයේ ඉඩමක් බදු දිය නොහැකි බවට තමන් දන්නා තරමින් නීතියක් නැති බවද ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

ප්‍රාදේශීය ලේකම්වරයා කුමක් කීවත් ආණ්ඩුකාරවරයා මෙහිදී තම බලතල අවභාවිත කර ඇති බව පෙනී යයි. එම වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කළ යුතු යැයි අපි අදහස් කරමු. මේ වැඩවලට දැන්ම තිත නොතැබුවහොත් රටේ වටිනා ඉඩම් සියල්ල අවසානයේ නතරවනු ඇත්තේ දේශපාලකයන්ගේ පාමුල බවට අනතුරු ඇඟවීමට කැමැත්තෙමු.

(***)



අදහස් (7)

ආණ්ඩුකාර බලතල අවභාවිතය නවතනු

Sunil Friday, 26 May 2023 03:32 PM

කළ දුටු කළ වල ඉහගෙන මඩි තරකර ගනිල්ලා... ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ තව සුළු කාලයයි...

:       0       25

Piyal gGanetenna Saturday, 27 May 2023 05:03 AM

පගා මරුවන්... සබරගමු කොන්ත්‍රාත්කරුවන් විනාශකළා.

:       0       20

ප්‍රදීප් රාජපක්ෂ Saturday, 27 May 2023 08:45 AM

මුන්දැ මහ ඇමැති හැටියටත් කොතරම් ඔහොම දේවල් කළාද කියලා හිතනකොට සමූපකාර සේවකයෙක් ඔතරම් ධනවතෙක් වුණේ කොහොමද කියලා හිතාගන්න පුළුවන් වේවි.. ඒ අතර කෑගල්ලේ අතුරු මාර්ගයේ කටයුතු කරද්දී තමන්ගේ ගෑස් අංගනයට හානි වලක්වා ගැනීමට කටයුතු කරපු ආකාරය ජනතාව දන්නවා ඒ සමග සෞඛ්‍ය සේවා රැකියා දීමේදී කෑගල්ලේ පිරිස් වලට රැකියා දීමට කටයුතු කළ මොහු රත්නපුර දිස්ත්‍රික්කයේ අයට ඒවා දුන්නේ නැහැ උදාහරණයක් හැටියට සිංහරාජය ආසන්න අති දුෂ්කර පොතුපිටියේ රෝහලට වුණත් සේවකයින් දැම්මේ කෑගල්ලේ අයම තමයි. හරියට ඒ ප්‍රදේශයේ මිනිස්සු නැහැ කියලා වගෙයි. ඒ අතර පළාත් සභාවට අයත් ආයතන සඳහා වාහනමිලට ගැනීම අනන්ත කලා දහස් ගණනක් වාහන ගත්තා මීයක් කඩන්නේ අත ලෙවකන්න විතරක් නොවෙයි කියලා හිතන්නේ නැද්ද?

:       0       29

Ajith PanagodaSaturday, 27 May 2023 11:29 AM

සම්පූර්ණ ඇත්ත... මම පුද්ගලිකවම දන්නවා කොන්ත්‍රාත්වලින් හම්බකරපු හැටි...

:       0       28

AlwaysNathtellstruths Saturday, 27 May 2023 01:59 PM

මේවගේ අමන පාහර දූෂිත දේශපාලුවන් මේ රම්‍ය භූමියෙන් අතුගෑවිලා යායුතුයි....

:       0       23

Ranjith Monday, 29 May 2023 08:36 AM

ඉන්න නෑදෑ සනුහරේටම එක එක දේශපාලන පත්වීම් දීලා ගෙදර නිදාගත්තත් පඩිය එකවුන්ට් එකට එනවිදිහට පළාත් සභාවේ මුදල් අවබාවිතා කළා... හොස්පිටල් එකේ උදේ ගිහිල්ලා අත්සන් කරන මිනිස්සු දවසම වැඩ කරේ මේ මනුස්සයාගේ ගෙවල්වල.., කඩවල් වල එහෙම නැත්නම් වතුවල... ඒත මොන ආණ්ඩුව ආවත් යහතින් වැජඹෙනවා.

:       0       11

prasanna Wednesday, 31 May 2023 07:41 AM

වලපයයි, ගොඩපයයි තියාගෙනත් මොවුන්ගේ හොරාකෑම නවතින්නේ නැහැ. කාලකණ්ණි...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 65 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 127 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 132 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 803 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 232 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1119 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 29 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site