IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


​ආණ්ඩුවට කෝටි 71ක පාඩුවක් සිදුවූයේ කාගේ වරදින්ද?

දියර පොහොර බෝතලයක් ඇමරිකානු ඩොලර් 5 බැගින් මිලදී ගත හැකිව තිබියදී ඩොලර් 10 සහ ඩොලර් 12.45 බැගින් ඒවා මිලදී ගැනීම නිසා රජයට රුපියල් කෝටි හැත්තෑ එකක පාඩුවක් සිදුවූ බව අනාවරණය කෙරෙන විගණන වාර්තාවක තොරතුරු නොබෝදා අප පුවත්පතේ පළවූයේය. එම දියර පොහොර නිෂ්පාදන සමාගමේ වෙබ් අඩවියේ සඳහන් පරිදි මිලි ලීටර් 500ක ධාරිතාවකින් යුතු බෝතලයක වටිනාකම ඇමරිකානු ඩොලර් 3.185 කි.

මෙරට කෘෂිකර්මාන්තයේ නියැළු‍ණු ගොවි ප්‍රජාව ඇතුළු සමස්ත ජනතාවටම එරෙහිව සිදුකළ වංචාවක හා අසාධාරණයක තොරතුරු මෙම විගණන වාර්තාවට අදාළ ගනුදෙනුවේ ඇති බව පෙනී යයි. මෙවැනි වංචා සහගත ගනුදෙනු පිළිබඳව වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මෙවැනි වංචා සහගත රාජ්‍ය ගනුදෙනු පිළිබඳව දැන් පාඨකයාට හොඳ හැටි අසා පුරුදුය.

මෙවැනි විගණන වාර්තා පිළිබඳ පුවත් නිතර පළ වුවද රජයට සිදුවූ පාඩුව අයකර ගත් අවස්ථා පිළිබඳ වාර්තා වූ අවස්ථා ඉතා විරලය. මේ හැම ගනුදෙනුවකම පාඩුව රජයට සිදුවූයේ යයි එම වාර්තාවලින් පැවසුණද, එම පාඩුව දරන්නේ රටේ පොදු ජනතාවය. පොදු ජනතාව උසුලන බදුබරට, පොදු ජනතාව උසුලන උද්ධමනයට, පොදු ජනතාව උසුලන නේකවිධ දුක් කන්දරාවලට මෙවැනි අයථා ගනුදෙනු සෘජුව හෝ වක්‍රව හේතුවෙයි.

රටේ විදේශ සංචිත හිඟවීම නිසා මෙරට ජනයා නේකවිධ දුක් කරදර වින්දෝය. රටේ අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම නිසා මේ රට ජනයා විඳින අසීරුතා අප්‍රමාණය. පොහොර ඇතුළු යෙදවුම් මිල ඉහළ යාම නිසා මෙරට ගොවි ජනතාව අනන්ත අපහසුතා හා දෝමනස්ස විඳගනිති.

රාජ්‍ය ගනුදෙනු උදෙසා දැඩි මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහයේ විධි විධාන පැවතුණත් ඒ සියල්ල තිබියදී, මෙවැනි වංචා සිදුවන බව නිතර වාර්තාවේ. රෝගීන්ට දෙන බේතට පවා සායම් දියකර දෙන තත්වයට රාජ්‍ය ගනුදෙනු වැටී තිබීම අතිශය කනගාටුදායකය.

මේ ආකාරයේ අයථා ගනුදෙනුවල ප්‍රතිඵලය ආර්ථිකයේ විවිධ අංශවලට අයථා ප්‍රතිඵල ලබාදී අවසානයේ පොදු ජනතාවගේ අසීරුතාවලට ඒවා හේතුවන ආකාරය සරලව පෙන්වාදිය හැකිය.

විදේශ සංචිත අර්බුදයක ගිලී යාන්තමින් ගොඩ ආ අවධියක, රාජ්‍ය ගනුදෙනු කිරීමේදී ඩොලර් ඉතිරි කර ගැනීම කෙරේ අවධානය යොමු කිරීම අතිශය වැදගත්ය. ඩොලර් පහකට මිලට ගත හැකිව තිබූ දියර පොහොර බෝතලයට ඩොලර් 12 බැගින් ගෙවූ විට ඩොලර් ඉතිරි කරගත හැක්කේ කෙසේද?

නොසැලකිල්ලෙන් හෝ වංචා සහගත සිතින් එවැනි ගනුදෙනු කළ යුතු බවට තීරණය කළ විට රටට විදේශ විනිමය කෝටි ගණන් අහිමි වීම අරුමයක් නොවේ.

මෙවැනි ජාත්‍යන්තර ගනුදෙනුවලදී රටේ කෘෂි කර්මාන්තය වැටී ඇති තත්වය හා ගොවීන් වැටී ඇති දුක්ඛිත තත්වය එවැනි තීරණ ගත් බලධාරීන්ට පෙනුණේ නැතිද? දරා ගත හැකි අවම මිලකට ගොවියාට යෙදවුම් ලබාදීමේ වගකීම බලධාරීන්ට නොමැතිද? යන පැනය පාඨකයා වෙනුවෙන් අසන්නට සිදුවේ.

අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම නිසා රටේ පොදු ජනයා දැඩි දුක්ඛිත තත්වයකට මුහුණ දී ඇත්තේය යන කාරණය රහසක් නොවේ. රටේ පාසල් සිසුන්ගෙන් වැඩි හරියක් නිසි පෝෂණය නොලබන බව සමීක්ෂණ කිහිපයකින්ම අනාවරණය වූයේය. එවැනි තත්වයක් මැද ආහාර නිෂ්පාදනය සුලභ කිරීම සඳහා, ආහාරවල නිෂ්පාදන මිල අවම කිරීම පිණිස, ගොවියාට අවම මිලකට යෙදවුම් ලබාදීමේ වගකීම බලධාරීන්ට පැවරී ඇත.

(***)



අදහස් (3)

​ආණ්ඩුවට කෝටි 71ක පාඩුවක් සිදුවූයේ කාගේ වරදින්ද?

බන්ඩාර Saturday, 27 January 2024 06:37 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද මේ අවනඩුව...? වගකිව යුතු අධිකාරි බලය තිබෙන උන්දැලාම මෙහෙම කරනවා නම් ඔවුන්ට අධිකාරි බලය ලබා දුන් උන්නැහැ වග කියන්න ඕනෑ. ඉහළ නිලධාරින්ගේ කියුම් කෙරුම් අධීක්ෂණයට නියාමනයට විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත ම‍ණඩලයක් ස්ථාපිත කළ යුතුයි...

:       1       6

saman Sunday, 28 January 2024 05:43 AM

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කෘෂිකරම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර වෙනසක් නොමැත. සියල්ල සිදුවන්නේ දුෂිත දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව අතරමැදියන් සමග කරනාවූ ගනු දෙනු මගිනි.

:       0       12

Lalla Friday, 09 February 2024 12:24 PM

දෝෂය අමාත්‍යාංශයද ඇමැතිවරුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site