IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අස්වැසුම සහනාධාරයට දේශපාලනය ගාවන්න එපා

රටේ දිළිඳු පවුල්වලට සහනාධාර වශයෙන් ආණ්ඩුව මගින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන ව්‍යාපෘතියට එරෙහිව රට පුරා බලවත් විරෝධයක් ගොඩ නැංවෙමින් තිබේ. අස්වැසුම හේතුවෙන් තමන්ට ලැබෙමින් තිබූ සමෘද්ධි සහනාධාර නොලැබී ගිය පිරිස් මේ විරෝධතා පවත්වන බව වාර්තා වෙයි.

ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ එවැනි අසාධාරණ කැපීයාම්වලට ලක් වූවන් වෙතින් ලැබෙන අභියාචනා සලකා බලා අවශ්‍ය සහන සලසා දෙන බවයි.

ජූලි මාසයේ 10 වැනිදාට පෙර නම් කැපී ගිය පිරිස අභියාචනා ඉදිරිපත් කළ යුතු බව ද ඒ අනුව අස්වැසුම ලාභීන්ගේ අවසන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය ඇතුළු දිළිඳු ජනතාවට සහනාධාර ලබාදීමේ සුබසාධන ව්‍යාපාර සියල්ලම මුළුමනින්ම පාහේ දේශපාලනීකරණය වෙමින් ක්‍රියාත්මක වීම මේ තත්ත්වයට හේතු වී තිබේ. සහනාධාර ලැබිය යුතුම පිරිස් ලැයිස්තුවලින් කැපී ගොස් නුසුදුස්සන් ලැයිස්තුගත වීම සිදුවන්නේ ඒ හේතුවෙනි.

මීට අමතරව විවිධ අක්‍රමිකතා සහ ඉහවහා ගොස් තිබෙන දූෂණ ක්‍රියා හේතුවෙන් මෙරට සමාජ සුබසාධන වැඩපිළිවෙළ අයත් වන්නේ ද බොහොමයක් රාජ්‍ය ව්‍යාපාර අයත් වන අසමත් කාණ්ඩයටය. මේ අසමත් වීම අවසානයේ දේශපාලකයන්ගේ වාසිය පිණිස හේතු වෙයි. තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ කප්පමක් වශයෙන් සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දිළිඳු සහන වැඩපිළිවෙළවල් අසමත් කිරීමේ යතුර මේ දේශපාලකයන් සතුය.

සමෘද්ධිය වෙනුවට අස්වැසුම ස්ථාපිත කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූයේ එම කප්පම් ක්‍රමය අහෝසි කර අවශ්‍යම පුද්ගලයාට සහනාධාර ලබාදීමේ ක්‍රමයක් හඳුන්වා දීම බව රජයේ පැත්තෙන් සිදු කෙරෙන ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. එය යහපත් අරමුණක් වශයෙන් අපි දකිමු. සමෘද්ධිය ලබා ගනිමින් නිකම්ම කමින් බොමින් සිටීමේ ආකල්පය ජනතාව අතුරින් තුරන් විය යුතු කාලය එළඹී තිබෙන බවට රට ආර්ථික වශයෙන් ඇද වැටී තිබෙන තත්ත්වය මගින් පැහැදිලි සංඥාවක් ලබා දී තිබේ. අප මේ සඳහන් කරන්නේ සහනාධාර අවශ්‍යම පුද්ගලයන් සම්බන්ධයෙන් නොවේ.

කිසියම් හෝ ආදායමක් තිබෙන, ස්වයං රැකියාවක් කර ජීවත් වීමට හැකියාවක් තිබෙන, එසේත් නැත්නම් වෙනත් ආදායම් මාර්ග තිබෙන පුද්ගලයන් පවා දේශපාලන පන්දමේ අනුග්‍රහයෙන් සමෘද්ධිලාභීන් වී සිටින බව ප්‍රසිද්ධ රහසකි. මේ පුද්ගලයන් ඉවත් කර සහනාධාර අවශ්‍යම ඉතා දිළිඳු මට්ටමේ පුද්ගලයන්ට ජීවිතය ගොඩනංවා ගැනීම සඳහා ආධාර ලබාදීම අස්වැසුම වැඩපිළිවෙළේ මූලික අරමුණ විය යුතුය. එසේ නොමැතිව සහනාධාර අවශ්‍යම පුද්ගලයන් කපා දමා දේශපාලන හිතවත්කම් මත අනවශ්‍ය පුද්ගලයන් අස්වැසුම තුළ ලැයිස්තුගතව සිටී නම් ඔවුන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතුය.

අස්වැසුම වැඩපිළිවෙළට එරෙහිව රට පුරා ගොඩනැගී ඇති විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් රජයේ අවධානය නොපමාව යොමුවිය යුතුය. මේ විරෝධතාකරුවන් හඬ ගා කියන්නේ තමන් අස්වැසුම ලැයිස්තුවෙන් කපා දමන අතර සහනාධාර නොලැබිය යුතු ආදායම් සහිත පිරිස්වල නම් එම ලැයිස්තුවලට ඇතුළත් කර ඇති බවය.

මේ ඇතැම් විරෝධතා සඳහා ජනතාව මෙහෙයවන්නේ දේශපාලකයන් බවට කෙරෙන චෝදනාවල පදනමක් තිබිය හැකිය. එහෙත් නුසුදුසු පුද්ගලයන් සමෘද්ධි ලැයිස්තුලට ඇතුළු කරන්නෝද මේ දේශපාලකයෝමය. අස්වැසුම ලැයිස්තුවල නුසුදුසු පුද්ගලයන් සිටී නම් ඔවුන්ගේ නම් ගම් ඇතුළු කිරීම පිටුපස සිටින්නෝද දේශපාලකයෝ හෝ ඔවුන්ගේ අනුග්‍රහය ලබන නිලධාරීහුය.

කෙසේ වුවද එම ලැයිස්තු සකස් කිරීමේදී අවශ්‍යයෙන්ම සිදුවිය යුතුව තිබූ නිවැරදි දත්ත සහ සංඛ්‍යාලේඛන පදනම් කර ගනිමින් කළ යුතු සමීක්ෂණ ඒ ආකාරයෙන් සිදුවී නොමැති බවද පෙනෙන්නට තිබේ.

සමෘද්ධිලාභීන් සියලු‍ දෙනාම අස්වැසුම තුළ ලැයිස්තුගතව සිටිය යුතු නැත. මෙතෙක් කාලයක් දේශපාලන හිතවත්කම් මත ලැයිස්තුගතව සිටි නුසුදුසු පුද්ගලයන් ඉවත් කිරීමට පෙරමුණ ගත යුත්තේද දේශපාලකයෝ මිස වෙනත් කවුරුත් නොවෙති. මෙහිදී ලැයිස්තු සකසන නිලධාරීන්ටද ලොකු වගකීමක් පැවරෙන බවත් පැවසිය යුතුය.

(***)



අදහස් (1)

අස්වැසුම සහනාධාරයට දේශපාලනය ගාවන්න එපා

කාළකණ්නි Sunday, 02 July 2023 02:05 PM

රට, ජාතිය, ආගමට හෙන හතක් ගැහුවත් තමන්ගේ පක්ෂය තමන්ගේ බඩගෝස්තරය රැකෙන්න නම් රජයේ සහනාධාර තමන්ගේ එහෙයියන්ටම ලැබෙන්නම කටයුතු කරන්න ඕනෑ.. 1995 දී ඇතිකළ සමෘද්ධිය නම් ප්‍රෝඩාව මේ රට විනාශයට ගෙනගියා. එයින් මිනිස්සු අතපය හකුලාගෙන නිකං කකා ඉන්න පුරුදුවුණා. සමෘද්ධි තියෙන අයට නොයෙක් වරප්‍රසාද දුන්නා. රටේ සංවර්ධනය අඩාලවුණා. වරප්‍රසාද නිසා ඇතිහැකි අය පවා න්‍යෂ්ටික පවුලක රජයේ සේවයේ දරුවෝ ඉන්න අම්මලා පවා මෙවර අස්වැසුම හිමිකම් ලබාගෙන තියෙනවා. බැලුවොත් ඔවුන් ඔක්කෝමලා පොහොට්ටු ක්‍රියාකාරීන් තමයි තේරීමට ආවේ... හයක් හතරක් නොදන්නා ළදරුවෝ කිව්වා වැරැදි නැහැ... ඒත් පදිංචි නිවසේ පිංතූර බලා අනුමැතිය දුන් නිලධාරින් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. එහෙම කියන්නේ සමහර මිනිස්සු නොකා නොබී හරියට ඇඳුමක් නොඇඳ මුදල් එකතු කරනවා... ලක්ෂ ගණනක් ආදායම් තිබුණත් එහෙම්ම තමයි.. මම දවසක් දැක්කා ඇපල් ෆෝන් එකක් අරගෙන සිටි කාන්තාවක් ඇයටත් අස්වැසුම ලැබුණා... කියලා. මහලොකුවට කිව්වා ඇත්තටම ඕකට කියන්න තිබුනේ ඇස්වැසීම කියලා මොකද ඉහළම ආදායම් ඇතත් සැඟවීමක් කරන නිසා ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site