IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


අවදානම අවසන් නෑ පරෙස්සම අවශ්‍යයි

“අවදානමට වඩා සූදානම යහපත්ය” යන්න කියමනක් පමණක් නොව ජීවමාන යථාර්ථයකි. කොවිඩ් මාරාන්තික වයිරසය මුළු ලෝකයම ආක්‍රමණය කිරීමත් සමඟ එම වැකියේ ජීවමාන යථාර්ථය ප්‍රබලවම ඔප්පු විය. එහෙත් බොහෝ දෙනකුට බොහෝ දේ ඉක්මනින්ම අමතකව යයි. රට තුළ යම් සන්සුන් බවක් ප්‍රදර්ශනය වෙමින් තිබෙන මේ මොහොතේ බොහෝ දෙනකුට වසර දෙකක් පුරා ගෙවා ආ බියකරු දවස් අමතකව ගොස් තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් සංචරණ සීමා ඉවත් කිරීම සමඟ තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇති වී ඇති බව දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙම දැනුම්දීම සිදු කරනු ලබන්නේ වෛද්‍ය විද්‍යාත්මක සාධක මත පදනම්ව හා ජනයාගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමෙනි. එහෙයින් මෙම අනතුරු ඇඟවීම් සුළුවට ගෙන පහසුවෙන් බැහැර නොකළ යුතුය. අනතුරු ඇඟවීම එයට හිමි පරිමාවෙන්ම හඳුනාගත යුතුය.

කොවිඩ් වසංගතය සාර්ථකව මැඬලූ ඇතැම් රටවල්වලින් අලුතෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනෙමින් තිබේ. නවසීලන්තය එක් උදාහරණයකි. සිංගප්පූරුවේ තත්ත්වය ඉතා භයානකය. එරට තුළ අසාමාන්‍ය ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙමින් පවතින බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ඉකුත් 27 වැනිදා දිනයේදී පමණක් එරටින් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,324 දෙනෙකි. මෙම සංඛ්‍යාව වසංගතය එරට ආරම්භ වූ අවස්ථාවේ සිට වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව බව ද වාර්තා වේ.

කොවිඩ් මාරක වසංගතයේ තත්ත්වය එපරිදිය. රටේ මේ මොහොතේ තත්ත්වය මතුපිටින් යහපත් වුව ද යහපත් යැයි සැලකිය හැකි තත්ත්වයක් නොමැති බව ද අවධාරණය විය යුතුය. අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය හසිත අත්තනායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, එම රෝහලේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු වී ඇති බවය. දැනට ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් සියයකට ආසන්න පිරිසක් පමණක් හෙයින් රෝහලේ පෙර තිබූ තදබදය නැති බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබිණි. කොවිඩ් තෙවැනි රැල්ලේ උච්චතම අවස්ථාවේ රෝහලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 224ක් දක්වා ඉහළ ගිය බව පැවැසූ ඒ මහතා, කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහළ බැස ඇතත්, කොවිඩ් අවදානම මුළුමනින්ම පහව ගොස් නැති බව ද අවධාරණය කර තිබිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, ඉකුත් 1 වැනිදා පමණක් කොවිඩ් ආසාදිතයන් 566 දෙනකු අලුතෙන් හඳුනාගත් බවය. එදින වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 10කි. මෙම සංඛ්‍යා ලේඛන ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කළ යුතුය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ, ඕනෑම රෝගයක රෝගීන් වාර්තා වීම් ගැන කියන විට ස්වාභාවිකවම ඉලක්කම් ඉහළ පහළ යන බවය. එහෙයින්, මේ මොහොතේ නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබිණි. උදාහරණයක් ලෙස ඒ මහතා පෙන්වා දෙන්නේ, මරණ සංඛ්‍යාව 18ට, 19ට අඩු වී ඊළඟ දිනයේදී 29ට ඉහළ ගිය බවය. යළිත් එය 14ට අඩු වී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. කෙසේ වුව ද නොවැම්බර් 1 වැනිදා මරණ සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබූ අතර, රෝගීන්ගේ ගණන 542 මට්ටමේ පැවැතිණි.

රටේ ජනගහනයෙන් ඉහළ ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන්ය. එන්නත සම්බන්ධයෙන් ඇතැම්හු ඉතා වැරැදි මතයක සිටිති. එනම්, “දැන් සියල්ල යහපත්” බවය. තමන්ට කොවිඩ් නොවැළඳෙන බවට සහතික කරගත් විශ්වාසයකින් ඔවුහු පසු වෙති. එහෙත්, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ, එන්නත්කරණයෙන් හොඳ ආරක්ෂාවක් ලැබෙන බවය. එහෙත් එයින් සියයට සියයක් ආරක්ෂාව නොලැබෙන බව ද පෙන්වා දෙන ඒ මහතා, එන්නත නිසා කොවිඩ් ආසාදිත වීම හා එය පැතිරීම වැළැක්විය නොහැකි බවය. යුරෝපය එයට උදාහරණයක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

කරුණු කාරණා ඉතා පැහැදිලිය. ඉතා සිහින් දිය දහරාවක්ව දැනට ගලාගෙන යන කොවිඩ් වයිරසය ඊළඟ මොහොතේ චණ්ඩ ප්‍රචණ්ඩ මහා ප්‍රවාහයක් ලෙස ගලා යාමට ඉඩ ඇත. එම තත්ත්වය අපට බැහැර කළ නොහැකිය. එමෙන්ම දැනට පැතිරෙන කොවිඩ් ප්‍රභේද ඉතා පහසුවෙන් කුඩා දරුවන් ගොදුරු කරගන්නා බව ද වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

අප රට කොවිඩ් රතු කලාපයේ සිට කොළ කලාපයට සීරු මාරු වී ඇති බව සැබෑවකි. එහෙත් කොයි මොහොතේ රතු එළිය දැල්වේ දැයි කිව නොහැකිය. සියලුම දෙනා වගකීමෙන් කටයුතු කළ යුත්තේ එහෙයිනි. විශේෂයෙන්ම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම, මුඛ ආවරණ පැළඳීම හා සංචරණ සීමා පනවා ගැනීම අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. යම් අතපසු වීමකින් වුව ද තමන්ට මෙන්ම තමන්ගේ සමීපතමයන්ට වන්දි ගෙවීමට සිදුවන්නේ මරණයෙන් බව තේරුම්ගත යුතුය. කොවිඩ් ආසාදිතයන් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් දෙවසරක් තුළ වාර්තා වූ රටක ජීවත්වන පුරවැසියන්ට අනතුරේ බරපතළකම වටහා ගැනීමට අසීරු නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

(***)

 



අදහස් (0)

අවදානම අවසන් නෑ පරෙස්සම අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 455 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 365 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 170 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 369 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 539 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1171 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1251 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site