IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අල්ලස - දූෂණය පිටුදකින්න ඊට හේතුවලටත් පිළියම් ඕනෑ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම සඳහා අයැදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදයක සභාව තීරණය කර ඇතැයි අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාර්ලිමේන්තුවේ දී මෑතක දී සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ අඩුපාඩු කිහිපයක් පවතින බැවින් එම අඩුපාඩු, පනතට සංශෝධනයක් ගෙනැවිත් විසඳා ගන්නා තුරු සාමාජිකයන් තෝරා ගැනීමේ කටයුතු සිදු නොකිරීමට ද කොමිෂන් සභාව තීරණය කර ඇතැයි එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

අල්ලසට හා දූෂණයට එරෙහිව ඉතිහාසයට සාපේක්ෂව වාර්තමානයේ විශාල උනන්දුවක් තිබෙන බව පෙනේ. එහෙත් එම ක්‍රියාමාර්ග සමාජය ඉල්ලන වේගයෙන් ක්‍රියාත්මක නොවේ. අණ පනත් සකස් කිරීම හීයක වේගයෙන් කළ නොහැකිය. එමෙන්ම එය ඉබි ගමනින් ද විය යුතු නොවේ. එම විෂයට අදාළ ප්‍රවීණයන් මගින් සාධාරණ කාලයක් තුළ එය කරගත යුතුය.

සමාජය තුළ අල්ලස සහ දූෂණය ගංවතුරක් මෙන් පැතිර ගොස් අවසන්ය. මෙය වූ කලී තුන්වැනි පන්තියේ රටවලට ආවේණික වූවකි. එබඳු තත්ත්වයක් ඇතිවීමට බලපා ඇති සාධක බොහොමයකි. එම සාධක දෙස බැලීමේ දී අල්ලස සහ දූෂණය තුරන් කිරීමේ ක්‍රියාන්විතයේ දී නීතිය බලගැන්වීම යනු එක් පිළිතුරක් පමණි.

අල්ලසට හා දූෂණයට එක් හේතුවක් වී තිබෙන්නේ දරිද්‍රතාව වේ. ආදායම ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නොවන විට අයථා ක්‍රම මගින් අතුරු ආදායම් මාර්ගයක් සොයා ගැනීමට පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි. එහිදී පහසු ක්‍රමයක් ලෙස අල්ලස් ලබා ගැනීමට යමකු යොමුවීම ද සාමාන්‍ය තත්ත්වයකි. මේ අනුව පෙනී යන්නේ අල්ලස යනු ආර්ථික අර්බුදයේම අතුරු ඵලයක් බවය. එම ආර්ථික අර්බුදය පහළවීමෙන් තොරව නීතිය බලගැන්වීමෙන් පමණක් අල්ලස හා දූෂණය තුරන් කිරීමට උත්සාහ කිරීම සීයට සීයයක්ම ප්‍රතිඵලදායක නොවේ.

නීතිය බලගැන්විය යුත්තේ ආර්ථික අර්බුදය සමහන් කර සියලු දෙනාට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කර දී තිබියදීත් අල්ලසට  දූෂණයට යමකු යොමු වන්නේ නම් ඔවුන් මෙල්ල කිරීම සඳහාය. එවැන්නන්ට නව නීති සම්පාදනය කර හෝ දඬුවම් කළ යුතුය.

දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමේ ඇති විෂම තත්ත්වය නිසා අල්ලසට බොහෝ අවස්ථා පෑදී තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ විදුහල්පතිවරුන් ගුරුවරුන් අල්ලස් ලබා ගන්නන් බවට පරිවර්තනය වීමය.

ඊට අමතරව තැරැව්කාරයන් ද බිහි විය. දරුවකු පාසලකට ඇතුළු කිරීම සඳහා කාටත් පිළිගත හැකි විනිවිද පෙනෙන ක්‍රමවේදයක් සකස් කරන්නේ නම් මෙම අල්ලසට තිත තැබිය හැකිවනු ඇත. එහෙත් එය සිදු නොවීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවා පාසලට ඇතුල් කිරීමට දරුවාගේ මවට විදුහල්පතිවරයා සමග යහන්ගත වීමට පවා සිදුවී තිබේ. එබඳු සිදුවීම් ඉකුත් සමයේ වාර්තා විය.

ඒ අනුව පෙනී යන්නේ අල්ලස සහ දූෂණය සිදුවන්නේ ඒ සඳහා වන පරිසරයක් සැකසී ඇති හෙයින් බවය. එම හිල් වසා දැමිය යුතුය. සමස්ත සමාජයම ආවරණය වන පරිදි සියලු දෝෂ සහිත තැන් සොයා ඒවාට පිළියම් යෙදිය යුතුය. විශේෂයෙන්ම අල්ලස හා දූෂණය මනුෂ්‍යත්වයට ඉතා පහත් ලෙස නිගා දෙන පිළිකුල් සහගත ක්‍රියාවක් බව කුඩා දරුවාට ඉගැන්විය යුතුය. එයට අදාළ පාඩම් පෙළ පොත්වලට ඇතුල් කළ යුතුය. එබඳු මහා සංග්‍රාමයකින් මිස අල්ලස සහ දූෂණය තුරන් කිරීමට සිතීම අනුවණය. 

(***)



අදහස් (0)

අල්ලස - දූෂණය පිටුදකින්න ඊට හේතුවලටත් පිළියම් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site