ලොව පුදුම හතෙන් එකක් ලෙස නම් කෙරුණු ප්‍රංශයේ අයිෆල් කුලුන 120 වැනි සංවත්සරය සැමැරීය.
ප්‍රංශයේ ෂේන් ගංඟාව අසබඩ ඉතාමත් මනස්කාන්ත සුන්දර පරිසරයක ඉදිකර ඇති මෙම කුලුන අවුරුදු 40 ක් නොකඩවා වැඩි දෙනෙකු නරඹන ලෝකයේ ප‍්‍රථම ස්ථානය හිමිකරගත් ස්මාරකය ලෙස ද අභිෂේක ලබයි.
1889 වසරේ මැයි මස 6 වෙනිදා සිට ඔක්තොම්බර් 31 දක්වා පැරීසියේ දි පවත්වන ලද ලෝක කාර්මික ප‍්‍රදර්ශනය සදහා මෙම කුළුන ඉදි කළේය. මහල් තුනකින් සමන්විත මෙම යකඩ කුලුනේ උස මීටර් 313.2 කි. ඇන්ටෙනා පද්ධති 120 ක් සවිකර ඇත.
ගුවන් විදුලි තරංඟ මාලා පද්ධති 31 ක් එහි සිට කි‍්‍රයාත්මකවේ. එම ඇන්ටෙනා සමග මෙහි සම්පූර්ණ උස මීටර් 324 කි.
ඇලෙක්සන්ඩර් ගුස්ටව් අයිෆල් නම් රසායනික විද්‍යාඥයාය කුලුනේ නිර්මාතෘවරයාය. ජර්මන් ජාතික පවුලකට අයත් මොහු 1832 දෙසැම්බර් 15 වෙනි දින ප‍්‍රංශයේ ඩිජෝන් යන නගරයේ දි උපත ලැබීය. නිව්යොර්ක් නුවර ඇති ලිබර්ටි ස්මාරකය ද ඔහුගේ නිර්මාණයකි. ඉතාමත් සවිමත් ලෙස පාද හතරකින් සවිකර ඇති මෙහි පාද හතර අතර ඇති ආරුක්කු හැඩය කාර්මික ප‍්‍රදර්ශන භූමියට පිවිසෙන ප‍්‍රධාන දොරටුව ලෙස යොදාගෙන ඇත. මෙම පාද දෙකක් අතර දුර ප‍්‍රමාණය මීටර් 125 කි. මෙය මහල් තුනකින් සමන්විතය. බිම් මට්ටමේ සිට දෙවන මහල දක්වා ගමන් කල හැකි පඩිපෙළ 1665 කින් සමන්විතවේ. පොළොව මට්ටමේ සිට මීටර් 115 ක උසකින් දෙවන මහල පිහිටා ඇත. අතර එහි ඉඩ ප‍්‍රමාණය වර්ග මීටර 1430 කි. එහි 90 කට පමන එකවර අසුන්ගත හැකි ආපන ශාලාවක් ද ඇත. එයට ‘ජුල් වර්නේ‘ නම යොදාගෙන ඇත.
උතුර, දකුණ, නැගෙනහිර, බටහිර යන දිශාවන් පිළිවෙලින් කි.මීටර් 60, 55, 65, 70 ක දුර ප‍්‍රමානයක් දෙවන මහලේ සිට නැරඹිය හැක. බිම් මට්ටමේ සිට පලමු මහලට මීටර් 57කි. එහි වර්ග ප‍්‍රමාණය වර්ග මීටර 4415කි. එහි 150 කට පමන අසුන් ගත හැකි ආපන ශාලාවන් දෙකක් ඇත. ලස්සන ප‍්‍රංශය යනුවෙන් එම ආපනශාලා හැදින්වේ. ඊට අමතරව එහි තැපැල් කන්තෝරුවක් හා සමරු කලාප සදහා වූ වෙළඳ කුටි කිහිපයක්ද පිහිටා ඇත.තුන්වන මහලේ වර්ග ප‍්‍රමාණය වර්ග මීටර 250කි. දෙවන මහලේ සිට තුන්වන මහල දක්වා ගමන් කිරීමට පඩිපෙලවල් නොමැති අතර ඒ සදහා අනිවාර්‍යයෙන්ම විදුලි සෝෆාන භාවිතා කලයුතු වේ.පොලොව මට්ටමේ සිට උසම ස්ථානය වූ තුන්වන මහල දක්වා ගමන් කිරීමට විදුලි සෝෆාන තුනක් යොදා ගැනේ. කුලුනේ ඇති ගුරුත්වාකර්ශණ බලය එකිනෙකට සමතුලිත වන අයුරට මෙම විදුලි සෝෆාන ඉහල පහල ගමන් කිරීම සිදුවේ. එම සෝෆානයක සාමාන්‍ය වේගය තත්පරයට මීටර 02 ක් පමන වේ.තුන්වන මහල මත ගුස්ටාව් අයිෆල් විදුදරයා සිහිවීම පිණිස කුඩා කෞතුකාගාරයක් ඉදිකර ඇත. ඔහු විසින් භාවිතා කල බඩු භාණ්ඩ එහි තැන්පත් කර ඇති අතර ඔහු සිහිවීම අරභයා ඔහුගේ ප‍්‍රතිමාවක්ද එහි ඉදිකර ඇත. තුන්වැනි මහලේ සිට ලෝකයේ බොහෝ අග නගරයන්ට අයිෆල් කුලුනේ සිට ඇති දුර ප‍්‍රමාණය දැක්වෙන එම රටේ ජාතික ධජය සමග ඵලකයන් සවිකර ඇති අයුරු එහි පැමිනෙන සංචාරකයනට දැකගත හැකි සුලභ හා නොමැකෙන වටිනා සිහිවටනයකි. එබැවින් එතැනට පැමිනෙන සංචාරකයෝ තම රටේ ධජය ඉදිරිපස සිට ජායාරූපයක් ගැනීමට යුහුසුලූ වන අවස්ථා බොහෝ විට දැකගත හැකි අතර එය තම සමරු පොතට එක්වන අමතක නොවන සිහිවටනයක් ද වේ. මෙම කුලුන ඉදිකර අවසන් වූ විට ඒ සදහා යොදාගත් යකඩ වල පමනක් බර ටොන් 7300 කි. මෙම යකඩ දඬු එකිනෙකට සවිකිරීම සදහා යොදාගෙන ඇති ඇන ප‍්‍රමාණය 2,500,000 කි.පාද හතර සවිකර ඇති කොන්කී‍්‍රට් සමගම එහි සම්පූර්ණ බර ප‍්‍රමාණය ටොන් 10,100 ලෙස ගනන් ගැනේ. මෙහි සම්පූර්න නඩත්තු කටයුතු පැරීසියේ නගර සභාව විසින් සිදුකරයි. එයට අනුබද්ධිත සේවකයෝ 620ක් පමන මෙහි දිනපතා සේවය කරනු ලබති.සෑම වසර 7 කට වරක් මෙම කුලුනේ තීන්ත ආලේප කරනු ලබයි. ඒ සදහා තීන්ත ටොන් 60 ක් පමන භාවිතා කරන අතර එම සේවකයෝ ආරක්‍ෂක උපකරන ආධාරයෙන් එල්ලී තීන්ත ආලේප කරන දර්ශනයන් සත්‍ය ලෙසම ඇඟ කිළිපොලා යන ත‍්‍රසජනක දර්ශනයන්ය. සමහර අවස්ථාවල මේ කටයුතු සදහා හෙලිකොෆ්ටර් යානා ද යොදාගනු ලබයි. මෙම කුලුනට වොට් 600 ක්වූ සෝඩියම් විදුලි බුබුලූ 336 ක් ප‍්‍රධාන ලෙස ඇති අතර කුලුන වර්නවත් කිරීම සදහා විදුලි බුබුලූ 20,000 ක් අවම ලෙස භාවිතා කර ඇත. මෙම විදුලි බුබුලූ ආධාරයෙන් එක් එක් කාලයන්ට සාපේක්‍ෂව යෙදෙන විශේෂ අවස්ථාවන් වලදී මෙම කුළුන ඉතාමත් විසිතුරු විවිධ වර්නයන්ගේ විදුලි බුබුලූ වලින් ආලෝකමත් කරනු ලබති. එය දැක බලා ගැනීමත් එක්තරා අයුරකට මහත් වාසනාවකි.මෙම කුලුන සම්පූර්නයෙන්ම ඉදිකිරීම සදහා අවුරුදු 2 යි මාස 2 ක් ගතකර ඇති අතර ඉදිකිරීම් සිදුවූ කාලය තුලදී සිදුවී ඇති මරණ සංඛයාව එකක් ලෙස සටහන් වේ. එය පලමු මහලෙන් වැටීම නිසා සිදුවූ මරණයක් වන අතර; ඇන්ජලෝ ස්කගලඹ්ටී යන ඉතාලි ජාතිකයා එම අවසනාවන්ත ඉරණමට ගොදුරු විය.
ඊට අමතරව මෙම කුළුන පිහිටා ඇති පරිශ‍්‍රය ගැනද යමක් සදහන් කිරීම වටී. කුළුන පිහිටා ඇති ස්ථානයේ සිට කි.මීටර් 5ක පමන වර්ග ප‍්‍රමාණය ඇතුළත ප‍්‍රංශයේ ඉතා වැදගත් ආයතන ගනනාවක් පිහිටා ඇත. පැරිස් ආධාර කන්ඩායම එක් රැස්වන සම්මන්ත‍්‍රණ ශාලාව, ජනාධිපති, අගමැති, කථානායක, නගරාධිපති නිල නිවෙස්, ආරක්‍ෂක අමාත්‍යාංශය, අභ්‍යයන්තර ආරක්‍ෂක කටයුතු අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, බොහෝ ධනවත් රාජ්‍යයන් හී තානාපති කාර්යාලයන් හා වෙනත් ජාතික වැදගත් කමින් යුත් ආයතන ගනනාවක් පිහිටා ඇත්තේ මෙම කුලුනට ඉතාමත්ම නුදුරිනි. ප‍්‍රංශය යනු ලෝකයේ ප‍්‍රබල ත‍්‍රස්තවාදි කණ්ඩායම් රැසක උකුසු ඇසට ලක්වී ඇති; එවැනි කන්ඩායම් වල ප‍්‍රහාරයන්ට කොයි මොහොතක හෝ ලක්විය හැකි රාජ්‍යයකි.
එවැනි පරිසරයක අයිෆල් කුලුන යනු ඔවුනගේ ප‍්‍රහාරයකට ලක්විය හැකි ප‍්‍රධාන ඉලක්කයකි. ඒ බව ප‍්‍රංශ බලධාරීන්ද දනී. එවැනි ස්ථානයක් හා ඒ අවට ප‍්‍රදේශය මොන තරම් ආරක්‍ෂක ක‍්‍රමවලින් ආරක්‍ෂා කලයුතුද?. නමුත් ඉඳහිට මුර සංචාරයේ යෙදෙන පොලිස් භටයන් කිහිප දෙනෙකු හැර එහි යුධ ටැංකි, කාලතුවක්කු දැකිය නොහැක. ඒ තරමටම ඔවුනගේ ආරක්‍ෂක උපාය මාර්ග සූක්‍ෂම ලෙස භාවිතා කරනු ලබයි. ඒ සමගම අයිෆල් කුලුන පිහිටා ඇති භූමි භාගය ජාතික මෙන්ම ජාත්‍යයන්තර වටිනාකමක් ගන්නා ස්ථානයක් ලෙස ප‍්‍රචලිතය. ප‍්‍රංශයේ ජීවත් වන විදේශිකයන්ගේ නොයෙක් දේශපාලන, මානව අයිතීන් සුරකින, සමාජ සේවා සංවිධාන මගින් සිදුකරන බොහෝ පෙලපාලි උද්ඝෝෂණ බොහෝමයක් සිදුකරන්නේ මෙම කුලුන අවට පිහිටා ඇති භූමිභාගය තුලය. ඉතා විශාල විදේශික සංචාරකයෝ මෙම කුළුන නැරඹීමට පැමිනීමත් ඔවුන් මගින් තම දුක්ගැනවිලි ජාත්‍යයන්තරයට සන්නීවේදනය කිරීමත් මෙම සංවිධානවල අරමුණ වන බව නිතරම සිදුවෙන එම කටයුතු වලින් ගම්‍යවේ. එබැවින් අයිෆල් කුලුන තම හදවත මෙන් සැලකීමට ප‍්‍රංශ ජාතිකයෝ පෙළඹී සිටිති. මෙතරම් වටිනා ලෝක පුජිත නිර්මාණයක් කල මෙම මහා විදුදරයා 1923 දෙසැම්බර් 27 වෙනිදා අවු: 91ක වටිනා ජීවන ගමනකින් පසු පැරීසියේ දී පරලොව සැපත් විය.
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අයිෆල් කුලුන උපන්දිනය සමරයි
අරවින්ද Thursday, 30 May 2013 12:15 AM
විශිෂ්ට නිර්මාණයක් (දී)
ආනන්ද . Thursday, 30 May 2013 01:19 AM
සුභ උපන් දිනයක් වේවා අයිෆල්
කුමාර Wednesday, 29 May 2013 09:45 PM
ඇලෙක්සැන්ඩර් ගුස්ටවි අයිෆල් විදුදරයානනි' ඹබ නැවතත් අප අතර ඉපදෙවා. (අ)
තමාලි Thursday, 30 May 2013 01:12 PM
විශිෂ්ටයි...! (ස)
තිවංකා Thursday, 30 May 2013 01:11 PM
සුභ උපන් දිනයක් වේවා අයිෆල්. (ස)